The Music Project සමග ටෝකියෝ සිමෙන්ති අත්වැල් බැඳගනී

පාසල් දරුවන්ට සිය සංගීතමය හැකියාවෙන් ලොව ජයගන්නට මග පෙන්වන The Music Project මියුසික් ප්‍රොජෙක්ට්- ව්‍යාපෘතිය සමග ටෝකියෝ සිමෙන්ති සමූහය අත්වැල් බැඳගත් බව සතුටින් දන්වා සිටියි.

මෙමගින් 2017 වසර තුළදී මුලතිව් දිස්ත්‍රික්කයේ යෝහපුරම් මහා විද්‍යාලයේ සහ තේරන්කන්ඩාල් මහා විද්‍යාලයේ සංගීතය හදාරන සිසුදරුවන් 140 ක් සහ කුරුණෑගල සිරි ගුණානන්ද මහා විද්‍යාලයේ දරුවන් 50ක් වෙනුවෙන් The Music Project මගින් පවත්වනු ලබන සංගීත පුහුණු වැඩමුළු සඳහා අනුග්‍රාහක දායකත්වය ටෝකියෝ සිමෙන්ති ලංකා සමාගම විසින් දරනු ඇත. උතුරේ සහ දකුණේ දරුවන්ගේ සංගීතමය හැකියාව ඔප් නංවා එතුළින් සාමුහිකත්වයේ සහ සන්හිඳියාවේ පාලමක් ගොඩ නැංවීම මෙම එකමුතුවේ අරමුණයි.

විශේෂයෙන්ම වසර තිහක යුද්ධය නිසා පීඩාවට පත් උතුරේ සහ නැගෙනහිර පළාතේ සහ දකුණේ අඩු පහසුකම් ලබන පළාත්වල තෝරාගත් පාසල් කිහිපයක දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය හරහා විශ්ව භාෂාව වන සංගීතය මෙවලමක් ලෙස යොදාගනිමින් අධ්‍යාපනික කඩඉම් වලින් ඔබ්බට ගිය වඩාත් දීප්තිමත් අනාගතයකට දොරටු විවර කිරීම The Music Project හි ප්‍රධානම අරමුණයි.


සංජීව් ගාඩ්නර් වකුගඩු සන්නාම තානාපති

ගෝල්ෆේස් ගෲප් සමූහ ව්‍යාපාරයේ අධිපති සංජීව් ගාඩ්නර් මහතා ලංකාවේ වකුගඩු සම්බන්ධ තානාපති ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගියදා පත් කෙරිණි. පොලොන්නරුව, මැදිරිගිරිය ප්‍රදේශයේ සහ ඊට ආසන්න ප්‍රදේශවල පිරිසුදු පානීය ජල ව්‍යාපෘති 7ක්, රුපියල් මිලියන 30ක මුදලක් වැය කරමින් ජනතා අයිතියට පසුගියදා පත්කිරීම ඒ මහතා විසින් සිදුකරන ලද සුවිශේෂී සේවයකි. සංජීව් ගාඩ්නර් මහතා දෙස් විදෙස් සම්මාන රැසක් හිමිකර ගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකි.


ශ්‍රී ලංකාවට හරිත හෙටක් නව ජාතික ප්‍රතිවනරෝපණ ව්‍යාපෘතිය

ශ්‍රී ලංකා වන සංරක‍්ෂණ දෙපාර්තමේන්තුවේ ද සහයෝගීතාව ඇතිව මිහිමව සුරැකීම උදෙසා වූ Blue Mountain සමූහ සමාගම පසුගියදා ශ්‍රී ලංකාවට හරිත හෙටක් යනුවෙන් හඳුන්වනු ලබන, නව පුනර්වනරෝපණ ව්‍යාපෘතිය දියත් කිරීමේ වැඩසටහනට එක්වූහ. Blue Mountain සමූහ සමාගමේ සභාපති හිරාන් මහතාගේ දැක්මකට අනුව මෙම ව්‍යාපෘතිය සංකල්පගත කෙරුණි. ශ්‍රී ලංකා වන සංරක‍්ෂණ දෙපාර්තමේන්තුව සමග එක්ව දියත් කරනු ලබන මෙම ව්‍යාපෘතිය මඟින් ඉදිරි වසර 10 පුරා විල්පොත ප්‍රදේශයේ ඉඩම් අක්කර 125ක නැවත වනවගාවක් සිදු කිරීමට අපේක‍්ෂිතය.

මේ පිළිබඳ වන අවබෝධතා ගිවිසුමක් පසුගියදා Blue Mountain සමූහයේ සභාපති වෛද්‍ය හිරාන් හෙට්ටිආරච්චි සහ වන සංරක‍්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක‍්ෂ ජනරාල් එස්. ඒ. ඒ. සතුරුසිංහ යන මහත්වරු අත්සන් තැබූහ.

ශ්‍රී ලංකා වන සංරක‍්ෂණ දෙපාර්තමේන්තුව සමඟ එක්ව මෙම පරිමාණයෙන් සහ විශාලත්වයෙන් යුතු, වාණිජ අරමුණකින් තොර වූ පාරිසරික ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නංවන, පෞද්ගලික අංශය නියෝජනය කරනු ලබන ප්‍රථම සමාගම Blue Mountain සමාගමයි.

ජාතික වනවගා ප්‍රවර්ධන උපාය මාර්ග ශක්තිමත් කිරීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකාවට හරිත හෙටක් ව්‍යාපෘතිය දියත් කෙරුණේ විල්පොත (පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි) ප්‍රදේශයේය. ශ්‍රී ලංකාවේ තර්ජනයට මුහුණපා ඇති වනාන්තර පද්ධති අතරින් කිහිපයක් ආරක‍්ෂා කර ගැනීමට මෙම ව්‍යාපෘතිය සහාය දක්වනු ඇත.

එමෙන්ම, මෙම වනාන්තර පද්ධති හා අදාළ සුවිශේෂී ජෛව විවිධත්වය සහ ශාක හා සත්ත්ව ගහණයන් සුරක‍්ෂිත කිරීමට මෙන්ම ඔවුන්ගේ සුවිශේෂී වාසස්ථාන ස්ථානීයව ආරක‍්ෂා කිරීමට මෙම ක්‍රියාවලිය ඔස්සේ අවස්ථාව උදාවනු ඇත.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.