දේශීය ඉදිකිරීම් නාමාවලිය එළිදකියි

ශ්‍රි ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය දේශීය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියැලී සිටින සියලුම ක්ෂේත්‍රයන් ආවරණය කෙරෙන පාර්ශවකරුවන් වෙනුවෙන් පෙනී සිටන ප්‍රමුඛතම ආයතනයයි.

2001 වසරේදී ආරම්භ වූ මෙම ඉදිකිරීම් කර්මාත්ත මණ්ඩලය මගින් සෑම දෙවසරකට වරක්ම ප්‍රකාශයට පත් කරන්නට යෙදෙන ඉදිකිරීම්,කර්මාන්ත, වෙළඳ හා ව්‍යාපාර නාමාවලිය මේ වන විට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ව්‍යාපාර නාමාවලිය බවට පත් ව තිබේ.

2017/2018 දෙවසරට අදාළව මෙම ඉදිකිරීම් , කර්මාන්ත , වෙළෙඳ හා ව්‍යාපාර නාමාවලිය පසුගියදා කොළඔදී පැවති විශේෂ උත්සවයකදී එළිදැක්වුණි.

මීට පෙර නිකුත් කළ නාමාවලින්ට වඩා විශාල මෙන්ම පුළුල් සුවිශේෂ විශේෂාංග රැසකින් හැඩවැඩ වී ඇති මෙම නාමාවලිය ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි CS1, CS2, C1 - C6 ශේණි ගත ආයතන, රාජ්‍ය අමාත්‍යාංශ හා අනුබද්ධිත ආයතන, වාණිජ බැංකු,මෙරට පිහිටි විදේශ තානාපති කාර්යාල, විදේශයන්හී පිහිටි ශ්‍රි ලාංකීය තානාපති කාර්යාල හා මෙරට තුළ ක්‍රියාත්මක වන සියළුම වෙළඳ මණ්ඩල වෙත සම්පූර්ණයෙන්ම නොමිලයේ බෙදාහැරීමට කටයුතු කර තිබීමද විශේෂත්වයකි.

මෙම ව්‍යාපාර නාමාවලිය එළිදැක්වීමේ උත්සවයේදී අදහස් දැක් වූ ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ සභාපති හා එහි නිර්මාතෘවරයාද වන සුරත් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියේ මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය ඉලක්ක කර ගනිමින් සැකසුණු එකම වෙළෙද නාමාවලිය මෙම නාමාවලිය බවයි. 2006 වසරේදී මෙම වෙළඳ නාමාවලියේ පළමු වෙළුම ප්‍රකාශයට පත් වූ බවද සඳහන් කළ ඔහු මෙවර එළිදුටුවේ එහි පස්වන වෙළුම බවද සදහන් කර සිටියේය.

www. constructiondirectory.lk හා www.ccisrilanka.org යන වෙබ් අඩවි හරහාද මෙම සුවිශේෂ වෙළද නාමාවලිය පරිශීලනය කිරීමේ අවස්ථාව සලසා ඇති අතර එහි දැන්වීම් පළකර ඇති සියළු ව්‍යාපාර ආයතන වෙත එකී වෙබ් අඩවිහීද පළ කර ඇති තම දැන්විමේ ආකෘතිය සෑම මසකට වරක් වෙනස් කිරීමේ විශේෂිත ක්‍රමයක්ද හදුන්වා දී තිබේ.

ශ්‍රි ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය පවසනුයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියැලී සිටින නියෝජිත ආයතන, උපදේශන ආයතන,ව්‍යවස්ථාපිත ආයතන, අමුද්‍රව්‍ය නිෂ්පාදකයින්,ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් හා වෙනත් විද්වතුන් හට මෙම වෙළෙඳ නාමාවලිය මහගු උපකාරයක් වනු ඇති බවයි.


