හිටපු ඇමැතියෙක් වෙරළ උලා කයි!

 
 

'තිරසර යුගයක තෙවසර ඇරඹුම'

 
 

2015 ජනවාරි 08 සහ 2017න් පසු රට

 
 

විල්පත්තුවට මොකද වෙන්නෙ?

 
 

එල්ලුම් ගහ ළඟ පිරිත් කියන අපරාධකාරයෝ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

කැම්පස් යන කාලේ මම කැසිනෝ ඩීලර් කෙනෙක්

 
 

තිරසර යුගයක ඇරඹුම හා සූර්ය බල විප්ලවය

 
 

ආඬි හත්දෙනාගෙ කැඳ හැළිය

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


දඹදෙණි යුගයේ සාහිත්‍යය -II

දඹදෙණි යුගයේ සාහිත්‍යය -II

ඓතිහාසික සාහිත්‍ය දේශනය - 1958
මහාචාර්ය සෙනරත් පරණවිතාන

1958 අගෝස්තු 23 හා 24 යන දෙදින පුරා දඹදෙණිය සිරි විජයසුන්දරාරාමයේ දී පැවැත්වුණු සාහිත්‍ය සම්මේලනයේදී මහාචාර්ය සෙනරත් පරණවිතානයන් කළ දේශනය මෙසේ පළ කරන්නෙමු. අපගේ ඉල්ලීම අනුව මේ දේශන පිටපත පළකොට තිබූ ‘සාහිත්‍ය ත්‍රෛමාසික සඟරාව’ සිළුමිණ පාඨකයන් වෙනුවෙන් ‘සත්මඬල’ට ලබාදුන් මහාචාර්ය රත්නසිරි අරංගලයන්ට විශේෂ ස්තුතිය හිමි වේ. මේ ඓතිහාසික ලිපිය ශාස්ත්‍රාභිලාෂී මතු පරපුරට කියවා ගැනීම සඳහා මෙලෙස පළ කරනු ලබන්නේ, දැන් එහි පිටපතක් සොයා ගැනීම අතිශය දුර්ලභ බැවිනි.

