හිටපු ඇමැතියෙක් වෙරළ උලා කයි!

 
 

'තිරසර යුගයක තෙවසර ඇරඹුම'

 
 

2015 ජනවාරි 08 සහ 2017න් පසු රට

 
 

විල්පත්තුවට මොකද වෙන්නෙ?

 
 

එල්ලුම් ගහ ළඟ පිරිත් කියන අපරාධකාරයෝ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

කැම්පස් යන කාලේ මම කැසිනෝ ඩීලර් කෙනෙක්

 
 

තිරසර යුගයක ඇරඹුම හා සූර්ය බල විප්ලවය

 
 

ආඬි හත්දෙනාගෙ කැඳ හැළිය

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


තුරුණු නිර්මාණකරුවන්ට තැනෙන වේදිකාව...

තුරුණු නිර්මාණකරුවන්ට තැනෙන වේදිකාව...

තුරුණු මඬල
ළඟදී කවියත් විකිණෙයි

මහින්ද ප්‍රසාද් මස්ඉ­ඹුල

සර 2010 දී රාජ්‍ය සාහිත්‍ය සම්මාන හා ගොඩගේ සාහිත්‍ය සම්මාන ලබන හිරුත් හිමපියල්ලක (කවි) කෘතියත්, වසර 2012 දී විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ලබන ඇහිපියත් අහැරිලා (කවි) කෘතියත් වසර 2012 දීම රාජ්‍ය සාහිත්‍ය සම්මාන, ගොඩගේ සාහිත්‍ය සම්මාන, විද්‍යෝදය සාහිත්‍ය සම්මාන හා ස්වර්ණ පුස්තක අවසන් වටය සඳහා ද නිර්දේශිත සෙංකොට්ටං (නවකතා) කෘතිය ත් වසර 2013 දී ස්වර්ණ පුස්තක සම්මාන අවසන් වටය සඳහා නිර්දේශිත මාණික්කාවත (නවකතා) කෘතියත් රචනා කළ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල නම් වූ තුරුණු සාහිත්‍යවේදියා එ මතු නොව ටෙලිනාට්‍ය සහාය අධ්‍යක්ෂවරයකු ලෙස ද සම්මානලාභි කලාකරුවෙකි. මෙවර තුරුණු මඬල සංලාපය ඔහු සමඟිනි.

• ටෙලිනාට්‍යය, ගීතය වැනි බොහෝ කලා මාධ්‍යයන්හි වර්තමාන සම්ප්‍රාප්තිය දෙස බොහෝ විචාරකයන් බලනුයේ වර්තමානයට සාපේක්ෂව අතීතය උත්කර්ෂයට නඟමින්. මෙවැනි පසුබිමක් යටතේ වත්මන් කවිය ශ්‍රී ලාංකේය කවි සම්ප්‍රදාය තුළ ස්ථානගත වන්නේ කුමන ලක්ෂ­්‍යයක ද?

වත්මන් කවිය කවි සම්ප්‍රදාය තුළ ස්ථානගත වන තැන පිළිබඳව නිශ්චය කිරීම සඳහා පුළුල් කියැවීමක් අවශ්‍යයි. ඕනැම කලා අංගයක් දිනෙන් දින වෙනස් වනවා සේම කවියත් යම් යම් වෙනස්කම්වලට භාජනය වී තිබෙනවා. අපට අතීත කවිය මුලින් ම මුණගැසෙන්නේ සෙල්ලිපිවලින්. ඒවායේ කාව්‍ය ලක්ෂණ පිළිබඳව කුමන මතිමතාන්තර තිබුණැත් මහාචාර්ය පරණවිතානයන් සොයාගත් සෙල්ලිපි කීපයක කාව්‍ය ලක්ෂණ පැහැදිලි ලෙස දක්නට ලැබෙනවා. කිරින්දේ සෙල්ලිපිය වගේ ම ලංකාවේ පැරැණිම සෙල්ලිපියක් සේ සැලකෙන (දෙවන ශතවර්ෂයට අයත්) මරඳන්කඩවල කොස්සවකන්ද ගල්ලෙනෙහි ඇති සෙල්ලිපිය පේළි වෙන් කළ රිද්මයකට ලියූ කවියක් බව දක්නට ලැබෙනවා.

