හිටපු ඇමැතියෙක් වෙරළ උලා කයි!

 
 

'තිරසර යුගයක තෙවසර ඇරඹුම'

 
 

2015 ජනවාරි 08 සහ 2017න් පසු රට

 
 

විල්පත්තුවට මොකද වෙන්නෙ?

 
 

එල්ලුම් ගහ ළඟ පිරිත් කියන අපරාධකාරයෝ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

කැම්පස් යන කාලේ මම කැසිනෝ ඩීලර් කෙනෙක්

 
 

තිරසර යුගයක ඇරඹුම හා සූර්ය බල විප්ලවය

 
 

ආඬි හත්දෙනාගෙ කැඳ හැළිය

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


පොත් පුවත්

 

දිවි අරුත


කර්තෘ - වික්ටර් ෆ්රැන්කල්
පරිවර්තනය - මාලනී ගෝවින්නගේ
මිල - රු. 300
ප්‍රකාශනය - දර්ශන ප්‍රකාශන

නාසි වධ කඳවුරක් තුළදී සිය සගයන් උදෙසා ජීවිතාපේක්ෂා දල්වා දුන් මිනිසකුගේ අත්දැකීම් මේ කෘතියට පාදක වෙයි. මේ කෘතියෙන් සාකච්ඡා කෙරෙන්නේ ඔහු විඳි අනේක විධ වධ හිංසා හෝ වේදනා ගැන නොවේ. අහිමි වූ දේට වඩා නොනැසී බේරීමට හේතු වූ ශක්ති ප්‍රභව ගැන මෙහි අන්තර්ගතය. සැබැවින් මේ කෘතිය එක්තරා ආකාරයකට ධනාත්මක චින්තනය පෙරටු කරගත් කෘතියක් වෙයි.

මාලනී ගෝවින්න‍ගේ සරල, සුගම, ආකර්ෂණීය බසින් මේ කෘතිය සිංහලට නඟන්නේ පාඨකයාට ජීවිතා‍වබෝධයේ අපේක්ෂා දල්වමිනි. හතු පිපෙන්නාක් මෙන් බිහිවෙන බොහෝ ධනාත්මක චින්තන කෘති අතර මේ කෘතිය ආලෝක පුංජයක් වන්නේ ඒ නිසා ය.


එක්ව අපි ඇවිද යමු

කර්තෘ - අලෙයිඩා මාච්
පරිවර්තනය - මාලනී ගෝවින්නගේ
මිල - රු. 580
ප්‍රකාශනය - දර්ශන ප්‍රකාශන

අලෙයිඩා මාච් ‍නම් මේ කෘතියේ කතුවරිය මේ සමඟ ගත කළ ජීවිතය පිළිබඳ තොරතුරුත් ඇය අත්දුටු සියල්ලත් ‘Remembering Che – My Life With Che Guevara’ නමින් මෙසේ ග්‍රන්ථයක්ව නිකුත් කර තිබේ. පිදෙල් ක්‍රස්ත්‍රෝගේ විප්ලවීය හමුදාවේ ගරිල්ලා සෙබළියක වූ ඇයට චේ මුණ ගැසෙන්නේ හමුදාවේ රහස් ව්‍යාපාරයේ පණිවිඩ ගෙනියන්නියක ලෙස ය. විප්ලවයෙන් පසු චේ හා විවාහ වන ඇය පශ්චාත් විප්ලවීය කියුබාවේ ආධ්‍යාත්මික සංවර්ධනයේ මූලික කාර්ය භාරයක් ඉටු කරයි. එබැවින් මේ ගැන කියන්නට ඇය වඩාත් සුදුසු වාර්තා සේම මේ ගැන බොහෝ පර්යේෂණ, අධ්‍යයන කළ මාලනී ගෝවින්නගේ ‍නම් මේ කෘතියේ පරිවර්තිකාව, එය පරිවර්තනය කිරීමට වඩාත් සුදුසු තැනැත්තියක බවට පත්වේ. ඇයගේ සිංහල පරිවර්තන බස අර්ථපූර්ණ, භාව පූර්ණ වෙයි. මේ ගැන උනන්දු ‍බොහෝ පාඨකයන්ට මෙය ආකර්ෂණීය කෘතියක් වනු නොඅනුමානය.

