හිටපු ඇමැතියෙක් වෙරළ උලා කයි!

 
 

'තිරසර යුගයක තෙවසර ඇරඹුම'

 
 

2015 ජනවාරි 08 සහ 2017න් පසු රට

 
 

විල්පත්තුවට මොකද වෙන්නෙ?

 
 

එල්ලුම් ගහ ළඟ පිරිත් කියන අපරාධකාරයෝ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

කැම්පස් යන කාලේ මම කැසිනෝ ඩීලර් කෙනෙක්

 
 

තිරසර යුගයක ඇරඹුම හා සූර්ය බල විප්ලවය

 
 

ආඬි හත්දෙනාගෙ කැඳ හැළිය

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


දෙවියනේ අපට වතුර කෝ ! ?

දෙවියනේ අපට වතුර කෝ ! ?

 මීට පුලිච්චාකුලමේ වැසියෝ...

 අපට මෙතෙක් වාර්තා වී නැහැ. වාර්තා වුණොත් විසඳුම් දෙන්න පුළුවන් .

- මුන්දලම ප්‍රාෙද්ශීය ලේකම්

ගිනි ගත් වාලුකාවට බලාපොරොත්තුවේ පොද වැස්ස කෙදිනක වැටෙයිදෝ දෙනෙත් අයා අහස දෙසට දෑත් ඔසවා වැස්ස වලාහක දෙවියන් යදින තවත් එක්තරා පිරිසක් මෙසේ අඳෝනා තියමින් විලාප නගන හඬ අපට ඇසුණේ පුලිච්චාකුලමෙනි.

‘‘අනේ දෙවියනේ අපිට කවදානම් වතුර පොදක් බොන්න ලැබෙයිද?.’’

‘‘එක අතකින් අපි හරි පව්කාරයො. උගුරක් කටක් තෙමා ගන්න වතුර ටිකක් නැති කරුමෙක මහත.’’

ගමේ විවිධ තරාතිරමේ අය එලෙස අප හමුවේ සිය හඬ අවදි කරන්නට වූහ. ඒ අතරේ ඇතැම් කාන්තාවන් සිටියේ හැඬූ කදුළෙනි. තවත් සමහරුන් කතා බහට එක්වූයේ මැලවුණු මුහුණින් යුතුවය. මේ අය කවු‍ද? සැබැවින්ම ඔවුහූ පානීය ජල හිඟයෙන් පෙළෙත් ද? පානීය ජලය නොමැතිකමින් මොවුන් අසරණ වෙලාද? දේශපාලන කඹ ඇදිල්ලකින් ඔවුන් පීඩාවට ලක්වෙලාද? අපට මතු වූ ප්‍රශ්න රැසකි.

පුත්තලම දිස්ත්‍රික්කයේ මුන්දලම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් 593 පුලිච්චාකුලම ග්‍රාම නිලධාරි වසමේ පුලිච්චාකුලම වැව ව්‍යාපාරය යටතේ දිවි ගෙවන පවුල් සංඛ්‍යාව දෙසීයක් පමණය. එම පවුල්වල සාමාජික සංඛ්‍යාව හයසීය ඉක්මවයි. මේ අය අතරින් බොහෝ දෙනෙකු දිවි ගෙවනුයේ කුඹල් කර්මාන්තයයේ යෙදෙමිනි. ඇතැමකු උළු ‍ගඩොළු හදමින් ද තවකෙකු වළං හදමින් ද තවත් කෙනෙක් මල් පෝච්චි හදමින්ද යනාදී ලෙසින් විවිධාකාරයේ කර්මාන්ත විස්සක පමණ යෙදෙමින් දිවි ගෙවන අයුරු ඔවුන්ගේ තොරතුරු සොයා එහි ගිය අපට දැන ගන්නට ලැබිණි.

