හිටපු ඇමැතියෙක් වෙරළ උලා කයි!

 
 

'තිරසර යුගයක තෙවසර ඇරඹුම'

 
 

2015 ජනවාරි 08 සහ 2017න් පසු රට

 
 

විල්පත්තුවට මොකද වෙන්නෙ?

 
 

එල්ලුම් ගහ ළඟ පිරිත් කියන අපරාධකාරයෝ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

කැම්පස් යන කාලේ මම කැසිනෝ ඩීලර් කෙනෙක්

 
 

තිරසර යුගයක ඇරඹුම හා සූර්ය බල විප්ලවය

 
 

ආඬි හත්දෙනාගෙ කැඳ හැළිය

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


නිර්මාණකරුවන්ගේ  අප්‍රකට නිර්මාණ දිවිපෙවත සොයා යන නවතම විශේ­ෂාං­ගය

නිර්මාණකරුවන්ගේ  අප්‍රකට නිර්මාණ දිවිපෙවත සොයා යන නවතම විශේ­ෂාං­ගය

අදෘශ්‍යාර්ධය

ජෝර්ජ් ඕවල් හිඟා කෑවාලු

විසිවැනි සියවසේ බිහිවූ විශ්ව කීර්තියට පත් සාහිත්‍යවරයන් අතරට ඉංගිරිසි නවකතාකරු ජෝර්ජ් ඕවල් ද එක්වේ. ‍ඔහුගේ සැබෑ නම එරික් ආතර් ‍බ්ලෙයාර් වුව ද ඔහු ලෝ පතල වූයේ ජෝර්ජ් ඕවල් නම් ආරූඪ නාමයෙනි. ‘‍ගොවිපළේ පෙරැළිය’ යනුවෙන් සිංහලයට ද නැඟී ඇති Animal Farm සහ 1984 ඔහුගේ විශිෂ්ට නවකතා වශයෙන් සැලකේ. 1984 නවකතාවේ පිටපත් මිලියන ගණනක් ලොව පුරා අලෙවි විය. එහි ඇති බිග් බ්‍රදර්, ඩබල් සන්ක්, නිව්ස්පීක් වැනි යෙදුම් ඉංගිරිසි භාෂාවේ එදිනෙදා ව්‍යවහාරයට එක්වී තිබේ. පොලිස් නිලධාරියකු ලෙස බුරුමයේ රාජකාරි කළ ඕවල් 1927 දී සේවයෙන් ඉවත් ව‍ූයේ පූර්ණ කාලීන ලේඛකයකු වීම පිණිස ය. ලේඛකයකු ලෙස සාර්ථක නොවූ තැන 1928 දී ඔහු පැරීසියට සංක්‍රමණය විය. හෝටල් සේවකයකු ලෙස රැකියාවේ යෙදෙමින් ලැබූ අත්දැකීම් ඔහු සිය පළමු කෘතිය වන “ඩවුන් ඇන්ඩ් අවුට් ඉන්’ පැරිස් ඇන්ඩ් ලන්ඩන්හි’ සඳහන් කර තිබේ.

ඕවල්, 1984 නවකතාව ලිව්වේ 1940 ගණන් වලදී ය. ඔබ්සර්වර් පුවත්පතේ සංස්කාරක ඩේවිඩ් ඇස්ටර්ට අයත්ව තිබූ ජුරා දූපතේ පිහිටි ගොවිපළක වූ නිවසේ සිට ඔහු 1984 ලීවේ අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පෙළෙමිනි. පහසුවෙන් රැගෙන යා හැකි කුඩා පරිමාණයේ රෙවිංග්ටන් යතුරුලියනයකින් ඔහු ලිවීමේ යෙදුණේ බොහෝ දුරට ඇ‍ඳෙහිම සිටිමිනි. යතුරු ලියනය කළ දේ යළි යළිත් කපා කොටා සැකසීමට ඔහුට සිදුවිය. සිය අබලන් යතුරුලියනයෙන් ලිවීම බියකරු කාර්යයක් විණැයි ඔහුව සඳහන් කර තිබේ. එම දුෂ්කර කාර්යයේදී දුම්වැටි සැලකිය යුතු ප්‍රමාණයක් අළු කළ ඔහු ගණන් කළ නොහැකි තරම් තේ සහ කළු කෝපි කෝප්ප ප්‍රමාණයක් ද හිස් කළේ ය.

