හිටපු ඇමැතියෙක් වෙරළ උලා කයි!

 
 

'තිරසර යුගයක තෙවසර ඇරඹුම'

 
 

2015 ජනවාරි 08 සහ 2017න් පසු රට

 
 

විල්පත්තුවට මොකද වෙන්නෙ?

 
 

එල්ලුම් ගහ ළඟ පිරිත් කියන අපරාධකාරයෝ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

කැම්පස් යන කාලේ මම කැසිනෝ ඩීලර් කෙනෙක්

 
 

තිරසර යුගයක ඇරඹුම හා සූර්ය බල විප්ලවය

 
 

ආඬි හත්දෙනාගෙ කැඳ හැළිය

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


2017 ශ්‍රී ලංකාවට විප්ලවකාරී වර්ෂයක් !

2017 ශ්‍රී ලංකාවට විප්ලවකාරී වර්ෂයක් !

තව සියවසකින්වත් මෙවැනි වාසනාවක් උදා වන්නේ නැත

උදා වූ 2017 නව වසර පිළිබඳ නොයෙක් කතන්දර අසන්නට දකින්නට ලැබේ. ඒ ඇතැම් කතන්දර නිකං ම කයි කතන්දර නොව කිසියම් පදනමක් ඇති ඒවා බවත් පෙනෙයි. ජ්‍යොතිෂයට අනුව 2017 නිසැකයෙන් ම පෙරළිකාර වර්ෂයකි. පිළිවෙළින් ජනවාරි 26 සෙනසුරු ද අප්‍රේල් 08 යුරේනස් ද අගෝස්තු 17 රාහු ද සැප්තැම්බර් 13 ගුරු ද යනාදි වශයෙන් මුල් පෙළේ ග්‍රහමාරු 4 ක් ම මේ වර්ෂයේදී සිදුවීම ඊට හේතුවයි. සාමාන්‍යයෙන් මෙය කලාතුරකින් හට ගන්නා සංසිද්ධියකි. මේ අතරින් වඩාත් කැපී පෙනෙන්නේ සෙනසුරු සහ යුරේනස් යන ග්‍රහයන් දෙදෙනාගේ රාශි ගමන ය.

සෙනසුරු ආසන්න වශයෙන් වසර 29 යි මාස 06 කට වරක් ද යුරේනස් වසර 84 කට වරක් ද බැගින් රාශි චක්‍රයේ ආරම්භක ලක්ෂය වෙත පැමිණෙයි. ඒ අනුව සෙනසුරු වසර 2 යි මාස 06 ක් ද යුරේනස් වසර 7 ක් ද බැගින් එක් රාශියක් තුළ ගමන් කරයි. ලබන ජනවාරි 26 දා සෙනසුරු ග්‍රහයා ධනු රාශියට පැමිණෙන අතර අප්‍රේල් 08 දා යුරේනස් ග්‍රහයා මේෂ රාශියට ප්‍රවිෂ්ට වෙයි. මේ ග්‍රහ චලිතය සමස්ථ ලෝකයට ම මහ පරිමාණ බලපෑමක් ගෙන දෙයි. මුළු ලෝකය ම විප්ලවකාරී පරිවර්තනයකට ලක්වන අතර ඒවා සමාජ දේශපාලන සහ ආර්ථික ක්ෂේත්‍ර ඔස්සේ ද විද්‍යාව තාක්ෂණය සහ බලශක්තිය ඔස්සේ ද මහ පරිමාණ යුද්ධ සහ සන්නද්ධ නැගිටීම් යන සිදුවීම් ඔස්සේ ද නුදුරු අනාගතයේදී දැක ගන්නට ලැබෙයි.

එහෙත් එකී ලෝක පරිමාණ පරිවර්තනය එක් එක් රටවලට බලපාන්නේ එක් එක් ආකාරයට ය. මුලින් ම අපේ රට පිළිබඳව විමසා බලමු. ලෝකායන ජ්‍යොතිෂය ( MUNDANE ASTROLOGY) අනුව ශ්‍රී ලංකාව අයත් වන්නේ කුම්භ ලග්නයටයි. පෙරදිග ජ්‍යොතිෂය අනුව කුම්භ රාශිය සෙනසුරුට අයත්වන අතර අපරදිග ජ්‍යොතිෂය අනුව එය යුරේනස්ට අයත් වෙයි. මේ නිසා සෙනසුරු සහ යුරේනස් යන ග්‍රහයන් දෙදෙනා කුම්භ ලග්නයේ සම අධිපතිවරුන් ලෙස සැලකීම යුක්ති යුක්ත වෙයි.

