2016 ක්‍රීඩා පිටියේ සල්ලිකාරියෝ 10 | සිළුමිණ

2016 ක්‍රීඩා පිටියේ සල්ලිකාරියෝ 10

 ප්‍රශාන්ත ඇල්පිටිය

අමෙරිකාවේ සෙරිනා විලියම්ස් අනිවාර්යයෙන්ම මේ වන විට ලොව සිටින විශිෂ්ටතම ක්‍රීඩිකාව ලෙසට හැඳින්විය හැකිය. ඒ වගේම ඇය තවත් දෙයකින් ලොව අංක එකට පත්වී සිටින්නීය. එනම් 2016 වසරේ ලොව ධනවත්ම ක්‍රීඩිකාව වශයෙනි.

ගත වූ වසර කිහිපයක කාලය තුළදී ලොව ධනවත්ම ක්‍රීඩිකාව වූයේ සුරූපී රුසියානු ටෙනිස් ශූරිය වන මරියා ෂරාපෝවාය. නමුත් තහනම් උත්තේජක පරීක්ෂණයකින් අසමත් වූ නිසා ඇයට මාස කිහිපයක තරග තහනමකට ලක්වීමට සිදුවූවාය.

කෙසේ වෙතත් මෙම මස අගදී තහනම නිමා වීමෙන් පසුව ෂරාපෝවා නැවතත් ජාත්‍යන්තර තරග පිටියට පිවිසීමට නියමිතය. ඒ සමඟම වසර නිමාවන විට ඇය යළිත් වතාවක් ලොව ධනවත්ම ක්‍රීඩිකාව බවට පත්වුවහොත් එය පුදුමයට පත් විය යුතු දෙයකුත් නොවේ.

සුප්‍රකට අමෙරිකානු ව්‍යාපාරික සඟරාවක් වන ෆෝබ්ස් 2016 වසරේ ලොව ධනවත්ම ක්‍රීඩා තරු පිළිබඳ වාර්තාවක් නිකුත් කරනු ලැබීය. ඒ අනුව ලොව ධනවත්ම ක්‍රීඩිකාව බවට ටෙනිස් ශූරි සෙරිනා විලියම්ස් පත් වී සිටියාය. නමුත් ක්‍රීඩකයන් සමඟ සසඳන විට ඇයට හිමි වී තිබුණේ අංක 40 ස්ථානයයි.

 

මේ අතර ධනවත්ම ක්‍රීඩිකාවන් අතරින් දෙවන තැන ෂරාපෝවාට හිමි වී තිබුණාය. එහෙත් ලොව ධනවත්ම ක්‍රීඩක ක්‍රීඩිකා පොදු වාර්තාවට අනුව ඇයට හිමි වී තිබුණේ අංක 88 ස්ථානය වීම විශේෂත්වයකි. සමස්තයක් ලෙස ගත් විට ලොව ධනවත්ම ක්‍රීඩිකාවන් අතරින් බහුතරයකගේම ක්‍රීඩාව වූයේ ටෙනිස්ය.

01. සෙරිනා විලියම්ස් (අමෙරිකාව)

අමෙරිකානු ඩොලර් මිලියන 28.9

සුපිරිතම ටෙනිස් ශූරියකි. තම වාර්ෂික ආදායමෙන් ඩොලර් මිලියන 20 ක්ම ඇය උපයා ගෙන තිබෙන්නේ වෙළඳ අනුග්‍රාහකයන් හරහාය. ඉතිරිය ක්‍රීඩා කිරීමෙනි. 1981 සැප්තැම්බර් මස 26 වැනිදා උපත ලැබුවාය. අඩි 5 අඟල් 9 ක් උසැතිය. 1995 වසරේ සිට ජාත්‍යන්තරව ක්‍රීඩා කරන්නීය. වත්මන් ලොව අංක 02 ක්‍රීඩිකාවයි. ග්‍රැන්ඩ් ස්ලෑම් කේවල 23, කාන්තා යුගළ 14, මිශ්‍ර යුගළ 02 ශූරතා සහ ඔලිම්පික් රන් පදක්කම් සතරකුත් හිමිකර ගෙන තිබේ.

02. මරියා  ෂරාපෝවා (රුසියාව)

අ. ඩො. මි. 21.9

සුරූපි එමෙන්ම සුපිරිතම ටෙනිස් ශූරියකි. මිලියන 1.9 ක් ක්‍රීඩා කිරීමෙන් උපයා ගත්තාය. සෙසු මිලියන 20 වෙළෙඳ අනුග්‍රාහකයන්ගෙනි. 1987 අප්‍රේල් 19 උපත ලැබුවාය. අඩි 6 අඟල් 2 ක් උසය. 2001 වසරේ සිට ක්‍රීඩා කරන්නීය. ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල ශූරතා 05 ක් හිමි කර ගෙන තිබේ. ඔලිම්පික් රිදී පදක්කම්ලාභිනියකි.

 

 

 

 

 

 

 

 

 

03. රොන්ඩා රවුසි (අමෙරිකාව)

අ. ඩො. මි. 14

ආත්මාරක්ෂක සටන්කාරියකි. හිටපු ජූඩෝ ක්‍රීඩිකාවකි. එමෙන්ම නිළියකි. මිලියන 10 ක්ම උපයාගෙන තිබෙන්නේ ක්‍රීඩා කිරීමෙනි. ඉතිරි මිලියන 04 වෙළෙඳ අනුග්‍රාහකයන්ගෙන්ය. 1987 පෙබරවාරි 01 උපත ලබා ඇත. ජූඩෝ ක්‍රීඩාවෙන් 2008 දී ඔලිම්පික් පදක්කමක් (ලෝකඩ) හිමිකර ගත් ප්‍රථම අමෙරිකානු ක්‍රීඩිකාවයි. අඩි 5 අඟල් 6 ක් උසැතිය. 2007 ජූඩෝ ලෝක ශූරතාවලියේ රිදී පදක්කම්ලාභිනියකි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

04. ඩැනිකා පැට්රික් (අමෙරිකාව)

අ. ඩො. මි. 13.9

මෝටර් රථ ධාවන ක්‍රීඩිකාවකි. එමෙන්ම මෝස්තර නිරූපිකාවකි. ක්‍රීඩා කිරීමෙන් මිලියන 7.9 ක් 2016 වසරේදී උපයා ගත්තාය. ඉතිරි මිලියන 06 වෙළෙඳ අනුග්‍රාහකත්වයන්ගෙනි. ඇය උපත ලැබුවේ 1982 වසරේ මාර්තු 25 වැනිදාය. ඇය අඩි 5 අඟල් 2 ක් උසය. ඩැනිකා මෝටර් රථ ධාවන තරගවලට සහභාගි වන්නේ ක්‍රීඩකයන්ට එරෙහිවය. එහිදී ජයග්‍රහණ අත්කර ගැනීමටත් ඇය සමත්වීම විශේෂත්වයකි.

 

 

 

 

 

Comments