හිටපු ඇමැතියෙක් වෙරළ උලා කයි!

 
 

'තිරසර යුගයක තෙවසර ඇරඹුම'

 
 

2015 ජනවාරි 08 සහ 2017න් පසු රට

 
 

විල්පත්තුවට මොකද වෙන්නෙ?

 
 

එල්ලුම් ගහ ළඟ පිරිත් කියන අපරාධකාරයෝ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

කැම්පස් යන කාලේ මම කැසිනෝ ඩීලර් කෙනෙක්

 
 

තිරසර යුගයක ඇරඹුම හා සූර්ය බල විප්ලවය

 
 

ආඬි හත්දෙනාගෙ කැඳ හැළිය

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

කැම්පස් යන කාලේ මම කැසිනෝ ඩීලර් කෙනෙක්

කැම්පස් යන කාලේ මම කැසිනෝ ඩීලර් කෙනෙක්

ජනක රත්නායක සභාපති - ට්‍රිලියම්

අප්පච්චි සමඟ පුංචි සන්දියේ වරක් දෙකක් කොළඹ පැමිණ තිබුණ ද ඔහු හරියට ම කොළඹ දැන කියා ගත්තේ ජ’පුර සරසවියට තේරී කොළඹ පැමිණි දාය. එසේ ආ ඔහු Public Administration පිළිබඳ උපාධියක් ලබා ගත්තේය. පොත් පත්වල දෑතේ බර මිස ඔහු මහනුවර සිට කොළඹට ගෙනා යමක් නැත. එහෙත් අද ඔහු කොළඹ සිසාරා අහසට නැඟුණු සුපිරි නිවාස සංකීර්ණ කිහිපයක ම හිමිකරු බවට පත්ව තිබේ. සුපිරි හෝටල් ක්ෂේත්‍රයට ද අත ගසා තිබේ. එසේ වූයේ කෙසේදැයි අපට කුහුලකි.

ජනක රත්නායක නම් ඔහුගේ ජීවිතය හාරා අවුස්සා විමසන්නේ එහෙයිනි. මං එළියට ආවෙ වෙනස් ම පුද්ගලයෙක් හැටියට. ආපහු විශ්වවිද්‍යාලෙ ගියා. ඒ අතරෙ ම රුසියාවෙ පුෂ්කින් සරසවියට ශිෂ්‍යත්වයකුත් ලබා ගත්තා. එතැන් පටන් මගේ ජීවිතේ සියලු සැලසුම් හැදුවෙ මං. අනාගතයේ මං සිටිය යුතු තැන තීරණය කළේ මං.

ට්‍රිලියම්’... මේ රටේ කොහොම තැනෙක තිබෙන ව්‍යාපාරයක් ද...

‘ට්‍රිලියම්’ නම කියැවෙන්නේ මේ රටේ සුපිරි නිවාස සංකීර්ණ ව්‍යාපාරයත් එක්ක. අපි කොළඹ නගරයේ විවිධ ස්ථානවල අවුරුදු සියයකට වඩා පවතින, විශේෂිත සුපිරි නිවාස හදන සමාගමක්. එහෙම කියන්නෙ හදන පරක්කුවෙන් ඉරිතලන පුපුරන නිවාස හදන කාලෙක, අපි අනුගමනය කරන්නෙ එංගලන්තයේ යුරෝපයේ මෙන් පරණ වන තරමට වටිනාකම වැඩි නිවාස හැදීමේ පිළිවෙතයි.

කොහොමද ඒ සහතිකය දෙන්නේ...

වැලි, ගල්, ගඩොල් බිත්තියේ ඉඳන් පාවිච්චි කරන හැම දේම පිළිබඳ මම දැනුවත්. සියල්ල සිදුවන්නේ ‘සිස්ටම්’ එකකට. ඒ සිස්ටම් එක තුළ කාටවත් බොරු කරන්න බැහැ. ප්‍රධාන දේ තමයි මම ‘සබ්ජෙක්ට්’ එකේ ඉන්නවා. ඉදිකිරීම් කරන්නෙත් අපේ ම ඉදිකිරීම් සමාගම පමණයි.

මොකක්ද ට්‍රිලියම් අර්ථය...

පෙති තුනක මලක්. ඒ නම දැන් අපි බ්‍රෑන්ඩ් එකක් විදියටයි පාවිච්චි කරන්නේ.