රටේ ලග්නයේ එක් අධිපතියකු වූ සෙනසුරු පසුගිය වසර දෙක හමාරක කාලයේදී රටේ කේන්දරයේ 10 වැන්න වූ විසකුරු වෘශ්චික රාශියේ දැඩි පීඩාවකට පත්ව සිටි අතර ලබන ජනවාරි 26 දා ඔහු එකී පීඩනයෙන් නිදහස්ව තමාට ඉතා ම හිත මිතුරු ධනු රාශියට ගමන් කරයි. එය රටේ කේන්දරයේ සියලු සුබ ඵල ප්‍රදානය කරන අයස්ථානය වූ 11 වැන්න වේ. සෙනසුරුට මේ තැන රජ භවනකි. එහි එක් ප්‍රතිඵලයක් ලෙස රටේ ජාතික ආර්ථික සමෘද්ධිය කැපී පෙනෙන ප්‍රගතියක් අත්කර ගනී. නව ආදායම් මාර්ග විවෘතවන අතර කර්මාන්ත කෘෂිකාර්මික සහ සේවා අංශයේ ශීඝ්‍ර වර්ධනයක් ඇතිවේ. මෙතෙක් අප්‍රකටව හෝ භාවිතයට නොගෙන තිබුණා වූ ජාතික සම්පත් ඔස්සේ ධන සම්පත වර්ධනය කෙරෙන අවස්ථා බහුල වෙයි. රටේ ලග්නයේ අනෙක් අධිපතියා වූ යුරේනස් ද පසුගිය සත්වසර පුරා ගමන් කෙළේ තමාට සතුරු මීන රාශියේ වන අතර එය රටේ ලග්නයේ ධනස්ථානය වූ දෙවැන්න වේ. ලබන අප්‍රේල් 08 දා යුරේනස් එකී පීඩනයෙන් නිදහස්ව තමාට ඉතා හිත මිතුරු මේෂ රාශිය හෙවත් රටේ ලග්නයෙන් තුන්වැන්න වූ වික්‍රමස්ථානයට පිවිසෙයි. මෙයද ශ්‍රී ලංකාව රටක් ලෙස තම අභිමානය සහ ක්‍රියා කෞෂල්‍යය ලෝකය හමුවේ ප්‍රකට කරවන අවස්ථාවකි. රටට එරෙහි සියලු සතුරු බලවේග අඩපණ කර දැමීමට ද බාහිර බලපෑම් හමුවේ රට ආරක්ෂා කිරීමට ද තුන්වැන්නේ සිටින යුරේනස් ක්‍රියාත්මක වෙයි.

ලබන අගෝස්තු 17 දා රාහු ග්‍රහයා රටේ ලග්නයෙන් 06 වැන්න වූ කටක රාශියට පිවිසෙයි. 06 වැන්න රාහුට රජ භවනකි. අනපේක්ෂිත ධන ලාබ - වස්තු සම්පත් - විදේශ මුදල් සහ විදේශ සහයෝගීතාවන් රටට වාසිදායක ලෙස පවත්වා ගැනීමට 06 වැන්නේ රාහු ඉතා ඍජුව සම්බන්ධ වෙයි. ඒ සමඟ ම ලබන සැප්තැම්බර් 13 දා රටේ කේන්දරයේ 11 වැන්න අධිපති බලවත් ගුරු ග්‍රහයා රටේ ලග්නයෙන් භාග්‍යස්ථානය වූ 09 වැන්නට පිවිසෙයි. කිසියම් රාශි පීඩනයක් පෙන්වන මුත් 09 වැන්න යනු ගුරු ග්‍රහයාට ඉතා සුබදායක තැනකි. සියලු කුසල් බල ශක්තීන් නිවේදනය කරන ධර්මස්ථානයේ සිටින යුක්ති ගරුක ගුරු ග්‍රහයා 09 වැන්න නම් ප්‍රබල ත්‍රිකෝණස්ථානයේ හිදිමින් රටේ ලග්න ශීර්ෂය සහ අනාගත පරම්පරාව නිවේදනය කරන 05 වැන්න ශ්‍රී ශුභ දෘෂ්ටියෙන් දකී. නීතිය යුක්තිය ආගමික අධ්‍යාත්මික යන ක්ෂේත්‍රයන්හී කැපී පෙනෙන ප්‍රගතියක් ඇති කරවන අතර ලොව බලවත් රාජ්‍යයන් වෙතින් නොසිතු විරූ ලාබ ප්‍රයෝජන ලැබීමට ද මෙය හේතු සාධක වෙයි.

