ප්‍රංශ ජනාධිපතිවරණය 2017 | සිළුමිණ

ප්‍රංශ ජනාධිපතිවරණය 2017

ප්‍රංශ ජනතාව අද (අප්‍රේල් 23 දා ) එරට 5 වැනි ජනරජයේ 10 වැනි ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනිම සඳහා අද ජන්දය පාවිචිචි කරති. එය මෑත ඉතිහාසයේ ප්‍රංශයේ පැවැත්වෙන වඩාත්ම තිරණාත්මක ජනාධිපතිවරණය වනු ඇත. එසේ වන්නේ ඇයි. එම ප්‍රශ්නයට පිළිතුරු කිහිපයක් ලබාදිය හැක.

වත්මන් ගෝලිය ප්‍රවණතා සලකා බැලිමේදි දක්නට හැකි මුලික ලක්ෂණයක් වන්නේ බටහිර ලෝකයේ දේශපාලනික පදනම ලෙස සැලකෙන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය මුහුණ දී ඇති අභියෝගයයි. එසේම බටහිර ධනවාදි ලෝකය ඉහලින් පිළිගන්නා ගෝලියකරණ සංකල්පයට එරෙහිව මතුවි ඇති විකල්ප බලවේගයයි. ඒ වෙනුවට විකල්පයක් වශයෙන් ඉස්මතුවෙමින් ඇත්තේ ජාතිකවාදි හා දැඩි දක්ෂිණාංශික දේශපාලනික බලවේගයකි. ගෝලියකරණය වෙනුවට ජාතිකත්වය කෙරෙහි නැඹුරුවන ප්‍රවණතාවකි. මෙහි මුලික සංසිද්ධින් වන්නේ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වයෑම හෙවත් බ්‍රික්සිටි සහ ඩොනල්ඩි ට්‍රමිප් අමෙරිකාවේ ජනාධිපති පදවියට පත්විමයි. එසේම යුරෝපයේ නව ජාතිකවාදි රැල්ලක් බිහිවිමත් අවලංගු දේශපාලනික චරිත බවට පත්ව තිබු අන්තවාදි බලවේගවලට අලුත් තැනක් ලැබිමත්ය.

ප්‍රංශය යනු නිතැතින්ම ගෝලීය දේශපාලනික බලවතෙකි. එරට එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිශේධ බලය හිමි නිත්‍ය සාමාජික රටවල් 5න් එකකි. ප්‍රධාන න්‍යෂ්ටික බලවතෙකි. නේටෝ සාමාජික රාජ්‍යයකි. ලොව බලයට හිමිකමි කියන ප්‍රධාන රටවල් 7 සංවිධානය වන ජී - 7 සංවිධානයේ සාමාජිකයෙකි. යුරෝපා සංගමයේ ප්‍රධානතම සාමාජිකයෙකි. ලොව හයවැනි ප්‍රධාන ආර්ථිකයට හිමිකමි කියයි. වත්කමි අතින් ලොව හතරවැනි ප්‍රධාන රාජ්‍යයයි. මේ අනුව බලන කල ලෝකයේ තිරණාත්මක කාර්යභාරයක් ප්‍රංශයේ ජනාධිපතිවරයාට හිමි වේ. ඔහුගේ බලය ප්‍රංශයේ දේශසිමාවන්ට පමණක් සීමා නොවන්නේය. ගෝලීය භූ දේශපාලනික රටාව තුළ ප්‍රංශයේ නායකයාට ඉටුකිරිමට ඇත්තේ වැදගත් භූමිකාවකි. මෙතෙක් බටහිර ලෝකය තුළ ප්‍රංශය නිරූපණය කළේ මධ්‍යස්ථ මතධාරි ගෞරවනීය දේශපාලනික ක්‍රමවේදයකි. බටහිර ලෝකය හුදෙක් අමෙරිකානු බ්‍රිතාන්‍ය මතවාදයට යටත්විමේ ඒක දිශානතියකට යොමුවු සෑම විටෙකම එය වළක්වා මධ්‍යස්ථ තලයකට ගෙන එනු ලැබුවේ ප්‍රංශයයි. ප්‍රංශුවා මිතරොං හා ජාක් ෂිරාක් ජනාධිපතිවරුන්ගේ යුගවල දී මෙය වඩාත් කැපි පෙණින. උදාහරණයක් වශයේන 2003 වසරේදි අමෙරිකාව හා බ්‍රිතාන්‍යය එක්ව ව්‍යාජ අවි තර්ජනයක් ඉස්මතු කරමින් ඉරාක යුද්ධය ආරම්භ කරද්දි බටහිර ලෝකය තුළ එදා ඊට විරුද්ධ මධ්‍යස්ථ මතධාරි කදවුරට නායකත්වය දුන්නේ ප්‍රංශයයි. අද ඉරාකය පත්ව ඇති තත්ත්වය හා එතුළින් බටහිර ලෝකයට එල්ල වි ඇති තර්ජන සලකා බැලිමේදි එදා ප්‍රංශය නියෝජනය කළ මතයේ සාධාරණ බව තහවුරු වන්නේය. එම භූමිකාවෙන් ප්‍රංශය වෙනස් කළේ 2007 වසරේ දී බලයට පත් ඉතා දැඩි අමෙරිකානු ගැතියකු වශයෙන් සළකා විවේචනයට ලක්වු හිටපු ජනාධිපති නිකොලා සර්කෝසිගේ යුගයේ පමණි. සර්කෝසි යුගයේදි ප්‍රංශයේ අන්තර්ජාතික ප්‍රතිරූපය මධ්‍යස්ථ මතධාරි නායක භූමිකාවෙන් වඩාත් අමෙරිකානු ළැදි ඒ වෙත නැඹුරු වු භූමිකාවක් වෙත යොමුවිය. ත්‍රස්තවාදි බලවේගවල උදහස ප්‍රංශය වෙත යොමුවීමට එක් හේතුවක් වශයෙන් සැලකෙන්නේද එම ප්‍රතිරූපමය වෙනස්කමයි.

