මෙතැනින් කොතැනටද? | Page 2 | සිළුමිණ

මෙතැනින් කොතැනටද?

ලාංකේය මලල ක්‍රීඩාවේ යම් හෝ සායමක් ඉතිරි වී තිබුණා නම්, එය ද පසුගියදා අවසන් වූ ආසියානු ග්‍රෝන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ දී නැත්තටම නැති වී ගියේය. අදියර තුනක් අවසානයේ ලාංකේය මලල ක්‍රීඩාවේ මේ ගෙවෙන මොහොතේ සුපිරිම තරු එක් වූ එකී තරගාවලියේ දිනා ගත්තේ රන් පදක්කම් තුනක්, රිදී දෙකක් සහ ලෝකඩ පදක්කම් තුනකි. එකී රන් පදක්කම් තුනෙන් දෙකක් ඉඳුනිල් හේරත් දිනා ගන්නා විට ඉතිරි පදක්කම ගයන්තිකා අබේරත්න දිනා ගත්තාය.

ආසියාව නියෝජනය කරමින් මෙකී තරගාවලිය සඳහා රටවල් විස්සකින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වුවද, බහුතරයක් රටවල් සිය ප්‍රබලයන් ඉදිරිපත් නොකර නැඟී එන සිය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා මුවහත් කර ගැනීමට අවස්ථාව සලසා දී තිබුණි. එවන් තත්ත්වයක් තුළ ඉන්දියාවේ පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පදක්කමක් දිනා ගැනීම පවා ලෙහෙසි පහසු නොවන බව මෙවර ග්‍රෝන් ප්‍රී තරගාවලියේ ප්‍රතිඵල අනුව පැහැදිලිය.

මෙවර ආසියානු ග්‍රෝන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියට නිරීක්ෂකයකු ලෙස එක්වූ වත්මන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා සහ ශාරීරික අධ්‍යාපන උපදේශක, හිටපු මලල ක්‍රීඩා සංගම් සභාපතිවරයකු මෙන්ම ජාතික මලල ක්‍රීඩා පුහුණුකරු සුනිල් ජයවීර, මාධ්‍යයට ප්‍රකාශ කර ඇත්තේ, අපේ පෙර පුහුණුවීම්වල වරදක් තිබෙනවා. අද කාලයේ යුගයට ගැලපෙන තාක්ෂණය අපේ රටේ මලල ක්‍රීඩාවේ දකින්නට නෑ. නිසි පුහුණුවීම් කරන්න තැනක් නෑ. ආදී වශයෙන් ආඩාපාලි රැසකි.

උඹලගේ රටේ පුහුණුවෙන්න තැනක් තියෙනවද? වැඩ්ඩෙකුට වැඩක් කර ගෙන ඉන්න පුළුවන්ද? දියගම දියවෙලා ගිහින්. සුගතදාසේ ගැන කතා කරන්න දෙයක් නෑ. ඒඊඩ්ඹ්ඡ්ඊධ්ඛ්ඉ ඔස්තාර්ලා ළඟ තියෙන්නේ මම ඉපදෙන්නත් කලින් තිබ්බ ක්‍රම සහ විධි විතරයි. හැබැයි ටෝක් කරන්නේ නම් බෝල්ට්ටත් ගහන්න.

මේ ගෙවී ගිය සතියේ පිටියේ රවුමක් තීරුවේ ලොවෙත් නැති ලොවි ගහෙත් නැති යොහාන් බ්ලේක්ගේ අදහස් සහ සුනිල් ජයවීරගේ උක්ත අදහස් අතරද වෙනසක් නැත. එසේ නම් මෙතැනින් කොතැනටද යන්න බලධාරින් දැන්වත් නින්දෙන් අවදි වී සිතා බැලිය යුතුය. නැත්නම් අපට හැමදාමත් අහම්බෙන් ගලා එන පදක්කම් ගැන පමණක් කතා කිරීමට සිදුවනු ඇත.

Comments