හිටපු ඇමැතියෙක් වෙරළ උලා කයි!

 
 

'තිරසර යුගයක තෙවසර ඇරඹුම'

 
 

2015 ජනවාරි 08 සහ 2017න් පසු රට

 
 

විල්පත්තුවට මොකද වෙන්නෙ?

 
 

එල්ලුම් ගහ ළඟ පිරිත් කියන අපරාධකාරයෝ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

කැම්පස් යන කාලේ මම කැසිනෝ ඩීලර් කෙනෙක්

 
 

තිරසර යුගයක ඇරඹුම හා සූර්ය බල විප්ලවය

 
 

ආඬි හත්දෙනාගෙ කැඳ හැළිය

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


ජාත්‍යන්තර නායකත්ව සම්මානය

ජාත්‍යන්තර නායකත්ව සම්මානය

නිශානි රණවීරට

Diligent Group - Sri Lanka සහ Diligent Trading and Contracting - Qatar සමාගම්වල කළමනාකාර අධ්‍යක්ෂිකා නිශානි ජයසිංහ රණවීර මහත්මිය පසුගියදා මොරිෂස් දිවයිනේ, ලී - මෙරීඩියන් හෝටලයේ පැවැති “ලෝක නායකත්ව සමුළුවේදී Global Leadership Excellence Award” සම්මානයෙන් පිදුම් ලැබුවාය.

Diligent Group හි සභාපති ප්‍රභාෂ් රණවීර මහතා ද මේ අවස්ථාවට එක් විය.

වෘත්තියෙන් වරලත් ගණකාධිකාරිණියක් වන රණවීර මහත්මිය ඕස්ට්‍රේලියාවේ වෙස්ටන් සිඩ්නි විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිධාරිනියකි. ඇය සහතික ලත් කළමනාකරණ ගණකාධිවරුන්ගේ ආයතනයේ බ්‍රිතාන්‍යයේ වෘත්තිමය මූල්‍ය කළමනාකරුවන්ගේ ආයතනයේ සම්මාන සාමාජිකාවකි.

ඇය 2016 පෙබරවාරි මස ඉන්දියාවේ ටාජ් ලැන්ඩ් හෝටලයේ පැවැති “ජාත්‍යන්තර කාන්තා නායකත්ව සමුළුවේදී “World Women Leadership Achievement” සම්මානයෙන් ද පිදුම් ලැබීම විශේෂත්වයකි.

ඇය එහිදී අන්තර්ජාතික ප්‍රශ්න විචාරකයකු වශයෙන්ද කටයුතු කළාය. ලෝකයේ විවිධ රටවල් ගණනාවක්, කීර්තිමත් සමාගම් විශාල ප්‍රමාණයක් අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සම්මාන ලබාගත් එකම ශ්‍රී ලාංකික සමාගම Diligent Group ය.

වෘත්තියෙන් ඉංජිනේරුවරයකු සහ ගණකාධිකාරිවරයකු වන ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිධාරී Diligent Group හි සභාපති ප්‍රභාෂ් රණවීර සහ ඔහුගේ බිරිය වන නිශානි රණවීර මහත්මිය 2015 වසරේදී Diligent ආයතනය කුඩා පිරිවැටුමකින් ආරම්භ කළ අතර අද වන විට එය ව්‍යාපාර අංශ 08 ක් හරහා ව්‍යාප්තව ඇත. එනම් Diligent Recruitment - Local / International, Staff Outsourcing, IT Managed Services, Imports, Exports, Plantation and Qatar Operations. එය අද වන විට සේවකයන් 300 කට අධික ප්‍රමාණයක් සේවයේ නියුතු සමූහ ව්‍යාපාරයකි. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය උදෙසා දෙන දායකත්වය වෙනුවෙන් Diligent Group, ශ්‍රී ලංකා රජය විසින් “Excellence Award 2014” සම්මානයෙන් පුදනු ලැබිණි.

ජාත්‍යන්තර සමුළුවේ තේමාවක් වූ “හොඳම සේව්‍ය සන්නාම” Diligent ආයතනයෙන් ද තේමාව වූ “ලොව හොඳම සේව්‍යයා” සමඟ සමගාමී විය. Diligent ආයතනයේ සෑම සේවකයකුටම සතු වන සුවිශේෂ කළමනාකාරිත්ව රැකියා ගමන්මඟ වන්නේ ඔවුන්ට, සාපේක්ෂව ඉතා කෙටි කලකින් ඉහළ තල කරා රැගෙන යාමට Diligent ඉහළ කළමනාකාරිත්වය දෙන අත්වැල සහ දැවැන්ත ශක්තියයි. ඔවුන්ට ප්‍රායෝගිකව නායකත්ව පුහුණු වීමට ලැබෙන අවස්ථා අසීමිතය.

ජාත්‍යන්තර නායකත්ව සමුළුවේ අරමුණු වනුයේ අතිවිශිෂ්ට නායකත්වය පසක් කළ සහ සාර්ථක ප්‍රතිඵල අත්කර දුන් ව්‍යාපාර නායකයන් හඳුනාගෙන ඔවුන්ව ජාත්‍යන්තර නායකයන් රාශියක් ඉදිරියේ ඇගැයීමට ලක් කිරීමයි. මෙහි මූලික පදනම වනුයේ, අන් පුද්ගලයන්ගේ ජීවිතවලට යහපත් වෙනසක් සිදු කළ හැකි පුද්ගලයන් වීම, ඔවුන්ගේ කාර්යයන්වල ගුණාත්මක භාවය, එය ලෝකය පුරා විහිදී ඇති බව, සමාජ යහපතට දායකත්වය දීමේ හැකියාව යන කරුණුය.

සිය ජයග්‍රහණය පිළිබඳ කතා කරමින් නිශානි ජයසිංහ මහත්මිය එම ජයග්‍රහණ සඳහා පසුබිම සැකසූ සිය පියා සහ මව කෘතවේදීව සිහිපත් කරයි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්