හිටපු ඇමැතියෙක් වෙරළ උලා කයි!

 
 

'තිරසර යුගයක තෙවසර ඇරඹුම'

 
 

2015 ජනවාරි 08 සහ 2017න් පසු රට

 
 

විල්පත්තුවට මොකද වෙන්නෙ?

 
 

එල්ලුම් ගහ ළඟ පිරිත් කියන අපරාධකාරයෝ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

කැම්පස් යන කාලේ මම කැසිනෝ ඩීලර් කෙනෙක්

 
 

තිරසර යුගයක ඇරඹුම හා සූර්ය බල විප්ලවය

 
 

ආඬි හත්දෙනාගෙ කැඳ හැළිය

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


පිනිපොද වැස්සේ දහදිය සිත්තම්

පිනිපොද වැස්සේ දහදිය සිත්තම්

ඉන්ද්‍රචාප පිනිපොද වැස්සට තෙමුණේ දෙසැම්බර් 18 වන දා හැන්දෑ යාමයේ, කොළඹ බිෂොප් විද්‍යාලයීය ප්‍රේක්ෂාගාරයේදියි. වයිට්ලීෆ් ප්‍රසංග කලා ඇකඩමිය, ආරම්භ කොට ඇත්තේ 2011 දී බව ඉන්ද්‍රචාප දනී.

ඉන්පසු වසර ගණනාවක දීම වාර්ෂිකව ඉදිරිපත් කරන ලද ප්‍රාසංගික අත්දැකීමෙහි සමීපරූප එකිනෙක ඇ‍ඳේ. වසරින් වසර අලුත් මුහුණුවරකින්, අලුත් අත්දැකීම් එකතු කර ගනිමින් අලුත් මුහුණු, අලුත් විශේෂාංග සමඟ වර්ණවත් වන පිනිපොද වැස්ස මෙවරත් ඉන්ද්‍රචාපගේ සමීපරූපයේ ඇඳී ඇත්තේ සුන්දර චිත්‍රයක් වගේ. අපි ජීවිතයේ රිද්මය ගොඩ නගමු බ්‍රයිට්ලීෆ් ඇකඩමියේ මුඛ්‍ය තේමාවයි.

ළමා හා යෞවන පරපුරක ජීවිතය අධ්‍යාපනයට පමණක් ම ලඝු වුවහොත් එසේ බිහි වන පරපුරකින් සමාජයට කිනම් සෙතක් වන්නේ ද යන්න පිළිබඳ ඉන්ද්‍රචාප දනී. අධ්‍යාපනයට සමගාමීව, සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම්වලින් වියුක්තව වැඩී සමාජයට එක්වන දරුවන් බොහෝ අවස්ථාවල ඔවුන්ගේ වැඩිහිටි ජීවිතයේදී, විවිධ අර්බුදයනට මුහුණ පාන අවස්ථා පිළිබඳ පුවත් ඉන්ද්‍රචාපගේ සමීප රූපයේ ඇඳී ඇති වාර බොහෝ ය.

එහෙත් සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම් පුරුදු පුහුණු කරන දරුවන්, සමාජයට ආලෝකයක් වනවා මෙන් ම, ඔවුන්ගේ වැඩිහිටි ජීවිතයට ද අරුතක් එක්කර ගනු නිසැකය. නාට්‍යය, නර්තනය, ගායනය මූලික කොට ගත් කුසලතා වර්ධනය, පුහුණුව, අවසන සභා මැද ඒ දක්ෂතා ප්‍රතිනිර්මාණය කිරීමෙන් ඔවුන් ජීවිතයට එක්කර ගනු ලබන අත්දැකීම් සම්භාරය මෙන් ම, ඔවුන්, ඔවුන්ගේ දෙමාපිය සහෝදර සහෝදරියන් ඥාතීන් මිතුරන් විඳින ආස්වාදය විශාලය.

රංගනය, නර්තනය, ගායනය මතුනොව, යෞවන යෞවනියන් තුළ වන නිර්මාණශීලී රචනය, කථනය, නායකත්ව ගුණාංග කණ්ඩායම් හැඳීම් ආදී තවත් කුසලතා රැසක් ද වයිට්ලීෆ් ඇකඩමිය විසින් යෞවන යෞවනියන්ට ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව සලසන පිනිපොද වැස්ස වර්ෂයේ අපූර්වතම කලා ප්‍රසංගයක් බවට පත්වී බොහෝකල්ය. ඉගෙනුම ලබන දුවා දරුවන්ගේ කැපවීම මෙන් ම ඔවුන්ගේ දෙමාපියන්, වයිට් ලීෆ් ඇකඩමිය කෙරෙහි විශ්වාසය තබා ගනිමින්, කරනු ලබන මෙහෙවර ප්‍රශංසනීය ය.

