ගයන්තගෙන් නේපාල ජනපතිනියට ඡායාරූප ඇල්බමයක් | Page 2 | සිළුමිණ

ගයන්තගෙන් නේපාල ජනපතිනියට ඡායාරූප ඇල්බමයක්

 එක්සත් ජාතීන්ගේ වෙසක් සැමරුම් සමාප්ති උලෙළේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ නේපාල ජනාධිපති බින්ද්‍රා, දේවි බන්දාරි මහත්මිය කොළඹ හිල්ටන් හෝටලයේ දී පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ‍යේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්න කරුණාතිලක මහතා හමු වී සාකච්ඡා පැවැත්වීය. බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂ, විදේශ කටයුතු ඇමැති තලතා අතුකෝරාළ සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් රංග කලංසූරිය මහත්ම මහත්මීහු මේ අවස්ථාවට සහභාගි වූහ. සාකච්ඡාවෙන් අනතුරුව නේපාල ජනාධිපතිනියගේ ශ්‍රී ලංකා සංචාරය අලළා සකස් කරන ලද ඡායාරූප ඇල්බමයක් කරුණාතිලක මහතා විසින් තිළිණයක් ලෙස ප්‍රදානය කළ අයුරුයි මේ.

මේ අතර එක්සත් ජාතීන්ගේ වෙසක් දින උලෙළේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේද ශ්‍රී ලංකා නිල සංචාරය පිළිබඳ විශේෂ අවස්ථා ඇතුළත් ඡායාරූප ඇල්බමයක් ඒ මහතා වෙත පිළිගැන්වීම පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා අතින් පසුගිය දා සිදු විය. 

Comments