හිටපු ඇමැතියෙක් වෙරළ උලා කයි!

 
 

'තිරසර යුගයක තෙවසර ඇරඹුම'

 
 

2015 ජනවාරි 08 සහ 2017න් පසු රට

 
 

විල්පත්තුවට මොකද වෙන්නෙ?

 
 

එල්ලුම් ගහ ළඟ පිරිත් කියන අපරාධකාරයෝ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

කැම්පස් යන කාලේ මම කැසිනෝ ඩීලර් කෙනෙක්

 
 

තිරසර යුගයක ඇරඹුම හා සූර්ය බල විප්ලවය

 
 

ආඬි හත්දෙනාගෙ කැඳ හැළිය

 

»
»
»
»
»
»
»
»
»
»
»

පිහියා ඇනුමක් හරහා හොඳම නත්තල් තෑග්ගක්

පිහියා ඇනුමක් හරහා හොඳම නත්තල් තෑග්ගක්

දිනය 2016 වසරේ දෙසැම්බර් මස 20 වැනිදාය. ස්ථානය චෙක් ජනරජයේ ඔලොමොක් පෙදෙසේ ප්‍රොස්ටෙයි නගරයේ පිහිටි සුඛෝපභෝගි මහල් නිවාස සංකීර්ණයකි. එහි නිවෙසක සිටියේ සුප්‍රකට ටෙනිස් ශූරියක් වන පෙට්රා ක්විටෝවාය.

එක්වරම ඇය තිගැස්සීමට ලක් වූවාය. ඒ පිහියක් අතැතිව පුද්ගලයෙක් සිය නිවෙස තුළ සිටින අයුරු දැකීමෙනි. ඔහු එක්වරම පෙට්රා අසලට පැමිණ පිහිය ඇගේ උගුරු දණ්ඩ වෙත තැබුවාය. ඒ සමඟම ඇයට නාන කාමරය වෙතට යන ලෙසට බලකළේය.

පෙට්රා ද කුඩා ක්‍රීඩිකාවක් නොවේ. ඇය අඩි 6 ක් උසැතිය. එක් වරම ඇය පිහිය ඉවතට විසි කිරීමට උත්සාහ කළාය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ ඇගේ වම් අතේ ඇඟිලිවලට තුවාල වීමයි.

"මෙම සිදුවීම පිළිබඳ මට බියක් ඇති වූයේ නැහැ. ඒ නිසයි පිහිය ඉවතට විසි කරන්න මම උත්සාහ කළේ." පෙට්රා පසුව පැවසුවාය.

පසුව අදාළ පුද්ගලයා පෙට්රාගේ නිවෙසේ තිබූ අමෙරිකානු ඩොලර් 192 ක් වටිනා මුදලකුත් රැගෙන පලා ගියේය. හෙතෙම වයස අවුරුදු 35 ක් පමණ වන පුද්ගලයකු බවට පොලිසිය වාර්තා කළේ ඔහුගේ ඡායාරූපයකුත් මාධ්‍යයන්ට නිකුත් කරමිනි.

මෙම සිදුවීම වන විට පෙට්රා නිවෙසේ සිටියේ තනිවමය. මෙවැනි මහල් නිවාස සංකීර්ණයකට අනවසරයෙන් පුද්ගලයන්ට ඇතුළුවීම ඉතා අසීරු කාර්යයකි. එවැනි වාතාවරණයක් මත අදාළ පුද්ගලයා පෙට්රාගේ නිවෙසට ඇතුළුවූ ආකාරය පිළිබඳ ගැටලුවක් විය. පසුව හෙළි වූයේ ඔහු නිවාසවල විවිධ වැඩකටයුතු කරන පුද්ගලයකු ලෙස පෙනී සිටිමින් පෙට්රාගේ නිවෙසට ඇතුළු වූ බවය.

මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී සුළු වේලාවකින් 26 හැවිරිදි පෙට්රාව රෝහල් ගත කරනු ලැබීය. අනතුරුව ඇගේ වම් අතට සැත්කමක් කෙරිණි. ඒ සඳහා ගතවූ කාලය පැය හතරකට ආසන්න විය.

