හිටපු ඇමැතියෙක් වෙරළ උලා කයි!

 
 

'තිරසර යුගයක තෙවසර ඇරඹුම'

 
 

2015 ජනවාරි 08 සහ 2017න් පසු රට

 
 

විල්පත්තුවට මොකද වෙන්නෙ?

 
 

එල්ලුම් ගහ ළඟ පිරිත් කියන අපරාධකාරයෝ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

කැම්පස් යන කාලේ මම කැසිනෝ ඩීලර් කෙනෙක්

 
 

තිරසර යුගයක ඇරඹුම හා සූර්ය බල විප්ලවය

 
 

ආඬි හත්දෙනාගෙ කැඳ හැළිය

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


පත්තර ලොව රස කතා

පත්තර ලොව රස කතා

දිනපතා හෝ සතිපතා පුවත්පතක අන්තර්ගතය, විසිතුරු නිමාව මෙන් ම ආකර්ෂණීය සිරස්තල ද පාඨකයන් ඇද බැඳ තබා ගන්නා රස රහසයි. උදෑසන ම පත්තර තට්ටුවට කිට්ටු වෙන පාඨකයෝ ආකර්ෂණීය ම සිරස්තලය දැක්වෙන පුවත්පත මිලදී ගෙන වහ වහා තම තමන්ගේ එදිනෙදා කටයුතුවල නිරතවීමට යුහුසුලු වෙති. අද ඒ තරමට ජීවිතය මැරතන් තරගයකි.

ආකර්ෂණීය සිරස්තල කලාවකට පුරෝගාමී වූ පුවත්පත් අතර දවස - රිවිරැස පුවත්පත් කැපී පෙනෙයි. ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාවට එතරම් දීර්ඝ ඉතිහාසයක් ඇත්තේ නොවේ.

1861 දී ලංකා ලෝකය නමින් ආරම්භ වූ ප්‍රථම සිංහල පුවත්පතින් මෙරට පුවත්පත් කලාවේ ඉතිහාසය ඇරැඹිණි.

කොන්ක්‍රීට් වනාන්තර වෙසෙන ගජනායකලාත් ගමේ ගොඩේ හීන් බණ්ඩයිලාත් මුට්ට කරගහන ජොනී අයියලාත් රේස් කොළේ කියවන කපුරුහාමිලාත් පත්තර කියවති.

ඒ හැම දෙනාට ම තේරෙන බසින් පත්තර කලාවේ ශිල්ප දැක්වීම ඇඟට පතට ගුණදායක වන්නේ පත්තර විකුණා ගන්න බැරි වුණොත් වැඩේ ‘හබක්’ වන නිසාය.

කොට්ටාවේ මන්ත්‍රී රොබට් ගුණවර්ධන මහතාට මැති සබය මසකට තහනම් කළ බවටත් ඔහු‍ගේ සහෝදරයා වන අවිස්සාවේල්ලේ මන්ත්‍රී පිලිප් ගුණවර්ධන මහතාට මැතිසබය සතියක් තහනම් බවටත් වසර 1961 අගෝස්තු 18 වැනිදා ‘දවස’ පුවත්පතේ මුල් පිටුවේ සිරස්තලය වුණේ ‘මල්ලීට මාසයයි: අයියාට සතියයි’ යනුවෙනි.

වසර 1969 ජූලි 21 වැනිදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් අලුයම 1.49ට ඇමෙරිකා චන්ද්‍ර යානය සඳ මතට බැස්ස වූ පුවත සහ නීල් ආම්ස්ට්‍රෝං මුලින් ම සඳ මත පා තැබූ පුවතට අදාළ දවස (1960 ජූලි 21) මුල් පිටුවේ යෝධ සිරස වූයේ ‘හඳට ගියා - ඇවිද්දා ජය ගත්තා! ’ යනුවෙනි.

පත්තර නිදහසට ආණ්ඩුවෙන් තර්ජන ගර්ජන එල්ල වූ සමයක ‘දවස’ (73.01.03) මුල් පිටුවේ යෝධ සිරස්තලය ‘පත්‍ර හිස දංගෙඩිය උඩ’ ලෙසින් සරසා තිබුණු අතර ‘අන්ධකාරයේ පෙර නිමිති’ සිරසින් ලියැවණු කතුවැකිය ද එම මුල් පිටුවේ ම පළ කර තිබිණි.

අ‍ප්‍රේල් කැරැල්ල සමයේ දී හමුදාවෙන් මැරුම් කෑ කතරගම ප්‍රේමවති මනම්පේරි (රූප රැජිනිය) රත්නපු‍ෙර් දිප්පිටිගල ලෙල්ලුම්පිටියේ යළි ඉපදීම ගැන ‘රිවිරැස’ (1977 අප්‍රේල් 17) මුල් පිටුව කතරගම රූප රැජින රත්නපුරෙන් නැගිටී? යන සිරසින් සැරසිණි.

ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා චීන මහා ප්‍රාකාරය නැරඹීමට ගිය පුවත එකල ජාතික පුවත්පතක් වාර්තා කොට තිබුණේ මේ සිරසිනි.

චීන මහා ප්‍රාකාරය

ජනාධිපති බලන්න යයි

‘ජනාධිපති චීන මහා ප්‍රාකාරය බලන්න යයි’ යනුවෙන් යෙදිය යුතුව තිබුණු සිරස්තලය පළවී තිබුණේ දෙකොන මාරු වී යෑමෙනි.

අන්තර්ජාතික මාධ්‍යයන්හිද ජාලයේ ද හාස්‍ය දනවන සිරස්තල නැතිවා නොවේ.

Lawyers give poor freed legal advice

නීතිඥවරු නොමිලේ දුප්පත් නීති උපදෙස් දෙති

Man found beaten

Robbed by police

‍පොලිසියෙන් සොරා කෑමට ගුටි කෑමට ලක්වූ මිනිසකු හමුවෙයි.

New vaccing may contain Rabies

නව එන්නතේ ජල භීතිකාව තිබිය හැකියි.

Blind woman gets new kidney from dad she hasn’t Seen in Years.

වසර ගණනාවක් නුදුටු පියාගෙන් අන්ධ ගැහැනියට වකුගඩුවක්

Cemetry allows people to be baried by their pets

මිනිසුන්ට ඔවුන්ගේ සුරතලුන් ලවා වැළලෙන්නට කනත්තෙන් අවසර

Living together linked to divorce

එකට ජීවත්වීම දික්කසාදයට මඟ පාදයි.

Man Robs, then kills himself

මිනිසෙක් සොරකම් කරයි

ඉන්පසු විහින් මැරේ

Prostitutes appeal to pope

රෑ සමනලියන්ගෙන් පාප් වහන්සේට

අභියාචනයක්

Police search for witnesses to assault

පොලිසිය පහර දීම සඳහා

සාක්කිකරුවන් සොයයි

Sefly experts say

Bus passengers Should

Be belted

බස් මගීන් පටිවලින් බැඳ තැබිය යුතු බව විශේෂඥයෝ කියති.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්