ඔබ සභාපතිත්වය දරන සමාගම් මොනවද...

City Housing & Real Estate Company PLC, Rent a Comp Services (Pvt) Ltd, Trillium Residencies Ltd, Trillium Property Management & Services Ltd, Computercare ((Pvt) Ltd, Ceylonsoft International (Pvt) Ltd, J R Management Consultants (Pvt) Ltd

ට්‍රිලියම්... පවුලේ ව්‍යාපාරයක් ද...

ඔව්. දැන් අපේ ව්‍යාපාරයේ වටිනාකම බිලියන දෙකක් පමණ. ඉදිරි අවුරුදු තුන තුළ එය බිලියන දහය දක්වා වර්ධනය කරනවා. ඒ වගේ ම බහුතර අයිතිය අපේ පවුල තුළ තබාගෙන ට්‍රිලියම්, අනාගතයේ ලැයිස්තුගත සමාගමක් ලෙස ව්‍යාප්ත වේවි. පුළුල් වේවි.

ඔබ ව්‍යාපාර ඉලක්ක හඹා යෑමේදී ලාභය පමණක් හිතන කෙනෙක් ද...

ඕනෑම ව්‍යාපාරයක මූලික පරමාර්ථය ලාභය තමයි. ලාභය නැතිනම් ඒක පුණ්‍ය කටයුත්තක් මිස ව්‍යාපාරයක් වෙන් නෑ. මං ව්‍යාපාර කරන්නේ ලාභ උපරිම කරන්න නෙවෙයි. ලාභ ලබන්න. එතැනදි මට වැදගත් ඉලක්කය. සමහරවිට ඒ වෙලාවට මං රොබෝවෙක් වගේ වැඩ කරනවා වෙන්න පුළුවන්.

එතකොට හොඳයි නරකයි ගැන හිතන්නෙ නැද්ද...

එහෙම හිතන්න මං සුරාව විකුණන්නෑ. සූදුව විකුණන්නෙත් නැහැ. සමාජය පිළිගත් බිස්නස් විතරයි මං කරන්නේ. මං රොබෝවෙක් වෙන්නෙ විෂයත් එක්ක සහ බිස්නස් එකත් එක්ක හිඳීමෙන් පමණයි. ඔෆීස් එකට වඩා වැඩිපුර මං ඉන්නෙ වැඩබිම්වල. එහෙමත් නැතිනම් මගේ ගොවිපළවල.

සේවකයන් පිළිබඳ ඔබ කොහොම හිතන කෙනෙක් ද...

මම කැමැති ඔවුනුත් මේ බිස්නස් එකේ කොටස්කරුවො කියලා හිතනවා නම්. ඒක රාජකාරියකටත් වඩා මට නම් මෙහෙයුමක්. මෙහෙයුමකදි වැදගත් ඉලක්කය පමණයි. මම ඔවුන්ට හොඳට ගෙවනවා නම් ඔවුන්ගේ සේවයත් පෙරළා මට එලෙස ම ලැබිය යුතුයි.

එතකොට ඔවුන් හා තිබෙන බැඳීම...

කිසිම බැඳීමක් නැහැ. මං මේ ආයතනයේ දොර අරින්නෙත් නැහැ. වහන්නෙත් නැහැ. මෙතන හොඳ ම කෙනා වුණත් ‘මං අස්වෙලා යනවා...’ කිව්වොත් මං අහන්නෑ ඇයි කියලා. මං කාවවත් නවත්වන්නෑ. ඒක අතීතයෙත් වුණා. ඉදිරියටත් වෙනවා. එන එක, යන හෝ ඉන්න එක ඔවුන්ගේ තීරණයක්, පියගුණයෙන් කරුණාව දක්වන කෙනෙක් නෙවෙයි මම. හැබැයි ඔවුන්ගේ ප්‍රමෝෂන්, බෝනස්, ඉන්ක්‍රිමන්ට්ස් කිසිම දෙයක් ඉල්ලන කල් ඉන්නෙත් නැහැ. ඔවුන්ට වඩා ඉදිරියෙන් මං ඒ දේවල් හිතනවා. මං ඔවුන් ගැන අවධානයෙන්. එකම උදාහරණයක් කියන්නම්, මේ ආයතනයේ කාලයක් වැඩ කරපු පියන් කෙනකුගේ වැටුප රුපියල් පනස්දාහකට වැඩියි. මේ තමයි මම ඔවුන්ට සලකන විදිය.

