ජාතීන් හයේ රග්බි එංගලන්තයේ | සිළුමිණ

ජාතීන් හයේ රග්බි එංගලන්තයේ

රග්බි ලොව ප්‍රබලයන් හය දෙනකු එකිනෙකා ගැටෙන සය ජාතීන්ගේ රග්බි ශූරතාවලිය එංගලන්තයේදී ආරම්භ විය. පෙබරවාරි 04 දා ආරම්භ වූ තරගාවලිය මාර්තු 18 දා නිමාවට පත්වේ.

මෙකී රග්බි තරගාවලිය සඳහා එංගලන්තය, ප්‍රංශය, අයර්ලන්තය, ඉතාලිය, ස්කොට්ලන්තය සහ වේල්සයත් එක් වේ. ප්‍රේක්ෂකයන් 67,144 ක් ඉදිරියේ පැවැති ස්කොට්ලන්ත සහ අයර්ලන්තය අතර තරගයෙන් 27 - 22 කින් ස්කොට්ලන්තය ජය ගැනීමට සමත් විය.

එංගලන්තය සහ ප්‍රංශය අතර තරගයෙන් 19 - 16 ක තියුණු ජයක් හිමිකර ගැනීමට එංගලන්තය සමත් විය. ලන්ඩන්හි පැවැති මෙම තරගය නැරඹීමට ප්‍රේක්ෂකයන් 81902 ක් එක්වූහ. මේ අතර ඉතාලිය සහ වේල්සය අතර ප්‍රේක්ෂකයන් 40986 ක් ඉදිරියේ පැවැති තරගයෙන් 33 - 7 ක් ලෙස වේල්සය ජය ගැනීමට සමත් විය.

දෙවැනි සති අන්තයේ තරගවලදී ඉතාලිය - අයර්ලන්තය සමඟත්, වේල්සය - එංගලන්තය සමඟත්, ප්‍රංශය - ඉතාලිය සමඟත් තරග වැදීමට නියමිතය.

Comments