හිටපු ඇමැතියෙක් වෙරළ උලා කයි!

 
 

'තිරසර යුගයක තෙවසර ඇරඹුම'

 
 

2015 ජනවාරි 08 සහ 2017න් පසු රට

 
 

විල්පත්තුවට මොකද වෙන්නෙ?

 
 

එල්ලුම් ගහ ළඟ පිරිත් කියන අපරාධකාරයෝ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

කැම්පස් යන කාලේ මම කැසිනෝ ඩීලර් කෙනෙක්

 
 

තිරසර යුගයක ඇරඹුම හා සූර්ය බල විප්ලවය

 
 

ආඬි හත්දෙනාගෙ කැඳ හැළිය

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


එලීනා-එලියස් සහ මොලී

එලීනා-එලියස් සහ මොලී

නව වසරේ උපන් පළමු දරුවෝ

තිස්පස් හැවිරිදි භාරතී දේවි නම් ඉන්දීය කාන්තාවක් එංගලන්තයේ බර්මිංහැම් නාගරික රෝහලේදී 2017 වසරේ ප්‍රථම දරු උපත සිදු කළාය. 2016 දෙසැම්බර් මස රාත්‍රී දොළහට වෙස්ට්මිනිස්ටර්හි පිහිටි බිග් බෙන් ඔර්ලෝසුව මොහොතකට නතර විය. හරියටම 2017 වසර උදා වී මිනිත්තුවකට පසුව 12.01 ට භාරතී දියණියක ප්‍රසූත කළාය. එලිනා කුමාරි යනුවෙන් නම් කරන ලද මේ සිඟිත්තිය 2017 උපත ලද ප්‍රථම බ්‍රිතාන්‍ය ජාතිකයා ලෙස වාර්තාගත වෙයි.

රාත්තල් හයයි අවුන්ස අටක් බරැති සිඟිති දියණියත් මවත් සුවෙන් පසුවන බව එලිනාගේ සාඩම්බර තාත්තා වන අශ්වානි කුමාර් පවසයි. අශ්වර් සහ භාරතී යුවළ දෙහැවිරිදි සුරතල් පුතකුගේ ද මවුපියෝ වෙති.

බර්මිංහැම්හි හැන්ඩ්ස්වර්ත් ප්‍රදේශයේ පදිංචිකාරියක වන භාරතීට දරුවා ලැබෙන්නට නියමිතව තිබුණේ 2016 දෙසැම්බර් මස 27 වැනිදාය. එහෙත් ඇගේ ප්‍රසවය දින පහක් පමා වීමෙන් අනපේක්ෂිතව 2017 ජනවාරි පළමුවැනිදා සිය දියණියට උපත ලබා දීමට භාරතීට හැකි විය. “කෙසේ වුවත් ඇගේ උපත විස්මයක්. 2017 ලන්ඩනයේ උපන් ප්‍රථම පුරවැසියා වීමේ භාග්‍යය මගේ දියණියට හිමි වීම අපට ඉමහත් සතුටක්. ඇය ලොකු වූ දිනෙක එලිනාටත් එය අසන්නට මිහිරි පුවතක් වනු නිසැක,, යැයි දියණියගේ උපත ගැන සඳහන් කරමින් භාරතී පැවසුවාය.

අයර්ලන්තයේ හෝල්ස්ට්‍රීට් ජාතික රෝහලේදී 2017 ජනවාරි පළවැනිදා මධ්‍යම රාත්‍රී දොළහ පසු වී තත්පර 50කට පසුව ස්ට්‍රැසී කෙනී සහ එල්ටන් රූනිට දාව පුත් කුමරකු මෙලොවට බිහි විය. ආරියෝ රිවර් එලියස් යනුවෙන් නම් කරන ලද මේ කුමරුවාට ඇලෙක්ස් නම් වැඩිමල් සොහොයුරකු ද වෙයි.

මේ අතර රොටුන්ඩා රෝහලේදී 2017 ජනවාරි පළවැනිදා මධ්‍යම රාත්‍රී දොළහ පසුවී මිනිත්තුවක් ගත වූ සැණින් ප්‍රථම නිවුන් දරු උපත සිදු විය. මව හා ළදරුවන් සුවෙන් පසුවන බව වාර්තා වේ.

ඩබ්ලින් නුවර ජාතික රෝහලේදී 2016 දෙසැම්බර් 31 දා, මැදියම පසුවී විනාඩියක් ගතවූ තැන එල්ටන් රූනි සහ ස්ටැසි කෙනී යුවළට දාව පිරිමි දරුවකු මෙලොව එළිය දුටුවේය.

රොටුන්ඩා රෝහලේදීම 2016 දෙසැම්බර් 31 දා මැදියම් 12 පසුවී මිනිත්තු 19 කට පසුව ගුඩ් යාන් සහ ග්ඇඩ් සියෑං යං යුවළට දාව දියණියක මෙලොව එළිය දුටු අතර ඇය මොලී යනුවෙන් නම් කර තිබේ.

රොටුන්ඩා රෝහලේදීම 2017 ජනවාරි 01 දා අලුයම 01.37 ට පිරිමි දරුවකු මෙලොවට බිහි විය. ජෝන් මොරාන් සහ මැල්ගෝරාසාටා බියාලක් යුවළට දාව උපන් බිලිඳා හොඳ සුවයෙන් පසුවන බව ද වාර්තා වේ.

අන්තර්ජාලය ඇසුරෙනි


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්