කවුද ඔබට පූර්වාදර්ශ වූ ව්‍යාපාර නායකයන්...

එහෙම අය මට නැහැ. හැබැයි, මේ ලෝකෙ ව්‍යාපාර, අධ්‍යාත්මික සහ වෙනත් අංශවලින් දියුණු වූ සෑම කෙනකුගේ ම ස්වයං චරිතාපදාන මං කියවනවා. ඒ චරිතාපදාන විශාල එකතුවකුත් මං ළඟ තිබෙනවා. ලී ක්වාං යූ, වොරන් බෆට්, බිල් ගේට්ස්, චේ ගුවේරා, ලෙනින්.... ඔය වගේ බොහෝ අය. මේ හැම කෙනකුගෙන් ම මං ගත්තෙ සහ හොයන්නෙ එක ම දෙයයි. ඒ තමයි, ඇත්ත. අද මං මගේ අතීතය මේ තරමට කියන්නෙත් ඒ ඇත්තට මං කැමැති නිසා.

පවතින ආර්ථිකය ව්‍යාපාරිකයන්ට යහපත් කියලා හිතනවද...

රටේ පවතින දේශපාලන වාතාවරණය හෝ ආර්ථික වාතාවරණය ඕනෑ ම බිස්නස් එකකට වැදගත්. නමුත් ඔය දෙකම මට වැදගත් නැහැ. මට සර්ව ආර්ථික ක්‍රමය වෙනස් කරන්න බැහැ. මගේ බිස්නස් එක වෙනස් කරන්න පුළුවන්. පවතින ඕනෑම තත්වයක් යටතේ ඒවා බාධාවක් කර නොගෙන ඉදිරියට යන්න පුළුවන් බිස්නස් හදන එකයි, මගේ ක්‍රමය.

කලෙක ඔබ මර්චන්ට් බැංකුවේ සභාපතිවරයා...

ඒක 2008 ලැබුණු ආණ්ඩුවේ පත්වීමක්. 2008 කියන්නෙ, 1933 ට පස්සෙ ලෝකයේ එවැනිම දැඩි ආර්ථික අවපාතයක් පැවතුණු කාලයක්. අපේ රටෙත් ආර්ථික අර්බුදයන්ට ලක්වූ මූල්‍ය සහ වෙනත් සමාගම් ගණනාවක් තිබුණා. මගේ මූලිකත්වයෙන් මං සභාපතිත්වය දැරූ මර්චන්ට් බැංකුවෙන් තමයි, ඒ වැටුණු මූල්‍ය සමාගම් හය හතම යළි ගොඩගන්න සැලසුම් හැදුවේ. මම නිවාස හා දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයට එන්නෙත් එවැනි වැටුණු සමාගම් ගොඩදාලා ලැබුණු අත්දැකීම් එක්ක.

EDB සභාපතිවරයා ලෙස හිටි කාලයේ මොනවද ඔබ රටට කළේ...

ලංකාවේ මෙතෙක් තිබූ විශාල ම අපනයන වෙළෙඳ ප්‍රදර්ශනය, ‘Expo - 2012’ කළේ මං. අපේ නිෂ්පාදන සහ කර්මාන්ත ලෝකෙට ගෙනියන්න විදෙස් ව්‍යාපාරිකයො දාහකට වඩා ලංකාවට ගෙනාවා. අවශ්‍ය ප්‍රවර්ධන කටයුතු කළා. අපේ රටේ අපනයනකරුවන්ට ඒ ප්‍රදර්ශනය විශාල වේදිකාවක් වුණා.

ව්‍යාපාර ජීවිතයේ වැරැදුණු පැරදුණු තැන් ඇති...

අද වෙනකල් මගේ කිසිම ව්‍යාපාරයක් පාඩු ලබලත් නැහැ. වහලත් නැහැ. රටක් හරි ව්‍යාපාරයක් හරි පාලනය කළ යුත්තේ එක නායකයයි. අනිත් අයගෙ අදහස් උපදෙස් අවවාද ඇසිය හැකියි, හැබැයි ක්‍රියාත්මක විය යුත්තේ එක තීන්දුවයි. මට සාර්ථක වුණේ ඒ ක්‍රමය.