වාණිජ වන වගාව දිගුකාලීන ආයෝජනයක් ලෙස පෙරමුණ ගනී

පරිසර හිතකාමී තිරසර ආයෝජන ක්ෂේත්‍රයේ මෙරට ප්‍රමුඛයාවන සදාහරිත වැවිලි සමාගම, අගාවුඩ් සඳහා ලෝක වෙළඳපලේ පවතින ඉල්ලුම සැලකිල්ලට ගනිමින් අප්‍රේල් මස 1 වනදා සිට මෙරට අගාවුඩ් ආයෝජකයන් සඳහා ලබා දෙන අපේක්ෂිත ප්‍රතිලාභය තවත් වැඩි කිරීමට කටයුතු කළේය. මහෝගනී, සඳුන් සහ තේක්ක ආදී විවිධ ශාක වාණිජ වන වගාව සඳහා හඳුන්වා දුන් සදාහරිත වැවිලි සමාගම, 2014 වසරේ පටන් ඇක්විලාරියා (අගාවුඩ්) ද මෙරට පාරිභෝගික ජනතාව වෙනුවෙන් හඳුන්වා දුන්නේය. තිරසර වන බිම් අක්කර 2000කට අධික සංඛ්‍යාවක් සහ පාරිභෝගිකයන් 26,000 කට අධික සංඛ්‍යාවකට හිමිකම් කියන එම සමාගම දිවයින පුරා ශාඛා 32ක් පිහිටුවා ඇත.

අගාවුඩ් ලොව ඇති වඩාත් මිල අධික ම දැවයක් ලෙස ප්‍රචලිතය. ඇක්විලාරියා ශාකයෙන් ලබා ගන්නා සුගන්ධ ද්‍රව්‍ය අගාවුඩ්, අලෝස්වුඩ්, ඊගල්වුඩ්, ගහරු, අගලෝචා හෝ ඖද් (අරාබි බසින්) ආදී විවිධ නම්වලින් ලොව පුරා හැඳින්වේ. සුගන්ධ තෙල්, දැව කැටිති, පවුඩර් මෙන් ම සුවඳ විලවුන්, කැටයම්, සුවඳකාරක සහ ඖෂධ ආදී නිමි නිෂ්පාදන ලෙස ද අගාවුඩ් අපනයනය කෙරේ. මැදපෙරදිග, චීනය, ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපය ආදී රාජ්‍යන්හි අගාවුඩ් සඳහා පවතින ඉල්ලුම ශීඝ්‍රයෙන් වර්ධනයවන බැවින් ඒ සඳහා පවතින අගය ද ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. අගාවුඩ් සුගන්ධ තෙල් ඇමරිකන් ඩොලර් 30,000 සිට 50,000 දක්වා අධික මිලකට අලෙවිවන අතර කැටිති බවට පත් කළ අගාවුඩ් ඩොලර් 10,000 ක් වැනි මිලකට අලෙවි කෙරේ.

මේ වසරේ අගෝස්තු මසදී සිය 15වන සංවත්සරය සමරමින් අගාවුඩ් ආශ්‍රිත තවත් නිෂ්පාදන හඳුන්වා දෙමින් මෙරට වාණිජ වන වගා ක්ෂේත්‍රයේ අපනයන වෙළඳපල තවදුරටත් පුළුල් කිරීම සදාහරිත සමාගමේ අපේක්ෂාවයි.


ශ්‍රීලංකන් ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවය වෙයි

ශ්‍රීලංකන් ගුවන් සමාගම අන්තර්ජාතික සම්මානලාභි ගුවන් සේවයක් වශයෙන් පසුගියදා පැවැත්වූ දෙවැනි වාර්ෂික තමිල්නාඩු සංචාරක සම්මාන උළෙලේ දී ආසියාවේ විශිෂ්ටතම අන්තර්ජාතික ගුවන් සේවය බවට සම්මානයෙන් පිදුම් ලැබීය. තමිල්නාඩු ප්‍රාන්තයේ විශාලතම සංචාරක සම්මාන උළෙල වන්නේ ද මෙයයි.

