හිටපු ඇමැතියෙක් වෙරළ උලා කයි!

 
 

'තිරසර යුගයක තෙවසර ඇරඹුම'

 
 

2015 ජනවාරි 08 සහ 2017න් පසු රට

 
 

විල්පත්තුවට මොකද වෙන්නෙ?

 
 

එල්ලුම් ගහ ළඟ පිරිත් කියන අපරාධකාරයෝ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

කැම්පස් යන කාලේ මම කැසිනෝ ඩීලර් කෙනෙක්

 
 

තිරසර යුගයක ඇරඹුම හා සූර්ය බල විප්ලවය

 
 

ආඬි හත්දෙනාගෙ කැඳ හැළිය

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


කෙටිකතාව

කෙටිකතාව
ටැලිගිරාන්

ශාඛාවේ සියලු දෙනාම පාහේ ප්‍රේමාගේ අකල් මරණය ගැන දුක් වූහ. මරණය සිදුවන්නට ඇත්තේ පමණට වඩා වෙහෙස වූ නිසා බව සමහරෙක් කීහ.

“නෑ නෑ වෙන්න බැහැ. එයා එච්චර මහන්සි වුණේ නැහැ. වැඩකාර කෙල්ලකුත් ගෙදර වැඩට උන්නේ” තවෙකෙක් පැවසූහ.

“එයාගේ හස්බන්ඩ් කිසි උදව්වක් කළේ නැහැ. බිබී හිටියා මිසක්” නන්දනී පැවසුවා ය.

“දැන් ඉතින් කතා කර කර ඉඳලා වැඩක් නැහැ. බස් එකක් කතා කරගෙන අවමංගල්ලෙට යමු” සරත් යෝජනා කළේ ය. සියල්ලෝ ම එකඟ ව‍ූහ‍.

“මිස්ටර් ෆොන්සේකා එනවද” නන්දනී විමසුවා ය.

“අනේ මට එන්න විධියක් නැහැ. හදිසි වැඩක් තියෙනවා” ෆොන්සේකා මහතා පිළිතුරු දුන්නේ ය.

සියල්ලෝ ම පාහේ අවමංගල්‍යයට සහභාගි වන්නට තීරණය කළහ.

ශාඛාවේ තනි වූ ප්‍රධාන ලිපිකරු ෆොන්සේකා මහතා, සෙලින්කෝ මන්දි‍රයේ තැපැල් හල වෙත පිය නැගුවේ ය. විදුලි පුවත් පෝර්මයක් ගෙන ලිපිනය ලීවේ ය. ‘‍මාගේ සාතිශය කණගාටුව පිළිගන්න.’ සුපුරුදු පරිදි ලියැවුණේ ය. නැවත කියවූවේ ය. ‘පිළිගන්න’ ඒ වචනය වැඩියි නේද? කොහොමත් පිළිගන්නේ නැතිව අහක දමනවැයි. ‘මගේ’ ඕනැත් නැහැ. ‘මගේ’ කියන වචනය අධ්‍යාහාරයි ‘මගේ’, ‘පිළිගන්න’ වචන දෙකම ඔහු කතා දැමුවේ ය.

‘සාතිශය කණගාට‍ුව - ෆොන්සේකා’ ඔහු විදුලි පුවත යැව්වේ ය.

පසුවදාත් ප්‍රේමාගේ මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණ බොහෝ විය.

“ඔක්කොම වගේ අවමංගල ගෙදර හිටියා, මිස්ටර් ෆොන්සේකා’ විතරයි හිටියේ නැත්තේ” සරත් ඇනුම් පදයක් ස්වරූපයෙන් මුදා හළේ ය.

“ටෙලිග්‍රෑම් එකක් ගහන්න ඇති” තවෙකෙක් ඉඟි මැරුවේ ය.

“අනේ මට හදිසි වැඩක් තිබුණා” ෆොන්සේකා සමාව යදින්නකු මෙන් කීවේ ය.

“ඒක නොවෙයි මිස්ටර් ෆොන්සේකා අනිද්දා ලකී බඳිනවා, ඔක්කොට ම ආරාධනා‍ කරලනේ තියෙන්නෙ? අපි ඔක්කොම මාතර යනවා.‍ ගිහිල්ලා ෆුල් ෆන් එකක් ගන්නවා. මිස්ටර් ෆොන්සේකා එනවද? සෙනසුරාදනෙ, නිවාඩුනේ?”

