හිටපු ඇමැතියෙක් වෙරළ උලා කයි!

 
 

'තිරසර යුගයක තෙවසර ඇරඹුම'

 
 

2015 ජනවාරි 08 සහ 2017න් පසු රට

 
 

විල්පත්තුවට මොකද වෙන්නෙ?

 
 

එල්ලුම් ගහ ළඟ පිරිත් කියන අපරාධකාරයෝ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

කැම්පස් යන කාලේ මම කැසිනෝ ඩීලර් කෙනෙක්

 
 

තිරසර යුගයක ඇරඹුම හා සූර්ය බල විප්ලවය

 
 

ආඬි හත්දෙනාගෙ කැඳ හැළිය

 

»
»
»
»
»
»
»
»
»
»
»

ගලිගමුවේ වොලිබෝලයේ අපූර්වත්වය

ගලිගමුවේ වොලිබෝලයේ අපූර්වත්වය

ගෙවී යන වසරේ තමන් සහභාගි වූ වොලිබෝල් තරගාවලි නවයේදීම සුවිශේෂි දක්ෂතා දැක්වීමට ගලිගමුව බෝයගම සිරිපැරකුම් කාන්තා වොලිබෝල්් කණ්ඩායම සමත්ව තිබේ.

ඔවුන් අවසන් වරට එක් වූ මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේ ආධුනික අංශයේ කාන්තා ශූරතාව දිනා ගත්තේ ගුවන් හමුදා කණ්ඩායම පරජය කරමින්ය.

වයස අවුරුදු 18 පහළ පාසල් කණ්ඩායමක් පාසල් මට්ටමේ පමණක් නොව යෞවන සහ ජාතික මට්ටමේ තරගාවලි ද දක්ෂතා මුවහත් කරගනිමින් පෙරට යාමට සිරි පැරකුම් කණ්ඩායම සමත්ව තිබේ.

ශූරතා

රූපවාහිනි වොලිබෝල් සමස්ත ලංකා ශූරතාව, යෞවන සමාජ අවුරුදු 29 පහළ සමස්ත ලංකා ශූරතාව, ඩී. එස්. අයි. සුපර් ස්පෝර්ට් 18 පහළ සමස්ත ලංකා ශූරතාව, ජාතික පාසල් 19 පහළ සමස්ත ලංකා ශූරතාව, මන්චි ජාතික ශූරතා ආධුනික ශූරතාවත් දිනාගෙන ඇති ඔවුන්, ජනාධිපති රන් කුසලාන අවුරුදු 22 පහළ, ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමස්ත ලංකා, ජාතික පාසල් සමස්ත ලංකා අවුරුදු 17 පහළ, තෙවැනි ස්ථාන සහ ඩී. එස්. අයි. සුපර් ස්පෝර්ට් අවුරුදු 16 පහළ අනුශූරතාවද දිනා ගැනීමට ද ගෙවී යන වසරේ සිරි පැරකුම් කණ්ඩායම සමත් විය.

මෙම ජයග්‍රහණයන් තුළ අවස්ථා පහකදීම දක්ෂතම ක්‍රීඩිකාව ලෙස නිමේෂිකා සෙව්වන්දි සම්මාන දිනා ගැනීමට ද සමත් වූවාය. එකම ක්‍රීඩිකාවක් වසරක් තුළ මෙතරම් සම්මාන ප්‍රමාණයක් දිනා ගැනීම සහ කණ්ඩායමක් වසරක් තුළ මෙතරම් ජයග්‍රහණ හිමිකර ගැනීම ද ලාංකේය වොලිබෝල් ඉතිහාසයේ සුවිශේෂි අවස්ථාවක් බව පුහුණුකරු අමිල එරංග පවසයි. 2012 සිට 2016 දක්වා ජාතික මට්ටමේ ජයග්‍රහණ 18 ක් හිමිකර ගෙන ඇති ඔවුන් ඉන් නවයක් ම ජය ගෙන ඇත්තේ මේ ගෙවීයන වසරේ වීම විශේෂත්වයකි.

කිසිදු අනුග්‍රහයක් නොමැතිව ප්‍රසිද්ධ පාසල් කණ්ඩායම් පරාජය කරමින් ඉදිරියට යන සිරි පැරකුම් කණ්ඩායම අතිදුෂ්කර සහ අභියෝග රැසක් මැද මේ ගමන යයි. පුහුණුකරු වශයෙන් කටයුතු කරන අමිල එරංග ස්වෙච්ඡාවෙන්ම සියලු කටයුතු සොයා බලන අතර, රසිකා වීරසිංහ ගුරු මෑණියන්ගෙන් සහ මවුපියන්ගෙන් ලැබෙන සහාය ද සිරිපැරකුම් වොලිබෝල් කණ්ඩායමේ ගමනට සවියක් වී තිබේ.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්