කවි කල්පනා | සිළුමිණ

කවි කල්පනා

උය­න්පල්ලා සහ මල්

සීත මිහි­දුම් දුමා­රය මල් උයන වෙත රහ­සක් කියා
හන්තාන ගිරි සිරස පසු­ කර කොහේදෝ ඈතක ගියා
විසල් තුරු පත් අතර සැඟ­වුණු සියොත් කැල තටු සල සලා
පුරුදු පෙම් ගී තනුව වය­මින් නිදා සිටි මල් පුබුදලා

පෙම්ව­තුන් යන මංපෙතේ කැළික­සළ කොළ රොඩු ඉව­තලා
විඩා හැරි­යෙමි උයන අස­බඩ නදී තෙර ළඟ තනි වෙලා
විසුළ මල් පෙති රේණු සම­ඟින් ගලා යන්නට සැර­සිලා
මහ­වැ­ලිය විම­සුවා මා දැක වස­න්තය දුටු­වද කියා

සිසිල් උණ තුරු වදුල අද්දර ගිම්හාන කුටි­යට වෙලා
පැතුම් මල් පූදිනා ලස්සන දකි­න්නට පින් මඳ වෙලා
අතින් පැන් නිර­තු­රුව ඉසි­මින් රකි­න­මුත් අතු සන­සලා
පිපුණු මල් ඉති අහක බැලුවා දිළිඳු මා‍ ‍ෙනතු දෙස බලා

සිහින් සිරි­පොද සිත වෙළද්දී ගියත් මඟ­තොට නොම බලා
අසයි තොර­තුරු දෙපස වන­මල් නැමි නැමී මට හිනැ­හිලා
පැලේ දොර­කඩ වැවෙන මල් ගස සුදු වතක් හැඳ පේවෙලා
ගැට‍ෙඹ බුදු­හිමි දකි­න්නට මා සමඟ යන්නට සැර­සිලා

මල්කාන්ති වීර­සිංහ


අනිසි බිය

කඳු තරම් උස
හිතක් ඔබ­හට
තිබෙන බව මම දනිමි

කලා­තු­ර­කින් ගිනි පුළිඟු වැල්
සැදුුණු ගිරි හෙල් තියෙ­නවා
කඳු ඉසව්වල පිපුණු තුරු­ලිය
සිරස මත ගී ඇසෙ­නවා

සකුණ සුමු­වන් මියැසි සුමු­ණන්
නිද­හසේ රස විඳි­නවා
විසල් සෙනෙ­හස සුරැඳි තර­මට
අඳුර ගැන මට දැනෙ­න­නවා

අනිසි බිය­කින් අමුතු හැඟු­මෙන්
ලෙළෙන මගෙ හද වෙ‍ළෙනවා
නොකල් දව­සක රුදුරු පව්මුව
වමා­රාන ලෝදිය නදී
දවාදෝ මා සෙනෙහෙ සිති­විලි
පිපුණු මල් උයනේ වැදී


අබ්දුල් කේ. සාදී­කින්
 


බ‍ූන්දල ක.වි.

රූප­ක­ලං­කාර නැති
පෙර’පර එළි­ස­මය නැති
හිරු රැස තදින් ඇති
මෙගම එක’මෙක බස් එකක් ඇති

ජීවි­තය ලුණු රසැ’ති
පිරිමි ලේවායෙ වැඩ ඇති
දාවලේ එහෙ­මට වැඩක් නැති
ගැහැනු ටී.වී. බල­න්නට රුති

ඇසු­වත් ගී හිතැති
මොනර කොළ­යක් නිකම් දෙන්නැති
සාක්ෂ­ර­තාවැ’ති
මොනරු එනු යනු දැක ඇති

නාඳු­නන පවර මැති
ස්ථාන මාරු ළඟ නැති
ගුරු­වරු මුල් අදින්නේ නැති
මේ බස් එකෙන් මෙහි එති

දරුවෝ උනුන් රිසි
ගෙදර වැඩ කිසි පොතක නොලි­යති
පෝෂණ අබැට වල­ඳති
අව්වේ අකුරු ඇහිඳිති

එ’අකු­රු­වලැ’ති සවි
උන්ට හැඳු­නුම්කම නැති
සකි­යනි මෙකව් රස­හව්
සර­ස­විය වත් විඳ නැතිව ඇති