ප්‍රංශ මහා විප්ලවයෙන් පසු 1792 දී ප්‍රථම ජනරජය බිහිවිය. ඉතිහාසයේ එදා සිට මේ දක්වා එරට බිහිවි ඇති ජනරජ සංඛ්‍යාව 5කි. වර්තමානයේ පවතින්නේ පස්වැනි ප්‍රංශ ජනරජයයි. දුර්වල ජනාධිපති ක්‍රමයක් හා අවුල් සහගත පාලන රටාවක් හේතුවෙන් ප්‍රංශයේ 1946 සිට 1958 දක්වා පැවැති සිව්වැනි ජනරජය අකර්මණ්‍ය විමෙන් පසු එරට දෙවැනි ලෝක යුද්ධයෙන් පසු බිහිවු අසහාය නායකයා හා දේශපාලනික දාර්ශනිකයා වන මහ සෙනෙවි චාල්ස් ඩිගෝල් විසින් 1958 ඔක්තෝබර් 4 වෙනිදා පස්වැනි ජනරජය බිහිකරන ලදී . එදා සිට මේ දක්වා පවතින්නේ හා පාලනය සිදුකෙරෙන්නේ පස්වැනි ජනරජ ව්‍යවස්ථාවට අනුවයි. කලින් පැවැති දුර්වල පාලන රටාව වෙනුවට ප්‍රබල විධායක ජනාධිපති පදවියක් පස්වැනි ජනරජය විසින් නිර්මාණය කර තිබේ.

ජනාධිපතිවරයා සතු බලතල රැසකි. අගමැතිවරයා පත්කිරිම, නීති සමිපාදනය, පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ බලය, හමුදාවන්හි ප්‍රධාන සේනාධිනායකයා වීම, න්‍යෂ්ටික අවි ප්‍රහාර සඳහා අණදීමේ බලය, හා අපරාධකරුවන්ට සමාව දීම බලය ජනාධිපතිවරයා සතු බලතලවලින් කිහිපයකි. මේ අනුව සන්සන්දනාත්මකව බැලිමේදි ප්‍රංශයේ ජනාධිපතිවරයා යුරෝපා සංගමයේ සෙසු සාමාජික රටවල රාජ්‍ය නායකයන්ට වඩා බලවත් දේශපාලනික චරිතයකි.