දැනට වසර ගණනාවක සිට මොවුන් උග්‍ර පානීය ජල ගැටලුවකට මුහුණ දී ඇත්තේ ඔවුන් සතු අවාසනාව නිසාදෝයි වරෙක සිතේ. එ ගම කුඩා දරුවන් ඇකයේ තබා ගත් මවුවරුන් ගේ සිට සැර යැටියේ වාරුවෙන් ගමන් ගන්නා වයෝවෘද්ධ ඇතුළු එකී නොකී සියලු දෙනාම පාහේ අලුයම සිට සැතපුම් ගණනක් එපිටට පා නගන්නේ පානීය ජලය සොයා ගෙනය. ඔවුන්ගේ මේ ජල ගැටලුව අද ඊයේක ඇති වූවක් නොව දැනට වසර ගණනාවක සිට ඇති වූවකි. සිය මූලිකම අවශ්‍යතා අහිමිව යෑම ඔවුන් දකින්නේ අවාසනාවට සිදු වූවක් ලෙසිනි. කුමන ‍‍දේ අහිමි වුවත් සතා සිවුපාවුන් පවා දිව යන්නේ බීමට දියපොදක් සොයමිනි. මේ ගම් වැසියනට ද සිදුව ඇත්තේ සියලු දෛනික අවශ්‍යතා පසෙකලා ජලය රැගෙන ඒමට සැතපුම් ගණනාවක් පා ‍ගෙවා ගමේ පිහිටා ඇති විශාල වැව කරා යෑමටය. එහි රැඳී තිබෙන ජලය කළගෙඩි, බෝතල් සහ බැරල්වලට පුරවා ගන්නා මොවුහූ ඒවා කර පින්නාගෙන නැවත ගම්මානය වෙත පැමිණෙති. මේ දසුන එ ගම සංචාරය කරන්නකුට ඉතා සුලභ දසුනකි. එහෙත් නිතිපතා ජලය සොයා යන මේ ගමන ඔවුනට නම් දැන් එපා වී ඇත්තේය.

2007 වසරේ දී පුලිච්චන්කුලම ප්‍රජා මූල සංවිධානය මගින් ගම්මානයට අවශ්‍ය ජලය ලබා දෙන බව පවසමින් නිවාස කිහිපයකට ජල සැපයුම ලබා දී තිබුණද එහි ඇති වූ කාර්මික දෝෂ සහ ජලය හිඟකම නිසා මේ වෙද්දී එයද සම්පූර්ණයෙන්ම නවතා දැමීමට සිදු වී ඇති බව ගම්මු කියති.

වෙනත් ගම්මාන ජල හිඟයෙන් පෙළෙද්දී ජල බවුසර මගින් ජලය බෙදා දීම සිදු කෙරුණ ද මෙම ගම්මානයට පමණක් මෙලෙස කුඩම්මාගේ සැලකිලි ලැබෙන්නේ කවර හේතුවක් නිසා දැයි එහි ගිය අපෙන් ගම්මු විමසූහ. අග හිඟකම් මැද දුක් ගැහැට විඳිමින් පණ ගැට ගසා ගැනීමට වැර දරනා මේ ගම්මු සිය ජීවිත වෙලා පවත්නා මේ දුක වියැකී යන්නේ කවදා දැයි විමසති. සැබැවින්ම ඔවුන්ගේ ජීවිත කටුකය. ඔවුන් විඳින ඒ අමිහිරි අත්දැකීම් වචනවලට පෙරළෙද්දී හදෙන් නැගෙන සෝ සුසුම් කඳුළු ලෙසින් දෙනෙතින් පිට වූයේ ඔවුන් ද නොදැනීමය. මේ සම්බ්න්ධයෙන් අප කළ විමසුමකදී පුලිච්චන්කුලම ගම්මානයේ පදිංචි ආර්.කාන්චනා දේවි මහත්මිය මෙසේ තොරතුරු පැවසුවාය.

‘‘මේ පුලිච්චාකුලමෙ අපිට දැන් අවුරුදු ගානක ඉඳලා බොන්න වතුර ටිකක් නැහැ. අපි හරිම අමාරුවෙන් ජීවත් වෙන්නෙ. ඒ විතරක් නෙමෙයි කෑමක් උයා ගන්න රෙද්දක් හෝද ගන්න පුදුම අමාරුවක් විඳින්නේ. අපි වතුර ටිකක් හොයා ගෙන හැතැප්ම ගණන් පයින් යනවා. සමහර වතුර නැති කාලෙට අපි අපේ ගමේ ඉඳලා වෙනත් ගම්මානවලට යනවා වතුර හොයාගෙන. ඉතිං අපි එදත් මේ ගැන කියන්නෙ අදත් අපි මේ ගැන කියන්නෙ කාටද කියන එක ගැටලුවක් වෙලා තියෙන්නෙ. කොහෙන් ගියත් අපිට කාගෙන්වත් පිහිටක් නැහැ..’’

