මැක්සන්ස් හෝල්ඩින්ස්ට ජගත් සම්මානයක්

මැක්සන්ස් හෝල්ඩින්ස් කළමනාකරන අධ්‍යක්ෂ සේවකයකුට යතුරු පැදියක් පිරිනමමින්...

තම සේවකයන්ගේ තෘප්තිය, ඔවුන්ගේ මහන්සියට වඩා වටිනාකමින් ඉහළ බව හඳුනාගත් ව්‍යාපාරිකයන් හා ව්‍යාපාරික ආයතන හමුවන්නේ කලාතුරකිනි. තමන් උපයන සෑම රුපියලකම මූල බීජය වැපිරූ මිනිසුන් වෙනුවෙන් යුතුකම් කරන්නට එවන් ව්‍යාපාරිකයන් කිසිදාක පැකිළෙන්නේ නැත. ඒ අතළොස්සට අයත් වන මෙරට ප්‍රමුඛතම පෞද්ගලික ව්‍යාපාරික ආයතනයක් ලෙස පිළිගැනෙන මැක්සන්ස් හෝල්ඩින්ස් සමූහ ව්‍යාපාරය මල්ටිලැක් තීන්ත නිෂ්පාදනය වෙනුවෙන් සිය දශක තුන හමාරක ඉතිහාස කතාවේ දිනිය හැකි ඉහළම ජාත්‍යන්තර සම්මාන සහතිකයක් වන අමෙරිකාවේ අයිපෙන් ආයතනය විසින් පිරිනමන ඊයම් සුරක්ෂිතතා තත්ත්ව සහතිකය තම ආයතනයට හිමි වීම සැමරුවේ මල්ටිලැක් තීන්ත නිෂ්පාදන ක්‍රියාවලියේ සිට වෙළඳපළට මුදාහැරීම දක්වා අනේකවිධ අයුරින් දායක වූ සිය සේවකයින් සමඟ එම ජයග්‍රහණය බෙදාගනිමිනි. පාරිභෝගික විශ්වාසය රැකගැනීමේ වැදගත්කම සෙසු ව්‍යාපාරිකයින්ට පෙන්වූවා සේම සිය සේවා නියුක්තිකයන් නිසි පරිදි ඇගයීමේ ගුණයද ප්‍රකට කිරීමට එමගින් මැක්සන්ස් හෝල්ඩින්ස් සමූහ ව්‍යාපාරය සමත් විය.

මැක්සන්ස් හෝල්ඩින්ස් ව්‍යාපාර සමූහය නිරතුරුවම ලබන ජයග්‍රහණයන් හි පදනම ඔවුන් සිය සේවකයන් සමග සෑම විටම එකම පවුලක් ලෙස බැඳී සිටීමයි. එතෙක් මෙතෙක් ඔවුන් ලැබූ සියලූ ජයග්‍රහණ මෙන්ම මුහුණ දුන් අභියෝගයන් හමුවේ මේ පවුල තව තවත් ශක්තියෙන් හා විශ්වාසයෙන් බැඳුණ අතර අද එය වෙන්කළ නොහැකි ශක්තිමත්ම බැඳීමක් වී තිබේ.

අමෙරිකාවේ අයිපෙන් ආයතනය විසින් පිරිනමන ලද ඊයම් සුරක්ෂිතතා තත්ත්ව සහතිකය හිමි වීමේ ඓතිහාසික ජයග්‍රහණයේ අභිමානයෙන් වර්ණවත් වෙමින් මැක්සන්ස් හෝල්ඩින්ස් සමූහ ව්‍යාපාරය තම ආයතනය හා වැඩිම කාලයක් රැඳී සිටි සේවකයින් විශේෂ ඇගයුමට ලක් කළ අතර එහිදී එම සේවකයන්ට දිරිදීමනා හා විශේෂ දීමනා ප්‍රදානය කෙරුණි. ඒ අනුව අවමය වසර දහයක සිට වසර 35 ක සේවා කාලය සම්පූර්ණ කළ අයට කාණ්ඩ කිහිපයක් යටතේ ඉතා වටිනා ත්‍යාග පිරිනැමුනේ ඔවුන්ගේ සිත් අමන්දානන්දයට පත්කරමිනි.

එහිදී ආරම්භයේ සිට මැක්සන්ස් හෝල්ඩින්ස් සමග සිටි සේවකයන් සඳහා රුපියල් ලක්ෂ 5ක ස්ථාවර තැන්පතු පිරිනැමුණු අතර රුපියල් ලක්ෂ තුනේ තැන්පතු හා යතුරු පැදි පිරිනැමුණේ වසර 30ක හා 25ක සේවාකාලයක් සම්පූර්ණ කළ අයටයි. තවත් බොහෝ සේවකයන්ට වටිනාකමින් අඩකට යතුරුපැදි ලබාදුන් අතර තවත් පිරිසකට මවුන්ටන් පා පැදි හිමි වීමද විශේෂත්වයක් විය. මැක්සන්ස් හෝල්ඩින්ස් සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමණාකාරීත්වයේ උපදෙස් පරිදි මානව සම්පත් අංශය මගින් මෙම උත්සවය සංවිධාන කළ අතර එහිදී ආයතනයේ අරමුණු, දැක්ම, හා අනාගත කාර්ය සැලැස්ම ඇතුළු කරුණු කැටිකොට සභාව ඇමතුවේ මැක්සන්ස් හෝල්ඩින්ස් සමූහ ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරී ස්මයිල් හුසේන් මහතායි. යහපත් ආකල්පයෙන්, එකමුතු බවින් ඉදිරියට යමින් දේශීය ව්‍යාපාරික ආයතනයක් ලෙස ශ්‍රී ලාංකීය නාමය තව තවත් ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමට මැක්සන්ස් හෝල්ඩින්ස් සමූහ ව්‍යාපාරය කැපවී සිටින බව ඔහු එහිදී අවධාරණය කරන ලදි .

සිටි ට්‍රඩින් සමාගම, මැක්සන් පේන්ට්ස් ලංකා පුද්ගලික සමාගම, මැක්ටයිල්ස් ලංකා පුද්ගලික සමාගම, මැක්ස් මාර්කටින් පුද්ගලික සමාගම, මෑන්ස් ලංකා පුද්ගලික සමාගම, මැක්සන්ස් ප්‍රොපටීස් පුද්ගලික සමාගම, ෂිම්සි ප්ලාස්ටික් පුද්ගලික සමාගම, ද හවුස් ඔෆ් ගිෆ්ටිස්, මැක්ස් ප්‍රෝ ඩෙකෝ ඉන්ජිනියර්ස් පුද්ගලික සමාගම, මැක්සන්ස් පවර් ඇන්ඩ් පැකේජින් පුද්ගලික සමාගම, මැක්සන්ස් මෝර්ටර්ස්, මැක්සන්ස් කෙයා පුද්ගලික සමාගම හා මැන්ඩරීනා යන මැක්සන්ස් හෝල්ඩින්ස් සමූහ ව්‍යාපාරයට අයත් සියලූ ආයතන මෙම උත්කර්ෂවත් අවස්ථාවට එක්වුනේ මෙරට ව්‍යාපාර ‍ක්ෂේත්‍රයේ අතු පතර විහිදුවා වැඩුණු දැවැන්ත වෘක්ෂයක් ලෙසයි.


අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.