හිටපු ඇමැතියෙක් වෙරළ උලා කයි!

 
 

'තිරසර යුගයක තෙවසර ඇරඹුම'

 
 

2015 ජනවාරි 08 සහ 2017න් පසු රට

 
 

විල්පත්තුවට මොකද වෙන්නෙ?

 
 

එල්ලුම් ගහ ළඟ පිරිත් කියන අපරාධකාරයෝ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

කැම්පස් යන කාලේ මම කැසිනෝ ඩීලර් කෙනෙක්

 
 

තිරසර යුගයක ඇරඹුම හා සූර්ය බල විප්ලවය

 
 

ආඬි හත්දෙනාගෙ කැඳ හැළිය

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

කුලියාපිටිය වොක්ස්වැගන් කම්හල

රටේ කාර්මික නිෂ්පාදනයේ නව මංපෙත් හෙළි කරන

කුලියාපිටිය වොක්ස්වැගන් කම්හල

වොක්ස්වැගන් යනු ලෝක මෝටර් රථ නිෂ්පාදනයේ දැවැන්තම සමාගමයකි. රටවල් 150 ක පැතිර ඇති වොක්ස්වැගන් නිෂ්පාදනයන් ඇරැඹුණේ 1937 දීය. එහෙත් ජර්මානු මෝටර් රථ තාක්ෂණය සහ මෝටර් රථ නිෂ්පාදනයට ඊට එහා ගිය ඉතිහාසයක් තිබේ. මේ වන විට රටවල් 27 ක වොක්ස්වැගන් කම්හල් 100ක් ක්‍රියාත්මක වේ.

කුලියාපිටිය වොක්ස්වැගන් නව කර්මාන්ත ශාලාව සිය නිෂ්පාදන ආරම්භ කිරීම සමඟ ශ්‍රී ලංකාවේ කාර්මික නිෂ්පාදනය නව මාවතකට පිවිසෙයි. එසේම ආසියාවේ මෝටර් රථ නිෂ්පාදකයන්ගේ නාමාවලියට ශ්‍රී ලංකාව ද එකතු වේ. ඒ හා සමඟම ජර්මානු මෝටර් රථ නිෂ්පාදන තාක්ෂණය ද ශ්‍රී ලංකාවට හිමි වේ. 3000 කට රැකියා අවස්ථා හිමි වේ.

වොක්ස්වැගන් යනු ලෝක මෝටර් රථ නිෂ්පාදනයේ දැවැන්තම සමාගමයකි. රටවල් 150 ක පැතිර ඇති වොක්ස්වැගන් නිෂ්පාදනයන් ඇරැඹුණේ 1937 දීය. එහෙත් ජර්මානු මෝටර් රථ තාක්ෂණය සහ මෝටර් රථ නිෂ්පාදනයට ඊට එහා ගිය ඉතිහාසයක් තිබේ. මේ වන විට රටවල් 27 ක වොක්ස්වැගන් කම්හල් 100ක් ක්‍රියාත්මක වේ. එම සමාගම් සියල්ලේ සේවක සංඛ්‍යාව 610076 කි. 2015 වසරේ නිෂ්පාදිත වාහන සංඛ්‍යාව දසලක්ෂ 9.87 කි. ප්‍රැන්ක්ෆර්ට් කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තුගත කර ඇති එම සමාගමයේ වාර්ෂික පිරිවැටුම යුරෝ බිලියන 245 ඉක්මවයි.

කුලියාපිටියේ විවෘත වූ වොක්ස්වැගන් මව් සමාගමයේ දිග, පළල දැන් අපට සිතාගත හැකිය. සෙනොක් ඔටෝමෝටිව් සමාගම සමඟ එක්ව ඇරැඹෙන මේ කර්මාන්ත ශාලාව පිළිබඳ ගිවිසුමට අත්සන් කරන ලද්දේ 2015 අගෝස්තු මාසයේ දීය. ඇමෙරිකා ඩොලර් දසලක්ෂ 27.5 ක ඍජු විදේශ ආයෝජනයක් සහිත මේ කම්හලේ නිෂ්පාදන දේශීය මෙන්ම විදේශියව ද අලෙවි කිරීමට නියමිතය. ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් නිසා නව සමාගමට බදු සහන කාලයක් ද හිමි වේ. ඍජු විදේශ ආයෝජන පිළිබඳ UNCTAD ආයතනය විසින් ඉදිරිපත් කරන ලද නවතම වාර්තාවකට අනුව, මෝටර් රථ නිෂ්පාදනය පිළිබඳව, විදේශ ආයෝජන ආකර්ෂණය කරගන්නා ප්‍රමුඛ ආසියානු රට ඉන්දියාවයි.