එම සැත්කම සාර්ථක විය. සැත්කම සිදුකර තෙදිනකට පසුව පෙට්රා මාධ්‍ය හමුවකට සහභාගි වූවාය.

"මගේ සැත්කම සාර්ථකයි. වම් අතේ ඇඟිලි යළිත් ක්‍රියා කරනවා. එය තමයි මට ප්‍රාර්ථනා කරන්න පුළුවන් හොඳම නත්තල් තෑග්ග." පෙට්රා එහිදී පැවසුවාය.

කෙසේ වෙතත් මෙම සිදුවීම නිසා මාස හයක පමණ කාලයක් පෙට්රාට විවේක ගැනීමට සිදු වී තිබේ. එම කාලය තම පවුලත් සමඟ ගත කිරීමට ඇය තීරණය කර ඇත. පෙට්රා ක්‍රීඩාලෝලීන් අතරේ ඉතා ජනප්‍රිය ක්‍රීඩිකාවකි. මෙම සිදුවීම නිසා ඇගේ කී‍්‍රඩා දිවියට බලපෑමක් වනු ඇතැයි මුලදී බොහෝ දෙනා සිතූහ. ඒ ඇය වමත හුරු ක්‍රීඩිකාවක් වන බැවිනි. නමුත් දැන් වාර්තාවන ආකාරයට සම්පූර්ණ සුවය ලැබීමෙන් පසුව ඇයට පෙර පරිදිම ක්‍රීඩා කිරීමට හැකිවනු ඇත.

1990 මාර්තු 08 වැනිදා උපත ලැබූ පෙට්රා ක්විටෝවා 2006 වසරේ සිට වෘත්තියමය වශයෙන් ක්‍රීඩා කරන්නීය. ඇය කලක් ලොව අංක 02 ක්‍රීඩිකාව වූවාය. මේ වන විට ලොව අංක 11 ක්‍රීඩිකාවයි. ඇයට කාන්තා ටෙනිස් සංගමයේ කේවල ශූරතා 19 ක් සහ අන්තර්ජාතික ටෙනිස් සම්මේලනයේ කේවල ශූරතා 07 ක්ද හිමිය.

එමෙන්ම 2011 සහ 2014 විම්බල්ඩන් කේවල ශූරියත් වන්නේ පෙට්රාමය. තවද 2016 රියෝ ඔලිම්පික් කේවල ලෝකඩ පදක්කමත් ඇය හිමිකර ගත්තාය. මීට අමතරව 2011, 12, 14, 15 සහ 16 වසරවලදී ෆෙඩ් කුසලානය ජය ගත් චෙක් ජනරජ කණ්ඩායමේ ප්‍රබලතම ක්‍රීඩිකාව වූයේත් පෙට්රාමය.

පිහි ඇනුම් පහරකට ලක්වූ ප්‍රථම ටෙනිස් ක්‍රීඩිකාව පෙට්රා ක්විටෝවා නොවේ. එහි ප්‍රකටම සිදුවීම වූයේ 1993 වසරේදී අමෙරිකාවේ මොනිකා සෙලස් හට ජර්මනියේ දී තරගයක් අතරතුරදී පිහි ඇනුමකට ලක්වීමට සිදුවීමයි. එය සිදු කරනු ලැබුවේ එවකට සෙලස්ගේ ප්‍රබලතම ප්‍රතිවාදිනිය වූ ජර්මනියේ ස්ටෙෆි ග්‍රාෆ්ගේ රසිකයෙක් වූ ගුන්තර් පාර්ෂ් විසිනි.

ඔහු මානසික රෝගියකු බව පසුව හෙළි විය. තමන් එය කළේ එවකට අංක 01 ක්‍රීඩිකාව වූ සෙලස්ට ක්‍රීඩා කිරීමට නොහැකි වුවහොත් ග්‍රාෆ්ට යළිත් මුල් තැන හිමිකර දීමට බවය. ඔහුගේ අරමුණ ඉටු විය. සෙලස් යළිත් ක්‍රීඩා කළත් පෙර මෙන් දස්කම් අතරට පැමිණීමට ඇයට හැකි වූයේ නැත.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්