කනට මෙන්ම නාසයටත් වදයක් නොවී කතා කරන්න

මුවෙහි දුගඳ හුදෙක් ඔබේ මුඛයෙහි පිරිසුදු බව රැක නොගැනීමෙන්ම ඇතිවන්නක් වෙන්නටත් පුළුවන්. කලාතුරකින් කෙනෙකුගේ ආමාශගත රෝග හෝ විදුරුමස් රෝගය වැනි හේතු ද ඊට බලපාන්නට පුළුවන්.

ඔබ කොතරම් පියකරු ප්‍රසන්න පුද්ගලයකු වුවත් කට ඇරලා කතා කරන විට සිනාසෙන විට ඔබේ මුවින් අප්‍රසන්න ගන්ධයක් පිටවෙනවානම් කිසිවකු ඔබ ඇසුරට ප්‍රිය කරන්නේ නැ. කොතරම් උසස් තත්ත්වයක් දැරුවත් මුවෙහි දුගඳ නිසා ඔබ සමාජයෙන් කොන්වෙන්නට පුළුවන්.

මුවෙහි දුගඳ හුදෙක් ඔබේ මුඛයෙහි පිරිසුදු බව රැක නොගැනීමෙන්ම ඇතිවන්නක් වෙන්නටත් පුළුවන්. කලාතුරකින් කෙනෙකුගේ ආමාශගත රෝග හෝ විදුරුමස් රෝගය වැනි හේතු ද ඊට බලපාන්නට පුළුවන්.

කරාබුනැටි

මුඛයෙහි දුගඳ නැති කරගන්නට පිළිපැදිය යුත්තේ සරල උපදෙස් කිහිපයක් පමණි. ඉන් පළමුවැන්න උදේ, රාත්‍රී, ආහාර ගැනීමෙන් පසු හොඳින් දත් මැද මුඛය පිරිසුදු කර ගැනීමයි. සෑම ආහාර වේලකින් පසුවම දත් මැදගන්නට හැකිනම් හොඳයි. එහෙත් කාර්යාලයේදී ඔබට දත් මැද මැද සිටින්නට අපහසුයි. ඊට පිළියම යමක් ආහාරයට ගත් පසු දත් දෙපෙළ හා මුඛය හොඳින් සේදී යන පරිදි වතුරෙන් සේදීමයි. දත් මදින හැම විටම ඔබේ දිව මතුපිට බුරුසුවෙන් අතුල්ලා මැද පිරිසුදු කරගන්නට අමතක කරන්න එපා.

කරාබුනැටි, රට ඇදුරු (fennel) සහ අසමෝදගම් ඇට මුවෙහි දුගඳ දුරලන්නට කදිමයි. ඔබේ මුවෙන් දුගඳක් හමනවා නම් මේ තෙවර්ගයෙන් ස්වල්පය බැගින් කුඩා ඇසුරුමක බහා අත්බෑගයෙහි තබාගන්න. ආහාර ගත් පසු හොඳින් මුව සෝදා එයින් ස්වල්පයක් ගෙන හපන්න.

අධික ලෙස සුවඳ වහනය වන කුළුබඩු යෙදූ ආහාර ගැනීමෙන් වළකින්න. නිදසුනක් ලෙස සුදුළුනු, රතුළුනු, මිරිස්, පදම් කළ මස් මාළු සහිත ආහාර, දුම් ගැසු ආහාර හා තද සුවඳැති චීස් වර්ග, ඒවායෙහි ඇති අධික සුවඳ ඔබේ මුව තුළ දිගු වෙලාවක් රැඳී තිබීමෙන් මුවෙන් අමුතු ගන්ධයක් පිටවිය හැකිය.

මිංචි හෝ පාස්ලි කොළ කිනිත්තක් සෑහීම ද සුදුසුය. මෙම පැළෑටිවල තිබෙන මිහිරි සුවඳ හා නිස්කාරණ වර්ග මුව දුගඳ නැසීමට උපකාරී වේ.

අසමෝදගම්

ලැවෙන්ඩර් හෝ අසමෝදගම් ස්ප්‍රීතුවලින් මුව සෝදන්න. ලැවෙන්ඩර් ස්ප්‍රිතු බිඳු කිහිපයක් උණුසුම් ජලය කෝප්පයකට දමා උගුර හා මුව හොඳින් සේදීමට පුරුදු වන්න.

මුහුදු ලුණු : උණු වතුරෙහි දිය කරගත් ලුණු තේ හැඳි එකක් මිශ්‍ර ජලයෙන් මුව සෝදන්න. ලුණුවල අඩංගු සියුම් විෂබීජ කාරක ඔබේ මුවෙහි රැඳී තිබෙන බැක්ටීරියා නසා දමා දුගඳ ඉවත් කරයි.

තේ ගසෙහි තෙල් හෝ කුරුඳු තෙල් මිශ්‍රිත දන්තාලේපයක් භාවිත කරන්න. මේවා ස්වාභාවික සුවඳ කාරක වන්නා සේම විෂබීජ නාශක ද වේ.

කරඳමුංගු

ආහාරයෙන් පසු කරඳමුංගු ඇටයක් හෝ කරාබුනැටි කැබැල්ලක් සැපීමෙන් ද මුවෙහි අප්‍රසන්න ගන්ධය දුරු වේ.

හොඳින් වතුර බොන්න. දිනපතා නිසි ආකාරයට මළපහ පිටවීම හා ශරීරයේ පරිවෘත්තිය ක්‍රියාදාමය පවත්වා ගැනීමට එය උපකාරී වේ. එය ඔබේ මුවෙහි අප්‍රසන්න බව දුරු කිරීමට ද හේතු වෙයි. 

සාගරිකා

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.