හිටපු ඇමැතියෙක් වෙරළ උලා කයි!

 
 

'තිරසර යුගයක තෙවසර ඇරඹුම'

 
 

2015 ජනවාරි 08 සහ 2017න් පසු රට

 
 

විල්පත්තුවට මොකද වෙන්නෙ?

 
 

එල්ලුම් ගහ ළඟ පිරිත් කියන අපරාධකාරයෝ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

කැම්පස් යන කාලේ මම කැසිනෝ ඩීලර් කෙනෙක්

 
 

තිරසර යුගයක ඇරඹුම හා සූර්ය බල විප්ලවය

 
 

ආඬි හත්දෙනාගෙ කැඳ හැළිය

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

රුපියල බාල්දු වීම ආර්ථිකයට වාසියි

රුපියල බාල්දු වීම ආර්ථිකයට වාසියි

රුපියල අවප්‍රමාණය වීම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අවාසි දායක ද නැද්ද යන්න පිළිබඳ නිවැරැදි වැටහීමක් ජනතාවට ලබාදිම පිණිස මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ මහතා සමඟ කළ සාකච්ඡාවක් ඇසුරෙන් සකස් වූවකි. ස්ථාවර විනිමය අනුපාතික ප්‍රතිපත්ති තුළ දී එක් මුදල් ඒකකයක් තවත් මුදල් ඒකකයක් සමඟ හුවමාරු වන අනුපාතිකය මහ බැංකුවේ මූල්‍ය අධිකාරිය විසින් තීරණය කරයි.

ශ්‍රී ලංකාවේ විනිමය අනුපාතය අවප්‍රමාණය වීම මේ දිනවල වැඩි කතාබහට ලක්වෙයි. විවිධ පුද්ගලයෝ මේ සම්බන්ධව විවිධ මත දරති. මෙහිදී උද්ගත වී ඇති ප්‍රබලම ගැටලුව වන්නේ ආනයන භාණ්ඩවල මිල ඉහළ යාමයි. වර්තමානයේ දී ශ්‍රී ලංකාව ආනයන මත යැපෙන රටක් බැවින් බොහෝදෙනා මේ පිළිබඳ විවිධ වූ තර්ක ඉදිරිපත් කරති. එමෙන්ම විදේශ ණය ඉහළ යෑම සිදුවන බවටත්, විනිමය අර්බුදයක් රට තුළ නිර්මාණය වෙමින් පවතින බවටත් බොහෝදෙනා මත පළ කරති. විනිමය අනුපාතය අවප්‍රමාණය වීම හුදෙක් අහිතකර බලපෑම් පමණක් ඇති කරන්නක් නොවේ. අධිතක්සේරු වූ විනිමය අනුපාතිකයක් රටකට ඇති කරන අහිතකර බලපෑම අවප්‍රමාණය වූ විනිමය අනුපාතිකයක් ඇති කරන බලපෑමටත් වඩා වැඩිය. බොහෝ දෙනාට විනිමය අනුපාතය පිළිබඳ සරල වැටහීමක් නොමැත. එබැවින් එක් එක් පුද්ගලයන් නඟන තර්ක විතර්ක හමුවේ නිහඬ වීමට සිදුවේ. එක් රටක මුදල් ඒකකයක් තවත් රටක මුදල් ඒකයක් සමඟ හුවමාරුවෙන අනුපාතය විනිමය අනුපාතය ලෙස සරලව අර්ථකථනය කළ හැකිය.

විනිමය අනුපාතය ක්‍රම දෙකක් අනුව ක්‍රියාත්මක වේ. එනම් දේශීය මුදල් ඒකයක් මිලදී ගැනීම සඳහා අවශ්‍ය වන විදේශ මුදල් ඒකක ප්‍රමාණය සහ විදේශ මුදල් ඒකකයක් මිලදී ගැනීම සඳහා අවශ්‍ය වන දේශීය මුදල් ඒකක ප්‍රමාණයයි. ඒ අනුව ශ්‍රී ලංකා රුපියලෙහි විදේශ අගය මූලික වශයෙන් ප්‍රකාශ කෙරෙනුයේ විදේශ මුදල් ඒකකවලිනි. විනිමය අනුපාතිකය ම ආනයනය හා අපනයනය මත බලපාන බැවින් ශ්‍රී ලංකාව වැනි විවෘත ආර්ථිකයක් පවතින කුඩා රටකට විනිමය අනුපාතිකය වැදගත්ය. අන්තර්ජාතික වෙළෙඳාම සහ ආයෝජන කෙරෙහි ඍජු බලපෑමක් ඇති කිරීම විනිමය අනුපාතිකයට හැකිය. විනිමය අනුපාතිකය රටක මුදල් ප්‍රතිපත්ති සමඟ ඍජු සම්බන්ධයක් ඇති කරයි. එම මූල්‍ය ප්‍රතිපත්ති රාමුවට අනුකූල වන පරිදි විනිමය අනුපාතිකය සකස් වියයුතුය.

