MOTOGP 2017 විනාලෙස් පෙරළි කරයි | සිළුමිණ

MOTOGP 2017 විනාලෙස් පෙරළි කරයි

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ප්‍රශාන්ත ඇල්පිටිය

මොටෝ ග්‍රෝන් ප්‍රී මෝටර් සයිකල් 2017 ලෝක ශූරතාවලියේ තෙවැනි තරගය අද (23) අමෙරිකාවේදී පැවැත්වීමට නියමිතය. මෙවර ලෝක ශූරතාවලියේ පළමු තරගය කටාර් සහ දෙවන තරගය ආර්ජන්ටිනාවේදී පැවැත්විය.

එම තරග දෙකම ජය ගත් ස්පාඤ්ඤයේ මැව්රික් විනාලෙස් (25) මෙවර ලෝක ශූරතාවලියේ මුල් තැන සිටින්නේ ප්‍රසාද ලකුණු 50 ක් හිමිකර ගනිමිනි. යමහා කණ්ඩායම නියෝජනය කරන 22 හැවිරිදි විනාලෙස් 2013 වසරේ මොටෝ 03 අංශයේ ලෝක ශූරයාය.

යමහා කණ්ඩායම නියෝජනය කරන 38 හැවිරිදි ප්‍රවීණ ඉතාලි ශූර වැලෙන්ටිනො රොසි (46) මේ වන විට දෙවන තැන සිටියි. ඔහුට ලකුණු 36 කි. රොසි මොටෝ ග්‍රෝන් ප්‍රී ලෝක ශූරතා 07 ක හිමිකරුවෙකි.

තවත් ඉතාලි ක්‍රීඩකයකු වන ඇන්ඩ්‍රෙයා ඩොවිෂියෝසෝ මෙවර ලෝක ශූරතාවලියේ තෙවන තැනට පත් වී තිබෙන්නේ ලකුණු 20 ක් හිමිකර ගනිමිනි.

31 හැවිරිදි ඔහු ඩුකාටි කණ්ඩායම නියෝජනය කරයි.

මේ අතර ස්පාඤ්ඤයේ හිටපු ලෝක ශූරයන් වන ජෝර්ගේ ලොරෙන්සෝ සහ මාර්ක් මාර්කෙස් හට තවමත් දස්කම් අතරට පිවිසීමට හැකි වී නැත. 29 හැවිරිදි ලොරෙන්සෝ තෙවතාවක් ලෝක ශූරයා විය. ඒ 2010, 12 සහ 15 වසරවලදීය.

24 හැවිරිදි මාර්කෙස් 2013, 14 සහ 2016 වසරවල ලෝක ශූරයාය.

වාර්ෂික මෝටර් සයිකල් ලෝක ශූරතාවලිය මෙවර පැවැත්වෙන්නේ 69 වැනි වතාවටය. එහිදී සුපුරුදු පරිදි විවිධ අංශ කිහිපයක් යටතේ තරග පැවැත්වේ.

එහි ඉහළම අංශය වන්නේ මොටෝ ග්‍රෝන් ප්‍රී අංශයයි.

ජාත්‍යන්තර මෝටර් සයිකල් සම්මේලනය මෙම ශුරතාවලිය මෙහෙයවනු ලබයි. 2017 ලෝක ශූරතාවලියට අයත්වන මුළු අදියර ගණන 18 කි.

Comments