හිටපු ඇමැතියෙක් වෙරළ උලා කයි!

 
 

'තිරසර යුගයක තෙවසර ඇරඹුම'

 
 

2015 ජනවාරි 08 සහ 2017න් පසු රට

 
 

විල්පත්තුවට මොකද වෙන්නෙ?

 
 

එල්ලුම් ගහ ළඟ පිරිත් කියන අපරාධකාරයෝ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

කැම්පස් යන කාලේ මම කැසිනෝ ඩීලර් කෙනෙක්

 
 

තිරසර යුගයක ඇරඹුම හා සූර්ය බල විප්ලවය

 
 

ආඬි හත්දෙනාගෙ කැඳ හැළිය

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


කවි සංකල්පනා

 ඈත

නීලතරු ඇස්වලින්

බොර පැහැය ගලා එන

ඉකි ගසන මහ රැයක

සඳ මුහුණ තඩිස්සිය...

කාල් ගා දුක් සුසුම්

හැඟුම් මහමේරුවෙන්

අමෘතය සේ කඳුළ

දොවන තරමට ගලයි...

කුරගගා භවකතර

ඈත සක්වළ එපිට

කළුවරේ මුණ ගැසෙන

මතක හෙවණැලි දිගයි...

සරාගික වලාකුළු

දුහුල අතුගා දමන

තනිකමේ අනන්තෙක

නිල් පැහැය ආතුරයි...

අහස මිහි මත වැතිර

වැලඳගත් සිතිජයක

හැර නොයන අතීතෙක

ඈ...ත... ළංවී හිඳියි!


 

ලක් මව ළතවෙයි

තනිවම දෙවුන්දර තුඩුවෙන් පටන් ගෙන

පේදුරු තුඩුව දක්වා ගිය ළඳුන් ගැන

ඉතිහාසය කියයි එහෙමයි අපේ පින

අද ඒ අතීතය රෑ සිහිනයක් මෙන

සදා දඹ රනින් කන කර අත් දාම

විදා රැස් පබා සුර අඟනුන් සේම

එදා ගිය ගමන් අද යන්නේ කෝම

මෙදා ලොව විසයි සිත් කුරිරුයි බෝම

එක කුස උපන් සොයුරිය නැඟණිය අක්කා

දියණිය මව අපේ ගව්රවයෙන් රැක්කා

පිවිතුරු හෙළ හැඟුම් මත් රකුසට වික්කා

ඇවිළෙයි රාග ගිනි දැල් පස් පව් එක්කා

අහසේ සරන උකුසන්ගේ ගිජු ඇස්ය

රහසේ සොයන ගොදුරේ ලේ ඇට මස්ය

වහ සේ උරන මත් කුඩු මනසට දොස්ය

පහසේ රසය අවසන එල්ලුම් ගස්ය

මත් පෙති මත් වතුර මත් කුඩු ඉතිරෙනවා

මුදලට ගිජු වෙමින් මිනිසා වැනසෙනවා

යහපත් ගුණ දහම් අකලට වැළලෙනවා

ලක්මව ඇගේ දරුවන් ගැන ළතවෙනවා


 

මැරෙනවා අපි මැරෙනවා

එක පවුලෙ දූපුතුන් දේපළට ගැටෙනවා

බලය ඇතිවුණ පිරිස දුබලයන් තලනවා

හොඳ නරක ලොව ඇතත් නොපිට වැඩ කරනවා

අපි කොහොම රජ වුණත් යම් දිනක මැරෙනවා

අනුන් සතු ඉඩකඩම මිල මුදල තියෙනවා

තමන් වෙත අර ගන්න කස්තිරම් අදිනවා

දිළින්දන් රජ වෙමින් රජුන් මග සිඟනවා

හිතන්නට හිතක් නැත අපි දිනක මැරෙනවා

මත් වතුර මත්කුඩුය හොරට සහ එළි පිටින්

විනාශය ජීවිතය අ‍ඳෝනා රට වටින්

දැහැමි බව හැදුණුකම දුරු වෙලා මුළු රටින්

ගැලවෙන්න මගක් නෑ මිනිසුනේ මරු කටින්

කුලවතා බලවතා නැණවතා දන වතා

දුබලයා පොඩි එකා බැරි එකා ගැන සිතා

සාමයෙන් සෙනෙහසින් ඉඳිනු මිස ජය පතා

මැරෙන අපි මරන්නට මොනවටද වෙන කතා


 