කොහේද ඔබ ඉගෙන ගත්තෙ...

එකේ ඉඳන් හතරෙ පන්තියට වෙනකල් ගුරුදෙණිය මධ්‍ය මහා විදුහලේ. එතැන ඉඳන් විශ්ව විද්‍යාලෙ යනකල් මහනුවර ධර්මරාජෙ.

පුංචි කාලෙ ඔබ කොහොම දරුවෙක් ද...

අයියට පස්සෙ මං. මට පස්සෙ නංගියි මල්ලියි. හතර දෙනා රණ්ඩු වුණොත් නඩු අහන්නෙ නැතිවම අම්මා ගැහුවෙ මට. ඒ කියන්නෙ, ඕන රණ්ඩුවක් වුණොත් ඒකෙ මුල මම ඇති... එහෙම වුණාට අපි හතර දෙනා එකිනෙකාට හරි ආදරෙයි. ඉස්කෝලෙදි යාළුවො අතරෙදි නම් මං වෙනස් ම චරිතයක්.

ඒ කියන්නෙ...

ඉස්කෝලෙ පෝළිම්වල හැමදාම මං මුලම ළමයා. ඒ තරම් ඇඟ පතවත් උසවත් නැති නිසා මං ගෝරිවලට පැටළුණේ නැහැ. ෂේප් එකේ ඉන්න විදිය මං ඉගෙන ගත්තා. කොහොමටවත් අනවශ්‍ය ප්‍රශ්නවලට ගියේ නැහැ.

ළමා කාලයෙත් ඔබ දක්ෂයෙක් ද...

ගුරුදෙණිය ඉස්කෝලෙ ඉන්න කාලෙ මං හැමදාම පන්තියෙ පළවැනියා. ධර්මරාජෙට ගියාට පස්සේ දහයට යනකල් හැමදාම අන්තිමයා. මං ඉගෙන ගන්න කියලා පාඩම් කරපු කෙනෙක් නෙවෙයි.

ඒත් ඔබ දවසක විශ්වවිද්‍යාලෙ යනවා...

මගේ අයියගෙ ඕ - ලෙවල් ප්‍රතිඵල ආ දවසෙ මං මට ම අධිෂ්ඨානයක් ඇති කර ගත්තා. ‘අයියට වඩා හොඳ රිසල්ට්ස් මම ගන්නවමයි....’ කියලා. එදා තමයි මම ආපහු හැරුණෙ. නැටිලි දැඟලිලි අඩු කළා. හිතට අරන් පාඩම් කළා. ඔය දවස්වල ම තවත් හිතට දැනුණු තවත් දෙයක් සිද්ධ වුණා.

ඒ මොකක් ද...

මං ඕ - ලෙවල් කරන කාලෙ අප්පච්චී වැඩ කළේ පේරාදෙණි‍ය යුනිවර්සිටිය ඇතුළෙ සරසවි උයන පෙට්‍රෝලියම් ශාඛාවේ. අප්පච්චි ඉස්කෝලෙ නිවාඩු දවස්වලට පිරිමි දරුවො ටික මාරුවෙන් මාරුවට ඔෆිස් එකට අරන් ගියා. එදා මගේ දවස. අප්පච්චි මාව ඕඩිටෝරියම් එක ඇතුළටත් අරන් ගියා. මං සරසවි බිම පුරා ඇවිද්දා. විශ්වවිද්‍යාල ජීවිතය මොන තරම් අභිමානයක් ද... නිදහස් ද... ගෞරවනීය ද... මං ගෙදර ආවේ සිතිවිලි ගොඩකුත් එක්ක. ආසාවෙන් හිත පිරිලා. හිටියෙ ඕ - ලෙවල් පංතියේ. ඒ වුණාට ඒ මොහොතෙ ම මං තීරණය කරලා ඉවරයි, මං විශ්වවිද්‍යාලෙ යනවමයි. මං ඒ හීනෙ හඹා ගියා.

අම්මා තාත්තාගෙන් ජීවිතයට ලැබුණු හොඳ ම දේ කුමක් ද...

