හිටපු ඇමැතියෙක් වෙරළ උලා කයි!

 
 

'තිරසර යුගයක තෙවසර ඇරඹුම'

 
 

2015 ජනවාරි 08 සහ 2017න් පසු රට

 
 

විල්පත්තුවට මොකද වෙන්නෙ?

 
 

එල්ලුම් ගහ ළඟ පිරිත් කියන අපරාධකාරයෝ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

කැම්පස් යන කාලේ මම කැසිනෝ ඩීලර් කෙනෙක්

 
 

තිරසර යුගයක ඇරඹුම හා සූර්ය බල විප්ලවය

 
 

ආඬි හත්දෙනාගෙ කැඳ හැළිය

 

»
»
»
»
»
»
»
»
»
»
»

මහනුවරක එකකුගේ නොවන වැඩක්

මහනුවරක එකකුගේ නොවන වැඩක්

අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි අදියරේ තරග මේ දිනවල ආරම්භ වී තිබේ. පළමු අදියරේ තරග නිමා කරමින් නිත්තවෙලදී තරග වැදුණේ මහනුවර කණ්ඩායම සහ පළමු අදියරේ එතෙක් අපරාජිත වූ හැව්ලොක්ස් කණ්ඩායමයි.

මහනුවර කණ්ඩායමට තරගයේ ජය හිමිවන බව පැහැදිලිව ම පෙනෙන්නට තිබියේදී පැති විනිසුරුවරයකුට ගල් පහරක් එල්ලවීම ගැන ටොමයි - ජෙරියයි බොහෝම කනස්සල්ලෙන් කතා වෙනවා ඇහුණා.

බලපන් ජෙරියෝ මහනුවර තිබ්බ අන්තිම රග්බි මැච් එකේ අර පැති විනිසුරුවරයාට ගල් පහරක් ගහපු එකා නම් මහනුවරක එකෙක් වෙන්න විදියක් නෑ කියලයි මට නම් හිතෙන්නේ.

ඒක තමයි මාත් හිතුවේ. පහුගිය කාලයේ රග්බි පිටියේ ඔය වගේ නොසන්ඩාල වැඩවලින් වැඩිපුරම බැටකාපු ටීම් එක මහනුවර වෙලත්, මහනුවරදීම එහෙම දෙයක් වෙච්ච එක ගැන නම් මටත් මහා මොකක්දෝ වගේ බන්.

මහනුවර නායකයා රෝෂාන් වීරරත්න අන්තිමේ අත්දෙක උස්සලා වැන්දා උඹ දැක්කද?

මේ වගේ වැඩ නම් සැබෑම මහනුවරක ක්‍රීඩා ලෝලයන් කරන දේවල් වෙන්න විදියක් නෑ බන්.

තරගයක ජය පරාජය ක්‍රීඩාශීලිත්වයෙන් බාර ගන්න ඕනා ක්‍රීඩකයෝ විතරක් නෙවෙයි කියන එක මේ වගේ දේවල්දී හොඳට පැහැදිලි වෙනවා නේද මචං.

අනික ටොමෝ මහනුවර දිනලා තියෙන කොටත්, පැරදිලා තියෙන කොට මේවා කරන එක හරි කියනවා නෙවෙයි, මේ වගේ දේවල් කරන්නේ පහත් මානසිකත්වයක් තියෙන ග්‍රවුන්ඩ් එකකටවත් වැද්ද ගන්න හොඳඋන් නෙවෙයි.

ඒක ඇත්ත මචං, මේ වගේ තුට්ටු දෙකේ වැඩ කරන එකෙක් නිසා, එදා මුළු නිත්තවෙල ග්‍රවුන්ඩ් එක පිරෙන්න ඒ මැච් එක බලන්න ආපු - ජයඝෝෂා නඟපු ඔක්කොටෝම නරක නාමයක්නේ එකතු වුණේ.

අනික මචං නිදහස් පහරවල් ගහනකොට ක්‍රීඩකයන්ගේ මානසික ඒකාග්‍රතාවය බිඳින්න හූ... කියන එකත් මොනතරම් කැතද බලපන්.

ඒක ඇත්ත බන් නරි ගොඩක් ග්‍රවුන්ඩ් එකක බැහැලා වගේනේ. අපේ රටේ ක්‍රිකට් මැච් බලන්න යනවා වගේ ක්‍රීඩා ලෝලයන් රග්බි මැච් බලන්න යන්නේ නෑ. සුපිරි විදියට මැච් බලන්න ගිහින් මේ වගේ තුට්ටු දෙකේ වැඩ කරන එක නම් මහනුවරට විතරක් නෙවෙයි කිසිම ග්‍රවුන්ඩ් එකකට ඔබින්නේ නෑ කියලයි මට නම් හිතෙන්නේ.

මේ වගේ ග්‍රවුන්ඩ්වල හැසිරෙන්න දන්නේ නැතිඋන් සමහරවිට ගෙවල්වල, වැඩකරන තැන්වලත් හැසිරෙන්නේ ඔය විදියටද දන්නේ නෑ.

මොනවා වුණත් මේ වගේ දේවල් නම් අපේ රටේ ක්‍රීඩා පිටිවලින් තුරන්වෙන්න ඕනා. මේ වගේ තුට්ටු දෙකේ වැඩ කරන ක්‍රීඩා ලෝලයන්ගෙන් තොර අලුත් අවුරුද්දක් වේවා කියලා සතියක් ගිහින් හරි ප්‍රාර්ථනා කරමු.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්