අඬෝවැඩියා දුරු වී

වසරක් ගෙවී වතුපිටි ගේ අලුත් වෙලා

පැතුමන් සිතුම් නව සිතුවිලි මුදුන් වෙලා

අදටත් වඩා හදවත් සුව පැතුම් එළා

රට සරු වේවා දෑ අසමගිය දුරස් වෙලා

දුසිරිත දුරාචාරය පිටු දකින සඳ

යහගුණයටම මුල්තැන දී පෙරට වැද

මුස්ලිම් කිතු බොදුනු නෙක ඈ පිරිස මැද

සාමය රැඳේවා අතිනත් එකට බැඳ

නිසි කල යලට ලැබිලා මගෙ දෙසට වැසි

සරු වී බත බුලත කරලින් බරව පැසී

අටු කොටු පිරී සැම අතකම සිනහ ඇසී

සතුටින් පිරේවා නව වස අඳුර නැසී

දුරු වී අඬෝවැඩියා දසතින් ඇසෙන

සතුටින් බරව දස අතෙහිම ඇස ගැසෙන

පාලක පාලිත පරතරයද වැසෙන

නව වසරක් ම වේවා ග්‍රහ දොස් නැසෙන


 

ගොළු වත

ඔබට මා පිදු

මගේ පෙම තුළ

බොඳ වී

දිය වී

මැකී

තුරන් වී

නැත්තට ම

නැතිව ගොස්

යන්තමට

කළු පුංචි තිතක් වන්

දකිනු ඇති

බොහෝ දෑ

මට මතක් වෙයි

යළිත්

පෙමින් හිත රිදී

ඉකි නොබිඳ

ගොළු වූ විටෙක

කේ. පී. ඩබ්ලිව්.


 

සබඳ

සත්සර මී බිඳු නොමසුරුවම පිරි

නොලියූ ගී පද බොහෝ ඉතිරි ඇති

සොඳුරු විරිත රස භාව මුදාහළ

සුනිල දයා ආනන්දය නිම් නැති

ස්වරය මධුර භාෂිතය අරුත සැදි

නිමල නිහඬ මඟ විකසිත බෝ ඇති

අමිල මෙහෙය සියවසකට හිමි ඇති

කෝකිල නාදය යළි නොඇසෙනු ඇති....


 

වැලපෙන පත

නිසි කල පැමිණි කල

ගස පාමුල වැටී

සමාදානයේ සැතපෙන්නට

සිතුව ද

විද්‍යාඥයෙකුගේ දෑතින්

දිගු කලකට

සංරක්ෂණය කෙරිණි


 

අම්ලකර දන්සල

මේ සන්ධ්‍යා වෙරළ

අම්ලකර දන්සල

හුස්ම ගන්නට වෙලාවක් නැති

බෝ දනන් ගැවසෙන

ශ්වාසරෝධක වන

අරමුණු මිදී කැටි වුණ

ස්වරාලය දුකින මුදවන

මහොසුව තවම සුරැකුණ

මුදු පුලින රන්වන

දෙපා අත ගා සනසන

මුදා දිවිබර පා කර

විඳුම් ගැඹරට කැඳවන

ඇවිත් විය සිදුරෙන් වුව

ඉසිඹුලන්නැයි පවසන

කලාගාරය එදවස

මුතුන් මිත්තන් නැරඹුව

වාඩි වී ගල් පොත්තක

පැයක් - දෙපැයක් - තෙපැයක්

විඳින්නට ඇති ඇරියුම

සාක්කුව තුළ නැතිවුණ

මේ සන්ධ්‍යා වෙරළ

චන්ද්‍රලේඛා සවුමිය

අදත් ඉඳහිට හමුවන

දැන දැනත් මගෙ පතිනිය


 