“මා ලියන්නේ ඇයි? නම් ඕවල් ගේ සුප්‍රකට නිබන්ධනයේදී පොතක් ලිවීම අප්‍රසන්න මෙන් ම සිඳී යන්නා වූ අරගලයක් හා වේදනාකාරී රෝගී තත්ත්වයක් බඳු යැයි ද ඔහු පවසයි. ඕවල්, ලිවීම පිළිබඳ සුප්‍රකට රීති 6 දක්වා ඇත්තේ ද මේ නිබන්ධනයේය.

ජෝර්ජ් ඕවල් බියර් පිළිකෙව් කළේ ය. ඔහු තේ පානයට රැසියෙකි. තේ කොපමණ ඔහුගේ සිත්ගත්තේ දැයි කිවහොත් එය මිහිරිතම පානය ලෙස හැඳින්වීය. තේ පානය පිළිබඳ මඟ පෙන්වීම සඳහා ප්‍රකාශනයක් ද ඔහු පිළියෙළ කළේ ය. එහි තේ රසය ඔහු හඳුන්වා දෙන්නේ ‘ග්‍රීස් ඇන්ඩ් වයිට්වොෂ්’ යනුවෙනි. තේ කෝප්පය සිලින්ඩරාකාර බඳුනක් විය. ඕවල් ‍බොහෝ දුරට නිවසේ තනිවීමට ප්‍රිය කළ අයෙකි. 1946 - 1948 වකවානුව ඔහු ගත කළේ ජුරා දූපතේ ය. ඒ ඔහුගේ පළමු බිරියගේ අභාවයෙන් පසු ගෙවී ගිය සම‍යයි. මේ කාලයේදී ලන්ඩනයේ සිටි යුවතියන් ගණනාවක ගෙන් ඔහුට විවාහ යෝජනා ලැබුණ ද ඒවා අසාර්ථක විය. සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවුණ ද ඔහු හුදෙකලාව ප්‍රිය කළේ ය. ඔහු ජුරා දූපතෙන් නික්මුණේ 1949 දී ය. ඒ; ක්ෂයරෝගයෙන් බලවත් ලෙස පීඩා විඳි බැවිනි. මෙසේ වුව ද ඔහු 1984 ලියා නිම කළේ එහි ගත කළ කාල ස‍ීමාවේදී ය.

එතරම් ප්‍රකට නොවුණ ද ඕවල් කවියකු ද විය. ඔහු ලෝ පතළ වූයේ නවකතා, දේශපාලන, ජනමාධ්‍යවේදය මෙන් ම නාට්‍යකරණය හේතුවෙනි. වරෙක දන්තාලේප දැන්වීමක වචන ඇතුළත් කරමින් ද ඔහු කවියක් ලියා තිබිණි. ඕවල්ට භාෂා 8 ක් කතා කිරීමේ හැකියාව තිබිණි.

ඉංගිරිසි හැරුණු විට ග්‍රීක, ලතින්, බුරුම, හින්දු, ප්‍රංස, ස්පාඤ්ඤ , කැටලාන් ෂෝ - කරෙන් (ටිබෙට්, බුරුම භාෂාවකි) භාෂාය . ඒ අතින් ඔහු 21 වැනි සියවසේ 1930 ගණන්වල අගභාගයේ ඔහු ජීවත්වූයේ පෙලිංග්ටස් ප්‍රදේශයේ ය. මේ කාලයේදී ඔහු තමන්ම වවා හදාගන්නා දේවල් පරිභෝජනය කිරීමට ප්‍රිය කළේ ය. ඔහුට එළුවන් කිහිප දෙනෙක් ද විය. ඉන් ‘මරියෙල්’ නම් එළුවා ‘ඇනිමල් ෆාම්’ නවකතාවේ චරිතයක් ලෙස ද අපට හමුවේ. සැබෑ මරියෙල් ඕවල්්ගේ දින පොත් වලදී හමුවන අතර මිථ්‍යාවය. මරියෙල් කාරුණික හොඳ එකෙකි. අකුරු හැකියාව ද තිබේ.