ඔබ දන්නවද, විශ්වවිද්‍යාල ජීවිතේ මං හිරේ හිටපු සති දෙකේ ම අම්මයි අප්පච්චියි මාව බලන්න ආවා. ඒත් මට එක වචනයක් කිව්වෙ නැහැ. මං දැක්කෙ අම්මගෙ ඇස්වල කඳුළු විතරයි. තරුණ ජවයට අරගල කළාට ඒවායේ ‍තේරුමක් නැති බව මට ම තේරුම් ගන්න ඇරියා. මං ජීවිතේ ඉගෙන ගත්තෙ හිරේදි.

එච්චර ද...

නැහැ. මං තාත්තගෙන් ගුටි කාලා ඇති අනන්තවත්. ඒවා බොහොම සැර කම්මුල් පාරවල්. මං මගේ පුතාලටත් ගහලා තියෙනවා. හැබැයි ආදරෙයි උතුරන්න. අටේ නවයෙ කාලෙ මට කුකුළු ගොවිපළක් කරන්න ඕනෙ කිව්ව ම අප්පච්චි ඒකට ඉඩ ඇරියා. මම ම ගඩොල් කපලා ඒවා කරෙන් ඇදලා බිත්ති බැඳලා මහ විශාල කුකුළු කොටුවක් හැදුවා. ඊළඟට එළවළු වැව්වා. මේ එකකින්වත් හම්බකළේ නැහැ. ආසාවට කළා. හැබැයි අප්පච්චි ඒ හැම දේටම ඉඩ හැරියා. මං මං තුළ වූ හැම හැකියාවක් ‘උණක්’ එක්කම වැඩුණෙ ඒ ඉඩහසරෙන්.

‘ජීවිතයේ අපි මුලින් ම හඳුනා ගන්න ඕනෑ අපිවමයි...’‍ මේ කතාව ඔබේ ජීවිතය ඇසුරින් පහදන්න...

කාටවත් බැහැ... පුළුවන් කියලා දෙයක් නැහැ. තියෙන්න ඕනෙ වුවමනාව විතරයි. ඕ - ලෙවල් වෙනකල් පන්තියේ අන්තිමයා වෙච්චි මං උසස් පෙළ වාණිජ අංශයේ අවුරුදු දෙකේ ම හොඳ ම ශිෂ්‍යයා වෙනවා. හැමදාම පළවැනියා වෙනවා. එක අවුරුද්දක් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති අතින් තෑග්ග ගත්තු මං ඊළඟ අවුරුද්දෙ ගන්නෙ ප්‍රේමදාස මහත්තයා අතින්. මං මාව හඳුනා ගත්තා. වුවමනාවක් ඇති කර ගත්තා. ඒ ඔස්සේ ක්‍රියාත්මක වුණා. එච්චරයි.

ඔබේ ජීවිතය එහෙම පිටින් ම‍ වෙනස් කළ හැරවුම් ලක්ෂ්‍යය මතක ද...

විශ්වවිද්‍යාල ජීවිතයේ මං අරගල කළා. අධ්‍යාපන ධවල පත්‍රිකාවට එරෙහිව පන්නිපිටියෙ ධර්මපාලෙ සිසුන්ව පාරට ගත්තෙ අපේ කණ්ඩායම. මාව පොලිසියට කොටුවුණා. සති දෙකක් වැලිකඩ හිරගෙදර. ඇතුළට ගියාමයි, මට ‘නිදහසේ’ වටිනාකම දැනුණේ. සති දෙකකට හරි මං හිරකාරයෙක්. මොළේ තියෙන මිනිහෙක් වැරැදීමකින් හරි ගියොත් ආයේ දෙපාරක් යන්න නොහිතෙන තැනක්, හිරගෙදර. එදා මං හිතා ගත්තා මං අරගලවලින් ඈත් වෙනවා කියලා. මං හිරෙන් එළියට ආවෙ වෙනස් ම පුද්ගලයෙක් හැටියට. ආපහු විශ්වවිද්‍යාලෙ ගියා. ඒ අතරෙ ම රුසියාවෙ පුෂ්කින් සරසවියට ශිෂ්‍යත්වයකුත් ලබා ගත්තා. එතැන් පටන් මගේ ජීවිතේ සියලු සැලසුම් හැදුවෙ මං. අනාගතයේ මං සිටිය යුතු තැන තීරණය කළේ මං.

මොකක්ද ඔබේ පළමු රස්සාව...