බාල ක්‍රිෂ්ණන් පුලිච්චන්කුලම ගම්මානයේ පදිංචියට විත් වසර විසි පහකට වැඩිය. ඔහු දන්නා කාලයක සිට මේ ගමේ ජනතාව පානීය ජල හිඟයෙන් පීඩා විඳිති.

‘‘අවුරුදු 25කටත් වැඩි කාලයක ඉඳල මේ වෙනකම් තාම අපිට බොන්න කියලා පිරිසුදු වතුර ටිකක් ලැබිලා නැහැ. එක්කො බොන්නෙ ලුණු වතුර එහෙමත් නැත්නම් මඩ මිශ්‍ර වතුර තමයි බොහෝ දුරට බොන්නෙ. ඒක බීලා දැන් අපිට එපා වෙලා තියෙන්නෙ. සමහරු ලෙඩ වුණා. ඉතිං අපි කියන්නෙ අපි නම් අද ඉඳලා හෙට මැරිලා යයි. ඒත් අපේ දරු මුනුපුරෝ බොන්නෙ මොනවද? ඒ දරුවොත් කවදා හරි ලෙඩ්ඩු වෙනවා දකින්න අපි කැමති නැහැ. ටික කාලයක් ප්‍රජා මූල සංවිධානයෙන් වතුර දෙනවා කියලා අපිට ලණුවක් දීලා අපි ඒ ලණුව කාලා හොඳට අසරණ වුණා. අවසානේ ලැබුණු වතුරකුත් නැහැ අතේ තිබ්බ සල්ලිත් අපිට නැති වුණා. ඔය වගේ වැඩ තමයි අපිට වෙන්නෙ. මේ ගැන කියන්න කියලා අහන්න කිසිම කෙනෙක් නැහැ...’’බාල ක්‍රිෂ්ණන් පැවසීය.

මේ සම්බ්න්ධයෙන් අප කළ විමසුකදී පුලිච්චන්කුළම ගම්මානයේ පදිංචි ආනන්ද මහතා පැවසුවේ මෙවැන්නකි.

‘‘අපි මේ ගම්මානයෙ පදිංචි වෙලා හිටියට පුදුම දහදුකක් විඳින්නෙ. වතුර කියලා කොටසක් අපේ ජීවිතවලින් ඈත් වෙලා තියෙන්නෙ. මොකද අපි මිනිස්සු කියලා හිතන පිරිසක් අප අතරම ඉන්නතාක් කල් පානීය ජලය අපිට සිහිනයක් විතරයි කියලා මම හිතන්නෙ. මොකද? රජයෙන් සෑම ප්‍රදේශයකටම වතුර දෙනවා. වතුර මදි පැතිවලට ළිං ගහලා දීලා තියෙනවා. ඒත අපට ළිං වෙනුවට රජය ගහලා දීලා තියෙන්නෙ බෝඩ් එකක් විතරයි. අපි ගැන රජය සැලකිල්ලක් දක්වන්නෙ නැහැ. ප්‍රාදේශිය සභාව කොටින්ම ඇහැක් ඇරලා බලන්නෙ නැහැ. ප්‍රාදේශිය ලේකම් බලන්නෙ නැහැ. අපි අවසාන වතාවටත් කියන්නෙ බලධාරින් මේ ගැන සොයා බලලා ක්‍රියා මාර්ගයක් ගන්න කියලයි. අපිත් මනුස්සයො කොටසක්. අපිටත් අයිතිවාසිකම් තියෙනවා. ඉල්ලීම් තියෙනවා. එව්වටත් සවන් දෙන්න කියලයි අපි ඉල්ලන්නේ ’’

ගමේ බොහෝ දෙනෙක් සිය පානීය ජල ගැටලුවට විසඳුමක් ලෙස ප්‍රජා මූල සංවිධානයෙන් ජලය ලබා ගැනීම සඳහා මුදල් වැය කළහ. එහෙත් ඔවුනට අද සිදුව ඇත්තේ අත තිබූ මුදලුත් අහිමිව ජලයත් නොමැතිව ජලය සොයා දුර යෑමටය. පුලිච්චන්කුලමේ කනපති පිල්ලේ මහතා ද එලෙස ප්‍රජා මූල සංවිධානයෙන් ජලය ලබා ගැනීමට මුදල් ගෙවූ අයෙකි.