ඉන්දියාව 1940 මෝටර් රථ නිෂ්පාදනයට සම්බන්ධ වුවද, 1991 ආර්ථික ප්‍රතිසංස්කරණ අරඹන තුරු මෝටර් රථ නිෂ්පාදනය පුළුල් වූයේ නැත. ආර්ථික ප්‍රතිසංස්කරණ යටතේ විදේශීය සමාගම් රාශියක් දේශීය සමාගම් සමඟ හවුල් ව්‍යාපාරයන් සම්බන්ධ වී යැයි MOTOR සඟරාව කියයි. 2011 දී ඉන්දියාව මෝටර් රථ ලක්ෂ 39ක් නිපදවීය.

ජෙනරල් මෝටර්ස්, පෝඩ් හයිඋන්ඩායි, හොන්ඩා, සුසුකි, නිසාන්, ටොයොටා, වොක්ස්වැගන්, ස්කොඩ, බී. එම්. ඩබ්ලිව්., රෙනොල්ට්, මිට්සුබිෂි, ජගුවර්, ලැන්ඩ්රෝවර්, ෆියට්, මර්සිඩිස් බෙන්ස් සහ සිට්රන් යන නිෂ්පාදන සමාගම් මේ වන විට ඉන්දියාවේ ක්‍රියාකාරි වේ. මෝටර් රථ අපනයනයේ 2016 ආදායම එ. ජනපද ඩොලර් බිලියන 122 කි.

චීනය 1950 සිට මෝටර් රථ කර්මාන්තයට සම්බන්ධ වුවද, වාණිජ කර්මාන්තයක් ලෙසට එයට අත තැබුවේ 2000 වසරෙන් පසුවය.

මේ වන විට වොක්ස්වැගන්, ජෙනරල් මෝටර්ස්, හයිඋන්ඩායි, නිසාන්, හොන්ඩා, ටොයොටා සමාගම් චීන මෝටර් රථ කර්මාන්තයට සම්බන්ධය. දැන් චීනයේ මෝටර් රථ නිෂ්පාදනය ලොව ප්‍රථම ස්ථානයට ළඟාවී තිබේ. වාර්ෂික නිෂ්පාදනය ඒකක දසලක්ෂ 18 ඉක්මවයි.

බංග්ලාදේශය ආසියාවේ ළාබාල රාජ්‍යයකි. එහෙත් දැන් එම රට ද මෝටර් රථ කර්මාන්තයෙන් පෙරට එමින් සිටී.

මිට්සුබිෂි පැජරෝ, හිනෝ බස්, ටාටා බස් සහ විවිධ මෝටර් සයිකල් කර්මාන්ත ශාලා එම රටේ දී දැන් දැකීමට පිළිවන. කොරියන් මැලේසියන් සහ ඉන්දියා මෝටර් රථ සමාගම් 15ක්, ඔවුනගේ කර්මාන්ත ශාලා බංග්ලාදේශයේ පිහිටුවා තිබේ. එසේ ම මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදනය කිරීම ද සිදු වේ.

බංගලිදේශය 2017 පෙබරවාරියේ මෝටර් කාර් ප්‍රදර්ශනයක් ද පැවැත්වීමට යයි.

පාකිස්ථානය සිය ප්‍රථම මෝටර් රථය නිෂ්පාදනය කෙළේ 1953 දීය. මෝටර් රථ නිෂ්පාදනයට පිවිසුණේ 2000 දී පමණය.

