හිටපු ඇමැතියෙක් වෙරළ උලා කයි!

 
 

'තිරසර යුගයක තෙවසර ඇරඹුම'

 
 

2015 ජනවාරි 08 සහ 2017න් පසු රට

 
 

විල්පත්තුවට මොකද වෙන්නෙ?

 
 

එල්ලුම් ගහ ළඟ පිරිත් කියන අපරාධකාරයෝ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

කැම්පස් යන කාලේ මම කැසිනෝ ඩීලර් කෙනෙක්

 
 

තිරසර යුගයක ඇරඹුම හා සූර්ය බල විප්ලවය

 
 

ආඬි හත්දෙනාගෙ කැඳ හැළිය

 

»
»

තිරසර යුගයක ඇරඹුම හා සූර්ය බල විප්ලවය

තිරසර යුගයක ඇරඹුම හා සූර්ය බල විප්ලවය

අද ජනවාරි 8 වැනිදා කොළඹ දී පරිසර හිතකාමී ජනතාවගේ හදවතට සතුටක් දැනෙන උත්සවයක් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි. ඒ සෞභාග්‍යමත් දේශයක් බිහි කිරීම පිණිස වූ ‘තිරසර යුගයක තෙවසර ඇරැඹුම’ වැඩසටහන එළි දැක්වීමේ පරිසර හිතකාමී උත්සවයයි.

සංරක්ෂිත කැලෑ විනාශ කිරීම් හා කර්මාන්තපුර 100ක් රටේ ඉදිකිරීම වැනි පරිසරයට අහිතකර කටයුතු පිළිබඳව තොරතුරු ලැබෙන මේ වකවානුවේ අපේ රට තිරසර යුගයක් හා නීල හරිත යුගයක් කරා ගෙන යෑමට මේ වැඩසටහන ඉවහල් වනු ඇතැයි ප්‍රවීණ පරිසරවේදීහු විශ්වාසය පළ කරති.

ඒ වැඩසටහන ඔස්සේ ඉදිරි වසර ඇතුළත මෙරට සියලු සංවර්ධන කටයුතුවලදී පරිසර හිතකාමී බව පිළිබඳව වැඩි උනන්දුවක් දක්වනු ලැ‍ෙබ්.

පරිසර හා මහවැලි සංවර්ධන ඇමැතිවරයා ද වන වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය වසර දෙක ඇතුළතම කටයුතු කළේ තිරසර හා ධරණීය අයුරින් අප ර‍ට සංවර්ධනය කිරීම ය.

පැරිස් ගිවිසුම් අස්සන් කර අපේ රට ඇතුළතත් හරිතාගාර වායු විමෝචනය අඩු කරලීමටත් විශේෂයෙන් වාහනවලින් පිටවන දුම් පාලනයටත් අලුත් නීති රීති සකස් කිරීමට වත්මන් රජය පියවර ගත්තේ ය.

ඒ අනුව රටේ සියලු රාජ්‍ය ආයතන සූර්ය බලයෙන් ආලෝකවත් කිරීම හරිත බල ශක්තියට යොමු කිරීමේ කටයුත්ත ද හෙට මුදල් අමාත්‍යාංශයේදී ආරම්භ කෙරේ.

අපේ රටේ ප්‍රදේශවලින් සියයට 90 කටම පැය 12 ක් හොඳින් හිරු එළිය තිබේ. පරිසර හිතකාමී සංවර්ධනයක ගම්‍ය වන යථාර්ථයක් බවට පත් කරමින් ශ්‍රී ලංකාව හරිත බලශක්තියට පරිවර්තනය කිරීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ සියලු රාජ්‍ය ආයතන සූර්ය බලශක්තියට පරිවර්තනය කරන අතර එහි පළමුවැන්න 9 වැනිදා පෙරවරු 10.00 ට මුදල් අමාත්‍යාංශයෙන් ඇරැඹීමට සියලු පියවර ගෙන ඇත. මේ සඳහා මෙවර අය වැයෙන් රජය රුපියල් මිලියන 1500 ක් වැය කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ තිරසර සංවර්ධන වැඩපිළිවෙළ සහ අග්‍රාමාත්‍යතුමාගේ කඩිනම් ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය යටතේ මෙම සූර්යබල ශක්තිය දිවයින පුරා ප්‍රචලිත කෙරෙනු ඇත. බලශක්ති අර්බුදයට පිළිතුරක් ලෙස හරිත බලශක්තිය සම්බන්ධයෙන් මුළු ලෝකයේ ම අවධානය යොමුව ඇති මොහොතක 2017 අය වැය මඟින් ශ්‍රී ලංකාව ද ඊට සාර්ථක ප්‍රවේශයක් ලබා දී තිබේ.

දිනෙන් දින වැඩිවන බලශක්ති ඉල්ලුමට සාපේක්ෂව පවතින බලශක්ති ප්‍රභවයන් වේගවත් ව ඉහළ නොයෑම අද අප පමණක් නොව සමස්ත ලෝකයම මුහුණ දී ඇති ගැටලුවකි. විකල්ප බලශක්ති යන වචන ව්‍යවහාරයට එක්වන්නේ මේ ඉහළ යන බලශක්ති ඉල්ලුමට යම් පිළිතුරක් ලෙස ය. බලශක්ති ඉල්ලුමට මේ පිළිතුර කෙතරම් සාර්ථකව ලබාදීමට අපට හැකි ද යන්න මත ඉදිරි සංවර්ධන ගමනේ වේගය රඳා පවතිනු ඇත.