පිනිපොද වැස්සේ රිසිසේ තෙමෙන්නට ඉඩ නොලද මුත්, විරාමය තෙක් වූ හෝරාවකුත් අඩක් පමණ වූ කාලය තුළ ඉන්ද්‍රචාපගේ සමීප රූපයෙහි ඇඳුණු විශේෂාංග රැසක් ම නැවුම් බවින් යුතු වූ ඒවාය. අමර ගී නිර්මාණය ඔස්සේ වියෝ වූ ජාතියේ රන් ස්වරය පණ්ඩිත් අමරදේවයන්ට පිදුණු උපහාරය අපූරුය. සුපුරුදු පරිදිම වයිට්ලීෆ් ගායක ගායිකාවෝ, තම ගායන කුසලතා ප්‍රකට කළෝ අමරදේවයන්ගේ මුල් ගී මිහිර ප්‍රේක්ෂාගරය වෙත යළි කැඳවමින් යයි ඉන්ද්‍රචාපට කල්පනා විය. රිදී තිරයෙන් වේදිකාවට කාලෝචිත ප්‍රාසංගික අත්දැකීමක් වූ අතර, එහිදී රිදී තිරයේ ඇසුණු හා දුටු ළමා චිත්‍රපට ජවනිකා පමණක් ම තෝරා ගැනීම ද එම ජවනිකා, වයිට්ලීෆ් ඇකඩමියේ දරුදැරියන්ගේ රංගනයෙන් ඔප් නැංවුණු විලාසය ද පිනිපොද වැස්සේ චමත්කාරය සහෘදයන්ට සමීප කළ අවස්ථාවක් වීය.

ඉන්ද්‍රචාපගේ සමීප රූපයෙහි, දහදිය සිත්තම් හෙවත් වැඩකරන ජනතා කලා උලෙළ 2016 ඇ‍ඳෙන්නේ දෙසැම්බර් 20 වන දා හවස් කල ටවර් රඟහල රඟමඩලෙහි ය. ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයට අනුබද්ධ, සාහිත්‍ය අනුකමිටුවේ අවසන ඵලයක් වූ, දහදිය සිත්තම 2016 වන කල වසර දහයක් පුරා ජනතාව අබිමුව ඇඳුණු බවයි ඉන්ද්‍රචාපගේ තොරතුරු පවසන්නේ. එම දස වසර තුළ බොහෝ වාරවල දහදිය සිත්තමෙහි මිහිර විඳ ගැනීමට ඉන්ද්‍රචාපට අවස්ථාව උදා වූ බවත් අතීත සමීප රූපාවලියෙහිවේ.

කාර්යාලයේ, වැඩ බිමේ, කම්හලේ මෙන් ම වතුකරයේ ද ජීවත් වන, ජාතිය වෙනුවෙන් ශ්‍රමය මුදා හරින ස‍හෝදර සහෝදරියන්ගේ අනේක විධ කුසලතා, සැඟවුණු තැනින් එළියට ගෙන, ජන සමාජය හමුවෙහි තබන්නට අවස්ථාව සලසා දෙන දහදිය සිත්තම් නිර්මාණ කලා ප්‍රසංගයද එහිදී ප්‍රතිභාන්විත කලාකරුවන්ට කලාකාරියන්ට පිදෙන සම්මාන ද ඔවුනගේ නිර්මාණ ජීවිත ආලෝකවත් කරනු ලබන, පහන් වැටක් බඳුය.

වැඩබිමේ, කම්හලේ මතු නොව, කාර්යාලයේ හෝ වෙනත් සේවාස්ථානයක දහදිය හෙළන, තම වෘත්තිය ඥානයෙන්, ජාතික මෙහෙවරට කැපවන සහෝදර ස‍හෝදරියන්ට තම නිර්මාණාත්මක හැකියාවන් ලේඛනයෙන් ගායනයෙන් රංගනයෙන් මෙන් ම නර්තනයෙන් ද ඉදිරිපත් කිරීමට අවස්ථාව සලස්වා තරගකාරී මට්ටමින් ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට කලාකරුවන් අතින් ම සම්මාන පිරිනැමීම, ජාතික වෘත්තීයසමිති මධ්‍යස්ථානය විසින් වගකීමකින් යුතුව කරගෙන එනු ලබන කර්තව්‍යයක් සේ ඉන්ද්‍රචාප දනී.

වසරින් වසර පුළුල්වන සහභාගීත්වය පවසන්නේ දහදිය සිත්තම මෙරට වැඩකරන ජනතාව අතර වර්ෂයේ අනිවාර්ය කලා කටයුත්තක් බවට පත්වෙමින් පවතින බවයි. මෙම තරගාවලියට සම්බන්ධවීම හෝ ජයග්‍රහණයක් සම්මානයක් හිමි කර ගැනීම ඔවුනගේ ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවක් සේ සලකනු ලබන බව ඉන්ද්‍රචාප දනී.

දහදිය සිත්තමෙහි සෑම තරගයක් ම, මෙරට සිටින ප්‍රවීණ විද්වත් විනිසුරු මඬුලු මඟින් විනිශ්චය කරනු ලැබ සම්මාන හිමි විය යුත්තාට ම එය පිරිනැමීම මඟින් සම්මාන උලෙළක තිබුය යුතු ප්‍රාණතම හා අවශ්‍යතම අංගය සේ සැලකෙන විශ්වසනීයත්වය රැකගෙන ඒම දහදිය සිත්තමෙහි අනන්‍ය ලක්ෂණය සේ ඉන්ද්‍රචාපට පෙනේ.

වයෝවෘද්ධ වූවද ඇතැම් කලාකරුවෙකුගේ ගායනයක නර්තනයක හෝ රැඟුමක රැඳී තිබුණු ජීව ගුණය ඉන්ද්‍රචාපගේ සමීපරූපයෙහි ඇ‍ඳේ. මෙවන් බරසාර උලෙළක මෙහෙයවීම පැවරී තිබුණු චන්දන සූරියආරච්චි සහෝදරයාගේ මෙන් ම ලාල්කාන්ත සහෝදරයාගේ සමීපරූප ද ඉන්ද්‍රචාපට පෙනේ.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්