පෞද්ගලික රෝහල්වල මිල නියාමනය කෙරේ | සිළුමිණ

පෞද්ගලික රෝහල්වල මිල නියාමනය කෙරේ

පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා විසින් එම වාර්තාව සෞඛ්‍ය ඇමැතිවරයාට බාර දුන් අවස්ථාව. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුර ජයවික්‍රම සහ පෞද්ගලික ‍රෝහල් සේවා අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය කාන්ති ආරියරත්න යන මහත්ම මහත්මීහු ද එම අවස්ථාවට සහභාගි වූහ.

පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසු දිවයිනේ සියලුම පෞද්ගලික රෝහල්වල මිල නියාමනය සිදු කරන බව සෞඛ්‍ය පෝෂණ හා විදේශීය වෛද්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ වාර්තාව පෞද්ගලික රෝහල් නියාමන කොමිසමේ සභාපති සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා විසින් පසුගියදා සෞඛ්‍ය ඇමැතිවරයා වෙත බාරදෙන ලදී‍.

අන්තර් ජාතික සමාගමක් වන කේ.ජී.එම්.පී. ආයතනය විසින් සකස් කරන ලද ‍මෙම වාර්තාවෙහි රෝගවලට ප්‍රතිකාර කිරීමේ මිල ගණන්, රසායනාගාර සේවා සහ වෙනත් පරීක්ෂණවල ගාස්තු පිළිබඳ පරාසයන් ඇතුළත් වේ. මෙම වාර්තාව හොඳින් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව පෞද්ගලික රෝහල්වල මිල නියාමනය සිදු කරන බව ද ඇමැතිවරයා පවසයි.

දිවයින පුරා පිහිටි පෞද්ගලික රෝහල් 40 ක මිල ගණන් නියැදියක් ලෙස ගෙන මෙම සමීක්ෂණ වාර්තාව සකස්කර තිබේ.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.