මාඝ ආවෙ ඒ පැත්තෙන් කියල පෙන්වන්ට තවත් බොහෝ සාධක තියෙන්ට පුළුළුන්. ඒකට තවත් සාධකයක් මෙන්න. ඔය කාලයේ හිටපු චෞ ජූ කුවා කියන චීනෙක් ලියාපු පොතක් තිබෙනවා. ඒ කාලයේ චීනයේ වෙළෙඳාම ගැන හිටපු නිලධාරියෙක් චෞ ජූ කුවා. ඒ පොතේ රට රටවල විස්තර, උපදින දේවල්, කියන ගමන් මේ “මලය අර්ධද්වීපය” සම්බන්ධවත් විස්තර කියල තියෙනවා. එහි විස්තර රාශියක් තියෙනවා. විශාල රාජ්‍යයක් තිබුණලු ඝන් ‍ඵො තසී කියල. ඒකට තවත් නමක් ශ්‍රී විජය කියල. ලංකාවත් ඒ කාලයේ ශ්‍රී විජය රාජ්‍යයට යටත් ප්‍රදේශයක් ය කියල තියෙනවා. 1225 දී ඒ පොත ලියල තියෙන්නෙ. මාඝ ඔය පැත්තෙන් ආව නම් ලංකාව ශ්‍රී විජය රාජ්‍යයට යටත්ව හිටපු එක පහසුවෙන් වැටහෙනවා. එතකොට “මලයූර්” “මලයුරුව” කියන ප්‍රදේශය, පුරාණ භූමි ශාස්ත්‍රීය ගැන තොරතුරු සොයලා කියල තියෙන බොහොම දෙනාගේ මතය අනුව සුමාත්‍රාවේ “ජම්බි” කියන තැනයි. පාලි අත්තනගලු වංශයේ තියෙනවා මාඝ ආවේ ජම්බුද්වීපයෙන් කියල. ජම්බුද්වීපයෙන් ආවා කියන එක වැඩි ප්‍රයෝජනයක් නැහැ. එළු අත්තනගලුවංසෙ ජම්බුද්වීප ප්‍රදේශයෙන් මාඝ ආවයි කියල තියෙනවා. මහාද්වීපයකට ප්‍රදේශය කියා කියන එක වඩා ගැළැපෙන්නෙ නැහැ. පාලි අත්තනගලුවංශකාරයා ලියන කොට “ජම්බුදීප” කියල ලියන්නට ඇත්තේ ඔය විධියට. “මාඝ” පොලොන්නරුව අල්ලගෙන ඒ පැත්ත මලයූර් කියන රාජ්‍යයේ කොටසක් හැටියට තියාගෙන ඉන්න කාලයේ දඹදෙණියෙ රජවරු ඇතිවුණේ. ඉතින් ප්‍රථමයෙන් ඇතිවුණාය කියන්නෙ විජයබාහු රජ්ජුරුවො. විජයබාහු රජ්ජුරුවො ගැන තොරතුරු නොයෙක් නොයෙක් පොත්වල සඳහන් වෙනවා. චූලවංශය, දළදා පූජාවලිය, දඹදෙණි අස්න, දඹදෙණි කතිකාවත ආදි පොත්වල ඒ රජ්ජුරුවන්ගේ විස්තර තොරතුරු සඳහන් වෙනව. ඒ රජ්ජුරුවන්ගෙ පියාගෙ නම “විජයමල්ල” යයි කියා තිබෙනවා. අත්තනගලුවංශයේ, විජයබාහු රජ්ජුරුවන්ට නැතිනම් ඒ රජ්ජුරුවන්ගේ පියාට ඊට ඉස්සර පොලොන්නරුවේ රජවරුන් සමඟ යම්කිසි නෑකමක් තිබුණා කියා කොතනකවත් සඳහන් වී ඇත්තේ නැහැ. ඒ නිසා රාජ්‍යයට උරුමයක් ඇති කෙනෙක් ය කියා කොතනකවත් සඳහන් වී ඇත්තේ නැහැ. ඒ නිසා රාජ්‍යයට උරුමයක් ඇති කෙනෙක් ය කියා මිනිසුන්ට වටහා ගැනීමට පුළුවන් කමක් තිබුණේ නැහැ. පොත්පත්වල කියල තියෙනවා සිරිසඟබෝ වංශයෙන් ආවා කියා. ඒක කෙසේ වෙතත් ඉස්සර හිටපු රජවරුන්ට රාජවංශයකට නෑකම තියෙන්නට ඕනෑ සිංහාසනයට අයිතිවාසිකම් පෙන්වන්න. එසේ තිබුණ බවක් පෙනෙන්ට නැහැ. ඒ රජ්ජුරුවන්ගේ වංශය ගැනත් එකිනෙකට වෙනස් මත තියෙනවා. එක තැනක කාලිංග විජයබාහු කියල තියෙනවා. සමහර තැනක සිරි සඟබෝ වංශයේ කියල තියෙනවා. සමහර තැනක ලමැනි කියල තියෙනවා. දෙවැනි පරාක්‍රමබාහු රජු ලියපු “කව්සිළුමිණේ” කියල තියෙන්නේ පඬුවංශයට අයිතිය කියල. ඒක ඇත්ත වෙන්න පුළුවන්. දෙවැනි පරාක්‍රමබාහු රජ්ජුරුවන් විසින් කරවපු දෙවුන්දර ශිලා ලිපියක තියෙනව නෙම්බර සෝම රාජ පරම්පරාවෙන් පැවැත ආවා කියල. සෝමරාජ පරම්පරාව කියන්නේ චන්ද්‍ර වංශය වෙන්න පුළුවන්. නෙම්බර දඹදෙණියට කිට්ටුව තියෙන “නැම්බඹර” කියන ගමට වෙන්ට පුළුවන්. ඉතින් ඒ විජයබාහු රජ්ජුරුවො ජීවිතය පටන් ගන්නකොට, “මාඝ” එන්නත් ඉස්සෙල්ල තරුණ කාලෙ, එතකොට එයා රජෙක් හැටියට හිටියේ නැහැ. “වන්නි” කියන ප්‍රධානියෙක් හැටියට ඉඳල තියෙනවා. ටිකෙන් ටික බලය වැඩි කරගෙන ගම් තුන හතරකට නායකයෙක් වෙලා ඉන්න ඇත්තෙ. ඒ වගෙ වන්නියො එක්කහු කරගෙන එයාට යටත් නොවන අය එක්ක යුද්ධ කරලා මායා රාජ්‍යය බේරගත්ත. මායා රාජ්‍යයේ විජයබාහු රජ්ජුරුවො සිටින කාලයේ පොලොන්නරුවේ මාඝත් වෙනත් අයත් ඉඳල තියෙනවා. ඉතින් එහෙම රජෙක් හැටියට පිළිගන්න කොට විජයබාහු බොහොම වයස්ගත කෙනෙක්. මායා රාජ්‍යය තමන්ට යටත් කරගත්තම පොලොන්නරුවේ කෝලාහල කාලයේ දන්ත ධාතුන් වහන්සේ අරගෙන පොලොන්නරුවෙන් කොත්මලයට වැඩිය භික්ෂුන් වහන්සේලා එහෙන් මේ දඹදෙණියට ඇවිත් විජයබාහු රජ්ජුරුවන්ට දන්ත ධාතුන් වහන්සේ බාර දුන්නාට පස්සෙයි. රජ හැටියට මිනිසුන් පිළිගන්ට ඇත්තේ. ඒ රජ්ජුරුවො බොහොම බුද්ධ ශාසනයට උපකාර වන වැඩ කළා කියල තියෙනවා. බෙලිගල හදල එතන දළදා මාලිගාවක් තනවල තිබෙන. දඹදෙණියේ විජයසුන්දරාරාමය කියල විහාරයක් කරලා තියෙනවා. බෙලිගල ගල් වැඩ තියෙනවා තරමක් දුරට. බෙලිගල කෑගලු දිසාවේ, දඹදෙණියෙන් මාලිගාවක් කෙරෙව්ව. ඊට වැඩිය යමක් දැනගන්නට ඇත්තේ නැහැ. අවුරුදු 4ක් රජ හැටියට ඉඳල අපවත් වුණාට පස්සේ රජ්ජුරුවො ආදාහනය කළා ය කියන්නෙ අත්තනගල්ලේ. එතැන චෛත්‍යයක් හදල තියෙනවා. රජවරුන් ආදාහනය කළ තැන චෛත්‍යයක් හැදීම ඒ කාලයේ සිරිතක්. මා හිතනවා එහෙම චෛත්‍යයක් දැන් නම් දැනගන්ට නැහැ කියල. ඒ වුණත් අත්තනගල්ලේ ආදාහනය කළ නිසා සිරිසඟබෝ කියන නාමය ගැළැපෙන්න ඇති. ඉතින් ඒ රජ්ජුරුවන්ගේ කාලෙදි මායා රට තරමක් දුරට දියුණු වුණා කලින් තිබුණට වැඩිය. ඒ වුණත් රජ්ජුරුවන්ගේ අධිපතිකම තිබුණේ මායා රටේ විතරයි. රුහුණෙත් ප්‍රදේශයකත් තියෙන්න ඇති තොටගමුවෙන් විහාරයක් කළා කියල තියෙනව. පසු කාලයකදී ශ්‍රී රාහුල හාමුදුරුවො හිටපු තැන. නමුත් ඒ රජ්ජුරුවො මැරෙන කොට මායා රාජ්‍යය හැටියට තමයි තිබුණෙ. මේ රජ්ජුරුවන්ගෙ මරණාසන්නයේ දී පරාක්‍රමබාහු බුවනෙකබාහු නම් පුත්‍රයන් දෙන්නාට කියල තියෙනවා තමන්ගෙ රට විතරක් ඇතිය, රජරට ඉන්න දෙමළුන් එක්කවත් අනික් සතුරන් එක්ක වත් යුද්ධ කරන්නට යන්න එපා කියල. ඒ අය වස අමාරු කාරයො කියල උපදෙස් කියල තියෙනවා. ඒ වුණත් පරාක්‍රමබාහු රජ වුණාට පස්සේ ඒ උපදේශය පිළිගත්තෙ නැතිව “ලංකාව මටම පත්නී කරමි. ලංකා නමැති අංගනාවට වෙන පතියෙක් ඇති කරන්නේ නෑ” කියල තියෙනවා. නුමුත් ඒ හිතාගත්ත අධිෂ්ඨානය සම්පූර්ණයෙන් ඉෂ්ට වුණා කියා හිතන්න බැහැ. ඒ මොකෝ රජ වුණාට පසුව වැඩිය කාලය ගත කළේ යුද්ධවලට නොවෙයි. යුද්ධ සේනාවක් ලැහැස්ති කරලා දන්ත ධාතුන් වහන්සේට පූජා කළා කියල තියෙනවා. දන්ත ධාතුන් වහන්සේ ප්‍රාතිහාර්යයකුත් පෑවා කියලා තියෙනවා. ඒ විතරක් නෙවි, ත්‍රිසිංහලය එක්සත් කර ගැනීමට බොහොම මෘදු විධියට ආණ්ඩු කිරිම පටන් ගත්තා කියා තිබෙනවා. මරණිය දඬුවම දෙනව වෙනුවට හිරේට අරින්ට, හිරේට අරිනව වෙනුවට දඩ ගහන්ට, දඩ ගහනවා වෙනුවට ටිකක් සැර කරල නිකා ඉන්ට. ඔය විධියට පිහිටි රටේ හිටපු වන්නියො එයාගෙ පැත්තට ඇද ගත්ත කියල තියෙනව. ඇදගෙන, මාඝ රජ්ජුරුවො හිටපු පොලොන්නරුවෙත් තවත් බළකොටු බැඳ ගෙනත් සිටිය දෙමළු එක්ක යුද්ධ කළා කියල තියෙනවා.

