මළ­වු­න්ගෙන් උත්ථාන වූ යේසුස් ක්‍රිස්තුන් වහන්සේ | Page 2 | සිළුමිණ

මළ­වු­න්ගෙන් උත්ථාන වූ යේසුස් ක්‍රිස්තුන් වහන්සේ

කිතුනු ශාසනයේ ආරම්භය ක්‍රිස්තුන් වහන්සේ ගේ උත්ථානයේ ප්‍රතිඵලයකි. කිතුනු සභාව ආරම්භ වූයේ උන්වහන්සේගේ උත්ථානය නිසාය. එතුමා උත්ථාන නොවූයේ නම් කිතුනුු ශාසනයඅද ලොවෙහි අපට දක්නට නොමැති වේ. කිතුණු ශාසනයේ අත්තිවාරම ක්‍රිස්තුන් වහන්සේ බවත් ඒ මත සභාව පිහිටුවීමට මතෙව් 6. 18 හි යේසුස් ක්‍රිස්තුන් වහන්සේ ම පැවසූ සේක. අද මුළු ලොවෙහිම කිතුනු සභාවන් දක්නට ලැබී උන්වහන්සේගේ උත්ථානයට ප්‍රබල සාක්ෂියකි.

කිතුනු බැතිමතුන් සෑම වර්ෂයකම පාස්කු ඉරුදින යේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ මරණින් උත්ථාන වීම සිහිපත් කරති. උන්වහන්සේ සතියේ පළමු දිනයක මරණින් උත්ථාන වූ නිසා සෑම ඉරුදිනක් ම මරණින් උත්ථාන වූ දිනයක් ලෙස සැලකිය හැකිය. එදින මෙලෙස යේසුස් ක්‍රිස්තුන් වහන්සේ මළවුන්ගෙන් නැගිටුනු සේක යන සත්‍යය කිතුණු ඇදහිල්ලේ පදනම වේ.

ක්‍රිස්තුන් වහන්සේගේ මරණයෙන් පසු සතියේ පළමු වන ඉරුදින ඇතැම් කාන්තාවන් සොහොන් ගෙය ළඟට පැමිණි බවත් එහිදී යේසුස් වහන්සේ ගේ සිරුර ඔවුන්ට දැකගත නොහැකි වී තිබිණි.

යේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරය ඒ සෙහොන් ගෙයෙහිම තැන්පත් වී තිබුණේ නම් විනාඩි ස්වල්පයකින් ඕනෑම කෙනෙකුට එහි ගොස් සෝදිසි කළ හැකිව තිබියදී ඔවුන් එසේ ප්‍රකාශ කරන්නේ කෙසේද? සැබැවින්ම ශරීරය එහි තිබුණේ නැත.

සොහොන්ගේ හිස් ව තිබුණේය. ඒ ගැන කිසි සැකයක් නැත. පළමුව ඒ කාන්තාව වැරදි සොහොන් ගෙය ළඟට ගියේ යැයි ඇතැම් අය තර්ක කරති. ඔවුන් අධික දුකින් පිරී සිටි නිසා ඉතා පහසුවෙන් ඔවුන්ට වරදින්නට පුළුවනැයි මේ තර්කයෙන් ඉදිරිපත් වෙයි. එහෙත් මේ තර්කය බිඳ වැටෙයි. ඔවුන් ඒ ස්ථානයට පාන්දර ගියත් එසේ කළේ රෑ අඳුරේ ‍නොවේ. හිරු උදාවී තිබුණු බව මාර්ක් තුමා වාර්තා කරයි.

ඒ කාන්තාවන් අඥාන අය නොවේ. යොසප් හා නිකදෙමුස් ඒ ශරීරය තැන්පත් කරන කළ ඔවුන්ගෙන් දෙදෙනෙක් වත් බලා සිටියහ. එබැවින් ඔවුන් ආපසු ආ කල නියම සොහොන් ගෙය හොඳහැටි දන්නා බව කිව යුතු නැත. ඔවුන්ගෙන් එක්කෙනෙක් වන මග්දලාගේ මරියා නැවත සොහොන් ගෙයට එදා උදේ දෙවන වර පැමිණි කළ ඇයට වරදී ද?

මේ හැර ඔවුන් එතැනට පැමිණියේ උන්වහන්සේගේ මරණින් නැගිට යයි යන සිහිනයක් මවා ගෙන නොවේ. ඔවුන් එතැනට පැමිණියේ උන්වහන්සේගේ සිරුරට සුගන්ධ ආලේපයක් ගැල්වීම පිණිසය. එමෙන්ම ඔවුන්ට සොහොන් ගෙය වැරදුණත් එතැනට දුව පැමිණි පේනාස් සහ යොහන්ට එම වැරදීම සිදුවේද? ඉන්පසු පැමිණි අනිත් අයටත් විශේෂයේ සෙහොන් ගේ අයිති යෝසප්ටත් එය වැරදීද?

