ඉඩෝරය දිගටම

අක් වැහිවලින් කිසිම පලක් නෑ...

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කීපයකට මඳ වැසි ආරම්භ වූවත් ඉඩෝර තත්ත්වය දිගටම පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ශ්‍රී ලංකාවට උතුරු ප්‍රදේශයේ වේගවත් වියළි සුළං ධාරා ඇතිවීම හේතුවෙන් මෙසේ මඳ වැසි ඇතිවුවද එය ඉඩෝරය නිමා කරන්න ප්‍රමාණවත් නොවනු ඇතැයි පැවැසේ. මේ වන විට කුරුණෑගල, කෑගල්ල, ත්‍රිකුණාමලය, අනුරාධපුර ප්‍රදේශයන්ට මඳ වැසි ලැබී තිබිණි. මෙම වැසි තත්ත්වයන් දින කීපයකට පමණක් සීමා විය හැකි බව ද දෙපාර්තමේන්තුව පවසයි. ඉඩෝරය නිමා කරන වැසි ඇතිවිය හැක්කේ මාර්තු මස අගදි බව ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි. මෙවර ඉඩෝරය එල්නිනෝ තත්ත්වයක් නොවන මුත් වසර ගණනාවකට පසුව අප රට මුහුණ දෙන දරුණුම නියඟය මෙය බව ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

විස්තර »

සංවර්ධනයට යන හරි පාර...

 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්‍ෂිකා ක්‍රිස්ටීන් ලගාර්ඩි මහත්මිය සමඟ...
 

පුංචි ඡන්දෙ කවදාද දැන්ම කියන්න බෑ

පළාත් පාලන මැතිවරණ සීමා නිර්ණ කොමිසම සිය වාර්තාව පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතා වෙත භාර දුන්නද මැතිවරණය පවත්වන දිනය හෝ වකවානුව ගැන නිශ්චිතව සඳහන් කළ නොහැකි බව ජාතික මැතිවරණ කොමි‍සමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. සීමා නිර්ණ වාර්තාව නිකුත් කිරීමෙන් පසු පළාත් පාලන ඇමැතිවරයා ගැසට් නිවේදනයක් මගින් එය ප්‍රකාශයට පත් කළ යුතු වුවද එම ගැසට් නිවේදනය මෙතෙක් නිකුත් කර නැත.

විස්තර »

කැප්ටන් කූල් SLFP යුනියන් ලොක්කා පන්නයි

වරාය අධිකාරියේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපතිවරයා වන ප්‍රසන්න කළුතරගේ මහතා සේවයෙන් නෙරපා හැර ඇතැයි වාර්තා වේ. මේ සම්බන්ධයෙන් ඒ මහතාගෙන් කළ විමසුමකදී සඳහන් කළේ ඇමැතිවරයා ඇතුළු පිරිසක් හිතුමතයට තීරණ ගැනීමේදී සේවක පිරිසට අත්වන අපහසුතාවලදී වෘත්තිය සමිති නායකයකු වන තමන් ඊට එරෙහිව හඬ නැඟීම නිසා තමන් ඇතුළු සිවුදෙනකු සේවයෙන් නෙරපා හැර තිබීම නීත්‍යනුකූල නොවන බවයි.

අගමැතිගේ ස්විස් ගමනින් වාසි රැසක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ස්විට්සර්ලන්ත සංචාරයෙන් ශ්‍රී ලංකාවට වාසි රැසක් හිමි වී තිබේ.‍ අන්තර්ජාල මඟින් භාණ්ඩ හා සේවා ලබා ගැනීමට සහාය දක්වන ලෝක ප්‍රකට චීන අලිබාබා සමාගම සහ සුප්‍රක්‍රට‍ ඖෂධ සමාගමක් වන නොවාරටීස් සමාගම මෙරට ආයෝජන සිදු කිරීමට කැමැත්ත පළ කර ඇත. මෙමඟින් ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලැබේ.

විස්තර »

ජාතියේ මහා පහන් ටැඹටත් වරදී

රාජ්‍ය හා සංස්ථා සේවකයන් දස දහස් ගණනක් ගනුදෙනු කරන ලංකා බැංකුවේ නොසැලකිලිමත්භාවය නිසා ලංකා බැංකුව කේන්ද්‍ර කරගනිමින් අනෙකුත් බැංකු මඟින් වැටුප් ලබාගැනීමට බලාපොරොත්තුව සිටි දස-දහස් ගණනක් වූ රාජ්‍ය, ව්‍යවස්ථාපිත මණ්ඩල හා සංස්ථා සේවකයන්ට පසුගිය සිකුරාදා වැටුප් ලබාගැනීමට නොහැකි වීමෙන් දැඩි අසීරුතාවට පත් වී ඇත.

විස්තර »

සංවර්ධනය පමා වූයේ
මහින්දගේ ණය නිසයි

පසුගිය ජනපතිවරණ සමයේ හිටපු ජනපතිවරයා විසින් මාර්ග සංවර්ධනය උදෙසා යැයි පවසමින් ලබා‍ ගෙන තිබූ බිලියන 250ක මුදලේ ණය ගෙවන්නට සිදු වූ බැවින් සංවර්ධනය මඳක් පමා වූ බවත්, පසුගිය දස වසර තුළ සිදු කළ සංවර්ධනයට වඩා සංවර්ධනයක් යහපාලන ආණ්ඩුවේ වසර දෙක තුළ සිදු කළ බවත් මහා . . . .

විස්තර »
 


රන්බඩු ප්‍රමිති මුද්‍රාව 2018 දී අනිවාර්යයි

පසුගියදා ස්වර්ණාභරණ සඳහා ප්‍රමිති මුද්‍රා තැබීම 2018 වසරේ ජනවාරි 01 වැනි දා සිට අනිවාර්ය කිරීමට කටයුතු යොදන බව ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති අසංක වෙලගෙදර පවසයි.

විස්තර »

 
 

 

 

o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
 

 

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්