සාරංග-උමාලි කැදැල්ල විසි­රෙයි ! | Page 2 | සිළුමිණ

සාරංග-උමාලි කැදැල්ල විසි­රෙයි !

හේතුව ලේන පැටියෙක්ද?

අද ඇති වෙලා හෙට නැති වී යන පෙම් කතා කලා ලෝකයේ ඉතා සුලබයි. මේ තමයි මේ දිනවල අහන්න ලැබෙන උණුසුම්ම කට කතාව. කට කතාවක් කිව්වාට අපට ලැබුණු ආරංචියේ හැටියට නම් ඒ කට කතාව බොරුවකුත් නෙමෙයි.

නමුත් මේ දෙපළ ගේ පෙම් කතාව නැත්නම් හදා ගත්තු කැදැල්ල මෙහෙම ඉක්මනින් විසිරෙයි කියලා බොහෝ දෙනෙක් හිතුවේ නැහැ. තවමත් විශ්වාස කරන්නෙත් නැහැ. අප මේ කියන්නේ කලා ලෝකයේ ජනප්‍රිය තරු යුවළක් වූ සාරංග දිසාසේකරගේ සහ උමාලිගේ තිලකරත්න ගේ විවාහය දෙදරා ගොස් ඇතැයි පැතිර යන ආරංචිය ගැනයි.

ඒ පුවත මේ වන විට සැබෑවක් බව දෙපාර්ශ්වයම පිළිගෙන තිබුණත් ඒ පිළිබඳ වැඩි යමක් ප්‍ර‍කාශ කරන්න සාරංග සහ උමාලී ඉදිරිපත් වී නැහැ. මේ වන විටත් සාරංග උමාලිගෙන් වෙන් වෙන්නට දික්කසාද නඩුවක් පවරා ඇති බව ආරංචි.

ඔහු මේ දිනවල ඔස්ට්‍රේලියාවේ සංචාරයක යෙදී සිටින අතර මේ සති අන්තයේ ලංකාවට පැමිණිමට නියමිතව ඇත. ඉන් පසු දික්කසාදයට අවශ්‍ය නීතිමය කටයුතු සකස් කෙරෙන බවට ආරංචිය. කෙසේ වෙතත් මේ වන විට උමාලි ද සිය පවුල සමඟ ජපානයේ වාසය කරයි.

මේ දෙදෙනාගේ විවාහය දෙදරා යෑමට ප්‍රධාන හේතුව වී ඇත්තේ උමාලි සහ නවක නළුවකු අතර වසර දෙකක සිට පවතින ප්‍රේම සම්බන්ධයක් බව පැවසෙයි.

කිහිප විටෙකම මෙම සබඳතාව නවතා දමන මෙන් සාරංග ඉල්ලීම් කර තිබුණද ඊට උමාලිගෙන් යහපත් ප්‍ර‍තිචාර නොලැබුණු නිසා මෙසේ වෙන් වීමට තීරණය කර ඇතැයි ද වාර්තා වේ.

සනත් අබේසේකරගේ සඳවත සේයා ටෙලි නාට්‍යයේ පෙම්වතුන් ලෙස රංගනයට එක්වමින් පසුව සෑබෑ ලොවේ පෙම් වතුන් වූ සාරංග උමාලි ගේ ආදර කතාවට ඔවුන් විවාහ වන විට වසර හතකි. මිට වසර තුනකට පෙර විවාහ වූ මේ දෙපළ ගේ තුන් වන විවාහ සංවත්සරය යෙදි තිබුණේ ද පසු ගිය දිනෙකය.

ඔවුන් ගේ වෙන් වීමට හේතු වුවා යැයි කියන ජනප්‍රිය නළුවා සහ උමාලි ගේ පෙම් පලහිලව්ව ඇරඹී ඇත්තේද ඔවුන් දෙදෙනා එක්ව රංගනයේ යෙදුණු ටෙලි නාට්‍යක් නිසාය..පළමු ප්‍රේමයෙන් පැර දී නැවතත් කිසිවකුටත් ආදරය නොකරමි යැයි වරක් පැවසු ජනප්‍රිය නළුවාගේ හිත උමාලි වෙත ඇදි ගොස් අවසන් වූවත්.

පසු ගිය කාලයේ ඔහු ප්‍ර‍කාෂ කළේ උමාලී ගැන ඔහුට ඇත්තේ සහෝදරියක ගේ හැඟීමක් පමණක් හා සාමාන්‍ය හිතවත් කමක් බවයි.. කට කතා ඕනැම කෙනෙකුට පැතිර විය හැකි මුත් එවා තමන් ගණන් නොගන්නා අතර ඉන් තමන්ට කිසිදු හානියක්ද නැති බව ඔහු පවසා ඇතැයි වාර්තා වෙයි. මේ ගැටලුව උග්‍ර‍ වීමට බලපා ඇත්තේ ජනප්‍රිය නළුවා විසින් උමාලිට තෑගි කළ ලේන් පැටියකු බව ද පැවසේ.

 

Comments

මෙන්න මේ links ටික බලන්න. ඔය කතාවේ දෙපැත්තක් තියෙනවා කියලා අපිට හිතෙනවා https://lankacnews.com/%E0%B6%9A%E0%B6%A7%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%A7-%E0%B6%AD%E0%B6%A7%E0%B7%94-%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%93-%E0%B6%89%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD/

me loke kenek thawa kenekta hamu wanne pera sansaare idan athi kara gath badin nisayi, jivithe me siduwela thiyana warada niwaradi karan idiriyata sahayogayen ekawahalak yata jivath wenna labewaa kiyaa pathanawa......! theruwansaranayi,,,,!

පිටු