ටොයොටා, සුසුකි සහ හොන්ඩා යන ජපන් මෝටර් රථ පකිස්ථානු නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රධාන සමාගම්ය. ඔවුනගේ කර්මාන්ත ශාලා කරච්චියේ සහ ලාහෝර්හි පිහිටුවා ඇත. 2016 මාර්තු 19 වන දින මෝටර් රථ කර්මාන්තය සඳහා බදු සහන ප්‍රදාන වැඩි කිරීම සමඟ රෙනොල්ට්, නිසාන්, කියා මෝටර්ස් සහ අවුඩි සමාගම් පාකිස්ථානයේ ආයෝජනය කිරීමට කැමැත්ත පළ කර තිබේ.

දැනට 5500ක් ශ්‍රමිකයෝ පකිස්ථානු මෝටර් රථ සමාගම්වල ඍජු රැකියාවනට සම්බන්ධයැයි ඔටෝ පාකිස්ථාන් සඟරාව කියයි.

ශ්‍රී ලංකාවේ මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තයේ පුරෝගාමියා උපාලි විජයවර්ධන මහතාය. උපාලි සමූහ සමාගමයට අයත් උපාලි මෝටර් සමාගම පිහිටුවාලු උපාලි විජේවර්ධන මහතා ජපානයේ මැස්ඩා MAZDA මෝටර් සමාගමය වෙතින් උපාලි - මැස්ඩා නමින් වූ මෝටර් රථය වෙළෙඳ පොළට ඉදිරිපත් කෙළේය. අනතුරුව ඉතාලියේ ෆියට් මෝටර් රථ සමාගම සමඟ එක්වූ උපාලි මෝටර් රථ සමාගමය උපාලි ෆියට් රථය වෙළෙඳ පොළට ඉදිරිපත් කෙළේය.

උපාලි විජයවර්ධන මහතා මෝටර් රථ ධාවන සූරයකු වූ අතර එම යුගයේ තවත් මෝටර් රථ ධාවන සූරයකු වූ බර්ටි විමලසේන මහතා පවසන්නේ “අග්නිදිග ආසියාවේ මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තයේ පුරෝගාමි වූයේ ශ්‍රී ලංකාව බවය.

බර්ටි විමලසේන මහතා ද මෙරට මෝටර් රථ එකලස් කිරීමට සම්බන්ධ පුද්ගලයෙකි. උපාලි විජයවර්ධන මහතාට මෝටර් රථ කම්හල සඳහා වඩා ඉඩ සහිත ඉඩමක් අවශ්‍ය වූ විට සිය පියා උපාලි මහතාගේ ඉඩමට යාබද පිහිටි ඉඩමක් උපාලි මහතාට විකුණා ඔහුගේ කර්මාන්තයට උපකාර කළ බව විමලසේන මහතා කියයි.

එසේම මෝටර් රථයක් දේශීයව එකලස් කිරිමට අදහස් කළ බර්ටි විමලසේන මහතා සිය පියාගේ කර්මාන්ත ශාලාව තුළ අවශ්‍ය යාන්ත්‍රික ඇදීම් සිදුකර සිය පියාගේ ප්‍රේමා ඉංජිනේරු ආයතනය තුළ දී අවශ්‍ය මූලික එකලස් කිරිම් සිදුකර ඇත. මේ රථය බර්ටි ස්පෙෂල් (BIRTY SPECIAL) 6/7272 ශ්‍රී ලංකාවේ නිපදවන ලදී යනුවෙන් සඳහන්ව ලියාපදිංචි කළැයි කියන ඒ මහතා සතුව තවමත් ඒ රියේ සැකිල්ල තිබේ. මේ සඳහා භාවිත කරන ලද්දේ ෆියට් 600 ධාරිතාවෙන් යුතු ඇන්ජිමකි. එම ඇන්ජිම ලබාගන ඇත්තේ 317587 දරන ලියාපදිංචිය අවලංගු කළ රථයකිනි.

මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තය සහ මෝටර් රථ අලෙවිය පිළිබඳ කරුණු දැක්වූ ලිබියා මෝටර්ස් ආයතනයේ අධිපති ඉසුරු නිරංජන මහතා පවසන්නේ වොක්ස්වැගන් කම්හල මඟින් ඍජු රැකියා සහ වක්‍ර ආදායම් මාර්ග රාශියක් කුලියපිටිය අවට ග්‍රාමීය ජනතාවට ලැබෙන බවයි.