‘‘අපි කලින් සල්ලි ගෙව්වා ඊට පස්සෙ අපිට ප්‍රජා මූල සංවිධානයෙන් ටැප් ලයින් දාලා දුන්නා. සේවා ගාස්තුව කියලා ගාස්තුවකුත් මාසෙන් මාසෙට අපෙන් අය කෙරුවා ඔහොම යද්දි අවසානෙ අපිට කොටින්ම වතුර ලැබෙන්නෙ නැතුව ගියා. මොකද කියලා අහද්දි එයාලා කියනවා වතුර පෙෂර්මදි ගමටම දෙන්න ළි‍ෙඳ් වතුර නැහැ කියලා. අවසානේ මොකද වුණේ තිබ්බ මීටර් ටිකත් එයාලාම ගලවගෙන ගියා. අපි මේ කාලයක සිට සටන් කරන්නේ දේපොළ ඉඩකඩම් ලබා ගන්න නෙමෙයි උගුර කට තෙමා ගන්න මරණය දක්වා ජීවත් වෙන්න වතුර බිඳක් ලබා ගන්නයි. අපි මේ සටන අත්හරින්නේ නැහැ. අපි බලධාරින්ගෙන් ඉල්ලන්නෙ අපේ ඉල්ලීම්වලටත් මොහොතක් හෝ සවන් දෙන්න කියලයි.’’

‘‘මම දන්න කාලේ ඉඳලා මේ පැත්තට හොඳ වතුර කියලා නම් නැහැ ළිඳක් කැපුවත් උනන්නෙ ලුණු වතුර. එක්කො කිවුල් වතුර. ඒවා බොන්න බැහැ. ඒ තියා රෙද්දකට සබන් ටිකක් ගෑවට කුණු හේදෙන්නෙ නැහැ. ඒ තරමට වතුර කිවුල්. අපි දැනට පානීය ජලය ලබා ගන්නෙ පාරේ එන ලොරිවලින්. එයාලා වතුර කෑන් එකක් රුපියල් පනහයි කියනවා. තව වේලාවකට හැටයි කියනවා. සමහර දවස්වලට එන්නෙත් නැහැ. ඒ දවස්වලට අපිට පිහිටට තියෙන්නෙ ගමේ වැව විතරයි. නියඟය දවස්වලට වැව හිඳුනාම අපි වතුර ටිකකට පුදුම දුකක් විඳින්නෙ. අනේ අපි පුදුම කරුමක්කාරයො පිරිසක් කියලා එක වේලාවකට මටම හිතෙනවා.....’’ යැයි පී.පද්මාවතී මහත්මිය පැවසුවාය.

ගමේ ඇතැමුන් මුදල් දී ජලය ගත්තත් සැමටම එසේ කළ නොහැකිය. එවන් අයට පිහිටට ඇත්තේ ගමේ වැව පමණි. එහෙත් වැවේ වතුරෙන් කිසිදා ඔවුන්ගේ පානීය ජල අවශ්‍යතාව සපුරා ගත නොහැකිය.

‘‘අපිට බොන්න වතුර නැහැ. අපිට බොන්න වතුර ගන්න වෙලා තියෙන්නේ ගමේ වැවෙන්. ඒ වැවේ වතුර බොන්න සුදුසු නැහැ. මොකද නානවා, රෙදි සෝදනවා, තව සමහරු මාළු අල්ලනවා. ඒ නිසා වැවේ වතුර බොන එක ඒ තරම් සුදුසු නැහැ. අපි හරිම අසරණයි. ඒ වගේම අපි දුප්පත්. සල්ලි දීලා හැමදාම වතුර ගන්න තරම් අපි පොහොසත් නැහැ. ඒ නිසා අපේ දරුවො පවා නිතරම ලෙඩ වෙනවා. අපි ඉතිං කාට කියන්නද? මේ ගැන කාට කිව්වත් කිසිම වැඩක් නැහැ. කිසිම කෙනෙක් තඹයකට මායිම් කරන්නෙ නැහැ......’’ යැයි ජල ගැටලුවට මුහුණ දෙන එස්.පූනේෂ්වරි මහත්මිය පවසන්නීය.