මේ අනුව සමස්ථයක් වශයෙන් ගත් කළ 2017 - 2018 කාල පරිච්ඡේදය ශ්‍රී ලංකාව අනභිබවනීය විජයග්‍රහණ අත්කර ගන්නා ස්වර්ණමය අවස්ථාවක් බැව් ජ්‍යොතිෂය අනුව පෙන්නුම් කරයි. ඊට සමාන්තරව මෙරට දැනට පවතින සමාජ දේශපාලන සහ ආර්ථික රටාව පෙරළිකාර රැඩිකල් වෙනසකට ලක්වන බවත් පෙනේ. ඊටත් අමතරව විද්‍යා තාක්ෂණ - කර්මාන්ත සහ බලශක්තිය යන ක්ෂේත්‍ර ආශ්‍රිතව කැපී පෙනෙන ප්‍රගතියක් අත්වේ.

මෙවැනි ස්වර්ණමය මොහොතක් ඉතිහාසයේ දෛවය විසින් කිසියම් රටකට උදාකර දෙනු ලබන්නේ ඉතා ම කලාතුරකිනි. රටේ ලග්නාධිපති 11 වැන්නේ බලවත්වීම / රටේ ලග්නාධිපති 03 වැන්නේ බලවත්වීම /රටේ කේන්දරයේ 11 වැන්නාධිපති 09 වැන්නේ බලවත්වීම / අනපේක්ෂිත ප්‍රතිලාභ වැඩි වර්ධනය කරන රාහු 06 වැන්නේ බලවත්වීම සහ 12 දොළොස්වැන්නේ කේතු බලවත්වීම යන සියල්ල එකම වර්ෂයක් තුළ සිදුවෙයි. මෙවැනි ප්‍රබල ග්‍රහචාරයක් තවත් වසර සියයකට වත් නැවත උදාවන්නේ නැත.

ටොලමියානු පුරාණ ජ්‍යොතිෂ මූලධර්ම අනුව ගත් කළ ශ්‍රී ලංකාව අයත් වන්නේ වායු බලැති ලග්නයකටය. එහි සම අධිපතියන් වන සෙනසුරු සහ යුරේනස් යන ග්‍රහයන් දෙදෙනා ම වායු බලැති ග්‍රහයන් ය. මොවුන් දෙදෙනා හැම විටම ඇති කරන්නේ මහා පරිමාණ විප්ලවයන් ය. වායු බලැති ග්‍රහයන් ඉතා ඉහළ සුබඵල ජනිත කරවන්නේ ඔවුන් ගිනි රාශිවල තැන්පත්ව සිටියදී ය. 2017 - 2018 දී සෙනසුරු සහ යුරේනස් යන ග්‍රහයන් දෙදෙනා ම ක්‍රියාකාරී වන්නේ ගිනි රාශිවලය. ප්ලැසිඩස් භාව චක්‍රය අනුව එකී ස්ථාන දෙකම රටට ඉතා වාසිදායකය. දෙවනුව කෝටියක් දෝෂ භංග කරන ගුරු ග්‍රහයා ද වායු බලැති රාශියක තැන්පත් වෙයි. එය ලග්නයෙන් බලවත් ත්‍රිකෝණස්ථානය ද වෙයි. මේ අනුව රටේ කේන්දරයේ 1-5-9 යන වායුබල මූල ත්‍රිකෝණය ද 3-7-11 යන ගිනිබල ප්‍රතිපෝෂක ත්‍රිකෝණය ද එක්විට බලවත් වෙයි. මේ දෙකින් ම බාහිරව පිහිටන වායු බලැති රාහු 06 වැන්නේ සිටිමින් අවශේෂ ප්‍රදේශ පුරා වායු බලය පතුරයි. රටකට අධිවේගයෙන් නැඟී සිටීමට සෑම සියලු අංශයකින් ම යෝධ ශක්තියක් සපයන මෙවැනි ග්‍රහ සිත්තමක් තව සියවසකටවත් නැවත උදාවන්නේ නැත.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්