“මහරක්ඛ ගමිණි - අබයහ දෙවනපියතිශ

රමණ බරිය විලකතිශ - විහරෙ කරිතෙ කතිය

(දෙවියන්ට ප්‍රිය වූ ගාමිණී අභය මහ රජුගේ රමණීය බිරිය වන කතිය විසින් විලකතිශ විහාරය කරවන ලදී.)

ඒ මොහොතේ ඔවුන්ට අවශ්‍ය වූ සටහන් තැබීමක් විනා මේවායේ ගැඹුරු දේශපාලන අර්ථයක් දක්නට නැහැ. පසුව එන සීගිරි කවියත් සීගිරි ලලනාවන් පිළිබඳ ලෞකිකත්වයට බර වූ යම් යම් සටහන් තැබීමත් විනා එහි ද ගැඹුරු ජීවන යථාර්ථයන් හෙළි කිරීමේ අපේක්ෂාවක් වූ බව දක්නට නැහැ. එහෙත් මේවායෙන් එකල මිනිසුන්ගේ සිතුවිලි විලාසයන් හඳුනා ගැනීමට හැකියාවක් ලැබෙනවා.

පසුව එන සම්භාව්‍ය කාව්‍යාවලිය ගත්තත් ගුත්තිල කාව්‍යය හැරුණුකොට අනෙක් සියලු කාව්‍යයන්හි දක්නට ලැබෙන්නේ පාලක පන්තිය උත්කර්ෂයට නැඟීමක්. එහෙත් මේ කාව්‍යයන්හි උපමා ආදී කාව්‍ය ලක්ෂණ මේ දක්වා බිහි වූ ලොව වෙනත් කිසිඳු සාහිත්‍යයකට සම කළ නොහැකියි.

“පතසන් අවරගිරි නැටියෙන් වැටෙන කල

විළිකුන් සුරත් ඵල වැනි ෙව් රිවි මඬල”

(සැළලිහිණි සන්දේශය)

සන්ධ්‍යාවේ හිරු මඬල බැස යන ආකාරය මේ තරම් රමණීය ලෙස වත්මන් කිසිදු කවියෙක දැක නැහැ. එහෙත් මේ සම්භාව්‍ය කාව්‍ය සම්ප්‍රදාය දෘෂ්ටිමය වශයෙන් පොදු ජනයාගෙන් බැහැර වූ ප්‍රභු රදල පැලැන්තිය උත්කර්ෂයට නැංවීම උදෙසායි මෙහෙය වී තිබෙන්නේ. මෙසේ සාමාන්‍ය ජනයාගෙන් දුරස් වූ සම්භාව්‍ය කවියට කිට්ටු වීමට නොහැකි සාමාන්‍ය ජනයා තමන්ගේ දුක් ගැහැට ප්‍රකාශනය උදෙසා ජනකවිය යොදා ගත්තා. ශ්‍රී ලංකාවේ කවි සම්ප්‍රදාය තුළ සම්භාව්‍ය කාව්‍ය හා ජනකවිය යන ශානර දෙකම විශිෂ්ටයි.

පනහ දශකයෙන් පසු ලංකාවේ කවි සම්ප්‍රදාය වෙනස් මඟකට හැරෙනවා. ඒ අතර ජනකවිය ස්පර්ශ කළ කුමාරගම කවියාත් සම්භාව්‍ය හා ජනකවි යන දෙමඟ ම ස්පර්ශ කළ සේකර කවියාත් මේ අතර සුවිශේෂයි. ඔවුන් ගැඹුරු සමාජ සත්‍යයන් කවියට විෂය කරගන්නවා. දෙදහසින් පසු කවියට එන විට එය බිහිවෙන්නේ නූතන සමාජයට සමගාමීවයි. ඔවුන් සම්භාව්‍ය කාව්‍ය හා ජනකවිය යන දෙකම භාවිත කරනවා. මාලතී කල්පනා කිවිඳිය රත්නශ්‍රී කවියාගේ බිරියගේ වියෝවීම දකින්නේ මෙලෙසයි.