යුද්ධ ගැන කියාපු කථාව පූජාවලියෙත්, චූල වංශයෙත් බොහෝම අවුල් සහිතයි. පොත් පත්වල කියන්නෙ චන්ද්‍රභානු නම් ජා රජ 11 වැනි අවුරුද්දේ දී පැරැද්දුව කිලා. ඒ ප්‍රවෘත්තිය කියන්න ඉස්සර වෙලා සඳහන් වෙනවා මාඝ පොලොන්නරුවෙන් මාඝ එෙළව්වෙ. 11 වැනි අවුරුද්දට ඉස්සෙල්ල පොලොන්නරුව අතට ගත්තනම්, ඒක රාජධානිය කර ගන්නවාට සැකක් නැහැ. රජ්ජුරුවන්ට ඕනෑ කරලා තිබුණේ පොලොන්නරුව මුල රාජධානිය කරල අභිෂේක වෙන්න. නමුත් අන්තිම කාලය වෙනකල් ඒක කරගන්ට බැරි උණා, පුතාගෙත්, බෑනාගෙත් උපකාරෙනුයි එය කරගත්තෙ. ඒ නිසා පෙනෙන්ට තිබෙන්නෙ චන්ද්‍රභානු කියන ජාවක රජ්ජුරුවෝ මෙහාට ගොඩ බසින කොට පොලොන්නරුව අල්ලගෙන නෑ කියල. පොලොන්නරුවට ගොහින් නෑ කියල.