රංජිත් මල්ලි­යා­වඩු


මලක ආද­රය

පෙති සලා රෝස මල පවන හා රඟන විට
නටුවෙ අග කටු රෑන දැඟ­ලුවේ රැක­ගන්න
නපුරු ඇයි ඔය තරම් ආද­රෙයි මට පවන
ඔර­ව­මින් නැළ­වුණා පවන හා ‍ඕවිල්ලේ

‍රෝස තොල් විහි­දුවා රොන් සලා සඳ යාමේ
නටුවලට හොර රහසෙ දැව­ටුණා මඳ පවනෙ
සුදු වලා පාවෙලා සළු උනන සඳ පානෙ
නුරා­වෙන් මත්වෙලා වෙළීගෙන ගුමු ගුමුවෙ

ළහිරු රැස් න‍ැ‍ඟෙන විට හකු­ළුවා පෙති තැළුණ
පිනි කඳුළු වගු­රුවා අස­ර­ණව සැලෙන දෙස‍
­ඉ­ඟි­මරා නෙත් කොනින් කිසිත් සිදු නොවූ ලෙස
පවන රළු වෙස් රැගෙන ඉඟි­ළු‍ෙණ් වගෙ

හේරත් පලා­ප­ත්වල
 


සූරි­ය­කාන්ත මල­කට

එක්කෝ
අහ­ස­ටම යන්න
පො‍ෙළාව
අතැර

ප්‍රදීප් සාරංග කුමාර


සීගිරි ළඳුන්

හෙළ කලා­කරු
සුනිල දෑතින්
සිතු­වම් කළ නුඹ රුව‍
­හද බිතෙහි ගැල්වූ
සිංහ පා මුල
දිගු නියට හසු වී
දිවි බිය නොදැ­නුණි ද
අප්ස­රා­වියේ සීගිරි
සීත මාලි­ගා­වට වැදී
පෙමින් බැඳු­ණිද
ශිල්ප දැක් වූ තෙළි තුඩට
ආලෙන් වෙළී
රැඟු­වාට බිඟුන් මල වට­ කර
නොදනී උනුන් නුඹ පෙම
මෙප­වත අම­තක කොට
පෙන්වන ජල උද්‍යා­නයේ


නිහාල් රංජිත් කොඩි­තු­වක්කු


රහ­සක්...

ඔය ළයට දී හිස
පසු කළා පෙර­යම් කිස
පසක් කොට සෙනෙ­හසේ අනු­හ­ස‍
­ඉ­තින් අපි දැන් මැදි­යම් කිස

පාසල් රියේ අසු­නක
පා දෙවූ මුහුදු රැල්ලක
පණ ගැහුණු ඒ සෙනෙ­හස
නවමු කිති­යක් හිත යට

තබා අත නළල රැළි කොට
ඔය නෙතට නෙතු ළං කොට
ආ මගට සිත් ලන විට
සතුටු කඳු­ළක් සැන­සු­මට මට

නොදොඩා පරොස් ‍අඳුර­ට‍
­ඉටි පහ­නක් ව අත යට
මට අයිති සෙව­ණැ­ල්ලට
නුඹ ඇවිත් ඒ හිඩැ­සට

ගත වූ පහුණු තිස් වස­කට
කාලය ගොහින් සුළ­ඟට
රෑ දවල් ළං කෙරු­වට
යයි ද ඉර හඳ වය­සට

අප දකින සොඳුරු හීනෙට
ඇස් ඇරුණොතින් දව­සක
සංසාරෙ යැයි කියා
දෙයක් හෙම තිබු­ණො­ති­න්
­ත­ක­හ­නියෙ එන්න මගෙ තනි­යට

ලියූ­වත් මිහිරි පද දහ­සක්
නොවෙ­න­සට තියේ­විද? වෙන­සක්
ළංවෙන්න! කිය­න්නට රහ­සක්
ළ’බැදි නුඹ මට සොඳුරු අහ­සක්

ජයන්ත නිම­ල්සිරි


ලන්තෑ­රුම

ගම් මාන­යට විදු­ලිය නැති යුගයෙ පෙර
ගෙන්ගෙට එළි­ය­කල ගන­ඳුර ඉවත හැර
මෙහෙ­යක් කෙරූ ගැමි ජන­යට නොයෙක වර
ලන්තෑ­රුම තිබේ අද අයි­න­කට කර

