හිටපු ඇමැතියෙක් වෙරළ උලා කයි!

 
 

'තිරසර යුගයක තෙවසර ඇරඹුම'

 
 

2015 ජනවාරි 08 සහ 2017න් පසු රට

 
 

විල්පත්තුවට මොකද වෙන්නෙ?

 
 

එල්ලුම් ගහ ළඟ පිරිත් කියන අපරාධකාරයෝ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

කැම්පස් යන කාලේ මම කැසිනෝ ඩීලර් කෙනෙක්

 
 

තිරසර යුගයක ඇරඹුම හා සූර්ය බල විප්ලවය

 
 

ආඬි හත්දෙනාගෙ කැඳ හැළිය

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


අනේ අපට පාරක් දෙන්න

අනේ අපට පාරක් දෙන්න

රෝගී කාන්තාවකගෙන් ආයාචනයක්

අප තිහගොඩ සිට ඇඹිලිපිටියේ , කොළොන්න, කැටවල ගම දක්වා ගමන් කළේ යතුරු පැදිවලිනි. කිලෝමිටර් 70ක් පමණ වැඩි දුරක් ගෙවා එලෙස අප ගියේ සංසාර දුකෙන් පීඩිතව ජිවත්වන එක්තරා පවුලක අනුවේදනීය කතාවක් සොයාය. අප මේ තොරතුරු සොයා ගියේ මිනිසුන් ලෙසින් තවත් මිනිසකුට පිහිට විය හැකි නම් මිනිසකු විඳින උපරිම සතුට එය වන නිසාය.

කැටවල ගමේ ජිවත්වන නිමල් සංජය කුමාරගේ නිවෙස සොයා ගෙන යන මේ ගමන ඉතාමත් දුෂ්කරය. පටු මං පෙත් මැදින් ගිරි දුර්ග හා වන දුර්ග මැදින් ගමන් ගත් අපි එන තෙක් නිමල් සිය මිතුරකුද සමග මඟ බලා සිටියේ තනිව ගොසින් අප වනයේ අතරමංව ගිය හැකි බැවිනි. අප දුටු සැණින් නිමල් අපට පැවසූයේ තමා පසුපස එන ලෙසය. අපි ඔහුගේ පිටුපසින් ගමන් ගත්තෙමු. එන්න එන්නම ගමනේ දුෂ්කර බව වැඩි වීමක් මිස අඩුවක් නොමැත. දියකඩිති තරණය කරමින් ගිය එම මාර්ග‍ය පයින්වත් ගමන් කළ නොහැකි අතිදුෂ්කර මාර්ගයකි. ඇළවල් හරහා ගල් උඩින් පැන පැන ගිය අප බයිසිකලය එක් මොහොතක දී නතර විය.

“මහත්තයෝ මේ අඩි පාරෙන් තමයි අපේ ගෙදරට යන්න තියෙන්නේ.”

අපි එතැන් සිට පා ගමනින් නිමල්ගේ නිවෙස කරා ගියෙමු. ටකරන් සෙවිලි කළ නිවෙසේ බිම ගොම මැටි ගා තිබිණි.

