හිටපු ඇමැතියෙක් වෙරළ උලා කයි!

 
 

'තිරසර යුගයක තෙවසර ඇරඹුම'

 
 

2015 ජනවාරි 08 සහ 2017න් පසු රට

 
 

විල්පත්තුවට මොකද වෙන්නෙ?

 
 

එල්ලුම් ගහ ළඟ පිරිත් කියන අපරාධකාරයෝ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

කැම්පස් යන කාලේ මම කැසිනෝ ඩීලර් කෙනෙක්

 
 

තිරසර යුගයක ඇරඹුම හා සූර්ය බල විප්ලවය

 
 

ආඬි හත්දෙනාගෙ කැඳ හැළිය

 

»
»
»
»
»
»
»
»
»
»
»

ළහිරු නිව්ලන්ඩ්ස්හි පායයි

ළහිරු නිව්ලන්ඩ්ස්හි පායයි

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ කේප්ටවුන් නුවර නිව්ලන්ඩ්ස්හි පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ ළහිරු කුමාර දකුණු අප්‍රිකානු මුල් ඉනිමේ ලකුණු 122 කට කඩුලු හයක් බිඳ හෙළමින් මෙකී වසරේ ටෙස්ට් ඉනිමක කඩුලු පහක් බිඳ හෙලූ මුල්ම පන්දු යවන්නා වීමට ද සමත් විය.

මීට අමතරව දකුණු අප්‍රිකාවේදී ශ්‍රී ලංකා පන්දු යවන්නකු ඉනිමක සටහන් කළ දෙවැනි හොඳම පන්දු යැවීම ද තම නම ඉදිරියේ සටහන් කර ගත් ළහිරු දකුණු අපි‍්‍රකාවේදී කඩුලු පහක් ඉනිමක බිඳ දැමූ හයවැනි පන්දු යවන්නාද විය.

පසුගිය නොවැම්බර් මස සිම්බාබ්වේට එරෙහිව ටෙස්ට් වරම් හිමිකර ගත් ළහිරු සිය තෙවැනි ටෙස්ට් තරගයේදී කඩුලු හයක් බිඳ හෙළීම විශේෂයෙන් විචාරකයන්ගේ පැසසුමට ද හේතු විය.

මුරලි 2000 දී ඩර්බන්හිදී ලකුණු 39 කට කඩුලු හයක් බිඳ දැමීමෙන් පසු ළහිරු දකුණු අප්‍රිකාවට එරෙහිව හොඳම පන්දු යැවීම සටහන් කර ගත්තේය. චානක වෙලගෙදර 52 - 5, මුරලි 63 - 5, ලක්මාල් 63 - 5, රංගන 79 - 5, ඩිල්හාර 98 - 5, මුරලි 122 - 5 ක් වශයෙන් දකුණු අප්‍රිකාවේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් දස්කම් දක්වා තිබේ.

දහනම වැනි වියේ පසුවන ළහිරු මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් ක්‍රිකට් අත්පොත් තබා ඇති අතර පසුගිය වසරේ එංගලන්තයේ පැවැති වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේදී පන්දුවෙන් විශිෂ්ට දස්කම් දක්වමින් ශ්‍රී ලංකාවේ 139 වැනි ටෙස්ට් ක්‍රීඩකයා ලෙස වරම් දිනා ගත්තේය.

වයස අවුරුද 19 න් පහළ ශ්‍රී ලංකා - එංගලන්ත නිල නොවන ටෙස්ට් සහ එක්දින තරගාවලියේ පන්දුවෙන් විශිෂ්ට දස්කම් දැක්වූ ළහිරු ශ්‍රී ලංකාව ජය ගත් දෙවැනි නිල නොවන තරගයේ වීරයා වෙමින් මුල් ඉනිමේ 82 - 7 ක් සහ දෙවැනි ඉනිමේ 52 - 4 ක් වශයෙන් කඩුලු 11 ක් සමග එම තරගාවලියේ කඩුලු 13 ක් බිඳ හෙළීමටද සමත් විය. එම නිල නොවන ටෙස්ට් තරගාවලියේ කඩුලු දහයකට වඩා දවා ගත් එකම පන්දු යවන්නා වීමටද ළහිරු සමත් විය. එක්දින තරගාවලියේ කඩුලු හයක්ද බිඳ දැමීමට සමත් වූ ළහිරු මෙරට පළමු පෙළ ක්‍රිකට් තරගවල එන්. සී. සී. කණ්ඩායම නියෝජනය කරයි.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගය ජනවාරි 12 - 16 දා අතර ජොහැනස්බර්ග්හිදී පැවැත්වේ.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් සහ තේරීම් කමිටුව අතර මෝදු වන මතභේද උත්සන්න වෙමින් පවතින බව වාර්තාවන අතර, තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය ඉල්ලා අස්වීමට ක්‍රීඩා අමාත්‍යවරයාට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වී ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්