දහ­වල නිමව ගන­ඳුර වැටු­ණට පස්සේ
රෑ පැල් රකින ගොවියා බාදක අස්සේ
සක­සු­රු­ව­මට තැබු­වම පැල තුළ මැස්සේ
ලන්තෑ­රුම එළිය දුනි මුළු ­රෑය තිස්සේ

ගැල්කරු එදා බඩු පට­වා­ග­මින් ගැලේ
නෙක ගම් දන­ව්වල ගොස් පෙන්න­මින් බලේ
ගන­ඳුර වැටුණු පසු නැවතී ගිමන් හලේ
ලන්තෑ­රුමේ එළි­යෙනි රැය පහන් ක‍ෙළ්

දිය­ඹට ගිය ඔරුව එන­තුරු වෙරළ බලා
දීවර පිරිස ඇති සයු­රට දෙනත හෙළා
සැන්දෑ අඳුර ආවිට එතැ­නට ද ගලා
අඩු­වක් නොව­න්නට එහි ඉඳ එළිය කළා

කඩ­පිල ගෙදර දොර මග­තොට එළිය කොට
ගැමි ජන­යාට මෙහෙ­යක් කළ කලක සිට
පරි­හ­ර­‍ෙණට නොගෙන විදු­ලිය ලැබුණ විට
අද ඇත යවා ලන්තෑ­රු­මද කටු ගෙට

අප­රැක්කේ සුනිල්
 


මනු රියැ­දුරු


අපි සැම රිය ඇදුරෝ වෙමු
ඒ දිවි සැරිය පද­වන නිසා­වෙනි
එන­මුත්
කිසි විට තිරිංග නොපා­ගන්නේ
නැව­තු­ම්පොළ නොහ­ඳු­නන බැවිනි


කවීෂ ලක්රු­වන්
 


පුතු වාස­නා­වන්!


මිහි­ම­ඬල මත සතුට ගෙනැ­විත්
තුරුලු කර ළය මතට
සෙනෙ­හ­සක් එකතු කර­මින්
හිනැ­හුණා චූටි පුතු
සැන­සුණා මතු - මතුත්
මවක් වී මම
දෑත් පා උස ගිහින්
ගසක් සේ සෙවණ දෙන
ඔබේ කිරි­කැටි මුහුණ
පෙනේ නෙත් තුළින් මට
ආද­රය කරු­ණාව
එකතු කර හැම­දාම
ළඟින් සිට සන­ස­වයි
එදා වාගෙම අදත්
ළබැඳි පුතු සහ මවක් සේ මම
සුරත දිගු කර­මින්
ඇවි­දින්න වාරු දී
කව­න්නට බත් පිඩක්
බොරු කතා හැදූ මම
අද පුතුට බරක් වී
ජීවි­තය ගෙන යමී ඉදි­රි­යට


කමලා ධර්ම­ලතා ජය­සූ­රිය


ඒ ‍ඔබ ද?

දුටිමි ඔබ එක් දිනෙක
බණ මඩුවේ හෙමි හෙමින්
පිය­වර තබන යුරු
සුදු­ව­තින් සැරසී

පත්ක­ඩක් අති­න් ගෙන
බොඳවූ නෙතු දිවි­ක­තර ඉම
වියළි දෙකො­පුල කියන අනි­යත
අක් බඹරු කෙහෙ කලඹ

ඇයිද මේ ධවල පැහැ­ගෙන
විදු­හලේ හැමෝ­ගෙම
නෙත් සිත් පැහැ­ර­ගෙන
දුව පැනපු කෙල්ලද මේ

ඔබ එදා මිහිරි ස්වර
ගැයූ හැටි මත­කයි තාම
ඒ හඬි­න්මද අදත් ඔබ
බුදු­ගුණ ගයන්නේ


නිශ්ශංක රණ­වක


අදිසි


මල් හොරු
රෑට සුපි­පෙන නෙක­ මල්
අතු­රු­දන් වෙයි රජුගෙ උයනේ
රැක­වල් කළ ද කොප­මණ
නොවේ එහි කිසි අඩු­වක්

සිති­විලි කුද­ල­ගෙන එයි
රාජ උද­හස බිය­කරු
උය­න්පල්ලා වෙවු­ලයි
සසල වන සිත අබි­යස

ඉව­සු­මක් නෑ ඔහු­ හට
පැමි­ණිලා අරු­ණලු
උරා බොන තෙක් කළු­වර
සුර අඟ­නුන් පැමිණ
නෙළා­ගෙන යන­වලු මල්
පැව­සු­වෙන් උයන් සග­යෙක්