යේසුස් වහන්සේ‍ගේ ශ්‍රාවකයන් උන්වහන්සේ ගේ ශරීරය එතැනින් ගෙන ගියා යන්න තර්කයක් ඉදිරිපත් කර ඇත. මුල් දවස්වලදී පවා යුදෙව්වරුන් එය පැතිරූ බව ‍මතෙව්තුමා තම ශුභාරංචියෙන් වාර්තා කරයි.

තවදුරටත් යේසුස් වහන්සේගේ ශරීරය සොහොන් පත් කිරීමට යොසප්ට පිලාත් අවසර දුන් කළ ඵරිසින් ඔවුන් ළඟට පැමිණ කළ පැමිණිල්ලද ඔවුන් මෙසේ වාර්තා කරයි. ස්වාමිනී මේ මිනිසා ජීවත්ව සිටියදී මම තුන් දවසකට පසු නැගිටින්නේ යැයි කී බව අපට මතකය. ඒ නිසා තුන්වෙනි දවස තෙක් ආරක්ෂාවට රැකවලක් තබන්න. නැතිනම් ගෝලයෝ උන්වහන්සේ සොරා ගෙන මළවුන්ගෙන් නැගිටි බව සෙනඟට කියති. පිලාත් ඔවුන් සමඟ එකඟ වී ඔබට හැකි තරම් එය සුරක්ෂිත කරන්න යැයි ඔවුන්ට කීවේය.

යුදෙව්වරු සෙහොන් ගේ වැසූ ගල සිමෙන්ති වලින් මුද්‍රා කර එය සුරක්ෂිත කළහ. එහෙත් ඒ ගලවත් මුද්‍රාවත් රැකවල්කරුවන්වත් උන්වහන්සේගේ මරණින් උත්ථානය වලකාලන්නට සමර්ථ වූයේ නැති බව ද ඉන්පසු රැකවල් කරු සිදු වූ දේ නායක පූජකවරුන්ට පැමිණිල කරන්න ගිය බව ද ඉන්පසු ඔවුහු රැකවල් කරුවන්ට අල්ලස් දී මෙසේ කී සැටි මතෙව් තුමා වාර්තා කර තිබේ. අප නිදා ඉන්දැද්දී ඔහුගේ ගෝලයේ රාත්‍රියේ ඇවිත් ඔහුව සොරාගෙන ගියෝ යැයි කියන්න. මෙය ආණ්ඩුකාරයාට ආරංචි වුනහොත් අපි ඔහු සතුටු කොට නුඹලා බේරා ගන්නෙමුයි කීවෝය.

උත්ථානයේ ප්‍රතිඵලය

උන්වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වූ නිසා ඉතිහාසයට එක්වූයේ අසහාය නායකයෙකු ලෙසටය. උන්වහන්සේ මළවුන්ගෙන් නොනැගිටි සේක් නම් ඉතිහාසයට එක්වන්නේ බොරුකාර ආගමික නායකයෙකු ලෙසටය. එතුමාගේ මරණයට කලින් එතුමා මළවුනගෙන් උත්ථාන නොවූයේ නම් සැබැවින්ම එතුමා බොරුකාරයෙක් හැටියට ඉතිහාසයට එක්වනු ඇත.

කෙසේ වෙතත් යේසුස් වහන්සේ කී ආකාරයටම මළවුන්ගෙන් නැගිටි නිසා රෝද දින දර්ශනයේ ආරම්භකයා තරම් ඉතිහාසයට එක් වූ අසහාය පුද්ගලයා වූ සේක.

කිතුනුු ශාසනයේ ආරම්භය ක්‍රිස්තුස් වහන්සේ ගේ උත්ථානයේ ප්‍රතිඵලයකි. කිතුණු සභාව ආරම්භ වූයේ උන්වහන්සේගේ උත්ථානය නිසාය. එතුමා උත්ථාන නොවූයේ නම් කිතුනු ශාසනය අද ලොවෙහි අපට දක්නට නොමැති වේ. කිතුනු ශාසනයේ අත්තිවාරම ක්‍රිස්තුන් වහන්සේ බවත් ඒ මත සභාව පිහිටුවීමට මතෙව් 6. 18 හි යේසුස් ක්‍රිස්තුන් වහන්සේ ම පැවසූ සේක. අද මුළු ලොවෙහිම කිතුනු සභාවන් දක්නට ලැබී උන්වහන්සේගේ උත්ථානයට ප්‍රබල සාක්ෂියකි.

වැඩිම අනුගාමික සංඛ්‍යාවක් දිනා ගැනීමට හැකි වීම උන්වහන්සේගේ උත්ථානය තවත් සාක්ෂියකි. මුළු ලොවෙහි වැඩිම අනුගාමික පිරිසක් දිනා ගැනීමට හැකි වූ අසහාය පුද්ගලයා මළවුන්ගෙන් නැගිටිනු යේසුස් වහන්සේය. මෙතුමාගේ ජීවිතය මෙන් ලොව ඉතිහාසය වෙනස් කළ තවත් ජීවිතයක් නැත. උන්වහන්සේගේ උත්ථානය නිසා කුඩා ගෝල පිරිස පටන් ගත් ධර්මදූත ප්‍රකාශනය ලෝකයේ සෑම දේශයකටම පැතිරෙමින් පවතී.

