හිටපු ඇමැතියෙක් වෙරළ උලා කයි!

 
 

'තිරසර යුගයක තෙවසර ඇරඹුම'

 
 

2015 ජනවාරි 08 සහ 2017න් පසු රට

 
 

විල්පත්තුවට මොකද වෙන්නෙ?

 
 

එල්ලුම් ගහ ළඟ පිරිත් කියන අපරාධකාරයෝ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

කැම්පස් යන කාලේ මම කැසිනෝ ඩීලර් කෙනෙක්

 
 

තිරසර යුගයක ඇරඹුම හා සූර්ය බල විප්ලවය

 
 

ආඬි හත්දෙනාගෙ කැඳ හැළිය

 

»
»
»
»
»
»
»
»
»
»
»

ලීග් රග්බි කිරුළට තුන්කොන් සටනක්

ලීග් රග්බි කිරුළට තුන්කොන් සටනක්

ලීග් රග්බි තරගාවලියේ දෙවැනි අදියර ආරම්භ කරමින් පැවැති ගුවන් හමුදාව සහ සී. ආර්. අතර තරගයෙන් සී. ආර්. කණ්ඩායමට 34 - 22 ක ජයක් හිමි විය. සී. ආර්. හිමිකර ගත් පස්වැනි ජයයි.

නාවික හමුදාව සහ පොලිස් කණ්ඩායම් අතර පැවැති තරගයෙන් නාවික හමුදාවට 41 - 21 ක ජයක් හිමි විය. ඒ නාවිකයන් හිමිකර ගත් හයවැනි ජයයි.

පළමු අදියර නිමාවන විට පෙරමුණේ සිටින හැව්ලොක්ස් සහ ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවන සී. එච්. අතර තරගයෙන් 80 - 3 ක් ලෙස ජය හිමිකර ගැනීමට හැව්ලොක්ස් කණ්ඩායම සමත් විය. හැව්ලොක්ස් සිය හත්වන ජය සමරන විට, සී. එච්. මෙතෙක් පැවැති තරග අටම පරාජය විය.

මහනුවර සහ යුද හමුදාව අතර පැවැති තරගයෙන් මුල සිටම පෙරමුණේ පසුවූ මහනුවර කණ්ඩායම 50 - 19 ක් ලෙස දෙවැනි අදියරේ පළමු ජය හිමිකර ගැනීමට සමත් විය. මහනුවර කණ්ඩායම හිමිකර ගත් හයවැනි ජයග්‍රහණයයි.

පළමු අදියර

අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පළමු අදියරේ (සති හත නිමාවනවිට) තරග නිමාවන විට ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණ ගැනීමට හැව්ලොක්ස් කණ්ඩායම සමත් වූයේ සිය තරග හතෙන් හයක ජය හිමිකර ගනිමින්ය. දෙවැනි ස්ථානය නාවික හමුදා කණ්ඩායමට හිමි වූ අතර ඔවුන්ද තරග හතෙන් හයක ජය හිමිකර ගැනීමට සමත් විය. එහෙත් හැව්ලොක්ස් සහ නාවික හමුදාව අතර තරගයේ ජය හිමිකර ගැනීමට සමත්වූයේ හැව්ලොක්ස් කණ්ඩායමයි.

2015 ලීග් රග්බි ශූරයන් වූ මහනුවර කණ්ඩායම මෙවර තරගාවලියේ නාවික හමුදාව සහ ගුවන් හමුදාව අතින් පළමු අදියරේ අනපේක්ෂිත ලෙස පරාජය වීම කැපී පෙනෙන සිද්ධියක් විය. කෙසේ වෙතත් මෙවර තරගාවලියේ තරග හයක අපරාජිතයන් වූ හැව්ලොක්ස් කණ්ඩායම අවසන් තරගයේදී පරාජය කිරීමට මහනුවර කණ්ඩායම සමත් විය. ඒ අනුව පළමු අදියර නිමාවේ දී මහනුවර කණ්ඩායම තෙවැනි ස්ථානයට පත්විය.