සරයි ඔහු උය­න­වට
පහන් කර­මින් රැය
එහෙත් ඒ මල් මන ලොල්
අතු­රු­දන් වෙයි මහ රෑ


රුවන් රත්නා­යක


බලන අම්මා


ඉදි­ය­ප්පන් හැලප කූඩය පුර­ව­ගෙන
වැඩි­පුර සිනහ පිරි මුව මඬ­ලින් බලන
ඉරිදා සවස දුම්රියෙ මට මුණ ගැහෙන
අම්මේ, දෙස­ති­යක් නොසි­ටියෙ ඇයි ‘බලන’

කෙසෙල් කොළ පළුවෙ ඉදි­ය­ප්පන් ඔතලා
කොච්චි කොටපු රතු සම්බල මැද තියලා
අස­නී­පෙන් හිටිය ලොකු උන්දැව දැකලා
නෑවිත් නැව­තු­ණද ලෙඩ පපු­වම රිදිලා

හිල් නැති කැන්ද කොළ උණ කෙක්කෙන් කඩලා
කුර­ක්කන් හැලප පැණි අඩු­වෙන් හදලා
තුන­ටියෙ අමා­රුව ගොම පිල උඩ තියලා
නෑවිත් නැව­තුණ ද සුදු සාරිය ඉරිලා


ශ්‍රීමෙත් මධු­සංක


සිත නිවන මඟ


රුව­නමැලි සෑ මළු­වට
අනු­බුදු හිමි­ ව­ඩින
දොහොත් මුදු­න­තදී
‍මහබෝ හිමි නම­දින
සාදු නද පැති­රෙයි
අනු­ර­පු­ර­යම නිවා­ ස­න­හන
හද­වත දැහැ­න්ගත වෙයි
සමාධි බුදු­රුව අබි­යස


රත්න­සිරි පති­රණ
 


තේ සිනා වරුණ


සිලි සිලි පිනි අතර දැව­ටෙන තේ දල්ලේ
සැලි සැලි නටන ළා රන්වන් අවු රැල්ලේ
ගිලි ගිලි තුටක නෙළනා’තර තේ දල්ලේ
මිණි මිණි සිනා පොද­කිය ආ අරු­ණැල්ලේ

මීදුම දැවටී ළා නිල්වන් කඳු රැල්ලයි
සීතල නලින් නැළවෙන ළා දලු ගොල්ලයි
පාවෙන වලා­වක රැඳී මුදු නැළ­වි­ල්ලයි
සීවෙන විට දි සිත තව හස­රැළි ඉල්ලයි


සුනිල් ලීවා­නගේ


එතෙර කවිය

අමුත්තා

ඔබ ඔය දකින
මේ සරල මුහුණ
මගෙ නොවේ.
මේ මුහු­ණින්

ගෙදර ගියො­තින්
අමු­ත්තෙකු යැයි
සිතනු ඇත මා
මගෙ බිරිඳ සහ
අස­ල්වැ­සි­යන්.


කන්හ­යියාලාල් සේතියා
(Kanhaiyalal Sethiya)

කිසි­යම් පුද්ග­ල­ය­කුගේ අන­න්‍ය­තාව සම්බ­න්ධ­යෙන් ගනු ලබන තීන්දු තීරණ සහ නිග­මන එක් මොහො­ත­කදී සුනු විසුනු වී යා හැකිය. රටක, ජාති­යක හෝ ආග­මක නියෝ­ජ­නය තහ­වුරු කෙරෙන කිසි­යම් අන­න්‍ය­තා­වක් මානු­ෂීය සබ­ඳතා හමුවේ නිමේ­ෂ­ය­කින් වෙනස් වීමට ඉඩ තිබේ. අන­න්‍යතා අර්බු­දය මතු වන්නේ එතැන් සිටය.

