නුවරඑළියට මල් තුහින | Page 2 | සිළුමිණ

නුවරඑළියට මල් තුහින

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මේ දිනවල හිමිදිරි පාන්දර 'මල් තුහින' බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇති විය හැකි වැසි ස්වල්පයක් හැර, දිවයිනේ බොහෝ පළාත්වල වියළි කාලගුණ තත්ත්වයක් තවදුරටත් අපේක්ෂා කැරේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල සමහර ප්‍රදේශවලට උදය කාලයේදී මිහිදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පෙබරවාරි 13දා සිට දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටක පැ. කි. මී. 60 දක්වා වැඩි වීමට ඉඩ ඇති බැවින් දිවයින වටා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ යැයි අපේක්ෂා කෙරේ. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතී. සුළං ඊසාන දිශාවෙන් හමන අතර සුළඟේ වේගය පැ. කි. මී. 20-30ක් පමණ වේ. කොළඹ සිට පුත්තලම හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටක පැ. කි. මී. 40-45 දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකිය. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍යයෙන් රළු නොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

Comments