නවලෝක ස්නායුවේද-ශල්‍යවෛද්‍ය ඒකකයේ නවතම පහසුකම්

නවලෝක ස්නායුවේද මධ්‍යස්ථානය සියලු ස්නායු රෝගි තත්වයන් සඳහා නවීනතම ප්‍රතිකාරක්‍රම යොදාගනිමින් ස්නායුවේද වෛද්‍ය විශේෂඥයන් ගේ සේවා පහසුකම් සලසා ඇත. ලෝකයේ දැනට ඇති දියුණුම ස්කෑන් තාක්ෂණ ක්‍රම සහිත විශේෂ ස්නායු ආබාධ සඳහාම වූ දැඩි සත්කාර ඒකකයක් මෙම මධ්‍යස්ථානයේ පිහිටුවා ඇත.

ආඝාතය, හිසරදය, අපස්මාරය, මොළයේ සහ සුෂුම්නාවේ හටගන්නා ගෙඩි (පිළිකා ඇතුළු), මොළයට සහ සුෂුම්නාවට සිදුවන අනතුරු, කොඳුඇට ආශ්‍රිත ස්නායු තෙරපීමෙන් හටගන්නා වේදනා සහ දුර්වලතා, වැනි මොළය සහ ස්නායු පද්ධතිය තුළ ඇතිවිය හැකි රෝගී තත්ත්වයන් සඳහා සානුකම්පිත ප්‍රතිකාර ක්‍රම නවලෝක රෝහලේ එක් වැදගත්වූ විශේෂඥ සේවයකි.


ඩෙනිම් විලාසිතාවේ සදාකාලික ගුණය ඔඩෙල්

ලොව පුරා විලාසිතා රුචි ජනතාව ඩෙනිම් ඇඟලූම් සඳහා ඉහළ කැමැත්තක් දක්වන අතර එය කිසිදා අඩුවන්නේ නැත. මෙරට විලාසිතා ක්ෂේත්‍රයේ දැවැන්තයා වන ODEL විසින් සිය පාරිභෝගිකයින්ගේ ඩෙනිම් විලාසිතා රුචිකත්වයන් තවත් ඉහළ තලයකට රැගෙන යමින් නව ඩෙනිම් විලාසිතා පෙළක් හඳුන්වා දී තිබේ. මෙම ඩෙනිම් පෙළ තුළින් ආකර්ශණීය ඇඟලූම් ඉදිරිපත් කිරීමේ ODEL සතු ශක්තිය තව තවත් ඉස්මතු වන අතර ලෝකයේ ප්‍රමුඛතම සන්නාම වලින් යුතු ඩෙනිම් ODEL වෙතින් මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින්ට හිමිවේ.

මෙම නව ඩෙනිම් පෙළට අමතරව ODEL ලෝකයේ ජනප්‍රිය සන්නාම වන Levis, Pepe Jeans London, Wrangler සහ Lee මෙන්ම අනිකුත් ඩෙනිම් සන්නාම සඳහා මෙරට ප්‍රමුඛතම විලාසිතාගාරය වේග විවිධල වර්ණ සහ නිමාවන්ගෙන් යුක්ත නව ඩෙනිම් එකතුව නිසා සිතැඟි පරිදි ඩෙනිම් තෝරා ගැනීමට වඩාත් සුදුසු ස්ථානය ලෙස සඳහන් කළ හැකිය.


තේ කර්මාන්තයෙන් පරිසරය ආරක්ෂාවට නව ඇසුරුමක්

තේ තොග වශයෙන් ඇසුරුම් කිරීමට නිෂ්පාදනය කරන රිජිඩි ටී සැක්ස් සහ මල්ටිවෝල් පේපර් සැක්ස් සඳහා SLS තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ශ්‍රී ලංකාවේ පළමු සමාගම වන සෙන්ට් රෙජීස් පැකේජින්ග් (St. Regis Packaging) සමාගම විසින් මෙරට තේ කර්මාන්තය පරිසරය ආරක්ෂා කර ගැනීමට දරන උත්සාහයට සහයෝගය ලබාදෙමින් පරිසරයට සිදුවන අයහපත් බලපෑම කැපී පෙනෙන ලෙස අඩුකරන නව ඇසුරුමක් දියත් කර තිබේ.

නවෝත්පාදනයක් ලෙස මෙම නව ඇසුරුම සෙන්ට් රෙජීස් පැකේජින්ග් සමාගම විසින් හඳුන්වා දෙන්නේ මෙරට තේ කර්මාන්තයට වසර 150 ක් පිරීමට සමගාමීවය.