“අපි ඉතාම සතුටින් ජිවත් වුණා. නමුත් 2014 අවුරුද්දෙ නොවැම්බර් මාසේ දවසක වෙච්ච් මේ කරදරේ නිසා අපේ ජීවිත වෙනස් වුණා. මමයි මගේ නෝනා ශාරිකායි ඌරුබොක්කේ පොළේ ගිහිල්ලා ගෙදරට අවශ්‍ය බඩු ටිකත් අර ගෙන ගෙදර ආවා. මගේ නෝනා හා දරුවාත් එක්ක ගෙදර ගියේ මේ කණ්ඩිය උඩ අඩි පාරෙන්. මේ අඩි පාරේ යන්න බැරි නිසා මම ලෑල්ලකුත් දමලා තිබුණේ. පස්සේ මේ දෙන්නා කණ්ඩිය උඩින් යනකොට දරුවාගේ බෝලේ වැටෙන්න ගියා. එත‍කොටම ‍නෝනා කන්දෙන් බිමට වැටුණා දරුවත් එක්කම. මං ඉස්සරහින් ගියේ. ඒ ගොල්ලෝ පිටිපස්සෙන් හයියෙන් කෑගහද්දි තමයි මං දැක්කේ . මම පහළට ගිහින් බලද්දි නෝනට නැගිටින්න බෑ. එයා කෙළින් කරලා තිබ්බටට කෙළින් ඉන්න බැහැ වැටෙනවා. දරුවාට නම් මුකුත් වුණේ නැහැ. මම නෝනා උස්සා ගෙන ගෙදර ගියා. පස්සේ කොහොමටවත් නැගිටින්න බැරි වුණා . ඒ වෙලාවේ ගෙදර කවුරුවත් හිටියේ නැහැ . වෙදකම් කර සුවයක් නැති නිසා ඇඹිලිපිටියේ ඉස්පිරිතාලයට එක්ක ගෙන ගියා. පස්සේ කිවා රත්නපුරයට යවන්න කියලා. අන්තිමට රත්නපුරේ රෝහලෙන් කොළඹ ජාතික රෝහලට ගෙනියන්න කියලා ලියලා දුන්නා. පසුදා කොළඹ එක්කර ගෙන ගියා . එහේ දී ඔපරේෂන් එකට ගත්තා. වැටුණු ආකාරයෙන් සුසුම්නාව තැළිලා පුරුක් ඈත් වෙලා කියා කොළඹින් කිව්වා. ඔපරේෂන් කළාම මෙයාට ඇවිදින්න පුළුවන් වෙයි කියලා කිව්වත් එහෙම වුණේ නැහැ . දොස්තර මහත්තයා මට කතා කරලා 'මල්ලි මෙයාගේ තත්ත්වය එක්ක මෙයාට හොඳ වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් කිව්වා'. මෙය ඇහුව වෙලාවේ ඉඳලාම මගේ ආත්මයම නැති වුණා වගේ මට දැනුණා. කර කියා ගන්න දෙයක් නැති වුණා. මුළු හම්බකරපු හැම දෙයක්ම මගේ නෝනාගේ ජිවිතය බේරා ගැනීම වෙනුවෙන් වියදම් කළා. දැන් ජිවත් වෙන්නවත් නොහැකි ආකාරයට අපි අසරණ වෙලා ඉන්නේ.” යැයි නිමල් පැවැසුවේ දෑස්වල පුරවා ගත් කඳුළක් සමඟය.

රාගම පුනරුත්ථාපන රෝහලෙන් ද ප්‍රතිකාර ලබා පැමිණි එඩ්.ජි. ශාරිකා කැලුම් කුමාරි මහත්මිය දැන් කල් ගත කරන්නේ රෝද පුටුවේය.

“මගේ දරුවා හරියාකාරයෙන් රැක බලා ගන්න බැරි එක තමයි මට තිබෙන ලොකුම ගැටලුව. මම කන්දෙන් පහළට වැටෙන කොට මට මොකක් වුණත් කමක් නැහැ මගේ දරුවාට කිසිම දෙයක් වෙන්න එපාය කියලා මම තදින් දරුවා බදා ගෙන හිටියා. මට තියෙන එකම සතුට මේ අනතුරින් මගේ දරුවා බේරුණු එකයි. මගේ මහත්තයා දෙවියෙක් වගේ හැම දෙයක්ම කරන්නේ. අපි හරිම අමාරුවෙන් ජිවත් වෙන්නේ. මේ ගමට අද අපිට එන්න බැහැ. මගේ ලෙඩේ නිසා ත්‍රීවිල් එකකින් වත් මේ ගල් ගොඩේ එන්න බැහැ. ඒ නිසා අපි ඉල්ලන්නේ අපිට පාරක් තොටක් ළඟින් පොඩි ඉඩම් කෑල්ලක් ලබා දෙනවා නම් ගොඩාක් හොඳයි. මගේ මහත්තයාත් කුලී වැඩ කරන්නේ එයාටත් කීයක් හරි හොයා ගෙන මගේ දරුවාත් රැකබලා ගෙන ජිවත් වෙන්න පුළුවන් අපිට. දැන් අපි කුලියට ඇඹිලිපිටියේ ගෙයක් අර ගෙන ඉන්නේ. මේ ආබාධය තියා ගෙන මේ ගමේ ඉන්නත් බැහැ. මහත්තයා වගාවලට උදව් වෙලා දවසකට රුපියල් 1000ක් හොයා ගන්නවා. ඒත් බදු කුලියට ඉතිරි වෙන්න දෙයක් නැහැ.” යැයි ශාරිකා පවසන්නීය.

මේ පවුල ආරක්ෂා කර රැකවරණය ලබා දීම මිනිසුන් ලෙස අපගේ වගකීමක් නොවන්නේද?

ඔවුනට උදවු වීමට ඔබ කැමැති නම් එස්. ජී. ශාරිකා කැලුම් කුමාරි නමින් මහජන බැංකුවේ උෟරුබොක්ක ශඛාවේ 271200170044122 දරන ගිණුම් අංකය අප වෙත එවා ඇත්තේය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්