වැඩිපුර තෙල් කෑම වෙහෙස වඩයි - නින්ද කඩයි

මේදය අධික ආහාරපාන ගන්නා පුද්ගලයන් ඉක්මණින්ම වෙහෙසට පත්වන බව ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් සරසවිය මඟින් සිදු කරන ලද පර්යේෂණයකින් සනාථ වී තිබේ. අධික තෙල් සහිත මස් වර්ග මෙන්ම තෙලෙන් බදින ලද ආහාර බහුලව ගන්නා පුද්ගලයන් දිවා කාලයේදී ඉක්මණින් වෙහෙසට පත්වන බවත් රාත්‍රී කාලයේදී සුවපත් නින්දක් නොලබන බවත් එම සමීක්ෂණයෙන් හෙළි වී තිබේ.

මෙම පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ අධික මේද සිරුරෙහි මධ්‍යම ස්නායු පද්ධතියට, හෝමෝන ක්‍රියාකාරිත්වයට මෙන්ම පරිවෘත්තිය ක්‍රියාදාමයට ද හානි කරන බවය. මෙමඟින් දිවා කාලයේ වෙහෙසට පත්වීම මෙන්ම සුව නින්දට බාධා පැමිණ වීම ද සිදු වේ. මෙය විශම චක්‍රයක් ලෙස ක්‍රියාත්මක වේ. තෙල් අධික කෑම නිසා ඇතිවන වෙහෙස හා නිදිමත හේතුවෙන් මිනිසුන් අලස දිවියකට හුරු වෙයි. තෙල් සහිත ආහාරවලටම ගිජු වෙයි. අලස දිවිය ස්ථුලතාව, හදවත් රෝග, අධික රුධිර පීඩනය හා දියවැඩියාව වැනි බෝ නොවන රෝගවලට හේතු වේ.

ඔස්ට්‍රේලියා හෘද සංගමය නිරෝගී වැඩිහිටියකු විසින් දිනකට ගත යුතු සංතෘප්ත මේද ප්‍රමාණය දෛනික ශක්ති අවශ්‍යතාවෙන් 7%ක් පමණක් විය යුතු යැයි ජනතාවට අවවාද කරයි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.