ආයතනික තිරසාර විසඳුම් සම්පාදනයේ ප්‍රමුඛයෙකු වන කාබන් කන්සල්ටින්ග් කම්පනි (CCC‍) විසින් සිදුකළ තක්සේරුවකින් අනාවරණය කර තිබෙන්නේ සෙන්ට් රෙජීස් පැකේජින්ග් සමාගම විසින් හඳුන්වා දී තිබෙන ස්ථර තුනකින් (three-ply) යුතු මෙම කඩදාසි ඇසුරුම සඳහා කඩදාසි අඩුවෙන් භාවිතා කරන නිසා කඩදාසි නිෂ්පාදනය සඳහා කැපිය යුතු ගස් ප්‍රමාණය අඩුවී එමගින් පරිසරය ආරක්ෂා කිරීමට සහයෝගයක් ලැබෙන බවයි.


CAHM උපාධි උත්සවය 2017

The Colombo Academy of Hospitality Management (CAHM) ආයතනය,William Angliss Institute Australia ආයතනය හා එක්ව SLIIT හි පැවැත්වූ උපාධි වැඩසැටහනෙහි තෙවන, සිවුවන සහ පස්වන කාණ්ඩයන්හි උපාධි ප්‍රධානෝත්සවය පසුගියදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විය.

මෙම උපාධි ප්‍රදානොත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනෙහි නියෝජ්‍ය මහකොමසාරිස් ටිමි හගින් මහාතා සහභාගී විය. සෙසු ආරාධිතයන් ලෙස ඕස්ටේලියාවේ shdfõ William Angliss Institute ප්‍රධාන විධායක නිලධාරී නිකොලස් හන්ට්, CAHM හි සභාපති එරල් වීරසිංහ, SLIIT හි උපකුලපති සහ ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය ලලිත් ගමගේ සහ එහි ආචාර්ය මණ්ඩාලය හා උපාධිධාරීන්ගේ දෙමාපි‍ෙයා් සහභාගී වූහ.


UTE සමාගම Six Sigma අනුගමනය කරයි

ලොව පුරා සමාගම් රැසක් විවිධ ක්ෂේත්‍ර වැඩිදියුණු කිරීම සඳහා Six Sigma විධික්‍රමය භාවිතා කරයි. ව්‍යාපාර වැඩිදියුණු කිරීම සඳහා භාවිතයට ගත හැකි ප්‍රබල ක්‍රමෝපායක්වන මෙය, 1980 වසරේදී මෝටරෝල සමාගමෙන් භාවිතය ඇරඹුණු අතර, එතැන් පටන් ලෝක මට්ටමේ සමාගම් සහ ආයතන රැසක් එය සිය ව්‍යාපාරික මෙහෙයුම් කටයුතු සඳහා දායක කරගෙන ඇත.

පාරිභෝගික අවශ්‍යතාවන් ඉටු කිරීම අරමුණු කර ගනිමින් වර්තමානයේ Six Sigma විධික්‍රමය වඩාත් ව්‍යාපාරික කළමනාකරණ ස්වරූපයක් දක්වා වර්ධනය වී ඇත. Caterpillar Inc.සමාගම 2001 වසරේ පටන් සෑම ව්‍යාපාරික ක්ෂේත්‍රයක් සඳහා ම Six Sigma විධික්‍රමය භාවිතයට ගත් අතර, එම සමාගමේ අලෙවි නියෝජිතයන්ට ද එහි ප්‍රතිලාභ අත්විඳීමට හැකි වී තිබේ.

කැටපිලර් සඳහා මෙරට එකම බලයලත් අලෙවි නියෝජිතයාවන යුනයිටඩ් ට්‍රැක්ටර් ඇන්ඩ් ඉක්විප්මන්ට් (UTE) සමාගම, කැටපිලර් සන්නාමය සමග බැඳී පවතින විශිෂ්ට ක්‍රමවේද සිය ව්‍යාපාරික මෙහෙයුම් කටයුතුවලට ද දායක කර ගනී. තවද, Six Sigma විධික්‍රමය භාවිතයට ගැනෙන කැටපිලර් නිෂ්පාදන පද්ධතිය (CPS) වැනි කැටපිලර් සමාගමේ අඛණ්ඩ වැඩිදියුණු කිරීමේ විධික්‍රම ද UTE සමාගම විසින් භාවිතා කරයි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.