ගමේ පානීය ජල ගැටලුවට විසඳුම් සොයා ගම්මුන් කරන සටනට පුලිච්චන්කුලම ගම්මානයේ කෝවිල භාරකාර මණ්ඩලයේ සභාපති එස්.දනපාලන් මහතා ද එක්ව සිටී.

‘‘මට දැන් වයස අවුරුදු 59ක් විතර වෙනවා. අපිට කන්න හොයා ගන්නවත් රක්ෂාවක් නැති එකවත් ඉන්න ඉඩ කඩම් නැති එකවත් නෙවෙයි ප්‍රශ්නය වෙලා තියෙන්නේ බොන්න වතුර බිදක් නැති එකයි. දන්න හැමෝටම කියලා දැන් ඒ කීම එපා වෙලයි තියෙන්නෙ. අපි ගැන හොයන්න බලන්න අපේ දුකට සවන් දෙන්න කොන්ද පණ තියෙන බලධාරියෙක් නැති එක තමයි මේ සේරටම මුල කියලා මම හිතනවා. මේ ගැන අපි පුළුවන් දේවල් කෙරුවා ඒත් කිසිම ප්‍රථිඵලයක් නැහැ. දවසෙන් දවස අපි ලෙඩ වෙන එක විතරයි අපිට අවසානේ ඉතිරි වෙන්නෙ......’’ ඔහු පැවසීය.

පී. සරෝජා මහත්මිය ජීවත් වනුයේ වළං කර්මාන්තයේ යෙදීමෙනි. ඉන් පමණක් ජීවත් වෙන්න අපහසු තැන ඔවුහු කුලී වැඩට ද යති. අතට ලැබෙන සොච්චමෙන් ඔවුනට ජලයට පවා මුදල් ගෙවීමට සිදුව ඇත්තේය.

‘‘ අපට වතුර වලට විතරක් මාසෙකට රුපියල් පන්දාහක් විතර යනවා. ඒක අපිට ලොකු වියදමක්. ඒත් ළමයින්ගෙ ජීවිත ගැන හිතද්දි ලොකු බයක් දැනෙනවා. කන්ට නැතත් බොන වතුර ටිකේ කිසිම අඩුවක් නැතුව අපි ළමයින්ට ලබා දෙනවා. ඉතිං තව යන්න යන්න රටේ බඩු ගණන් යනවා. ඒ නිසා අපිට පවුල් නඩත්තු කරන්නයි වතුරවලට වියදම් දරන්නයි ගොඩක් අපහසුයි. ..’’ යනුවෙන් ඇය පවසන්නීය.

ගම්මුන්ගෙන් නැගෙන චෝදනාව සම්බන්ධයෙන් දුරකථනය ඔස්සේ අප කළ විමසුකදී මුන්දලම ප්‍රාදේශිය ලේකම් ටී.එම්.ප්‍රේමසූරිය මහතා මෙසේ පැවසීය.

‘‘පුලිච්චාකුලමෙ එහෙම පානිය ජල හිඟයක් පිළිබඳව මට වාර්තා වෙලා නැහැ. හැබැයි ඔය කියන පිරිස ග්‍රාම නිලධාරිවරයා මගින් දැනුම් දීමක් කරලා තිබුණානම් මට ඒ ගැන සොයා බලා කටයුතු කරන්න තිබුණා. මොකද ආපදා කළමනාකරණ ඒකකය සමග සාකච්ඡා කරලා එයාලගෙ ජල ගැටලුවට විසඳුමක් ලබා දෙන්න හැකියාව තියෙනවා. මොකද මේ වෙද්දි අපි ළඟ බවුසරයක් තියෙනවා. අපිට පානිය ජල ගැටලුව පිළිබඳ වාර්තාවක් ලැබුණොත් ඒ ගම්මානයට එහෙමත් නැත්නම් ඒ ප්‍රදේශයට අපි ප්‍රමුඛතාව දෙන්න සෑදී පැහැදී ඉන්නවා......’’


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්