උන්වහන්සේගේ ගෝල පිරිස එක්කාසු වීම තවත් සාක්ෂියකි. උන්වහන්සේගේ මරණයේදී ගෝල පිරිස උන්වහන්සේ අත හැර ගියහ.

උන්වහන්සේ ළඟින්ම ඇසුරු කළ ගෝලයා වන ප්‍රේතැස් උන්වහන්සේගේ මරණයේදී උන්වහන්සේ හඳුනන්නේ නැත කියා තුන්වරක් උන්වහන්සේව ප්‍රතික‍්ෂේප කළේය.

තෝමස් නමැති ගෝලයා උන්වහන්සේ මළවුන්ගෙන් නැගිටි බව ආරංචි වූ විට ඔහුගේ ප්‍රතිචාරය වූයේ මා උන්වහන්සේගේ කුරුසියේ ඇණ ගසන ලද ඇණ සලකුණු අල්ලා බලා මිසක් විශ්වාස නොකරන බවය.

මෙවැනි ගෝල පිරිස නැවත එක්කාසු වූයේ මළවුන්ගෙන් නැගිටි යේසුස් වහන්සේ සියැසින් ඔවුන් දුටු නිසාය. ඉන්පසු උන්වහන්සේගේ ‍ගෝල පිරිස මළවුන්ගෙන් උත්ථාන වූ යේසුස් ක්‍රිස්තුන් වහන්සේ නිසා තම ජීවිත පූජා කරන තරම් කැපවුණි.

අදත් මළවුන්ගෙන් උත්ථාන වූ යේසුස් ක්‍රිස්තුන් වහන්සේ මනුෂ්‍ය ජීවිත වෙනස් කරමින් වැඩ සිටින සේක. උන්වහන්සේ උත්ථාන නොවූයේ නම් කිසිම මනුෂ්‍යයෙකුගේ ජීවිත වෙනස් කළ නොහැකි වේ.

කල්වාරි කුරුස පූජාව

ඉරුදින කිතුනුවන්ගේ නමස්කාර දිනය වීම ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානයේ තවත් ප්‍රතිඵලයකි. යේසුස් ක්‍රිස්තුන් වහන්සේ මළවුන්ගෙන් නැගිටීම සමරන නමස්කාර දිනයක් ලෙස සතියේ පළමු දිනයට යුදෙව්වන්ගේ නමස්කාර දිනය වූ සෙනසුරාදා සබත ඉරිදා දිනට වෙනස් වූයේ යේසුස් ක්‍රිස්තුන් වහන්සේ සතියේ පළමු දින මළවුන්ගෙන් උත්ථාන වූ නිසාය. එය ස්වාමීන්ගේ දිනය ලෙස හඳුන්වනැ ලබයි.

ක්‍රිස්තුන් වහන්සේ කල්වාරි කුරුස පූජාව අපගේ මිදීමට අවශ්‍ය මිල ගෙවා හමාර කළ බව ක්‍රිස්තුන් වහන්සේගේ මරණින් උත්ථානය අපිට කියයි. අපටත් නැවත නැගිටීමක් ඇති බව ක්‍රිස්තුන් වහන්සේගේ උත්ථානයෙන් අවධාරණය වේ.

එය අනාගත ජීවිතය ගැන අපට බලාපොරොත්තුවක් වන අතර අපට අභ්‍යවකාශයේ එහා මෙහා සැරිසරන පෞද්ගලිකත්වයක් නැති හඳුනා ගත නොහැකි කොටසක් කිරීමට දෙවියන් වහන්සේ සූදානම් කොට නැත. ඒ වෙනුවට එකිනෙකාව හඳුනන ශරීරයක් ඇති පුද්ගලයින් මෙන් ජීවත් වීමට හැකි වේ.

යේසුස් ක්‍රිස්තුන් වහන්සේ අද ද ජීවමාන අප අතරේ වැඩවාසය කරන සේක. උන්වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වූ පසු මෙසේ වදාළ සේක. භය නොවන්න. මම මැරුණෙමි. එහෙත් බලව මම දැන් සදාකාලයටම ජීවත්ව සිටිමි. (එළිදරව් 1:18) උන්වහන්සේ ඔබගේ ජීවිතයට ආරාධනා කළහොත් මළවුන්ගෙන් උත්ථාන වූ යේසුස් ක්‍රිස්තුන් වහන්සේ ඔබට සම්මුඛ වී ඔබ සමඟ සිටින බව ප්‍රත්‍යක්ෂ වේ. 

Comments