“අනේ ගුණවර්ධන මට එන්න විධියක් නැහැ. මට පරිගණක විද්‍යාව ගැන රැස්වීමක් තියෙනවා. ඒක නෙවෙයි මම සුළු තෑග්ගක් දෙනවා. පුළුවන් නේද ගිහිල්ලා දෙන්න. යන ගමන් මේකත් ගහගෙන යන්නකෝ. ‘පරිගණක පන්තියක් - ෆොන්සේකා’ “කීයක් ගියාද කියලා මට ආවාම කියන්නකෝ.”

“හොඳයි හොඳයි දෙන්නකෝ”

සඳුදා කාර්යාලය ආරම්භ වූ මොහොතේ පටන් අවසානය දක්වා විටින් විට මාතෘකාව වූයේ ලකීගේ මංගල උත්සවයයි.

ඔවුහු මත්පැන් බී විනෝද වූ හැටි, විනීතා හැ‍ඳගෙන ආ ඔසරිය, ගීත ගැයූ හැටි, නැටූ හැටි එකම ගාල ගෝට්ටියකි. ෆොන්සේකා සුපුරුදු පරිදි රාජකාරියෙහි යෙදුණි.

ඒ අතරතුර කනිටු සේවක, පින් පත්‍රයක් රැගෙනවිත් ෆොන්සේකා අසල සිට ගත්තේ ය.

“මොකක්ද රත්නපාල ලැයිස්තු, ලැයිස්තු හැමදාම ලැයිස්තු, අද මොකක්ද?”

ෆොන්සේකා මදක් අමනාපයෙන් විමසුවේ ය‍.

“සර් මේ වැඩිහිටි නිවාසෙකට දානයක් දෙන්න”

“ආ තව පැයකින් විතර අරන් එනවකො. මේ හදිසි වැඩක්. මට සහභාගි වෙන්න බැහැ. එදාට මට මළගෙයක්.”

“කවදට ද සර්?” මේකට සහභාගි වෙන්න ඕනි නැහැ අපි සල්ලියි බඩුයි එකතු කරලා ගිහිල්ලා බාර දෙනවා. සර් මළගෙදර යනදාට යන්න. එදාට අව්වට වේළෙන්න රෙදි නොදා ඉන්න.”

“ආ එහෙමද? එ‍ෙහනම් කමක් නැහැ” ෆොන්සේකා ගේ මුහුණ මඳක් රත් පැහැ ගත්තේ ය.

ඊට පැයකට පමණ පසුව රත්නපාල ලැයිස්තුව රැගෙන නැවත පැමිණියේ ය.

“ආ රත්නපාල මට ලොක්කා කතා කළා, ඕක හෙට ‍විතර ගේනවකෝ”

ඊට පසු දින තවත් අවමඟුලකි. සේවයෙන් විශ්‍රාම ගිය පීරිස්ගේ අවමංගල්‍ය ගැන එදින පුවත් පතක අවමංගල දැන්වීම් තීරයේ පළවී තිබුණි. ඔහුගේ පුත්‍රයකු ෆොන්සේකා යටතේ වෙනත් ශාඛාවක සේවය කර තිබුණි. ෆොන්සේකා ඔහුගේ පුත්‍රයාගේ නමට විදුලි පුවතක් යැවී ය.

“මංගල, අවමංගල, පින් පත්තර, ගෙට ගෙවැදීම් කෙළවරක් නෑනේ. දහවල් ආහාරය ගන්නා අතර ෆොන්සේකා තමාට ම කියා ගත්තේ ය‍.

“අනේ මන්දා මේවට යන්න කොහෙද කාලයක්.”

“මිස්ටර් ‍ෆොන්සේකා දන්නවද වැඩක්, මිසිස් පෙරේරා ඉස්පිරිතාලේ, ඔපරේෂන් එකක් කරලා යනවද බලන්න?” පරමනාදන් ඇසුවේ ය.‍

“අනේ පරා මට වෙලාවක් නැහැනේ. මම කියන්නන් “වැඩක් තියෙනව කියල” කියන්න. මම මතක් කළා කියන්න. ඉක්මනට සනීප වේවා කියලා ප්‍රාර්ථනා කළා කියලත් කියන්න.”