රටකට එක් විනිමය අනුපාතික ක්‍රමයක් අනුගමනය කළ හැකිය. මේ අනුව ස්ථාවර විනිමය අනුපාතිකයක් හා නිදහස් විනිමය අනුපාතික ක්‍රමයෙන් එක් ක්‍රමයක් අනුගමනය කළ හැකිය. ස්ථාවර විනිමය අනුපාතික ප්‍රතිපත්ති තුළ දී එක් මුදල් ඒකකයක් තවත් මුදල් ඒකකයක් සමඟ හුවමාරු වන අනුපාතිකය මහ බැංකුවේ මූල්‍ය අධිකාරිය විසින් තීරණය කරයි. නිදහස් විනිමය අනුපාතිකයේදී වෙළෙඳ පොළේ පවතින ඉල්ලුම සැපයුම බලවේග දෙකට අනුව මිල තීරණය වේ. මේ සඳහා මහබැංකුව හෝ මූල්‍යාධිකාරිය කිසිදු බලපෑමක් නොකරයි.

ශ්‍රී ලංකාවේ විනිමය අනුපාතික ප්‍රතිපත්ති

1948 ස්ථාවර විනිමය අනුපාතික ප්‍රතිපත්තියක සිට 2001 වසර වන විට නිදහසේ පාවෙන විනිමය ප්‍රතිපත්තියක් හෙවත් නම්‍ය විනිය අනුපාතික ප්‍රතිපත්තියක් දක්වා ක්‍රමිකව විකාශනය වී ඇත. 1977 වසරේ සිට යම් නිශ්චිත පරාසයක් තුළ වෙනස් වන පාලිත නම්‍ය විනිමය අනුපාතික ප්‍රතිපත්තියක් අනුගමනය කළ ශ්‍රී ලංකාව 2001 වසරේ ජනවාරි මාසයේ සිට නිදහසේ පාවෙන විනිමය අනපාතික ප්‍රතිපත්තියක් වෙත යොමු වී තිබේ. ඒ සඳහා ප්‍රධාන වශයෙන්ම බලපෑවේ විදේශ සංචිත පහළ යාමෙන් ඇති වූ අහිතකර බලපෑමයි. මේ තත්ත්වය අවම කිරීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට මහ බැංකුවට අවශ්‍ය විය. මේ අනුව පෙර තීරණය කළ ප්‍රමාණයට විදේශ විනිමය විකිණීම සහ මිලදී ගැනීම මහ බැංකුව නතර කළේය. ශ්‍රී ලංකා රුපියලේ බාහිර අගය තීරණය වන ආකාරය දැන ගැනීමද මෙහිදී වැදගත් වේ. වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන්නේ පාවෙන විනිමය අනුපාතික ප්‍රතිපත්තියයි. රුපියලේ බාහිර අගය තීරණය වන්නේ විදේශ විනිමය සැපයුම හා ඉල්ලුමට අනුවයි.

විදේශ විනිමය සැපයුම තීරණය වන කරුණු අතර, අපනයන ආදායම, විදේශීය සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ, සංචාරක ඉපැයීම්, විදේශීය ආයෝජන ලැබීම විදේශ ණය ලැබීම් ප්‍රධාන වේ. විදේශ විනිමය ඉල්ලුම තීරණය කරන සාධක අතර, ආනයන වියදම, ණය සේවාකරණ ගෙවීම් වැගත් වේ. මේ අනුව දේශීය විදේශීය විනිමය වෙළෙඳපොළ තුළ රුපියලේ බාහිර අගය තීරණය වන්නේ රටේ ආනයන අපනයන විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ, විදේශීය ආයෝජන, විදේශීය ණය හා සම්බන්ධ ලැබීම් සහ ගෙවීම ආදිය මතය. ශ්‍රී ලංකාව පිළිබඳ විමසීමේදී විදේශ විනිමය ලැබීම් ඉක්මවූ ගෙවීම් ප්‍රමාණයක් වේ. මේ අනුව ජංගම ගිණුමේ හිඟය ශ්‍රී ලංකා ආර්ථිකයේ කැපී පෙ‍නෙන ලක්ෂණයකි. මේ හිඟය පියවා ගැනීමට ප්‍රමාණවත් විදේශ විනිමය ප්‍රමාණයක් නොලැබුණොත්, එම තත්ත්වය ස්වයංක්‍රීයව පාලනය කරනුයේ විදේශ විනිමය අනුපාතය අවප්‍රමාණය කිරීම තුළිනි.

