කන්තලේට අලුත් පාරක් | Page 2 | සිළුමිණ

කන්තලේට අලුත් පාරක්

පොලොන්නරුවේ සිට මැදිරිගිරිය හරහා කන්තලේට යෑමට අලුත් කෙටි මාර්ගයක් ඉදිකිරීම දැන් මහවැලි අධිකාරිය මෙහෙයවන මැදිරිගිරිය බිසෝපුර නව සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සිදුවෙමින් පවතී. කිලෝ මීටර් 24ක් දුරට අඩි 30ක් පමණ පළලට ඉදි කරනු ලබන මේ මාර්ගය සඳහා සම්පූර්ණ වියදම රුපියල් ලක්ෂ 25000ක් පමණ බව මහවැලි අධිකාරිය පවසයි.

මේ මාර්ගය නිසා ජනපදකරුවන්ට පොලොන්නරුව හා මැදිරිගිරිය වන්දනා කිරීමෙන් පසු ඉතා කෙටි දුරකින් සේරුවාවිල ද වන්දනා කිරීමට අවස්ථාව ලැබී ඇති බවත්, පොලොන්නරුවේ ජනතාවට කන්තලේට ත්‍රිකුණාමලයට යෑමට තිබූ දුර ප්‍රමාණය කිලෝමීටර් 60ක් පමණ අඩු වී ඇති බවත් මැදිරිගිරිය මහවැලි නේවාසික ව්‍යාපාර කළමනාකාර අසංක ගුණතිලක මහතා පවසයි.

Comments