හිමි අහිමි

හතළිස් වසරක යුග දිවි මිහිරට රුදුරු මරුගේ ඇස ළංවූවා

සීනෙන් නොසිතුව රෝබිය උවදුරකට අසරණ හිමි බිලිවූවා

කුරුලු කැදැල්ලක සැඳෑ සමය ගෙව් ඒ රන් සිහිනය බොඳවූවා

තනිකම පාළුව හදේ දරාගෙන අතීත සැමරුම් සිහි කෙරුවා

බැලු බැලු හැම තැන ගිනි ඇවිළී ඇත දැක නිවසේ සිහිවටන ඔබේ

කිව් හැම වදනම රැව්දේ සවනත සිනා මුහුණ දෙනුවනට එබේ

මුවග නිතර රැඳි කවට වදන් පෙළ දිවිය පුරා මට යළි නොලැබේ

කුමන පවක් පෙර බවයෙ කළාදැයි කියනු මැනවි සොඳුරියට ඔබේ

ගුවන් විදුලියේ ගී හඬ ගොළු වී ඔබෙ දෙසවන් පෙති නොමැති දුකින්

ප්‍රියතම ගී වැල් මුමුනන නාදය තවම ඇසේ ඔබෙ යහන මතින්

සැඟව ගොසින් ඔබ මසක් ඇවෑමෙන් අවුරුදු ආවා රුදුරු වෙසින්

නැකතට පිසු බත් කටක් කවන්නට නාවේ ඇයි ඔබ ගිය තැනකින්

සතළිස් වසරක් ඔබෙ පා යුග සිඹ වැන්දත් අවුරුදු බුලත් අතින්

මහද පෝරනුව ගිනිගෙන දැවුණා කාට වඳින්න ද මේ දෙඅතින්

අවුරුදු නෑගම් රුවට ඇඳන් මට යන්න ගෙනත් දුන් හැඩ ඇඳුමක්

පෙට්ටගමේ අදටත් සැංගී ඇත කිසිදා යළි නොඅඳින පැතුමෙන්


 

සබඳ අළු

(තෙරියුම් කෝකිලා කාව්‍ය සංග්‍රහයෙනි)

මළගමට කළු අඳින මේ අහස් කුස යට

කඳුළු බිඳු වියැළුණා හදේ පැලහෙන උණුසුමට

ගිනි තැබූ මගතොටෙහි නොනැවතී ගලා යන

මිතුරු හදවත බිඳී බුබුළුලන කිරි කඳුළ

හඹා එන අඟුල්මල් සේනාව නොනැවතී

ගුරු පුදට ඇඟිලි දහසක් සොයා ගම් වදී

ගුගුරමින් කඩු අමෝරා පනින අතරදී

කුණු කෙළැති වදන් කුණු වී අසනිය වසී

හනුමන් පෙරටු කොට ජය ගෝසා නඟන

තෝර තෝරා බලා මග දෙපස ගිනි තියන

පල්ලියේ මුදුනතෙහි අඩැසි සඳ කුඩු කරන

අදාන් හඬ ගොලු වෙලා වෛරය ම ගොනු කරන

පන්සලේ පල්ලියේ සතුරු බිජුවට රකින

විෂඝෝර සපුන් ඉන් ලොව දකින

ගිනි අවිය හිස තබා පර්දාව ගලවන්න

ෆාතිමා ඉතින් ඔබ පෝලිමට හිටගන්න

අලුත් නැහැ පරණ කතිකාව ගමටම ඇවිත්

සියලු අළු බේරුවල් බොක්කට ම ගෙන ගිහින්

උපවාස කාලයක කුසේ ගින්දර මැදින්

හිසේ ගිනි දල්වන්න වුණේ ඇයි මේ ලෙසින්

පියැසි දැවුණා තමයි කාලයක් ගොඩනැඟූ

වැසි කඳුළු මදිවුණා එගිනි මඬිනා’යුරූ

පෑදි දිය බොර වුණා කිසි දිනෙක නොවු විරූ

සබඳකම් සොයමු දැන් අළු අතර සැඟවුණූ


යන්න ගිය ඔබට

සදත් ඇවිත් බැස ගියත්

එළිය මතක නම්

මලක් පිපී පර වුණත්

සුවඳ මතක නම්

ඔබත් මටම හිමි නොවුණත්

ඇසුර මතක නම්

අතින් අතට ගිය මලක් ළඟට ගෙන

ජීවිතය කියා දී

කිලිටි වුණ වතක් එළිය කළ සෑම

ඔබ මතක නැති කළේ

ඉගිළ යන්නටත් පාර අසා ගත්

මා ළඟම උන් දිනේ

ඔබට පිපෙන්නට ඉඩක් දුන් ගසට

නොකියමයි ඔබ ගියේ


 