විනිමය අනුපාතිකය අතිප්‍රමාණය සහ අවප්‍රමාණය

විනිමය අනුපාතිකකය වෙළෙඳපොළ ඉල්ලුම සහ සැපයුම බලවෙගයන්ට අනුව තීරණය වන බැවින් එහි හැසීරීම පිළිබඳව පූර්ව නිගමනයකට එළඹිමට අපහසුය. ඒ අනුව විනිමය අනුපාතිකය අතිප්‍රමාණය වීමට හෝ අවප්‍රමාණය වීමිට ඉඩ ඇත. ශ්‍රී ලංකා රුපියලෙහි අගය අනෙකුත් විදේශීය ව්‍යවහාර මුදල්වලට සාපේක්ෂව ඉහළ යාම අතිප්‍රමාණය වීමක් වශයෙන් හඳුන්වන අතර අනෙකුත් විදේශ මුදල් වර්ගවලට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාම අවප්‍රමාණය වශයෙන් හඳුන්වයි.

විනිමය අනුපාතිකය තීරණය කළ යුතු වන්නේ කෙසේද?

ශ්‍රී ලංකා රුපියල විදේශ මුදල් ඒකක සමඟ හුවමාරු වන විනිමය අනුපාතිකය දේශීය විනිමය වෙළෙඳපොළේ දැනට ඇති පීඩනය ලිහිල් කිරීම සඳහා අවප්‍රමාණය වීමට ඉඩ සැලසීම සුදුසු වේ. ඉන් අනතුරුව වෙළෙඳපොළ ඉල්ලුම සැපයුම් තත්වයන් අනුව ක්‍රමිකව හැඩ ගැසීමට ඉඩ හැරීමත්, කාලයක් පවත්නා තීව්‍ර උච්චාවචනයන් වළක්වා ගැනීමට සහ විදේශීය සංචිත වර්ධනය කරගැනීමටත් ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත් වීම සිදුවේ. විනිමය අනුපාතිකය අවප්‍රමාණය වීමෙන් ආර්ථිකයට ඇති කරන බලපෑම ගැන මෙහිදී අවබෝධයට ගැනීම ඉතාම වැදගත් වේ.

විනිමය අනුපාතිකය ඉහළ යාමෙන් යහපත් මෙන්ම අයහපත් බලපෑම් ද ඇති කරයි. විනිමය අනුපාතිකය අවප්‍රමාණය වීම මඟින් රටේ ආනයන වියදම අධිකවීම සහ අපනයන මිල අඩූවීම හේතුවෙන් වෙළඳ ශේෂය මත යහපත් බලපෑමක් ඇති කරයි. එවැනි ප්‍රතිපත්තියකින් දේශියව නිෂ්පාදනය කරන විකල්ප භාණ්ඩ පරිභෝජනය කිරීම සඳහා දේශීය පාරිභෝගිකයන් යොමුවෙයි. එමෙන්ම අපනයනය කිරීමේ දී දැරිය යුතු පිරිවැය අඩුවීමෙන් අපනයන තරගකාරීත්වය වැඩිවේ. අත්‍යවශ්‍ය භාණ්ඩ වැඩි ප්‍රමාණයක් ආනයනය කරන විට විනිමය අනුපාතිකය අවප්‍රමාණය වීමෙන් ආනයන අශ්‍රිත බදු ආදායම ඉහළ යනු ඇත. තවද වනිමය අනුපාතිකය අවප්‍රමාණය වීමේදී රජය විසින් විදෙශ ව්‍යවහාර මුදලින් ලබාගන්නා යම් නිශ්චිත ණය ප්‍රමාණයක් සඳහා ලැබෙන දේශීය මදල් ප්‍රමාණය වැඩිවේ.

රුපියලේ අගය අවප්‍රමාණය වුවත් ගෙවිය යුතු ණය ප්‍රමාණය විදේශ මුදලින් ගත් විට කිසිදු වෙනසක් ඇති නොවේ. මේ නිසා රුපියලේ අගය අවප්‍රමාණය වීමෙන් ගෙවියුතු ණය ප්‍රමාණය වැඩි වූවායැයි යන්නෙහි කිසිදු සත්‍යයක් නැත. එමෙන්ම රුපියලේ අගය අවප්‍රමාණය නොවූයේ නම් ඉතිරි කරගතහැකි මුදල් ප්‍රමාණය වැඩිවේ යන මතය නිවැරැදි නොවේ. එයට හේතුව ඉතිරිවන මුදල් ප්‍රමාණය එකම වීමයි.

විශේෂයෙන් අයවැය හිඟයක් පවතින සහ විශාල වශයෙන් විදේශ වෙළෙඳාමෙන් බදු අය කරන ශ්‍රී ලංකාව වැනි රටක විනිමය අනුපාතිකය අතිප්‍රමාණය වීමෙන් අයවැය හිඟය තවදුරටත් පුළුල් වේ. එවිට හිඟය පියවීම සඳහා තවදුරටත් දේශීය සහ විදේහීය ණය ගැනීමට සිදු විය හැකිය. මේ නිසා ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය කිරීමෙන් ඇති අහිතකර බලපෑම් වැළැක්වීමට එයින් ඇති කරන හිතකර බලපෑම් හේතු වනු ඇත.

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්