රිනවුන් පෙරමුණට | සිළුමිණ

රිනවුන් පෙරමුණට

අන්තර් සමාජ චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ තවත් තරගයක් අද ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ සොලිඩ් කණ්ඩායම් අතර කැලණිය පාපන්දු පිටියේ පැවැත්වේ. මෙතෙක් පැවැති තරගවලදී රිනවුන් කණ්ඩායම ප්‍රසාද ලකුණු 15 ක් හිමිකර ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන තිබේ.

හයවැනි සති අන්තයේ පැවැති තරගවලදී යුද හමුදාව සහ සොලිඩ් අතර තරගයෙන් ගෝල 7 - 0 ක ජයක් යුද හමුදාවටද, රිනවුන් - නාවික හමුදා තරගයෙන් 2 - 1 ක ජයක් රිනවුන් කණ්ඩායමට ද හිමි විය.

මෙතෙක් පැවැති තරගවලදී රිනවුන් - කොළඹ - බ්ලූ ස්ටාර් සහ යුද හමුදාව පිළිවෙළින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන තිබේ.

Comments