හිටපු ඇමැතියෙක් වෙරළ උලා කයි!

 
 

'තිරසර යුගයක තෙවසර ඇරඹුම'

 
 

2015 ජනවාරි 08 සහ 2017න් පසු රට

 
 

විල්පත්තුවට මොකද වෙන්නෙ?

 
 

එල්ලුම් ගහ ළඟ පිරිත් කියන අපරාධකාරයෝ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

කැම්පස් යන කාලේ මම කැසිනෝ ඩීලර් කෙනෙක්

 
 

තිරසර යුගයක ඇරඹුම හා සූර්ය බල විප්ලවය

 
 

ආඬි හත්දෙනාගෙ කැඳ හැළිය

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


තවත් දූෂණයක්!

තවත් දූෂණයක්!

දින වකවානු හා ස්ථාන නාම ඒ හැටි සැලකිල්ලට ගත යුතු නැත. හැම විට ම වැදගත් වන්නේ සිද්ධිය ය. හද කම්පා කරවන සිද්ධි ඉදිරියෙහි ඇතැම් සාධක ඉබේ ම යට යයි. කුමක් වුව ඉතිහාසයේ සාක්කියක් ලෙස ගෙන ඉහත කරුණු සටහන් කර තබමි. දිනය; 1992 ඔක්තෝබර් 22 දා ය. ස්ථානය කාශ්මීරයේ පුල්වාමා දිස්ත්‍රික්කයේ සෙයිඩපෝරා ගම්මානයයි. කවුරුන් වුව දන්නා පරිදි කාශ්මීරය යනු ඕනෑ ම මොහොතක ගිනියම් විය හැකි ප්‍රදේශයකි. ගම්මාන, දිස්ත්‍රික්ක කියා වෙන් කළ නො හැකි ය. ඕනෑ ම බිම් අඟලක වහ - වහා ගින්න පැතිර යා හැකි ය. මෙහි ඇති අවදානම කාශ්මීරයේ වැලි කැට පවා දනී.

භීතිය හා ත්‍රාසය සමඟ මධ්‍යම රාත්‍රිය එළඹෙමින් තිබිණි. මේ කලාපයේ සත්තු මිනිසුන්ට ද වඩා තැතිගත්තෝ වෙති. බර සපත්තු හඬක්, තුවක්කු බට කාකි කලිසමක ගැටෙන කර - කර හඬක් වුව ඔවුන් තිගැස්සීමට ප්‍රමාණවත් ය. ඔවුහු එක කම්බැල්ලාවට බෙරිහන් දෙන්නට පටන් ගනිති. මේ පළාතේ බල්ලන් පවා සතුරාට එරෙහි ව කඩා පනිනවා වෙනුවට; උන් ඉදිරියෙහි ජීවිතය ඉල්ලා බැගෑපත් වෙන්නා සේ ය. මෙබඳු අවස්ථාවක දී සිදු වන්නේ ගෙවල්වල අගුලු තව - තවත් තරව හිර වීම පමණි.

ඉන්දීය පාබළ හමුදාවේ අනුකණ්ඩයක් සෙයිඩපෝරා ගම්මානයට කඩා වැදී සිටියේ ය. මෙහෙයුම් සඳහා රාත්‍රිය යොදා ගැනීම ඔවුන්ගේ සිරිත ය. එය කැරලිකරුවන් කොටුකර ගැනීමේ යුද උපාය මාර්ගයක් ද නැතහොත් වෙනත් හේතුවක් නිසා සිදුවන්නක්දැ’යි නිශ්චය කළ නො හැකි ය. කුමක් වුව සෙබළු කළුවරට ප්‍රිය කරති. තිත්ත කළුවරට වඩාත් ප්‍රිය කරති.

සෙබළු හතර දෙනෙක් එක්තරා නි‍ෙවසක් ඉදිරිපිට සිට ගත්හ. ඔවුහු සෙසු පිරිසට එතැනින් ඉවත්ව ඉදිරියට යන ලෙසට අතින් සන් කළහ. සෙබළු දෙදෙනෙක් තුවක්කු අමෝරාගෙන මිදුලේ උන්හ. අනෙක් දෙදෙනා කෙළින් ම දොර ළඟට ගොස් තර්ජනය කළහ. එහෙත් දොර විවෘත වූයේ නැත. ගෙතුළින් ශබ්දයක් ද නැත. ඊළඟ පියවර වූයේ වේගවත් පා පහරකින් දොර දෙපළු කිරීම ය.

ගෙට කඩා වැදුණු සෙබළා පළමුව මුහුණ දුන්නේ ගෙහිමියා වූ තලත්තෑනි මිනිසාට ය. ඔහුට එල්ල වූ පා පහර දෙකෙන් අවම ලෙස ඉළඇට හතර පහක්වත් බිඳී යන්නට ඇත. ඔහු බිම වැටෙන්නටත් පෙර කුණු මාළු කෑල්ලක් සේ මිදුලට ඇද දැමිණි. සෙබළාගේ ඊළඟ බැල්ම යොමු වූයේ නව - යොවුන් වියට පා තැබීමට ඔන්න - මෙන්න කියා සිටි එකොළොස් හැවිරිදි දැරිය වෙත ය. ඇය දෑතින් ම මුහුණ බදාගෙන හඬන්නට වූවා ය. ඒ හැරෙන්නට ඉබේ ම මූත්‍ර පහ විය.