ඉන්දියාවේ මෝටර් රථ එකලස් කිරිමේදී කුඩා උපකරණ රාශියක් නිෂ්පාදනය කිරීමට සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවනට අවස්ථාව සලසා දී ඇතැයි කියන ඒ මහතා ශ්‍රී ලංකාවේ ද එවැනි තත්ත්වයක් ඇතිවන්නේ නම් සුදුසු යැයි කියයි.

මෝටර් රථ කර්මාන්තයේදී කුඩා කුඩා උපාංග නිෂ්පාදනය සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත කරුවනට බාර දීමෙන් ඒ ඒ කොටස්වල විශේෂ ප්‍රාගුණ්‍යය (SPECILISED) තත්ත්වයක් ඇතිවන බව ජපාන මෝටර් රථ කර්මාන්තයේ දී තහවුරු වූ බවත් ඔහු කියයි.

වාහන ටයර්, සීට්, සහ ඉන්ටීරියර් උපාංග මේ අතින් මුල් තැනක් ගන්නා බව කියන ඔහු මේ ජර්මානු වාහන තාක්ෂණය ශ්‍රී ලංකාවට ලැබෙන්නේ නම් එය රටේ කාර්මික ඥානය පුළුල් කිරීමට හේතු වන බව ද පවසයි.

වොක්ස්වැගන් රථ සඳහා ඇති දේශීය වෙළෙඳ පොළ කුමක් දැයි වොක්ස්වැගන් රියක දීර්ඝ කාලීන හිමිකාරියක්ව සිටින සරෝජා සිල්වා මහත්මියගෙන් ඇසූ විට ඇය දුන් පිළිතුර ද එක් කිරීමට කැමැත්තෙමි.

මේ රිය මගේ පියා පාවිච්චි කළා වොක්ස්වැගන් වාහනවලට ඉතා හොඳ ද්විතිය වෙළෙඳ පොළක් තිබෙනවා. සමහර පැරැණි රථවලට කෞතුක වටිනාකමක් තිබෙනවා.

වොක්ස්වැගන් මුලින්ම ලංකාවට ගෙන්වූවේ ක්ලැරන්ස් අමරසිංහ මහතාගේ කාර් මාට් සමාගමයයි. කවුරුත් එදා ඒක මිලදී ගැන්මට ඉදිරිපත් වුණේ නෑ. හේතුව ඇන්ජිම තිබුණේ පසුපස පැත්තේ. අන්තිමේ ක්ලැරන්ස් අමරසිංහ මහත්මයා ඔහුගේ යාළුවන්ට ඉතා අඩුවට මේ වාහන වික්කා.

මගේ රිය 8 ශ්‍රී. ඒ වුණාට තවම හොඳ ධාවන තත්ත්වයේ තිබෙනවා. මහ මඟදී සමහර අය මේ කාර් එක විකුණනවා ද කියා අසාගෙන පස්සෙන් එනවා. මේ රිය වොක්ස්වැගන් රැළියටත් අවුරුදු පතා ඉදිරිපත් කරනවා.” යැයි ඈ කියන්නීය.

ලොකුම ප්‍රශ්නය මේ කාර් හදාගන්න කාර්මිකයන් හිඟ වීමයි. වොක්ස්වැගන් පමණක් නොවේ පරණ කාර් හදාගන්න බාස්වරුන් හිඟ වේගෙන යනවා. පරණ කාර් සඳහා විදුලි කාර්මිකයන් හිඟ වෙනවා. මේ වෘත්තීන් ඉගෙන ගන්න තරුණ පෙළ ඉදිරිපත් විය යුතු යැයි කියන ඒ මහත්මිය, ශ්‍රී ලංකාවේ එකලස් කරන නව වොක්ස්වැගන් රිය දේශීය වෙළෙඳ පොළට පිවිසීමත් සමඟ එම රියේ අමතර කොටස් ද වෙළෙඳ පොළේ අවහිරයකින් තොරව ලබාගැනීමට අවස්ථාව තිබිය යුතු යැයි කියයි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්