හිටපු ඇමැතියෙක් වෙරළ උලා කයි!

 
 

'තිරසර යුගයක තෙවසර ඇරඹුම'

 
 

2015 ජනවාරි 08 සහ 2017න් පසු රට

 
 

විල්පත්තුවට මොකද වෙන්නෙ?

 
 

එල්ලුම් ගහ ළඟ පිරිත් කියන අපරාධකාරයෝ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

කැම්පස් යන කාලේ මම කැසිනෝ ඩීලර් කෙනෙක්

 
 

තිරසර යුගයක ඇරඹුම හා සූර්ය බල විප්ලවය

 
 

ආඬි හත්දෙනාගෙ කැඳ හැළිය

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


කෘතගුණ පිදිණි තිස් වසරක සේවයට

කෘතගුණ පිදිණි තිස් වසරක සේවයට

ජාතික රෝහලේ ප්‍රධාන හෙදියක ලෙසින් ඉහළම සේවාවක නිරතව විශ්‍රාම ගිය ඩබ්ලිව්.ආරි පෙරේරා හෙද නිලධාරිනියට ප්‍රධාන හෙද නිලධාරිනියක විසින් සමරු තිළිණයක් පිරිනැමූ අවස්ථාව

කරු­ණා­බ­රව - නොබලා උස් පහත් මිටී
තන­තුර, පදවි තුළ මානය ළඟ නො වැටී
‘දිරි­මත් කතක්’ ළඟ මහ පිරි­සක් දැවටී
දුටු­වෙමි, නොවක් තුති පැස­සුම් පුදන හැටී

මහ රෝහලේ දෙටු හෙදි­යක ලෙසින් සිට
වැටු­පට එහා ගිය සුව­සෙත පෙරටු කොට
ඉටු කළ ඇගේ මහ­මෙ­ර­වන් මෙහෙ වරට
ගලපා වච­න­යෙන් නම් කිව නොහැක මට

කළු­තර දිසාවේ කළ එළි බණ්ඩාර ගම
වල්ගම ග්‍රාම­යයි එතු­මිය වෙසෙන ගම
ඇය­ගෙන් පිහිට ලද ඒ ගම දෙනා හැම
කෘත­වේදී වුණා සියැ­සින් දුටිමි මම

සිසු හෙදි දීමනා වෙනු­වෙන් විත් පෙරට
කළ මෙහෙ­වර ඇගේ සිහි­යට නැ‍ෙඟන විට
මිනි­සුන් වෙනු­වෙන් ම කළ දෑ අගය කොට
කෘත­ගුණ පිදිණි තිස් වස­රක සේවයට

යුද සම­යෙ­දීත් තම සේවය නොපිරි හෙලා
ඈ ඉටු කළේ කිසි ඉසු­රක් වත් නොබලා
‘ආරි මිසී’ පව­සමි මෙය ඉවත නොලා
ඔබ නොව ඔබේ තන­තුර ඔබ එකලු කළා
 


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්