 


‘සද්ධර්ම නාදය’ 10 වැනිදා ජනගත වේ

සත්කෝරළ මහ දිසාවේ ප්‍රධාන සංඝනායක ව වැඩ සිට අපවත් වී වදාළ පූජ්‍ය හෙණ්ඩියගල සීලරතන නාහිමිපාණන් විවිධ අවස්ථාවලදී ලියන ලද ධර්ම ග්‍රන්ථ මාලාවෙන් පී.ඇම්. සේනාරත්න මහතා විසින් තෝරා සංස්කරණය කරන ලද ලිපි සමුච්චය ‘සද්ධර්ම නාදය’ බෞද්ධ ග්‍රන්ථය මේ මස 10 වැනිදා පූජ්‍ය ඇස්. මහින්ද හිමි මාවතේ, දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේ දී නිකුත් කෙරේ.

බුද්ධාගම, යනු කුමක්ද? බුදුවීම, අටලෝදහම, කර්ම විපාකය, භාවනා වැඩීම, ශාසනික පැවිද්ද, දුකින් මිදීම, විමුක්ති සුවය, පුනරුත්පත්තිය, නිර්වාණ මාර්ගය ආදී වශයෙන් වර්ග කොට ඇති ලිපි රැසක් මෙම ‘සද්ධර්ම නාදය’ ග්‍රන්ථයෙහි ඇතුළත් වේ.

 

 

 


රිදී දිය රැළි බිඳී දෙවැනි මුද්‍රණය නිකුත් වේ

තිඹිරියාගම බණ්ඩාර විසින් රචිත ‘රිදී දිය රැළි බිඳී’ කෘතියෙහි දෙවැනි මුද්‍රණය සන්ථව ප්‍රකාශනයක් ලෙස නිකුත්ව තිබේ‍. මෙහි පළමු මුද්‍රණයෙහි පිටපත් මාස කිහිපයකදී අවසන් වීම විශේෂත්වයකි.

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, මහාචාර්ය ලියනගේ අමරකීර්ති, රත්න ශ්‍රී විජේසිංහ, එන්.පී. පුංචිහේවා යනාදී විද්වතුන් රැසක් මේ කවි එකතුවෙහි සාධනීය ලක්ෂණ පාඨක අවධානයට ලක් කර තිබේ‍.


 

 

 

 

‘ඔබයි ලක්ෂපති’

මාධ්‍යවේදී නිව්ටන් ගුණසේකර විසින් රචිත සියලු තරග විභාග සඳහා සාමාන්‍ය දැනුම ප්‍රශ්නෝත්තර සංග්‍රහය ‘ඔබයි ලක්ෂපති’ ග්‍රන්ථය පසුගිය 27 වැනිදා කොළඹ මරදානේ, පූජ්‍ය ඇස්. මහින්ද හිමි මාවතේ, දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේ දී නිකුත් කෙරිණි.

ලොව සියලු ම අංශයන් ආවරණය වන පරිදි සම්පාදනය කර ඇති ‘ඔබයි ලක්ෂපති’ ග්‍රන්ථය සාමාන්‍ය දැනුම පිරික්සන ඕනෑම තරග විභාගයක් සඳහා පෙනී සිටින අය අනිවාර්යයෙන් ම පරිශීලනය කළ යුතු අත්පොතක් වශයෙන් හඳුන්වා දිය හැකි ය.


රන් දෙවඟන

කර්තෘ - භවානි භට්ටාචාර්ය
පරිවර්තනය - හේමරත්න රණවීර
මිල - රු. 850
ප්‍රකාශනය - ගොඩගේ සහ සහෝදරයෝ

නැගී එන ධනවාදයේ අඩුපාඩුවලට හිරවෙන අසරණ ඉන්දියානු ගමක කතාව ඉන්දියානු යථාර්ථවාදී නවකතාකරුවකු ලෙස පාඨක බුහුමනට ලක් වූ භවානි භට්ටාචාර්යය විසින් මෙසේ නිර්මාණය කරනු ලැබ තිබේ. හේමන්ත රණවීරගේ සරල එහෙත් වියත් බසින් පෝෂිතව පරිවර්තනය වී ඇති මේ කෘතිය නිදහස ලැබීමට පෙර ග්‍රාමීය ඉන්දීය සමාජය පිළිබඳ මනා විග්‍රහයක් සපයයි.

 


 

රයිගම්පුර ස්වාධීන ලේඛක සංසදයෙන් නිර්මාණ තරගාවලියක්

රයිගම්පුර ස්වාධීන ලේඛක සංසදයට 2017 අගෝස්තු මාසයට දස වසරක් සපිරේ. ඒ නිමිත්තෙන් යොවුන් සහ විවෘත වශයෙන් කෙටි කතා සහ පද්‍ය නිර්මාණ තරගාවලියක් පැවැත්වීමට අපේක්ෂා කෙරේ.