පස්වැනි ජනරජය ආරමිභ වු දා සිට ප්‍රංශය පාලනය කළ ජනාධිපතිවරුන් සංඛ්‍යාව 9කි. එහි සමාරමිභකයා මහසෙනෙවි චාල්ස් ඩිගෝල්ය. එම ජනාධිපතිවරුන් දේශපාලන දර්ශනය අනුව ඩිගෝල්වාදි, සමාජවාදි හා මධ්‍යස්ථ මතධාරි වශයෙන් කොටස් තුනකට වෙන්කළ හැක. 1974 සිට මේ දක්වා තට්ටුමාරු ක්‍රමයට ප්‍රංශය පාලනය කර ඇත්තේ ඩිගෝල්වාදින් හා සමාජවාදින්ය. වත්මන් ජනාධිපති ප්‍රංශුවා ඔලොන්ද් නියෝජනය කරන්නේ සමාජවාදි දේශපාලනික දර්ශනයයි. ප්‍රංශයේ ජනාධිපතිවරයකුට වසර 5ක ධුරකාල දෙකක් පාලන බලය හෙබවිමට ව්‍යවස්ථානුකූල අයිතිය පවතී. මෑත ඉතිහාසයේ ධුර කාල දෙක සමිපුර්ණ කළ ජනාධිපතිවරුන් වන්නේ ප්‍රංශුවා ඔලොන්ද් හා ජාක් ෂිරාක් පමණි. නිකොලා සර්කෝසි 2012 ජනාධිපතිවරණයේදි වත්මන් ජනාධිපති ප්‍රංශුවා ඔලොන්ද්ට පරාජය විය. ව්‍යවස්ථානුකූල අයිතිය තිබුණද මෙවර ජනාධිපතිවරණයට තරග නොකිරිමට වත්මන් ජනාධිපති ප්‍රංශුවා ඔලොන්ද් තිරණය කර තිබේ. එය වැදගත් තින්දුවකි. ඒ මන්ද ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය ඉතා පහල මට්ටමක පවතින බව ජනමත විමසුම් පෙන්වා දී තිබිමයි. තරග කළේ නම් නියත පරාජයක් හිමිවන බව ජනාධිපති ඔලොන්ද් අවබෝධ කරගෙන තිබිණ.

එහෙත් මෙවර ප්‍රධානතම දේශපාලනික පරිවර්තනය වන්නේ එය නොවේ. මෙතෙක් පාලන බලය දැරූ ඩිගෝල්වාදින් හා සමාජවාදින් ජනතාව ප්‍රතික්ෂේප කර ඇති බව පුර්ව ජනමත විමසුම් අනුව පෙනි යයි. ජනාධිපතිවරණ දිනය ආසන්න වෙත්ම ජනමත විමසුම් පෙන්වා දෙන්නේ කිසිදු අපේක්ෂකයෙකුට පළමු වටයේ ඡන්ද විමසිමෙන් කිසිදු සාර්ථකත්වයක් එනම් සියයට 50කට වඩා ඡන්ද ලබාගැනිමේ ඉලක්නය සපුරා ගැනිමට නොහැකි වන බවයි. ඒ අනුව දෙවැනි වටයේ ඡන්ද විමසීමක් එනම් වැඩිම ඡන්ද ලබාගන්නා අපේක්ෂකයන් දෙදෙනා අතර තරගය මැයි මස 7 වෙනිදා පැවැත්විමට සිදුවන බවය. එහෙත් විශේෂත්වය එය නොවේ. පෙරමුණේ සිටින්නේ ප්‍රධාන ප්‍රවාහයේ දේශපාලනික චරිත නොව දෙවැනි බලවේගය නියෝජනය කරන දේශපාලනික චරිත වීමයි.

දේශපාලන අනාවැකි හා ජනමත විමසුමේ සැලකිමේදි ඉදිරියෙන් සිටින හා ජනපති පදවියට සමීප විමට වඩාත් ඉඩප්‍රස්තා ඇති චරිතය නම් එමැනුවෙල් මාකොන්ය. ඔහු ස්වාධින තරගකරුවෙකි. ප්‍රධාන පක්ෂයකින් පරිබාහිරව තරගකරුවකු ජනාධිපතිවරණයකදි මෙතරම් පෙරමුණට පැමිණි ප්‍රථම වතාව මෙයයි. එමැනුවෙල් මාකොන් වත්මන් ජනාධිපති ප්‍රංශුවා ඔලොන්ද් යටතේ ආර්ථික ඇමැති පදවිය දැරුවද ඔහු වෘත්තිය දේශපාලනඥයකු නොවේ. අර්ථ ශාස්ත්‍රඥයෙකි. ඔහු ඉදිරිපත් කර ඇති දේශපාලනික ප්‍රතිපත්තිමය වැඩපිළිවෙල වන්නේ විරැකියාවට පිටුදැකිම පදනමි කරගත් පොදුජනතාවට සහනශීලි අර්ථක්‍රමයක් සහිත පාලන රටාවකි.