“හා හොඳයි” පරමනාදන් මඳ සිනහවක් පෑවේ ය.

“තෑන්ක් යූ වෙරි මච්”

නොබෝ දිනකින් ෆොන්සේකාගේ බිරිය අසනීප වූවා ය. ඔහු දවාලටත්, සවසටත් රෝහලට ගියේ ය.

“ඔයා‍ට පුළුවන්නේ මෙහෙ කෑම කන්න.”

“අනේ මන්දා වමනෙට යන්නත් එනවා. ඒක නෙමෙහි ඔයා දවාලටත් බීලා නේද එන්නේ? සවසට නාවට කමක් නැහැ. ගෙදර ගිය ගමන් ඇඳ බදා ගන්නේ නැතුව ළමයින්ගේ පොතක පතක වැඩ කියලා දෙන්න.”

මේ පරණ යාළුවෙක් මුණ ගැහුණා” ‍ෙෆාන්සේකා නිදහසට කරුණු කීවේ ය.

ඇය කෙඳිරි ගාමින් පවසද්දී, ෆොන්සේකා වෙනත් රෝගියකු වෙත ඇලවූ නෙතින් යුතුව උන්නේ ය.

දෙවැනි දින සවස ‍රෝහල් වාට්ටුවෙන් එළියට එද්දී ඔහුට සරත්ව මුණ ගැසුණි.

“මිස්ටර් ෆොන්සේකා කොහෙද අප්පේ මෙහෙ?”

“මේ ලෙඩෙක් බලන්න ආවා”

“ඇත්ත ද? හරි...” සරත් ගේ මුවින් පිට වෙන්නට ආ යමක් ගිල ගත්තේ ය.

සතියකින් ඇගේ රෝගී තත්ත්වය අසාධ්‍ය තත්ත්වයට පෙරළිණි. ඇයව මහරගම පිළිකා රෝහලට මාරු කර යවා තිබුණි.

“දැන් ඉතිං මහරගමට බඩ ගාන්න එපැයි”

දින දෙකකින් ෆොන්සේකාත්, දරු තිදෙනාත් තනිකර ඇය මරු වැලඳ ගත්තා ය.

ෆොන්සේකා දස අතේ කල්පනා කළේ ය. “මේ මුදලාලි මෙහෙ තියෙන අඩුම පෙට්ටි‍යේ ගාන කීයද?

“දෙන්නම්”

“මල් ශාලාවේ ඉඳලම කනත්තට ගෙනියන්න”

“හා මහත්තයා”

පාසල් දරු දැරියන් කීප දෙනෙකු මල් ශාලාවට ආවෝ ය.

“තාත්තේ පත්තරේ දැන්වීමක් දාන්නේ නැද්ද?”

“ඕනි නැහැ පුතා”

“රේඩියෝ එකෙන්?”

“අවශ්‍ය නැහැ. ඔය කටින් කට ආරංචිය යයි. නෑදෑයන්ට කියමු.”

පසුදින සවස පාංශුකූලය සඳහා ස්වාමීන් වහන්සේලා වැඩියහ.

“තාත්තේ ගිලන්පසට බීම බෝතල්” දෙවැනි පුතා විමසුවේ ය.

“බීම දෙකක් තිබුණාම ඇති”

බිරියගේ ඥාතීන් කීප දෙනෙක් ද, දූ පුතුන්ගේ හිත මිතුරන් අතළොස්සක් ද හැරෙන්නට එහි වූයේ අවමංගල අධ්‍යක්ෂකවරු දෙදෙනෙක් පමණි.

ෆොන්සේකා ගේ අසල්වැසියෙක් විදුලි පුවත් විසිපහක් පමණ රැගෙන ආවේ ය.

“මිස්ටර් ෆොන්සේකා ටැලිග්‍රෑම් එනවා, මම මේ ආපු ටික අරගෙන ආවේ, තව එනවා. මම කිව්වා වයිෆ්ට අස්සන් කරලා බාරගන්න කියලා.”

මල් වඩම් දෙකක් අවමංගල රථයට පැටවිණි. අවමංගල රථය පසුපස ෆොන්සේකා‍ත්, දරු තිදෙනාත් කඳුළු පිරි දෑස්වලින් යුතුව ගමන් ඇරඹූහ.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්