සිංහල කෙටිකතාවේ ප්‍රවර්ධනය පිණිස විශේෂයෙන් නවක ලේඛකයන් දිරිමත් කිරීම අරමුණ ඇතිව මෙම තර­ාවලිය සංවිධානය කෙරේ. වයස අවු. 15 – 35 අය සඳහා යොවුන් අංශය සහ වයස අවු. 35 සිට ඉහළ වයස් සීමාවේ අයට විවෘත අංශය වශයෙන් තරග දෙකක් පැවැත්වේ.

රයිගම් කෝරල බල ප්‍රදේශයේ තරගකරුවන්ට පමණක් තරගාවලිය සීමා වේ.

නිර්මාණ බාර ගැනීම 2017 ජනවාරි 30 දක්වා සිදු කෙරේ. වැඩි විස්තර සහ අයදුම්පත් මුද්දර ගැසූ ලියුම් කවරයක් පහත සඳහන් ලිපිනයට එවා ලබාගත හැකිවේ.

ගරු ලේකම්, රයිගම්පුර ස්වාධීන ලේඛක සංසදය, බන්ධුල ආර්. ගුලවත්ත, ඔලබොඩුව, ගෝනාපල හංදිය. විමසීම් - 0728042796


‘සංස්කෘති’මාසික සම්මන්ත්‍රණ රැස්වීම

‘සංස්කෘති’ සඟරාව වසර හැටක් පමණ පැරණි ශාස්ත්‍රීය සඟරාවකි. මෙය දැනට ලංකාවේ පළ වන සඟරා අතුරෙන් ප්‍රමුඛ සඟරාවක් බවට පත්ව ඇත.

මේ සඟරාව පවත්වා ගෙන යනු ලබන සංස්කෘති ප්‍රකාශන සංගමය මඟින් ආරම්භයේ සිට ම මාසික ව දේශන මාලාවක් පවත්වනු ලැබේ. එය සෑම මසක ම අන්තිම සෙනසුරාදා කොළඹ හැව්ලොක් ටවුමේ පිහිටි සාමයික ආයතනයේ දී පැවැත්වේ.


පර්යේෂණ ග්‍රන්ථයක් සඳහා තොරතුරු ලබාගැනීම

දිනමිණ පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘවරයකු වූ ප්‍රවීණ ලේඛක බන්දුපාල ගුරුගේ මහතා ‘ගිං ගඟ වෘද්ධ නිම්න ශිෂ්ටාචාරය’ සම්බන්ධයෙන් ශාස්ත්‍රීය පර්යේෂණයක නිරත වෙමින් සිටී. බද්දේගම කේන්ද්‍ර කරගත් ව. සැ. 200 ක සීමාව තුළ වසර තුන් හාරසියකට මෙ පිට විසූ හෝ දැනටමත් වාසය කරන පරම්පරාවලට අයත් මෙරට හෝ විදේශයන්හි සිටි හෝ සිටින තැනැත්තන්ගේ තොරතුරු මීට අදාළ වේ. ඉංග්‍රීසි වෛද්‍යවරු, සිංහල වෙද මහත්වරු, ඉංජිනේරු හා විවිධ තාක්ෂණික ශිල්පීන්, විවිධ පර්යේෂකයන්, ආගමික හා අනෙකුත් අංශවල දාර්ශනිකයන්, උගතුන්, විවිධ ක්ෂේත්‍රවල ලේඛකයන්, කවීන්, සංගීතඥයන්, චිත්‍ර ශිල්පීන්, කැටයම්කරුවන්, ම‍ූර්ති ශිල්පීන්, විවිධ ක්ෂේත්‍රවල හපන්කම් පෑ ගිහි පැවිදි උගතුන් ගැන පුද්ගල තොරතුරු මෙහිලා එකතු කෙරේ. මොවුන්ගේ නම, විශේෂ දස්කම් පෑ විෂය ක්ෂේත්‍රය, වයස, ජීවත්වන හෝ ජීවත්වූ පළාත, හෝ විදේශයක නම් ඒ බව දැක්වෙන තොරතුරු දන්නා අය ඒ තොරතුරු මෙහි පහත දැක්වෙන ලිපිනයට ලියා එවන ලෙස කාරුණිකව ආරාධනා කරමි. ‘දර්ශන’, මංසන්ධිය අසල, වඳුරඹ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්