ඊළඟට චන්ද්‍රභානු කවුද යන්න තේරුම් ගන්ටත් ඕනෑ. මහාවංශයේ කියනව ජාවකයෙක් කියල. ජාවකය කියන්නේ මලය රටට. රාජාවලියෙ කියල තියෙනවා චන්ද්‍රභානු රජ්ජුරුවන්ගේ සේනාව මලල සේනාව කියල. ඒකෙනුත් කියවෙන්නේ ජාවකත් මලලත් දෙකම එක රටකට පරියාය නාම හැටියට තිබුණ බවයි. චන්ද්‍රභානු කවරෙක් ද කියල දැනගන්ට උපකාර වන ශිලා ලිපියක් හම්බ වෙලා තියෙනවා. ලංකාවේ නොවෙයි, දැන් සියමේ දකුණු පෙදෙසේ මලය අර්ධද්වීපයට ඇතුළත් රටක. දැන් එතැනට කියන්නේ “ජෛය” කියල. ලිගෝර් කියන ප්‍රදේශයට කිට්ටුව. එතැන ව්‍යාකරණයට ගැළපෙන්නේ නැති සංස්කෘතෙන් ලියාපු ශිලා ලිපියක, චන්ද්‍රභානු නම් රජෙක් සඳහන් වෙනව කලියුග වර්ෂ 4332 දී ක්‍රි. ව. 1230 දී දෙවැනි පරාක්‍රමබාහු රජ්ජුරුවො සිංහාසනාරූඪ වෙන්ට අවුරුදු 6කට ඉස්සෙල්ල. ඒ ලිපියෙ චන්ද්‍රභානු නම හැ‍ඟෙන විධියට වර්ණනාවකුත් තියෙනවා. චන්ද්‍රභානුගේ තොරතුරු කියන ගමන් මහවංශෙ සඳහන් වෙනව එයා මෙහාට ඇවිත් අපිත් බෞද්ධයො කියල කිව්වා කියල. අපේ ඉතිහාස පොත්වල ඒක බොරු මායමකට කීවා කියා තිබෙනවා. ඒක බොරු මායමක් නොවෙයි, ඇත්ත. දැන් උණත් සමහර අය අනික් අය බෞද්ධයෝ කියල පිළිගන්නෙ නැහැ නේ. එයාගේ ශිලා ලිපියේ “ශ්‍රීමත් ශ්‍රීඝන ශාසනාං ශුභදං යස් තාම්බ්‍රලිංගේශ්වරඃ - ධර්මාශෝක සමාන නීති නිපුණඃ” යන පාඨ තිබෙනවා. චන්ද්‍රභානු රජ්ජුරුවෝ හිටියේ ලිගෝර් නම් ප්‍රදේශයේ. මේ සිතියමෙන් බලා ගන්න පුළුවන් (සිතියමක් පෙන්වා කරුණු පැහැදිලි කරමින්) මේ “ක්‍රා” කියල තියෙන තැන. ඒ රජ්ජුරුවන්ට ඒ ලිපියෙම “චන්ද්‍රභානුපාධිශ් ශ්‍රී ධර්මරාජා” කියල තියෙනවා. චන්ද්‍රභානු කියන උපාධි ඇති ධර්මරාජ කියල. ඒ කියන්නෙ තමාගේ විජිතයේ නම. පුද්ගලික නම නොවෙයි.

තව කොටසක් ලබන සතියේ...


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්