හිටපු ඇමැතියෙක් වෙරළ උලා කයි!

 
 

'තිරසර යුගයක තෙවසර ඇරඹුම'

 
 

2015 ජනවාරි 08 සහ 2017න් පසු රට

 
 

විල්පත්තුවට මොකද වෙන්නෙ?

 
 

එල්ලුම් ගහ ළඟ පිරිත් කියන අපරාධකාරයෝ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

කැම්පස් යන කාලේ මම කැසිනෝ ඩීලර් කෙනෙක්

 
 

තිරසර යුගයක ඇරඹුම හා සූර්ය බල විප්ලවය

 
 

ආඬි හත්දෙනාගෙ කැඳ හැළිය

 

»
»
»
»
»
»
»
»
»
»
»

2017 සෙල්ලම් බෑ

2017 සෙල්ලම් බෑ

- ක්‍රීඩා අමාත්‍යවරයා

ක්‍රීඩා පනතේ රෙගුලාසි සංශෝධනයට දින ලබා නොදුන් ක්‍රීඩා සංගම්වලට, විශේෂ මහා සභා රැස්වීම් පැවැත්වීමට සතියක් ඇතුළත දින ප්‍රකාශ කළ යුතු බව ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කළේ නව වසරේ ක්‍රීඩා දින දසුන එළි දැක්වීමේ සහ 2015 - 2016 වර්ෂවල ජාත්‍යන්තර ජයග්‍රහණ හිමිකර ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුබපැතීමට, තෑගි මුදල් ලබාදීමට එක්වූ අවස්ථාවේදීය. මෙහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රුපියල් එක්කෝටි තිස්හත් ලක්ෂයකට අධික මුදලක් ප්‍රදානය කෙරිණි.

ව්‍යවස්ථා සංශෝධනය

ක්‍රීඩා පනතේ රෙගුලාසි සංශෝධනයට, ඡන්දය පවත්වන්න සංගම් ස්වල්පයයි දිනයක් ප්‍රකාශ කරලා තියෙන්නේ. අද සංගම් 61 ක් ක්‍රියාත්මක වුණත් සංගම් දහයයි ඡන්දය පවත්වන දිනයන් ප්‍රකාශ කරලා තියෙන්නේ.

සෙල්ලම් බෑ

2017 දී අපි යන වේගයෙන් කාට කාටත් වැඩ කරන්න සිද්ධ වෙනවා. නැත්නම් හුඟක් අයට වැඩ වරදින්න පුළුවන්. කොටින්ම මාත් එක්ක කිසිම කෙනෙක් සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා.

ක්‍රීඩා සංගම්වලින් අපි බැංකු ගිණුම් වාර්තා ඉල්ලුවා. සංගම් 14 යි බැංකු ගිණුම් වාර්තා අපට දීලා තියෙන්නේ. අමාත්‍යවරයා විදියට ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග ගන්න පසුබට වෙන්නේ නෑ.

ජීවිත රක්ෂණ

මේවා රටේ මහජනතාවත් දැන ගන්න ඕනෑ. අපි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජීවිත රක්ෂණයක් දෙන්න ලෑස්ති කරලා ක්‍රීඩා සංගම්වලින් විස්තර ඉල්ලනකොට දැනට සංගම් හයයි විස්තර දීලා තියෙන්නේ. තව සති දෙකක් ඇතුළත සියලු විස්තර දුන්නේ නැත්නම්, ක්‍රීඩක - ක්‍රීඩිකාවන්ගේ වගකීම් ඒ ඒ සංගම් ගන්න ඕනා.

සංචිත

අපි ක්‍රීඩාවේ ඉදිරිය සලකා ගෙන ඔලිම්පික්, ආසියානු සහ ජාතික සංචිත ඇතිකරන්න කටයුතු කරනවා. සංගම්වල සහයෝගය නැත්නම් අපිට කිසි දෙයක් කරන්න බෑ. ඔලිම්පික් සංචිතය ඔලිම්පික් කමිටුවත් එක්ක එකතු වෙලා හදා ගන්න ක්‍රීඩා සංගම් එකතු වෙන්න ඕනා. සංගම්වල මැදිහත්වීමක් නැත්නම් අපිට ඉදිරියට යන්න බෑ.

ආසියානු තරගාවලි රැසක් 2017 - 18 දී පැවැත්වෙනවා. අපි මේ තරගාවලි ඉලක්ක කරගෙන දක්ෂයන් ඉදිරියට ගන්න වැඩ පිළිවෙළකට අත ගහන්න ඕනෑ.

ජාතික සංචිතයන් මේ එක්කම වගේ පටන් ගන්න වැඩ පිළිවෙළකට යන්න ඕනා. ප්‍රශ්න තියෙන්න පුළුවන්. අපි එකතු වෙලා කතාබහ කරගෙන ඉදිරියට යමු. මොනවා වුණත් සතියක් - දෙකක් ඇතුළත මේ සංචිත සඳහා නම් නිර්දේශ කිරීමට සංගම්වලට කාලය දෙනවා.

දින දසුනට පිටින් බෑ

මීට පස්සේ ක්‍රීඩා දින දසුනට පිටින් කිසිම සංගමයක් වැඩ කරන්න ලෑස්ති වෙන්න එපා. පාසල් සහ ජාතික සංගම් එක්ක කතාබහ කරලා තමයි මේ දින දසුන හදලා තියෙන්නේ.

දිස්ත්‍රික් සංගම්වල වැඩ කෙරිලා නෑ. මවු සංගම් දැන ගන්න ඕනා දිස්ත්‍රික් සංගම් කරන දේවල් පිළිබඳ විස්තර ලබා ගන්න.

ඉඩකඩ පහසුකම්

දැනට අපි සංගම් කිහිපයකට කාර්යාලය පවත්වා ගෙන යමින් කටයුතු කරන්න පහසුකම් සලසා තිබුණත් ඒ සංගම් කිසිම ප්‍රයෝජනයක් ගන්න පාටක් පේන්න නෑ.

වූෂු සහ ටයිකොන්ඩෝ සංගම් කාර්යාලවල මෙට්ට පුරවලා. සමහර සංගම් කාර්යාලවල පුටු ගොඩ ගහලා.

නිලධාරින්ට වැඩ කරන්න බැරි නම් යන්න පුළුවන්. මම ඒ අයට සතියක් කල් දෙනවා. දීලා තියෙන ඉඩකඩින් ප්‍රයෝජන ගන්න, නැත්නම් පහසුකම් නැති සංගම්වලට මේවා දීලා දානවා.

දත්ත ගබඩා නෑ

කිසිම සංගමයක යාවත්කාලීන වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් දක්ෂතා පිළිබඳ දත්ත ගබඩා නෑ. අපි උදව් කරන්නත් ලෑස්තියි. මේ ක්‍රීඩා සංගම් තම තමන්ගේ ක්‍රීඩක - ක්‍රීඩිකාවන්ගේ දත්ත ගබඩාවක් යාවත්කාලීන කරගන්න උනන්දු වෙන්න ඕනෑ.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්