තමිල්නාඩු සංචාරක සම්මාන උළෙලේ දී ගුවන් සමාගම මෙවැනි සුවිශේෂී සම්මානයක් ලබාගත් දෙවැනි වසර මෙය වන අතර පසුගිය වසරේ දී ශ්‍රීලංකන් විශිෂ්ට අන්තර්ජාතික ගුවන් සේවා කාණ්ඩය යටතේ සම්මානයෙන් පිදුම් ලැබීය.

පසුගිය මාස කිහිපය පුරාවට ශ්‍රීලංකන් සම්මාන රැසකින් පිදුම් ලැබී ය. එනම් ලෝක සංචාරක සම්මාන උළෙලේ දී ඉන්දියානු සාගර කලාපය වෙත මෙහෙයුම් සිදුකරන ලෝකයේ ප්‍රමුඛතම ගුවන් සේවය ලෙසත් දෙවැනි වරටත් වාර්ෂිකව පවත්වනු ලැබූ ආසියාවේ Future Travel Experience සම්මාන උළෙලේ දී මධ්‍යම සහ දකුණු ආසියාවේ විශිෂ්ටතම සමස්ත සේවා ගුවන් සේවය වශයෙන් පිදුම් ලැබීය. එසේම Life Weekly සඟරාව යටතේ චීනයේ විශිෂ්ටතම නව්‍යකරණයෙන් යුත් ගුවන් සේවාව ( Most Innovative Marketing Airline in China) ලෙස ද චීනයේ ප්‍රමුඛ සංචාරක සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය.

ශ්‍රීලංකන් ඉන්දියාව වෙත මෙහෙයුම් සිදුකරන විශාලතම ගුවන් ගමන් ජාලයක් ඇති විදේශ ගුවන් සේවය වශයෙන් නගර 11ක් වෙත ගුවන් ගමන් 100 ට අධික සංඛ්‍යාවක් සිදුකරනු ලබයි. එසේම මාලදිවයින වෙත සතියකට ගුවන් ගමන් මෙහෙයුම් සිදුකරන එහි විශාලතම ජාත්‍යන්තර ගුවන් සේවය වන්නේ ද ශ්‍රීලංකන් ගුවන් සේවයයි. ශ්‍රිලංකන් මෙහෙයුම් රටවල් 47 ගමනාන්ත 100 දක්වා ව්‍යාප්ත කරමින් වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ සාමාජික ගුවන් සේවයක් ලෙස එහි ගුවන් මගීන්ට ගෝලීය ගුවන් ගමන් ජාලයේ රටවල් 160 ගමනාන්ත 1000 දක්වා ගුවන් පහසුකම් ලබා දේ.

තමිල්නාඩු සංචාරක සම්මාන උළෙල (www.tamilnadutourismaward.com) සංචාරක මාර්ගෝපදේශක නිෂ්පාදක වන Madura Welcome විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අතර ඒ සදහා ඉන්දියානු රජයේ සංචාරක අමාත්‍යාංශයේ සහාය හිමිවේ.මෙම සම්මාන උළෙලේ අනෙකුත් අන්තර්ජාතික සම්මානයට පාත්‍ර වූ ගුවන් සේවා වන්නේ විශීෂ්ට අන්තර්ජාතික ගුවන් සේවය වූ තායි එයාර්වේස්, මැදපෙරදිග විශිෂ්ට ජාත්‍යන්තර ගුවන් සේවය බවට පත්වූ පැසිෆික් සහ ඕමාන් එයාර් ගුවන් සේවාවන් ය.

