සොඳුරු ගෙවත්ත

ඩබ්ලිව්.කේ.විමලසේන මහතා - අනුරාධපුර මිහින්තලා ප්‍රාදේශීය ලේකම් කොටසේ දොරමඩලාව දෙවෙනි පියවර

මගේ ගෙවත්තේ රසායනික තෙල් පොහොර නැතිව එළවළු, පලතුරු, ඔෘෂධ වර්ග තිබෙනවා. මම මගා කරන්නේ වගා ළිදෙන් ලබා ගන්නා ජලයෙන්. ළිද තුළ ලොකු ගලක් තිබෙනවා. නියගය කාලයට වතුර නැති වනවා. කව්රුහරි ළිදේ ඇති කළුගල කඩාගන්න උදව් කරනවානම් පින්සිද්ධ වනවා. එළවළු වර්ග ලෙස බෝංචි, කරිවිල, මෑ කරල්, එළ බටු, පිපිඤ්ඤා., බීට් රූට්, ගෙඩි ගෝවා, ලීක්ස්, දඹල, ගොටුකොළ, මුකුනුවැන්න ආදී එළවළු වර්ග මෙන්ම සූදුරු, මාදුරු, කොත්තමල්ලි, සුදුළුනු ද තිබෙනවා. ඒ වාගේම අරළු, බුළු, නෙල්ලි, බුරුල්ල, ඇත් තෝර කෝමාරිකා, තිප්පිළි, තෙලඹු, අරත්ත, දේවදාර, සේර, අරංකහ, වදකහ, අදු, (නයාට අදු කොළ පොඩිවුනාම පැත්ත පළාතේ එන්නේ නැහැ) දෙමට, කෝපි යන දුර්වලම ඔෘෂධ වර්ග තිබෙනවා. කාට හරි බෙහෙතකට මේ ඖෂධ ඕන වුනොත් 0775898840 දුරකථන අංකයට දන්වා පැමිණෙන්න. මට මගේ නෝනා ගොඩාක්ම උදව් කරනවා. මිහින්තලා නායක හාමුදුරුවන් ආරම්භ කර තිබෙන ජනපවුර සංවිධානයෙන් ගෙවත්ත පිළිවෙලකට ඉතා අඩු ඉඩ ප්‍රමාණයක , අඩු ජල ප්‍රමාණයක් යොදා වගා කරන හැටි කියලා දෙනවා. මිහින්තලේ නායක හාමුදුරුවන් වළවාහැංගුණවැවේ ධම්මරතන හාමුදුරුවන් වස විස නැති ගෙවතු හැදීමට ඒ සදහා උදව් කරනවා.මට කව්රු හෝ උදව් කිරීමට කැමති නම් ළිදේ ගල කඩා ගැනීමට උදව් කරන්න. අනුරාධපුරයේ ආවාම මගේ ගෙවත්ත බලන්න එන්න.


රන්බිමට මල් මිටක්

අයිරාංගණී විජේසුරිය පාවක්කුලම හිදෝගම අනුරාධපුර

ලේක් හවුස් ආයතනයේ සිළුමිණ පුවත් පතේ මගේ බිම්මල් වගාව පිළිබදව කෘෂිකර්ම පිටුවේ ලිපියක් පළවුණා. මාගේ හැකියාව දක්ෂතාව රටට පෙන්වා දුන් සිළුමිණ පුවත් පතට මා හෘදයංගම ස්තූතිය පිරිනමනවා. සිළුමිණ පුවත් පතේ කෘෂිකර්ම පිටුව ගෙවත්ත දිරිය කත යන ලිපි නිසා අනුරාධපුරයේ සිළුමිණ පුවත් පත් මිලදී ගන්න නැතිවෙනවා. සෙනසුරාදා උදේ 10..00 වන විට පත්තර විකිණී අවසන් වනවා. ඒ වාගේම මගේ ලිපිය වෙනුවෙන් මේ වන විට බොහෝ ප්‍රතිචාර ඇවිත් තියෙනවා. මට උදව් කිරීමටත් කැමැති අය මා හට ලිපි එවා තිබෙනවා. අපි වගේ ග්‍රාමීය කාන්තාවන් අගය කිරීම පිළිබඳව සිළුමිණ පුවත් පතට මා නැවතත් ස්තූති කරනවා. 1930 වර්ෂයේ සිට මේ දක්වා සිළුමිණ පුවත් පත අපි වාගේ කීදෙනෙකුට උදව් කරන්න ඇත්ද? 87 වන උපන් දිනය වෙනුවෙන් සිළුමිණ පුවත් පතට සුබ උපන්දිනයක් වේවායි ප්‍රාර්ථනා කරන අතර තවත් වසර සීයයකට අධික කාලයක් අපි වාගේ අයට සේවයක් කිරීමට හැකිවේවා. සිළුමිණ කෘෂිකර්ම පිටුව අනුරාධපුර අප සැමටම හරිම වැදගත්.


දිරිය දිනුම

මම කෘෂිකාර්මික ක්ෂේත්‍රයෙන් ඉදිරියට ආව කෙනෙක්. මට කුඹුරු අක්කර දෙකක් තියෙනවා. මේ කුඹුරු අක්කර දෙක වගා කරන්නේ කාබනික ක්‍රමයට වස විස නැතුව කුඹුරු කිරීම අපහසු දෙයක් නොවේ. කුඹු‍රෙන් ලැබෙන වී ටික සහල් කරලා මං මගේම කඩේට දානවා. ගෙදර කෑමට හැරුණහම ගමේ අයත් කෑමට ගන්නේ මගේ සහල්. ඇත්තටම ව්‍යාපාරයක් කරගෙන යන එක එතරම් ලේසි නැහැ. ඒත් මං මගේ ප්‍රතිපත්තිවලට අනුව තමයි ‍මගේ ව්‍යාපාරය කරගෙන යන්නේ. බොහෝදෙනා කෑම බිම අලෙවියේදී මිනිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ඒත් මට එහෙම කරන්න බැහැ. මිනිසුන් පරිභෝජනය කරන ආහාරවලට වස විස මිශ්‍රණ කිරීම හරිම පාපයක්. ව්‍යාපාරයක් කළාට මං හැමෝටම උදව් කරනවා.

ඒ වගේම මගේ ව්‍යාපාරයේ කෘෂි උපකරණත් අලෙවි කරනවා. මේවා මං දෙන්නේ නගරයේ මිලටමයි. මේ ව්‍යාපාරය මුලින්ම පටන්ගත්තේ ඉතා අපහසුවෙන්. ඒත් අද හොඳ තත්ත්වයක තියෙනවා. මගේ කරේ තියෙන මාලය තියලා තමයි මුලින්ම ප්‍රාග්ධනය සපයා ගත්තේ. මං කියන්නේ හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ. අද බොහෝදෙනා නැහැ බැහැ කියලා හැකි­‍ෙළනවා. එ්වා විසඳුම් නොවෙයි.

ඔබත් නව වගා ක්‍රම අනුව අස්වනු ලබන ගෙවත්තක හිමිකරුවකු නම් එහි විස්තර සහ ඡායාරූප සමඟ අප වෙත එවන්න. කෘෂි ක්ෂේත්‍රයේ පර්යේෂකයකු නම් ඔබටත් අවස්ථාවක්. ඔබේ පර්යේෂණ ගැන සරලව කෙටියෙන් අපට ලියා එවන්න.

සංස්කාරිකා, රන්බිම, සිළුමිණ, ලේක්හවුස්, කොළඹ 10. [email protected]

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.