ඔබේ ගොවිගැටලුවට අපෙන් පිළිතුරක්

• වාරි ජලය උපයෝගි කරගෙන වියළි කලාපයේ වී වගා කරන ගොවියකු වන මට බොහෝ කන්නවල පාඩු සිදු වුණා. මේ හැමවෙලාවකම සිදු වුණේ පැළ මැක්කාගේ හානිය. මේ හානිය දරුණුවට පැතිරීම නිසා මුළු ගොයමම විනාශ වුණා. මේ තත්ත්වයට විසඳුම කුමක්ද?

විමලසිරි පෙරේරා, මාවතගම

කන්නය හා යාය එකට වගා කිරීම අවම වශයෙන් මැයි 15ට පෙර කරන්න. එමෙන්ම පැළ මැක්කාගෙන් සිදුවන හානිය වළක්වා ගැනීමට නම් බීජ වැපිරීමට පෙර බීජ සඳහා කරන ප්‍රතිකාරය කරන්න.

• මම කිලෝ පේර වගා කරන්නකේ. කලක සිට පේර ගස් කීපයක පත්‍ර තඹ පාට වීම හා අතු මැරී යෑම දක්නට ලැබෙනවා. මෙය වළක්වා ගන්නේ කෙසේද?

නිර්මා ලොකුගමගේ, ඉහළ පන්විල

බොහෝවිට මෙවැනි තත්ත්වයක් හටගන්නේ නෙමටෝඩා නිසාය. මුල් පරික්ෂා කිරීමේ දී විකෘති වී ඇති බව හඳුනා‍ගත හැකිය. මේ තත්ත්වය මඟ හරවා ගැනීම සඳහා කුකුළු පොහොර දහයියා මෙන්ම කාබනික පොහොර යෙදීමෙන් ද කළ හැකිය. තත්ත්වය උග්‍ර නම් ළඟම කෘෂිකර්ම මධ්‍යස්ථානයේ සිටින කෘෂිකර්ම නිලධාරියාගේ සහයෝග පැතිය හැකිය.

• මම හිඟුරල වගා කිරීමේ යෙදෙන්නෙක්මි. කන්න කීපයක මගේ වගා බිමේ අල හොඳින් හැදුණ ද මෙවර අල කුණුවී යෑමේ තත්ත්වයක් දක්නට ලැබේ. මේ සඳහා කළ හැකි ප්‍රතිකාරය කුමක්ද?

අනුරසිර විදාන‍ගේ, අවිස්සාවේල්ල

හිඟුරල පාත්තිය හොඳින් සූර්යාලෝක වැටෙන ආකාරයට නැ‍‍‍ෙඟෙනහිර දිශාවට දිශානතිය සිටින සේ සිටුවන්න. එලෙසම හොඳින් ජලය බැස යන ආකාරයට ද පාත්තිය සකස් කරන්න. එමෙන්ම සිටුවීමට පෙර කෘෂිකර්ම උපදේශකගේ උපදෙස් පරිදි දිලීර නාශකයක ගිල්වා සිටු‍වීමෙන් ද ඉහළ ප්‍රතිඵල ළඟා කරගත හැකිය.

• මගේ ගෙවත්තේ විශේෂිත පලතුරු වර්ග කීපයක් තිබේ. මේ පලතුරු වර්ග බෝ කර ගැනීම සඳහා උපදෙස් ලබාගත හැක්කේ කෙසේද?

නයනා දිල්හාරි, පාදුක්ක

ඔබ ප්‍රදේශයේ ගොවිජන මධ්‍යස්ථානයේ කෘෂිකර්ම නිලධාරිවරයාගෙන් හෝ හොරණ කනන්විල පලතුරු බෝග පර්යේෂණ ආයතනයෙන් හෝ ඔබට උපදෙස් ලබාගත හැකිය.

• මම වී වගාව සඳහා අපහසු කුඹුරක පලා වගා කරනවා. මේ සඳහා නිතර නිතර කෘමි හානි පැමිණේ. මෙය පාලනය කරන්නේ කෙසේද?

ගුණසිරි සේසතගේ, බෝමිරිය

වගා බිම වල්පැළෑටිවලින් තොරව පවත්වාගෙන යෑමෙන් කෘමි හානි වළක්වා ගත හැකිය. එමෙන්ම සතියකට වරක් කොහොඹ නිස්සාරක වතුර ලීටර එකක දිය කර යෙදිය හැකිය නැති නම් කුරුඳු තෙල් හෝ පැඟිරි තෙල් සබන් කුඩු මිශ්‍රණය කර යෙදිමට හැකිය.

මේ ප්‍රතිකාර වැසි දිනවල නොයොදන්න. එමෙන්ම සවස් කාලයේ යෙදීම වඩාත් යෝග්‍ය වේ.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.