ජෝසිම්ගේ කැසිනෝ ක්ලබ් එකේ ‘ඩීලර්’ තනතුර. මට තිබුණෙ කාඩ් බෙදන්න. අතපත ගෑවේ ලක්ෂ ගණනින් අනුන්ගෙ මුදල්. විශ්වාසය සහ දැඩි විනය පමණයි ක්‍රියාත්මක වුණේ. ඒක කළේ විශ්වවිද්‍යාල ජීවිතේ අවසන් වසරෙ. රෑට ක්ලබ් එකේ වැඩ. උදේට ලෙක්චර්ස්. මාසෙට රුපියල් හයදාහක් ලැබුණා. අවුරුදු දෙකක් අවසානයේ මං එතැනින් ගියා.

නරක තැනෙකින් වුණත් ඔබ ජීවිතයට ගත්තු හොඳ දේවල් තිබුණා... එහෙමද...

සංචාරක ක්ෂේත්‍රයේ ලෝක පිළිගැනීමක් ඇති දෙයක් හොඳයි හෝ නරකයි කියලා මං විග්‍රහ කරන්නෑ. එහෙනම් අපේ රටේ හොඳ නමක් තියාගෙන ඉන්න ප්‍රභූන් ධනවතුන් කොයි තරම් නම් සූදු කෙළිනවද... එවැනි ව්‍යාපාර කරනවද... අවුරුදු තිහකට කලින් මමත් සූදු සෙල්ලමේ ‘ප්‍රොෆෙෂනල්’ කෙනෙක්. හැබැයි ඒ රස්සාවට මිස, සූදු සෙල්ලමේ යෙදිලා එක රුපියලක් හම්බ කරලා නෙවෙයි.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදියට මං එතැනින් ගත්තෙ ‘දැඩි පාලනය සහ විනය’ පිළිබඳ ජීවිත පාඩම විතරයි.

මේ තරම් විවෘතව අතීතය කියන එක ඔබට ප්‍රශ්නයක් නෙවෙයි ද...

මේ දේවල් පත්තරේකට කියන්නෙ පළමු වතාවට තමයි. නමුත් ඔබ නවතින්න ඕනේ මගේ ඒ අතීතයේ නෙවෙයි. අද මං ඉන්න තැනයි. කිසිම කිසි හේතුවක් නිසා කිසි ම කිසි තැනක මං ජීවිතේ අත්හැරියෙ නැහැ. නැවතුණෙත් නැහැ. ආපහු හැරුණෙත් නැහැ.

අවුරුදු දෙකකින් ඒ රස්සාව අත්හැරලා ඊළඟට ඔබ මොකද කළේ...

89 භීෂණ සමයෙ අතුරුදහන් වූ මගේ විශ්වවිද්‍යාල මිත්‍රයෙක් වූ කපිල, මට ඔඩිට් ක්ලාක් කෙනෙක් හැටියට මාසෙට රුපියල් නවසීයෙ පඩියට රස්සාවක් හොයලා දුන්නා. මාසෙට හයදාහක් හොයපු මං නවසීයේ පඩියකට ගියා. ඒ, සල්ලිවලට වඩා තත්වයක් ඇති රස්සාවක අවශ්‍යතාව මට දැනුණු නිසා.

උපාධියට සරිලන රස්සාවක් කරන්න කවදාවත් හිතුවෙ ම නැද්ද...

එහෙම හිතන්න 1988 ඉවර වෙලත් උපාධිය ලැබුණෙ නැහැ. විශ්වවිද්‍යාල වහලා. ඔය කාලෙ මං මගේ යාළුවා කපිල එක්ක තුන්වැනි රස්සාවත් පටන් ගත්තා. Computer Link ආයතනයේ පරිගණක විකිණීම. තනතුර, විකුණුම් විධායක.

ඔබේ ජීවිතයට ඔබ එක් කළ හොඳ ම වෙනස්කම මොකක්ද...