බිඳුවක මහිම

දරු සෙනෙහසින් හදවත තුළ ඉපිල යන

රතු ලේ සුදට හරවා පා කුලුණු ගුණ

මවුකිරි බිඳක් තම පෙම්බර පුතුට දෙන

සම කළ හැකි දෙයක් මේ ලොව නොමැත වෙන

මිනිසා නොමිනිසා කරමින් නොයෙක විට

පවුල් අවුල් කර අසමඟිය ඇති කොට

අද මහ දනවතා දුගියෙක් කරන හෙට

දැඩි බලයක් තිබේ එක මත් බිඳුවකට

අහසින් වැටුණ දිය බිඳුවක් ඉවත නොදා

ඉන් වැඩ ගත්ත අප පෙර රජ දරුවො එදා

පුදසුන මත තබන මල් බඳුනකට හදා

සිහිලැල් බවක් දුනි පැන් පොද එයට යොදා

එක එක බිඳුව එක්වී ඇළ දොළට වැද

හංගා සැදෙයි කෙත් වතු සරු කරන ලද

ලොව සත් වගට නැතිවම බැරි දෙයක ලෙද

කතරට දිය බිඳක් මහ සම්පතකි හොඳ


කූට සිතුවම

තබා කඳු දෙබලක්

ඉස ලා තාරකා කුඩයක්

මවා කවකටුවෙන් සඳක්

එල්ලා ඇත බිත්තියේ අහසක්


පෙම් පතේ බොළඳ කවිය

හිරු සඳු තරු

මට කුමටද?

නුෙඹ ඇස් දෙක සිත

තියෙනා තුරා


එතෙර කවිය

 අලුත් වසරක්

පුලුටු පෙනුමැති එළි, පියඹන අඳුරු වලා

රැගෙන කුපිත වූ අහසට

නොහික්මුණ සීනු හඬ නංවන්න;

මේ බියකරු රාත්‍රියේ අවුරුද්ද මැරී යයි

අකීකරු සීනු හඬවා

ඒ මරණයට ඉඩ දෙන්න

වික්ටෝරියානු සම්භාව්‍ය සාහිත්‍ය යුගයේ එංගලන්ත සාහිත අඹරේ පෑයු දිදුලන කවි තාරකාව වූ ලෝඩ් ටෙනිසන් ශ්‍රේෂ්ඨ කවියන් අතරේ ප්‍රමුඛ තැනක් ගත්ෙතකි. ඒ කිතු වසින් 1810 - 1890 අතර කාලයයි. ලෝඩ් ටෙනිසන් යථාර්ථවාදී කවි කලාව යම් අරුත් දෙයක් විනඥානවාදී මාවතක් ඔස්සේ ගෙන ඒමට තැත් කළා. ඒ අතරේ ඔහු පැන්ටසියක් වුවත් නිර්මාණ්‍ය කිරීමට මැළි වුණේ නැහැ. ඉහත දැක්වූයේ ටෙනිසන්ගේ ON NEW YEAR’S EVE නමැති මනරම් කවි පෙෙළහි ප්‍රථම කවියයි. අලුත් උදාවක්, අලුත් වසරක් ගැන පැතුම් පතන්නට නම් මියැදෙන අතීතය අත්හරින්නැයි ටෙනිසන් කාව්‍යාත්මකව පවසයි.

පතන්නට නම්, එයට සැරසෙන්නේ නම් මුලින් ම කළ යුත්තේ මියැදෙන අතීතය පලවා හැරීමයි. අඳුර අතීතය වළලා දැමීමයි. එංගලන්ත සංස්කෘතියේ සීනුව ඒ ජනයාගේ හොඳ නරකට හඬ නංවන උපකරණයක්. එය සජීවීව හඬ නංවමින් අතීතය පලවා හරින්නට අලුත් අවුරුද්දට සැරසෙන අපට කියයි. ඔහු එයින් සංසිද්ධියක් නිර්මාණ කරයි. කොහොමත් ටෙනිසන්ගේ කාව්‍ය නිර්මාණ සරල රස ආකාරයක්මයි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්