මෙවර අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියට කණ්ඩායම් අටක් ඉදිරිපත් වූ අතර, එහිදී පිළිවෙළින් සිවුවැනි ස්ථානයේ සිට අටවැනි ස්ථානය දක්වා ප්‍රසාද ලකුණු සටහනේ පෙළ ගැසෙන්නට සී. ආර්. සහ එෆ්. සී., ගුවන් හමුදාව, යුද හමුදාව, පොලිසිය, සී. එච්. සහ එෆ්. සී. කණ්ඩායම් සමත් වූහ මෙවර තරගාවලියේ පළමු අදියර නිමාවේදී සී. එච්. කණ්ඩායමට එකදු ජයක් හෝ හිමිකර ගැනීමට නොහැකි විය.

මහනුවර

මහනුවර කණ්ඩායම මෙවර තරගාවලිය ආරම්භ කළේ සී. එච්. කණ්ඩායමට එරෙහිව ලකුණු 99 - 0 ක දැවැන්ත ජයක් හිමිකර ගනිමිනි. නමුත් මහනුවර කණ්ඩායම දෙවැනි තරගයේදී ගුවන් හමුදාව වෙතින් රත්මලානේදී 24 - 21 ක් ලෙස පරාජය විය. 2015 දී දෙපිල අතර පැවැති පළමු තරගය 63 - 21 ක් සහ දෙවැනි තරගය 64 - 16 ක් ලෙස ජය ගැනීමට මහනුවර කණ්ඩායම සමත් විය.

මහනුවර කණ්ඩායමට මෙවර සිය දෙවැනි පරාජය හිමිකර දුන්නේ නාවික හමුදා කණ්ඩායමයි. එම තරගයෙන් ලකුණු 37 - 32 කින් පරාජය විය. 2015 දී දෙපිල අතර තරග දෙකම ලකුණු 19 - 08 සහ 29 - 10 ක් ලෙස ජය ගැනීමට මහනුවර කණ්ඩායම සමත් විය. 2015 ලීග් ශූරයන් වූ මහනුවර කණ්ඩායම තරග 14 ජය ගෙන ප්‍රසාද ලකුණු පුවරුවට ලකුණු 78 ක් එක්කර ගත්හ.

හැව්ලොක්ස්

මෙවර පළමු අදියර නිමාවන විට පෙරමුණේ පසුවන හැව්ලොක්ස් කණ්ඩායම 2015 දී ලීග් තරගාවලියේ දෙවැනි තැන හිමිකර ගත්තේය.

හැව්ලොක්ස් කණ්ඩායම මෙවර තරගාවලියේ පළමු අදියරේ පරාජය වු එකම තරගය මහනුවර කණ්ඩායම හමුවේ ලකුණු 39 - 30 ක් ලෙස පරාජය විය. 2015 දී දෙපිල අතර පැවැති තරගවලින් 18 - 8 ක් සහ 27 - 17 ක් ලෙස ජය ගැනීමට සමත් වූයේද මහනුවර කණ්ඩායමයි.

තියුණුම ජය

මෙවර තරගාවලියේ තියුණුම ජය හිමිකර ගැනීමට සමත් වූයේ නාවික හමුදා කණ්ඩායම, යුද හමුදා කණ්ඩායමට එරෙහිව යුද හමුදා ක්‍රීඩාංගණයේදීය. එහිදී නාවිකයන් 25 - 24 ක් ලෙස ජය ගත්තේය. මෙම තරගයේ පළමු භාගය අවසන් වන විට නාවික හමුදා 20 - 10 ක් ලෙස ඉදිරියෙන් පසු වූ නමුත්, දෙවැනි භාගයේ යුද හමුදා ලකුණු 14 ක් රැස් කරමින් 24 - 20 ක් ලෙස ඉදිරියට පැමිණි අතර, අවසන් මොහොතේ නාවිකයන් ලබාගත් උත්සාහක දිනුමෙන් 25 - 24 ක් ලෙස ජය හිමිකර ගැනීමට සමත් විය.

පළමු අදියර නිමාවන විට මහනුවර කණ්ඩායමේ ධනුෂ්ක රන්ජන් වැඩිම උත්සාහක දිනුම්ලාභියා වූ අතර හැව්ලොක්ස් කණ්ඩායමේ දුලාජ් පෙරේරා වැඩිම ලකුණුලාභියා වීමට සමත් විය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්