මං මට ඉංග්‍රිසි උගන්වපු එක. ධර්මරාජෙට ගියාට උපාධියක් තිබුණට ධනවතුන් ඇසුරේ ක්ලබ් රස්සාවක් කළාට, මාකටින් ෆීල්ඩ් එකේ සේල්ස් රස්සාවකට ආවමයි දැනුණේ ඉංග්‍රීසි අඩුකමේ තිබෙන පාඩුව. මට හරියට ඉංග්‍රීසි කතා කරන්න බැහැ. ඒ නිසා ජොබ් එක කරගන්නත් බැහැ. මං තීරණේකට එනවා. දැන් මට සේරට ම කලින් වැදගත් ඉංග්‍රීසි. එහෙම හිතලා මාස හතරක් ඇතුළත මගේ ඉංග්‍රීසි කතාව හදා ගන්නවා. මෙච්චර ‍කල් සේල්ස් අඩු කෙනා කම්පියුටර් ඉන්ඩස්ට්‍රි එකේ හොඳ ම සේල්ස් රෙප් වෙනවා. මට ඊළඟ රස්සාව හම්බ වෙන්නෙ මම හොයලා නෙවෙයි, මගේ නමට රස්සාවන් මාව ‍හොයාගෙන එනවා. විවිධ සමාගම් මට ආරාධනා කරනවා. මං මට ඩිමාන්ඩ් එකක් හදා ගන්නවා. මං වෙනස් ම චරිතයක් බවට පත්වෙනවා.

එතකොට ඔබ ව්‍යාපාරිකයෙක් වෙන්නේ...

සොෆ්ට්ලොජික් සමූහයේ ආරම්භක සාමාජිකයෙක් විදියට සම්බන්ධ වීමෙන්. ඊටත් අවුරුදු එකහමාරකට පස්සෙයි මං මගේ ම බිස්නස් එක, ‘කොම්පියුටර් අයිලන්ඩ්’, 1993දි පටන් ගන්නේ. ප්‍රාග්ධනය කියලා අතේ තිබුණෙ ලක්ෂ පහයි. හිටපු ගේ උකස් කරලා ලක්ෂ තිහක ලෝන් එකක් ගත්තා. මේ දුර ගමනෙ ආරම්භය එතැන.

හුඟක් සභාපතිවරු වගේ ඔබත් තෝරන්නෙ Branded ‍ෙද් ද...

ඔව්. හම්බකරනවා වගේ ම වියදම් කරන්නත් ඕනේ. ජීවිතේ විඳින්නත් ඕනේ. රොලෙක්ස් ඔර්ලෝසු, මොෂී සපත්තු... මං හුඟක් කැමැති බ්‍රෑන්ඩ්.

මේ බ්‍රෑන්ඩ් හුඟක් මිලයි නේද...

ඔව්. ඔරලෝසුව ලක්ෂ හතළිස් පහක්. සපත්තු කුට්ටම ලක්ෂ තුනහතරක්. මට විතරක් නෙවෙයි මං මගේ පුතාලටත් මේ දේවල් ගෙනැත් දෙනවා. ඒ අයවත් මෙහෙම අඳින්න පලඳින්න උනන්දු කරවනවා.

ඔබ ආවේ හදාගත්තු ගමනක්. ඒත් දරුවන්ට ඒ අත්දැකීම් ඕනෙ නැද්ද...

අපි දුක් වින්දා නම් දරුවොත් ඒ දුක විඳින්න අවශ්‍ය නැහැ. මම නම් ඔවුන් ඉහළ ම තැන තබනවා. එතැනින් උඩටයි ඔවුන් යා යුතු. හැම දේම දුන්නා වගේ ම ඔවුන් ගුණදම් අනුව හැදුණා. මගේ පුතාලා දෙන්නා අද මේ සමාගමේ අධ්‍යක්ෂවරු. දුව තව ම පොඩියි. අපි හොඳ පවුලක්.

ඔබේ ජීවිතයෙන් කෙනෙකුට ගන්න පුළුවන් හොඳ ම ආදර්ශය කුමක් ද...

අපේ අප්පච්චි‍ගේ පහුගිය පරම්පරා දෙක තුනම මත්පැන් සූදුව නැහැ. මමවත් මගේ පුතාලවත් අරක්කු සිගරට් බොන්නෙ නැහැ. මේ හොඳ පුරුදු රැකගෙන, ඕන සමාජයක් මැද ගැවසෙන්න අපිට පුළුවන්. සාර්ථක වන තුරු යමක් අත් නොහැරීම තමයි අනෙක් දේ. ‘Never give up…’ මගේ ජීවිත පාඨය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්