එකට වැඩ කිරීම වැඩ කිරීමට ඉගෙනීම එකිනෙකා තේරුම් ගැනීම වැදගත්...

- ඇන්ජලෝ මැතිව්ස්-

නේවාසික පුහුණු සැසිවාරයට සියයට සියයකින් දායකවීමට හැකිවීම මේ වගේ ප්‍රධාන පෙලේ තරගාවලියකට මුහුණදිමේදී වැදගත් සාධකයක් යැයි චැම්පියන්ස් ශූරතාවලියට පෙර මහනුවර පැවැති පුහුණු සැසියට එක්වූ ඇන්ජලෝ මැතිව්ස් පවසයි.

ආබාධ සහ වෙනත් සාධක නිසා පහුගිය කාලයේදී කණ්ඩායම එක්ක එකට එකතු වෙලා වැඩ කරන්න බැරි වුණා. එකට වැඩ කිරීම, වැඩ කිරීමට ඉගෙන ගැනීම, එකිනෙකාව හඳුනා ගැනීමට හැකිවීමත් විශේෂ දෙයක් බවද මැතිව්ස් කියයි.

සාර්ථකව වැඩ සටහනක් කර ගෙන යාමේදී පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැති පහසුකම් බෙහෙවින් ප්‍රයෝජනවත් වූ බවද පවසන මැතිව්ස්,

අපට ගෘහස්ථ පුහුණුවීම් තාක්ෂණය නිසි පරිදි ලැබීම, හැකියාවන් වර්ධනය කර ගැනීමට බෙහෙවින් ඉවහල් වුණා යැයිද වැඩිදුරටත් පවසයි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.