මෙවර ජනාධිපතිවරණයේ වඩාත්ම මතභේදාත්මක චරිතය වන්නේ අන්ත දක්ෂිනාංශික නායිකා ෂෝන් මරි ල පන් ගේ නැගි සිටිමයි. ඇය දෙවැනි වටයට තේරි පත්වන අපේක්ෂකයන් දෙදෙනා අතරින් අයකු විය හැකි බව මේ වනවිට බොහෝ දුරට තහවුරු වී තිබේ. ඇයගේ දේශපාලනික දර්ශනය වන්නේ ට්‍රම්ප් හඳුන්වා දුන් ආකාරයේ ජාතිවාදි හා සංක්‍රමණ විරෝධි ප්‍රතිපත්තිමය වැඩපිළිවෙලකි. ෂෝන් මරි ල පන් සහ එමැනුවෙල් මාකොන් යන දෙදෙනා සිකුරාදා දිනය අවසන් වනවිට 23%ක ජනප්‍රියත්වයක් ලබා ජනමත විමසුම් සටහනේ ඉහලින් ම කරටකර පසුවුහ. සාම්ප්‍රදායික පක්ෂ වන රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කළ ප්‍රංශුවා ෆිලොන් සහ සමාජවාදි පිල නියෝජනය කරන වත්මන් ජනාධිපති ප්‍රංශුවා ඔලොන්ද්ගේ අනුප්‍රාප්තික බෙනිටි හර්මන් පසුවන්නේ ඉතා පසුගාමි තැනකයි. මේ අතරින් ෆිලන් දුෂණ අපවාද මත දේශපාලනික අර්බුදයකට ගොදුරුවුවද සාමිප්‍රදායික කතෝලික ඡන්ද පදනමක් සහිත නිසා 20% ජනප්‍රියත්වයක පසුවෙයි. එහෙත් බෙනිටි හර්මන්ට හිමිව ඇත්තේ 7.5%ක ජනප්‍රිත්වයක් පමණි.

මේ අනුව ප්‍රංශයත් බ්‍රික්සිටි හා ට්‍රමිප්කරණයට සමාන වෙනස් දේශපාලන මගකට යොමුව ඇති බව පැහැදිලි වේ. සිකුරාදා උදෑසන පැරිස් අගනුවරට එල්ල වු ත්‍රස්තවාදි ප්‍රහාරයකින් පොලිස් භටයකු මියගිය අතර ප්‍රහාරකයා ඉස්ලාමිය අන්තවාදියකු ලෙසට හදුනාගෙන සිටි අයකු බව පොලිසිය සදහන් කරයි. මේ ප්‍රහාරයෙන් වැඩි වාසියක් අත්වන්නේ අන්තවාදි මතයක් දරන දක්ෂිණාංශික නායිකා ෂෝන් මරි ටයි. මෙතෙක් ප්‍රංශයේ ත්‍රස්තවාදි ක්‍රියාවන්ට දායක වි ඇත්තේ මැදපෙරදිගින් සංක්‍රමණය වු අය වීම ඇයගෙ මතයට ශක්තියක් එක් කරයි. ඒ තුළින් දැඩි මතධාරි බලවේග ගෙන යන සංක්‍රමණ විරෝධ ප්‍රතිපත්තියට අයි එස් බලවේග විසින් ලබාදෙන්නේ තල්ලුවකි. මෙය ප්‍රංශ ජනාධිපතිවරණයේ වඩාත්ම ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය කළ හැකි පසුබිමකි. ප්‍රධාන ප්‍රවාහයේ දේශපාලනික මතවාද ප්‍රතික්ෂේප විම හා විකල්ප මතවාද ශක්තිමත් විම තුළ ලෝකයේ නිර්මාණය වි ඇති දේශපාලන අර්බුදය අමෙරිකානු ජනාධිපතිවරණයෙන් පැහැදිලිව නිරූපණය වෙයි. මෙහි වඩාත්ම නරක තත්ත්වය වන්නේ අන්තවාදි හා දැඩි මතධාරි බලවේග ශක්තිමත් විමයි. එය සමස්ත බටහිර ලෝකය වඩාත් අස්ථාවර තැනකට තල්ලු කිරිමට උත්සුක වනු නොඅනුමානය.

ප්‍රසාද් කෞශල්‍ය දොඩන්ගොඩගේ

Comments