තමිල්නාඩු සංචාරක කර්මාන්තය ලොව පුරා ප්‍රචලිත කිරිමේ අරමුණින් තමිල්නාඩු සංචාරක සම්මාන උළෙල පවත්වනු ලබයි. එසේම තමිල්නාඩු සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රධාන ක්‍රියාකරුවන් ඇගයීමට, උසස් ප්‍රමිතීන් පවත්වා ගැනීමට දිරිගැන්වීම, ක්ෂේත්‍රයේ සුවිශේෂී උත්සාහයන් ඇගයීම සහ සංචාරක සහ ආගන්තුක සත්කාරක ක්ෂේත්‍ර තුළ තරඟකාරීත්වය සදහා උනන්දු කරවීම තුළින් ක්ෂේත්‍රයේ විවිධ අංශයන් හි සහයෝගීව සහ කණ්ඩායම් ලෙස කටයුතු කිරීම සදහා දිරිගැන්වීමටත් වටිනාකම් එකතු කළ ගුණාත්මක සේවාවක් ලබාදීම වෙනුවෙන් වටිනාකම් සංවර්ධනය වෙනුවෙන් දිරිගැන්විමටත් මෙම සම්මාන උළෙල මගින් සිදුකෙරිනි.

මෙම සම්මාන උළෙලේ දී 100ට අධික සම්මාන රැසක් ලබාදෙන ලදී.

මේ සඳහා ගුවන් සේවා, ගුවන් තොටුපළ, නිවාඩු නිකේතන, නිකේතන, සේවා නවාතැන්,සංචාර මෙහෙයවන්නන් ,සංචාරක නියෝජිතවරු, සංචාර ප්‍රවර්ධකයන්, ප්‍රවාහන සපයන්නන් ,ඔන්ලයින් සංචාරක විකුණුම්කරුවන්, සංචාරක රක්ෂණ ආයතන,සංචාරක ලේඛකයන්. වරායන්, ප්‍රදර්ශන මධ්‍යස්ථාන, අවන්හල්.සංචාරක පුහුණු ආයතන, විනෝද උද්‍යාන යනාදිය මෙම සම්මාන සඳහා ඇතුළත් වූ කාණ්ඩයන් ය.


මොබිටෙල් වෙතින් (Recharge) ඩිජිටල් පද්ධතියක්

ශ්‍රී ලාංකික ජාතික ජංගම දුරකථන සේවා සැපයුම්කරු වන මොබිටෙල් විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඩිජිටල් රීචාජ් පද්ධතියක් (ගිණුම් අලූත් කිරීමේ) (Digital Recharge System) හඳුන්වා දෙමින් ශ්‍රී ලාංකේය ජංගම වාණිජ්‍ය විප්ලවයේ (mobile commerce revolution) ඉදිරි පෙරමුණෙහි වූ සිය නායකත්වය ස්ථීරව පවත්වා ගැනීමට කටයුතු කරනු ලබයි.

සිය පාරිභෝගික ප්‍රජාවට සහ බෙදාහැරීම් පාර්ශවකරුවන් (Retail Partners) වෙත ලෙහෙසි පහසු සේවාවන් තිළිණ කිරීම වෙනුවෙන් වූ මොබිටෙල් හි කැපවීම අඛණ්ඩව පවත්වා ගනිමින් දේශීය වෙළෙඳපොළට මෙම තාක්ෂණය හඳුන්වාදීමට හැකිවීම පිළිබඳව මොබිටෙල් ආඩම්බරයට මෙන්ම සතුටට පත්වෙයි. ජංගම සන්නිවේදන සේවා මෙහෙයුම්කරු ලෙස පසුගිය මාස කිහිපය තුළ නව්‍යකරණය වූ සේවාවන් රැසක් හඳුන්වා දුන් අතර මෙම ඩිජිටල් රීචාජ් පද්ධති සේවා සමගින් බලගැන්වෙන මොබිටෙල් ඩිජිටල්කරණයේ මෙම දැවැන්ත පිම්ම ශ්‍රී ලාංකික විදුලි සංදේශ ක්ෂේත්‍රයේ තොරතුරු සහ සන්නිවේදන නායකයකු නැත්නම් පෙරගමන්කරුවකු ලෙස මොබිටෙල් සතු හැකියාව, සාක‍ෂි සහිතව යළි බලගන්වයි.

මොබිටෙල්හි නවතම රීචාජ් පද්ධතිය (Digital Recharge System) මගින් දහසකුත් එකක් මාර්ග ඔස්සේ පාරිභෝගික පහසුව ඉහළ නංවන ලදී.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.