හෙළ රණ අරුණේ පිපුණු අවුරුදු මල් කැකුළු

අවුරුදු ගෙවිලා දවසක් දෙකක් ගත වුණත් තවමත් අවුරුදු උත්සව ගම්බදව මෙන්ම නගරබදවත් පැවැත්වෙනවා. ඒත් හෙළ සිරිතට විරිතට මුල් තැන දුන්න මේ අවුරුදු උත්සවයට අප සහභාගි වුණේ අවුරුද්ද ලබන්න දින කිහිපයක් තිබියදී. එය බොහෝම සුන්දර දවසක්. බක් මාසේ කියන්ගේ ගහකොළ පලබර වුණ, ගොයම සරුසාරව අටු කොටු පිරුණ සශ්‍රික කාලයක්. දැන් දැන් ගබම්බදව කජු ගස්වල නාබර කජු අතු ඉති පුරෝගන හැදිලා. කහපාට රතුපාට කජු පුහුලන් ගස් හැඩ කරනවා. කෙහෙලේ පඳුරුවල කෙහෙල් කැන් ඉදිලා. ගමේ පැල් රකින අය මෙන්ම අවුරුද්දට ගැමි ගෙදරින් නෑගම් යන ගැමිගෙදරට නෑගම් එන අය ඒ පරිස‍රයට අමුතු සිරියාවක් එක් කරනවා. කොහොම වුණත් මේ සියලු දසුනින් පිරුණ, අවුරුදු සිරියෙන් ඔපවත් වුණ ඒ බිම විවිධ කෙළි සෙල්ලම්වලට පණ දුන් දඟකාරකම් කරපු විනෝද වුණ දරුවන්ගේ ජීවිතත් එක්ක බැඳුණ කතාව හද පාරවන්නක්.

වේදනාබර කතන්දර පසෙක තබමින් මේ දරුවන්ගේ මවුපියන් ඔවුන්ගේ බාරකරුවන් සියල්ලන්ම බක්මහ සැණකෙළිය හරි අපුරුවට සැමරුවා. එහි ඇතුළු වන මොහොතේම අපට ඇසුණේ උස් ස්වරයෙන් ගැයෙන පැල් කවියක්. එයට පිළිතුරු කවියක්ද ඒ ආසන්නයෙන්ම ඇසෙන්නට වුණා. නාගරික බවින් අනූන මේ නාරාහෙන්පිට නගරයේ ඒ උදෑසන පැල්කවි ඇසෙන්නේ කෙසේදැයි හිතට ඇති වුණේ කුහුලක්.

පැල්කවි ඇසෙන්න තරම්, ගෙජ්ජි බැඳි කරත්ත යන හඬ ඇසෙන්නට තරම් දකින්නට තරම් නාරාහේන්පිට ප්‍රදේශය මෙතරම්ම ගම්බද වුයේ කෙසේදැයි කෙනකුට සිතෙන්න පුළුවන්. ඒත් නාරාහේන්පිට පිහිටි 'සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ හා තොරතුරු මධ්‍යස්ථානය' තුළ අපට දැකගත හැකි වුණේ සාම්ප්‍රදායික ගම්මානයක්.

විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ පාසලේ පැවැත්වුණ අවුරුදු උලෙළේදී තවත් කෙළි සෙල්ලම් රාශියක් පැවැත්වුණා. තැනෙක දරුවන් චංචිලි පදිමින්. තවත් තැනෙක දරුවන් තරගයට කැවුම් අනුභව කරමිනි. ඔවුන් දවස ගෙවුයේ වෙනදාටත් වඩා සතුටින්.

මේ දරුවන් වෙනුවෙන් පැවැති උත්සවය පිළිබඳ අදහස් දක්වමන් සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ හා තොරතුරු කේන්ද්‍රයේ ප්‍රධානි ලුතිනන් කර්නල් ප්‍රසන්න හෙට්ටිආරච්චි මහතා මෙහෙම පැවසුවා:

"අපි මේ අවුරුදු උත්සවය සංවිධානය කළේ මේ මධ්‍යස්ථානයේ දරුවන් වෙනුවෙන්.

මේ අවුරදු උත්සවය අපි නම් කළේ 'හෙළ රණ අරුණ' කියලා. විශේෂ අවශ්‍යතා සහිත මේ දරුවන්ට සමාජය සමඟ මුහු වීමට ඔවුන්ගේ දක්ෂතා පෙන්වීමට සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් එළිදැක්වීමටයි අපි මේ උත්සවය සංවිධානය කෙරුවේ. මේ ආයතනය මුලින්ම ආරම්භ කෙරුණේ පනාගොඩ යුද හමුදා ජනපදයේ. පසුව තමයි අපි අංග සම්පුර්ණ ගොඩනැගිල්ලක් සාදාගෙන මෙතැනට ආවේ. මම හිතන දෙයක් තමයි යුද්දේ ඉවර වුණාට යුද හමුදා නිලධාරීන්ගේ සොල්දාදුවන්ගේ යුද්ධය තවම ඉවර නැහැ. මම එහෙම කියන්නේ යුද සමය තුළ යුද හමුදා නිලධාරීන්ගේ බිරින්දෑවරුන් පුදුමාකාර මානසික ආතතියකින් සිටියේ.

අද ඔවුන් තම පවුල වෙනුවෙන් කරන්නෙත් සටනක්. ඒ සටනට සහායක් ලෙසයි සෙනෙහස මධ්‍යස්ථානය ඇරඹුණේ.

කොහොම වුණත් අපට මේ අවුරුදු උත්සවයේදී නාරාහේන්පිට සුජාතා බාලිකා විද්‍යාලයේ දරුදැරියන්ගේ සහාය ලැබුණා. ඔවුන් මේ අවුරුදු උත්සවය පුරාම අපේ දරුවන් සමඟ බොහෝම සහයෝගයෙන් කටයුතු කෙරුවා."

කර්නල් හෙට්ටිආරච්චි පවසන්නේ තම ආයනයෙන් කෙරෙන සේවාව පිළිබඳව.

උතුරේ දකුණේ දරුවන් යුද්ධයෙන් බැටකන විට රණ බිම සිටි රණ විරුවන්ගේ බිරින්දෑවරු පවුලේ සාමාජිකයො ් මනසින් කඩාවැටුණහ. නමුදු දැන් ඔවුන් යළිත් ගොඩනැගෙමිනි සිටිති.

හමුදා සමාජිකයන්ගේ මෙවැනි දරුවන් පිළිබඳව මවක මෙන් දයා හිත පෑවේ රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මියයි. ඇගේ මුලිකත්වයෙන් සෙනෙහස ආයතනය ආරම්භ කෙරුණේ දෙදහස් හය වසරේ. දරුවන් හාරසිය විස්සකගෙන් පටන් ගත් සෙනෙහස ආයතනයේ මේ වන විට දරුවන් දහසකුත් ඉක්මවා සිටින්නේය.

කාගෙ-කාගේත් සිත්වලට සතුට ගෙන එමින් සමාජයේ වැඩි අවධනයක් යොමු විය යුතු මේ දරුවන්ගේ අවුරදු උත්සවයට සංගීතය සැපැයුවේ යුද හමුදා සංගීත කණ්ඩායම. 

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.