ඕවල් උපත ලැබුවේ ඉන්දියාවේය. ඒ ඔහුගේ පියා සිවිල් සේවකයකු ලෙස ඉන්දියාවේ රාජකාරි කළ බැවිනි. ඕවල්ට වසරක් පිරෙන විට ඔවුහු එංගලන්තයට ගියහ. ඔහුගේ ළමා විය නරක එකක් නොවේ. එහෙත් ඔවුන්ට වරින් වර පදිංචිය වෙනස් කිරීමට සිදුවීම නිසා ගෙවල් කිහිපයකට අත්දැකීම් ඔහුට තිබේ.

පසුකාලීනව ලේඛකයකු ලෙස ප්‍රකට වූ සිරිල් කොනලි වැනි මිතුරන් ඔහුට හමුවූයේ ළමා කාලයේදීම ය.

ඕවල් උසස් අධ්‍යාපනය වෙනුවෙන් උනන්දු වුණේ නැත. සිය පියා මෙන් ම සිවිල් සේවයට බැඳී වැඩ කිරීමට ඔහුට ඕනෑ විය. පියා මෙන් ඉන්දියාව තෝරා නොගත් ඔහු පොලිස් සේවයට බැඳී බුරුමයට ගියේ ය. බුරුමයේ ඔහුගේ මිත්තණිය ඇතුළු ඥාතීන් ද ජීවත් වීමත් ඊට බලපාන්නට ඇත. විවේකයක් ලද විට ඔහු කළේ කියැවීමයි. ලිවීමේ යෙදුණේ මඳ වශයෙනි. ඕවල් 200,000 ක පොලිස් භට පිරිසක ප්‍රධානියා වීම නිසා ඔහුට සියලු කාර්යයන් කිරීමට සේවකයන් විය. පියා වසර 40 ක් යටත්විජිත පාලකයන් යටතේ සේවය කළ මුත් පුතා වසර 5 ක සේවා කාලයකින් පසු ඉන් ඉවත්විය. ඩෙංගු උණ රෝගය වැලැඳී නිවාඩු ලබා සිටි ඔහු ආපසු සේවයට ගියේ නැත.

පූර්ණ කාලීන ලේඛකයකු වීමට වෑයම් කළ ඔහුට සමාජයේ පහළ ස්තරවල ජීවිත ගැන ලිවීමට වුවමනා විය. ඊට සුදුසුම විදිහ ඔවුන්ගෙන් ම අයකු ලෙස අත්දැකීම් ලැබීම බව කල්පනා කළ ඔහු පැරිසියේ දී හෝටල්වල පිඟන් සේදීමේ වෘත්තියේ ද ලන්ඩනයේදී යාචකයකු ලෙස ද කටයුතු කළේ ය. සැබෑ දිළිඳුකම යනු කුමක්දැයි ‍එහිදී ‍ඔහු මිනිසුන් සමඟ කතා කළේ ප්‍රායෝගික අත්දැකීම් සහිතව ය.