“රාත්‍රියක වැලපෙන ගුරු තරුව පුරා

බේත් පොවා ළය අතගා වරින් වරා

පිටත් වුණේ අල්ලාගත් අත නොහැරා

මටත් කලින් බුදු වෙන්න ද යසෝදරා”

(ඔබ ගැඹුරු නින්දක)

මා විශ්වාස කරනවා දෙදහසින් මෙපිට කවිය බොහෝ ගුණාංග සමඟ පොහොසත්ව අපූරු කවියක් ගොඩනඟල තියනවා කියලා.

• ටෙලිනාට්‍ය, සිනමාව, නවකතාව වගේ ම ගීතයත් කර්මාන්තයත් වෙලා. කවියත් මේ ආකාරයට කර්මාන්තයක් වේවි ද?

සමස්තයක් ලෙස පොත් කියන්නේ කර්මාන්තයක්. ඒ අනුව කවි පොතත් ඊට ඇතුළත් වෙනවා. එහෙත් කවිය අනෙක් කලා අංග වගේ බොහෝ දෙනා අතර පැතිරී නැහැ. ඊට ප්‍රධාන හේතුව අනෙක් කලාවන් තරම් කවිය වානිජකරණය නොවීම. අනෙක් සියල්ල දැන් වෙළෙඳ භාණ්ඩ වෙලා. අපි සාහිත්‍යය ගැන කතා කළාට අද මව්කිරි පැකට් කරලා විකුණන්න පුළුවන්නම් මව්කිරිත් විකුණනවා. මේ වෙද්දි වකුගඩු, රුධිරය පවා විකිණෙනවා, කවිය පමණයි තවම නොවිකිණෙන්නේ. නුදුරු දිනෙකදී කවියත් විකිණෙයි. එදාට මුලින් ම සිදුවන්නේ කවියේ කවිය කියන ගුණය නැතිවීමයි. අද කවි ලියන කවුරුත් මුදල් බලාගෙන කවි ලියන්නේ නැහැ. ඒ නිසා තවම කවිය විකුණන්නත් අමාරුයි. කවියාට සමාජයට කියන්න දෙයක් තියනවා. එය තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් කීම තමයි කවියා කරන්නේ. නැතුව මුදල් අපේක්ෂාවෙන් කවි පොත් ගහනවනම් ඊට වඩා හොඳයි කොපි පොත් ගහන එක. ඒවා ඊට වඩා විකිණෙනවා. මේ නිසා කවියා උසස් කෙනෙක්.

• කවියා උසස් යයි ඔබ පවසනවා. එසේනම් කවියා පාඨකයාට උසස් තැනකට කැටුව යා යුතු යයි ඔබ පිළිගන්නවා ද?

ඔව්. අනිවාර්යයෙන්ම.

• එසේනම් ඇයි දෙදහසින් පසු කවියා මහා කාව්‍ය විවේචනය කරමින් සුරාව උත්කර්ෂයට නැඟීමේ ප්‍රවණතාවක් ඇතිකරගෙන තිබෙන්නෙ?

මානවධර්මතාවලින් තොර දෙයක් උත්කර්ෂයට නැඟීමට කවියාට පුළුවන්කමක් තිබෙනවා යයි මා විශ්වාස කරන්නෙ නැහැ. කවියාගේ වැදගත්ම ප්‍රකාශනය මානව ධර්මතා ඉහළ නැංවීම උදෙසා විය යුතුයි, ඊට ජාති ආගම් කුල භේද නැහැ. වැදගත් වන්නේ මානව ධර්මතා පමණයි. පවතින සමාජයක් විග්‍රහ කිරීමේදී ඔබ කියන දේවල් කවියට ඈඳා ගන්න පුළුවන්. මේ සමාජයේ සුරාව පවතින දෙයක් නිසා. එහෙත් පරමාර්ථයක් වශයෙන් කවියා සුරාව උත්කර්ෂයට නඟනවානම් එතන කවියක් ඉතිරි වන්නේ නැහැ. එහෙත් එවැනි දේ තිබෙන සමාජයක වෙනත් මානව ධර්මතාවයක් මතු කිරීමට කවියා එය යොදා ගැනීම බැහැර කරන්න බැහැ. පොදුවේ නූතන කවිය එතැන නොසිටියත් ඔබ කියන ප්‍රවණතාවක් තිබෙන්න පුළුවන්. එය සම්භාව්‍ය සාහිත්‍යයේත් තිබුණා.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්