ඉනික්බිති ඇසෙන්නට වූයේ ඕනෑ ම ගල් හිතක් වෙඬරු සේ දිය වී ගලනසුලු සිහින් කෙඳිරි ගෑම්, විලාප හා ඉකිබිඳීම් පමණි. මොනතරම් සාහසික අපරාධයක් ද? පළමු සෙබළා කලිසමෙහි බොත්තම් පියවත් දී අනෙක් සෙබළා බොත්තම් විවෘත කරමින් සිටියේ ය.

මේ මොහොතේ සෙයිඩපෝරා ගම්මානයේ තවත් තැනෙක මෙවැන්නක් සිදුවෙමින් තිබිණි. එම නි‍ෙවසේ තරුණ මව සිය කුඩා දරුවා පපුවට තද කරගෙන උන්නා ය. ඇයට තුවක්කු පෙන්නා තර්ජනය කළත් ඇය දරුවා බිමින් තිබ්බේ නැත. එහෙත් පිටකොන්දට එල්ල වූ පහරකින් දරුවා ඉබේ ම ඇගෙන් ගිලිහිණි. දෙවන පියවර වූයේ තරුණ ස්ත්‍රියගේ ඇඳුම් එකිනෙක ඉවත් කිරීම ය.

වහා ම බිව දිගා විය යුතු බවටත්, එසේ නොවුණහොත් දරුවා එක වෙඩි පහරින් මරා දමන බවටත් තර්ජනයක් නිකුත් විය. කුමක් කළ යුතු ද? ඇය දරුවාගේ ජීවිතය වෙනුවෙන් බිම දිගා විය යුතු ය.

ඉන්පසු සිදු වූයේ කුමක් ද? එක පුරුෂයෙක්! දෙන්නෙක්! නැත. ඇය සිහිසුන් ව සිටින විට පවා සෙබළු ඇගේ සිරුර තුළ මොනවාදෝ සෙවූහ.

එදින සෙයිඩපෝරා ගම්මානයේ දී සිදුවූ අනෙක් දූෂණය එක අතෙකින් ජුගුප්සාජනක ය. තව අතෙකින් හිත කීරි ගස්වන තරමට බියකරුය. ඇගේ වයස අවුරුදු හැටකට වැඩි ය. කරදර කම්කටොලු සහිත ජීවිතය නිසා ම ඇය ලෙඩ රෝග ගණනාවකින් ද පෙළුණා ය. එහෙත් වල්මත් වූ සෙබළු මේ කිසිවක් හිතට නො ගත්හ. එක භටයෙක් දොර ළඟ මුරට සිට ගත්තේ ය. තව දෙදෙනෙක් ඇය දූෂ්‍ය කළහ.

ඇය මේ මොහොතේ කළ ඉල්ලීම ද, සෙබළුන්ගෙන් ඊට ප්‍රතිචාර ලෙස ලැබුණු උත්තරය ද දැන ගැනීම ඉතා වැදගත් ය.

“ළමයිනේ, මට වෙඩි තියල

මරල දාපල්ලා! ඒත් දූෂණය

කරන්ඩ එපා! මට ඒක දරාගන්ඩ

අමාරුයි...!”

“කරන්ඩ දෙයක් නෑ! මේක

ලොක්කන්ගෙ අණ! අපට මෙහෙම

කරන්ඩ කියල ලොක්කො ම

කියල තියෙනවා!”

සිවිල් යුද්ධ, ත්‍රස්තවාදී ගැටුම්, බෙදුම්වාදී අරගල, කලකෝලහල, හර්තාල්, ස්වාභාවික ව්‍යසන පමණක් නොව; නීතියේ ආධිපත්‍යය බිඳී යන ඕනෑ ම අවස්ථාවක පුරුෂයා සිය ආධිපත්‍යය හා බලය පිහිටුවමින් ස්ත්‍රිය දූෂණයට ලක් කරයි. ලෝකය හා සමාජය දියුණු යැයි කියන්නේ වුව මේ තිරිසන් ගතිය තව ම අහෝසි වී නැත. යුද්ධයක් නැතත් අපේ රට පුරා දිනකට සිදු වන ස්ත්‍රී - දූෂණ ප්‍රමාණය සුළුපටු නැත.

කිසිවකුගේ සැලැකිල්ලට ලක් නොවුව ද ඉරාකය ක්වේටය ආක්‍රමණය කළ අවස්ථා දෙකෙහිදීම එහි ස්ත්‍රීහු වයස් භේදයකින් තොර ව දූෂණයට ලක් වූහ. කොරියන් - ජපන් යුද්ධය, අමෙරිකන් - වියට්නාම යුද්ධය ආදී ලෝක ප්‍රකට ගැටුම්වලදී නිමක් නැතිව ස්ත්‍රී, දූෂණ සිදු වී ඇති බව වාර්තාවල සඳහන් ය. අන්තර්ජාතික යුද්ධ නීතියට අනුව ගැටුමකදී ස්ත්‍රී දූෂණයෙහි යෙදීම මුළුමනින් ම තහනම් ය. එය සාපරාධි ක්‍රියාවක් ලෙස සලකනු ලැබේ.

“ඇම්ෙනස්ටි” ආයතනය එය පුන - පුනා කියා සිටී. එහෙත් යුද්ධයක් ඇති සෑම තැනක ම ස්ත්‍රී - දූෂණ සිදුවන බව රහසක් නො වේ. පුදුමය ඒ ගැන පරීක්ෂණ පවත්වන විට ආයතන හා රටවල් ඊට එරෙහිව කටයුතු කිරීම ය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්