ලිවීම සඳහා අත්දැකීම් ලැබීමට සිඟාකෑමේ යෙදී සවස ගෙදර එන ඕවල්ට ස්නානය කර නිවසට ඇතුළුවීමට සිදු විය. ඕවල් වරින්වර ආරූඪ නම් කිහිපයකින් ම ලියා ඇතත් ඔහු සිත්ගත් නාමය ව‍ූයේ ‘ජෝර්ජ් ඕවල් ය. එය හොඳ ඉංගිරිසි නමක් බව ඔහු කීවේ ය. එහි ඕවල් කොටස එක්වූයේ ඕවල් නදිය හේතුවෙනි‍. ඔහු කොපමණ දුරට ආරූඪ නමට ප්‍රිය කළේ ද යත් සැබෑ නම භාවිත නොකළ තරම් ය. ‘ඕවල්’ (Orwell) යන්න භාවිත කිරීමට තවත් හේතුවක් ලෙස ඉංගිරිසි හෝඩියේ මැද අකුරක් යෙදීමට ඔහු තුළ තිබූ කැමැත්ත ද දැක්වේ. මේ නිසා ලුවී සිමොන්ඩ්ට අයත් පොත් සාප්පුවේ පොත් රාක්කවල ඔහුගේ පොත් අලෙවියට තබා තිබුණේ මැද හරියේ ය. එය පොත් තෝරන පාඨකයකු ගේ ඇස් මට්ටමයි. වඩාත් උසින් හෝ පහතින් ඒවා අසුරා තිබිණි නම් ඔවුන්ගේ අවධානයට එක්වරම ඒවා ලක්වන්නේ නැත. බොහෝ ප්‍රකට ලේඛකයෝ ලේඛකයන්වීමට පෙර ගුරුවරු වූහ. එහිදී ඕවල් ද ඔවුන්ගෙන් වෙනස් නොවිණි. ඔහු මුලින් ආබාධිත දරුවකුට ඉගැන්වීය.‍ පසුව පාසල් ගුරුවරයකු ලෙස ද කටයුතු කළේ ය. ලේඛකයකු වීමට පෙර ඔහු රැකියා කිහිපයකම යෙදිණි.‍

පොත්හලක අර්ධකාලීන සේවකයකු ලෙස ද ඔහුට අත්දැකිම් තිබේ. ‘බුක්ෂොප් මෙමරීස්’ යනුවෙන් පසුකලෙක ලියැවුණේ ඒවා ය. 1940 ගණන්වලින් පසු ඔහු වෙනත් රැකියාවල නොයෙදුණු අතර ලේඛනය සඳහා ප‍ූර්ණකාලීනව කැප විය.

ස්පාඤ්ඤ සිවිල් යුද්ධයේදී ස්නයිපර් තුවක්කු කරුවකුගේ උණ්ඩයකින් ඔහු තුවාල ලැබීය. ඔහු ලැබූ නොයෙකුත් අත්දැකීම් ඔහුගේ ජීවිතය වෙනස් කිරීමට බලපෑවේ ය. 1930 ගණන්වල පටන් ම ඔහු සමාජවාදී නැඹුරුවන් සහිත ව‍ූවෙකි. ඔහුගේ දේශපාලන දැක්ම ‘ඇනිමල් ෆාම්’ සහ 1984 කෘතීන්ගෙන් පළවේ. ‘හොමේජ් ටූ කැටලෝනියා’ ස්පාඤ්ඤ යුද්ධය ඇසුරු කොටගත් ප්‍රබන්ධයකි. ඕවල් බී‍.බී.සී. යේ ද දෙවසරක් සේවය කර තිබේ. එහෙත් ඔහුගේ හඬ පට සංරක්ෂණය වී නැත.‍

අර්නස්ට් හෙමිං‍වේ සහ ජෝර්ජ් ඕවල් එකම තැන එකම වෙලාවට සිට ඇති බව පෙනෙන්නට තිබේ. දෙදෙනාටම ස්පාඤ්ඤ යුද්ධයේ අත්දැකීම් ද ඇත. එහෙත් දෙදෙනා එකට හමුවී නොතිබිණි. අවසානයේදී පැරිසියේ හෝටලයක ඔවුන් දෙදෙනා එකට හමුවී තිබුණේ යුද පුවත් වාර්තාකරුවන් වශයෙනි. එය දෙදෙනාටම විස්මය දැනවූ හමුවූවකි‍.

ඕවල්ට මිතුරියන් රැසක් ම විය. ලේඛකයකු ලෙස ඔහු ලැබූ ප්‍රසිද්ධිය ද ඊට හේතු විණි. ඔවුන් අතර ආදරවන්තියන් ද විය. ඒ වනවිටත් ඔහු එයිලින් සමඟ විවාහ ජීවිතයට ඇතුළත්ව සිටියේ ය. ඔවුන් දෙපළට එක් පුතකු සිටී. පසුව අසනීපයෙන් පෙළෙමින් සිටියදී රෝහල් කාමරයේදීම ඕවල්, සෝනියා බ්‍රවුන්වෙල් විවාහ කරගත්තේ ය. සෝනියාට CIA සමඟ සම්බන්ධයක් තිබූ බව ප්‍රකටය.

 


 


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්