අප රටේ විදුලි බල උත්පාදනය පවතින්නේ මෙගා වොට් 4000 ක පමණ මට්ටමක ය. රට තුළ සිදුවන වේගවත් සංවර්ධනය හේතුවෙන් 2020 වනවිට විදුලිය අවශ්‍යතාව මෙගා වොට් 5300 ක් දක්වා ද, 2025 වනවිට එය මෙගා වොට් 7500 දක්වා ද ඉහළ යනු ඇතැයි අනුමාන කෙරේ. එබැවින් තවත් වසර කිහිපයකින් එල්ලවන මේ අභියෝගයට අද සිටම මුහුණදීම ඉදිරි දැක්මක් සහිත රජයක වගකීම වන්නේ ය.

රුපියල් 2000 කට වැඩි මාසික විදුලිය බිල්පතක් ගෙවන පාරිභෝගික ජනතාවට සිය බලශක්ති ප්‍රභවය හරිත බලශක්ති ප්‍රභවයක් වෙත පරිවර්තනය කර ගැනීම සඳහා රජය පහසුකම් සපයයි. මේ සඳහා රුපියල් 15000 ක ණය මුදලක් රජය ලබාදෙයි. බැංකු පොලියෙන් සියයට 50 ක මුදලක් රජය දරනු ඇත.

සූර්ය බලය මඟින් රාජ්‍ය ආයතන ආලෝකවත් කිරීම රජයට මුදල් දෙන මුදල් අමාත්‍යාංශයේදී ආරම්භ කිරීම ද ඇත්තටම කාලෝචිත කටයුත්තකි. ඒ අනුව මුදල් ඇමැති රවි කරුණානායක මහතා රටටම ආදර්ශයක් දී ඇත. මින් පසු රජයේ ආයතන සංවර්ධනයට මුදල් අමාත්‍යාංශය මුදල් ලබාදෙන විට ඒ රාජ්‍ය ආයතන හරිත බලශක්තිය උපදවා ගෙන සිය කටයුතු කළ යුතු බවට උපදෙස් දීම ද කළ යුතු ය. රාජ්‍ය ආයතනවල සියලු ගොඩනැගිලි මේ වසරේ සිට ඉදි කළ යුතු වන්නේ හරිත සංකල්ප අනුවය. ඒ සමඟම හරිත බලශක්තියෙන් පමණක් ඒ ආයතන ආලෝකවත් කළ යුතු බවට නියම කළ යුතුව ඇත.

අපේ රටේ අලුතින් නිවාස සැලසුම් අනුමත කරන විට තම වහලේ සූර්යබල පැනලයක් සවි කරන අයට යම් ප්‍රමුඛත්වයක් දිරිගැන්වීමක් සිදු කරන වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීම හා සූර්යබල පැනල සහන මිලට ලබාදීමට වැඩපිළිවෙළක් ද මේ සමඟ ආරම්භ කරන්නේ නම් එය ද ඉතා වැදගත් වනු ඇත.

ඒ සමඟම රාජ්‍ය අංශයේ පමණක් නොව පෞද්ගලික අංශයේ ආයතනවල ද සූර්යබලය, සුළං බලය, උපයෝගි කර ගන්නේ නම් ඒ අයට යම් යම් සුවිශේෂි වරප්‍රසාද ලබාදීමට රජයේ හා පළාත් පාලන ආයතන පියවර ගත යුතුව ඇත.

මීට අමතරව විදුලි බල අමාත්‍යාංශය මෙරට නිවාස පියසි ලක්ෂ 10 ක් මත සූර්ය පැනල සවි කිරීමේ ජාතික වැඩසටහනක් ද ක්‍රියාවට නංවා තිබේ. ඉන් වැඩි සූර්ය බලයක් නිපදවන අයට ඒවා ජාතික විදුලි පද්ධතියට දී මුදල් උපයා ගත හැකි ය.

මේ අයුරින් අපේ රටේ සුළං වැඩිපුර තිබෙන ප්‍රදේශවල රාජ්‍ය ආයතනවලට සුළං බලයෙන් විදුලිය නිපදවා තම ආයතනවල කටයුතු කිරීමට ඒ හරිත බලශක්තිය උපයෝගි කර ගැනීමට ද කටයුතු කළ යුතු ය. ඒ සමඟම දැව ඉන්ධන හා රළ බල විදුලිය මඟින් අපේ රටට හරිත බලය ලබාදීමට ද වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම කාලීන අවශ්‍යතාවකි. ඒ අන් කිසිවක් නිසා නොව දැනට අප වැඩිපුර බල ශක්තිය නිපදවීමට උපයෝගි කරගන්නා ගල් අඟුරු ඉදිරි වසර 50 ඇතුළතත් හා ඉන්ධන තව වසර 100 – 150 ඇතුළතත් පෘථිවි තලයෙන් ම අවසන් වීමට ඉඩ ඇති බවට භූ ගර්භ විද්‍යාඥයන් දැනටම අනතුරු අඟවා ඇති බැවිනි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්