සාහිත්‍ය ඇකැ­ඩමි සම්මා­න­යෙන් පුද ලද රාජ­ස්ථානී කවි­යකු වන කන්හ­යියාලාල් සේතියා විසින් රචිත කාව්‍ය නිර්මා­ණ­යක් ඇසු­රින් පරි­ව­ර්ත­නය වී ඇති ‘අමුත්තා’ සඳහා පාදක වී ඇත්තේද අන­න්‍ය­තාව පිළි­බඳ සංක­ල්පය බව දැකිය හැකිය. බොහෝ­විට පුද්ග­ල­ය­කුගේ අන­න්‍ය­තාව පහ­සු­වෙන්ම සල­කුණු කර­ගත හැකි වන්නේ මුහුණ ඔස්සේය. සර­ලව කිව­හොත් පුද්ග­ල­යකු එක්වරම හඳු­නා­ගත හැකි වන්නේ මුහු­ණෙනි. පුද්ග­ල­ය­කුගේ ස්වරූ­පය කියා පාන, ඒ පුද්ග­ල­යාගේ ගති සොබා­වන් විදහා පාන, ජීවි­තයේ කැඩ­පත මුහුණ යැයි ඇතැම් අය සිතති. එහෙත් කිසි­යම් පුද්ග­ලය­කුගේ මුහුණ සැබැ­වින්ම ඔහුගේ හෝ ඇයගේ සැබෑ ස්වරූ­පය කියා පාන්නේ නැත. අව­ස්ථාව, පරි­ස­රය සහ කාලය අනුව එය වෙනස් විය හැකිය. ගෙද­රට එක මුහු­ණක් පෙන්වන අයෙකු පිට­ස්තර ලෝක­යට වෙනත් මුහු­ණක් පෙන්ව­න්නකු විය හැකිය. කාර්යා­ල­යේදී හෝ වැඩ­පො­ලේදී එක් මුහු­ණක්ද, මඟ­තො­ටදී තවත් මුහු­ණක්ද, මිතුරු සමා­ග­ම­යේදී වෙනස්ම මුහු­ණක්ද පෙන්ව­න්නන් සිටිය හැකිය. ප්‍රසිද්ධ ජන­හ­මු­ව­කදී එක් මුහු­ණක් පෙන්වන දේශ­පා­ල­න­ඥයෝ පාර්ලි­මේ­න්තු­වේදී තවත් මුහු­ණක් සහ පෞද්ග­ලික ජීවි­ත­යේදී වෙනස්ම මුහු­ණක් පෙන්වන්නෝ වෙති. මේ ආකා­ර­යෙන් විවිධ අය විවිධ තැන්ව­ලදී විවිධ මුහු­ණු පලඳින්නේ තමන්ගේ සැබෑ ස්වරූ­පය සඟවා ගනි­මින් ව්‍යාජ අන­න්‍ය­තා­වක් ගොඩ නගා­ග­න්න­ටය.

මෙම කාව්‍ය නිර්මා­ණයේ කථ­කයා සෘජු­වම කියා සිටින්නේ අන­න්‍ය­තාව සම්බ­න්ධ­යෙන් සෑම අයකුටම මුහුණ දීමට සිදුව ඇති ඛේදය ගැනය. සිය පෙම්ව­ති­යට, ප්‍රිය­සා­දයේ යෙදෙන මිතුරකුට හෝ පිට­ස්තර සමා­ජ­යට පෙන්වන සරල සැහැල්ලු මුහුණ ගෙදර ගෙන යා නොහැ­කිය. ගෙදර ඇත්තේ වෙනම පරි­ස­ර­යකි. කුටු­ම්බ­යේදී මුහුණ දීමට සිදු වන දුක්ඛ දෝම­න­ස්ස­යන් හමුවේ ඒ සරල මුහුණ බැරෑ­රුම් පෙනු­ම­කට මාරු විය යුතුය. ගේහ­සිත ජීවි­තයේ වග­කීම් කරට ගන්නා පුද්ග­ල­යකු බව නිවැ­සි­යන්ට සහ අස­ල්වා­සීන්ට පෙන්ව­න්නට නම් සරල සැහැල්ලු මුහුණ වෙනු­වට ප්‍රශ්න ගැන නිතර වද වෙන බවක් පෙන්වන පෙනු­මක් මුහු­ණට එක් කර­ගත යුතුය. එසේ නොවු­ව­හොත් ඔහු සිය බිරිය සහ අස­ල්වැ­සි­යන් හමුවේ අමු­ත්තෙකු බවට පත් වනු ඇත. මේ කාව්‍ය නිර්මා­ණයේ කථ­කයා හරහා කවියා විසින් ඉදි­රි­පත් කරනු ලබන්නේ අද සමා­ජයේ සියලු දෙනාම පාහේ අත්වි­ඳි­මින් සිටින යථා­ර්ථ­යම නොව­න්නේද?

පරිවර්තනය - අජිත් නිශාන්ත

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.