විවර

 

සීතලෙන් නිඳිමත කඩාගෙන දෑස හැර බලනා උදේ

කාමරෙන් එළියට දුවන්නට කවුළුවක් පැහැදිලි නොවේ

ඈත දුර කඳුයාය එපිටහ එවිට මතු වන ඉර වගේ

සිහිනයේ ඇති ඔය සිනාවම පායලා එළියක් වැටේ

 

ජීවිතේ කම්මැළිකමක් වී කාමරේ මුල්ලට වෙලා

රැඳෙන්නට මහ ඇලීමක් වී අඳුරු සීමා පැනවිලා

ඒ වෙලාවට සයුරුතෙරදී දුටු අනන්තය සිහි වෙලා

ඔය සිනාවේ සිහින ඇහැරී ආදරේ සිතුවම් කළා

 

පාළු අහසට මොන තරම් නම්

වලාකුළු ඒවිද ගලා

ඒ වුණත් හිස් අහස නිල්වන්

හිතේ ගති සුවපත් කළා

 

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.